ආයුබෝවන් යාළුවනේ පැමිණි සියළු දෙනාවම පිළිගන්නවා. අද මම අරගෙන ආවේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න අලුතින්ම පටන් ගත්ත අයට එම මුදල් එදිනෙදා පහසුවෙන්ම වැඩි වැයවිමකින් තොරව Paypal වල මුදල් ලංකාවට ගෙන්න ගන්නා ක්‍රමයක් ගැන. මම මේ ගැන දැනගෙන දැනට දවස් කිපයක් පමණයි.
මේ මගින් Reload එකක් මිලදී ගන්න ආකාරය පහතින් පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා.
මුලින්ම උඩ තියෙන සයිට් එකට ගිහින් Sign-up ක්ලික් කර ඔබගේ නිවැරදි තොරතුරු සපයන්න. පහත රූපය බලන්නකෝ.
ඊටපස්සේ ඔයා දුන්නු Email address එක සහ password එක ලබා දී Sign in වෙන්න. පහල රූපය බලන්න.
දැන් එහි Home මෙනුවට ගිහින් Mobitel, Dialog, Hutch , Etisalat , Airtel ආදී ඔබගේ ජංගම දුරකථන අංකය අතුළත් කර Currency Type එක Us ඩොලර් ද රුපියල් ද ආදී වශයෙන් තෝරන්න. දැන් Amount එක ඇතුළත් කරන්න. දැන් ඔබගේ දුරකථන අංකය නිවැරදිතාව හොදින් පරීක්ෂා කරගෙන Reload Now මත Click කරන්න පහත රූපය බලන්න.
Payment Method එක විදියට Paypal තෝරා Proceed to Checkout Click කරන්න.
මීළගට මෙහිදි ඔබගේ ගණ දෙනුවේ විස්තර දැක්වේ
ඔබගේ ගණදෙනුව තහවුරු කිරීමෙන් අනතුරුව Reload එක ඔබට ලැබේවි. ඔබ Reload කරන සෑම Reload එකක් සඳහාම $0.40 හා Reload කරන මුදලින් 1% ක් පමණ Paypal fee වශයෙන් ගෙවිය යුතු බව සදහන් වෙනවා. එම නිසා රුපියල් 300කට වැඩි ගණනක් එකවර Reload කිරීම වඩා හොදයි.
ඔයාලා අන්තර්ජාලයෙන් උපයන මුදල් මෙම ක්‍රමය තුළින් අවශ්‍ය කෙනෙකුට Reload විකිනීම තුළින් Paypal මුදල් තම අතට ගැනීමට හැකි වේ. ඒ වගේම ඔයාලා ෆෝන් එකට Reload දාන කඩේ සෙට් කරගෙන ඒ අයට මේක දෙන්නත් පූළුවන්. හැබැයි එතකොට එයාට ඒ කම්පැණියෙන් දෙන කොමිස් එක ඔයාට දෙන්න වෙනවා. මම ඔය ක්‍රමය තාම අත්හදා බැලුවේ නම් නෑ හොදේ. අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන තමා පොස්ටුව ලීවේ.එහෙමනම් අදට මම නවතිනවා.
පැමිණි සියළු දෙනාටම ජයෙන් ජය. එය මාගේ සතුටයි.
No comments:
Post a Comment
ඔබගේ අදහස් දක්වන්න