Friday, October 31, 2014

Payoneer Card ගැන සුද්ද සිංහලෙන් | PayPal කුප්පිය #9

NOV 22, 2011


Payoneer Card ගැන සුද්ද සිංහලෙන් | PayPal කුප්පිය #9




Payoneer Card කියන්නේ මොකක්ද?
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.

Payoneer Card එක තියෙන්නේ මොකටද?
 අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.

ලංකාවට වලංගුද?
 ඔව්. සම්පූර්ණයෙන්ම වලංගුයි. කිසිම අවුලක් නෑ. රෙස්පට් එකේ භාවිතා කරන්න විතරයි තියෙන්නේ.

Payoneer Card එකක් ගන්නේ කොහොමද?

අපිට කෙලිම Payoneer වෙබ් අඩවියට ගිහින්, මට කාඩ් එකක් දියන් කියලා ඉල්ලන්න බෑ. වෙනත් වෙබ් අඩවියක් හරහා කාඩ් එකක් ඉල්ලන්න ඕනේ.

oDesk
Plimus
2CO
වැනි වෙබ් අඩවි හරහා ලේසියෙන්ම කාඩ් එකක් ගන්න පුලුවනි.

Plimus වලින් Payoneer Card එකක් ගමු

Plimus ගිනුමට ලොග්in වෙලා පහල රූපයේ පරිදි අංක පිලිවෙලට කරන්න.



 4 බොත්තම එබුවාම පහල ලෙස වෙනත් පේජයකට පිවිසේවි.


ඉහත රූපයේ පෙන්වා තියෙනවා අපි සම්පූර්ණ කලයුතු Steps.

Step 1, Step 2හා Step 3 කියන බොත්තම් ඔබලා ඒවාගේ තොරතුරු පුරවලා submit  කරන්න. එතකොට ඉවරයි.

oDesk වලින් Payoneer Card එකක් ගමු

oDesk ගිනුමට ලොග්in වෙලා පහල රූපයේ පරිදි අංක පිලිවෙලට කරන්න.




මෙතනින් පස්සේ පියවර සියල්ල, ඉහත Plimus පියවරමයි

Payoneer Card කතාන්දරය

 එකෝමත් එක කාලෙක අපි පේනියර් කාඩ් එකකට ඉල්ලුම් කලා කියලා හිතමුකෝ. ඉතින් ඊට පස්සේ පේනියර් ගිනුමේ තවමත් පෙන්නන්නේ Unverified, Inactive Account කියලා. කාඩ් එකක් ඉල්ලලා සති තුනකින් විතර ගෙදරටම කාඩ් එක එනවා. ඊටපස්සේ කාඩ් එකේ විස්තර අපි Payoneer ගිනුමට ලොග් වෙලා ඇතුලත් කරන්න ඕනේ.

ඒත් දැනගතයුතු දේවල් කිහිපයක්  තියෙනවා,
1. එම Payoneer කාඩ් එකහි තොරතුරු ඇතුලත් කරන අවස්තාවේ අපි PIN නම්බරයක් ඇතුලු කරන්න ඕනේ. අපි කැමති අංක 4කින් යුතු මතක හිටින නම්බරයක්.

2. නොමැකෙන පෑනකින් කාඩ් එක පි‍ටුපස අපේ අත්සන යොදන්න ඕනේ

3. ඉහත කරුන සියල්ල සම්පූර්ණ කලත් තාම කාඩ් එක Active නෑ. Active කිරීම සදහා අපට යම් මුදලක් වැයවෙනවා


Payoneer Card එක Active කරන හැටි

මේ සදහා අපට වෙනත් VISA/MASTER කාඩ් එකක් තියෙන්න ඕනේ. HNB Card, Sampath Web Card හෝ වෙනත් ඕනැම බැංකුවක කාඩ් එකක් යොදාගන්න පුලුවන්. හැබැයි අඩුම තරමේ $20 ක් ඒ කාඩ් එකේ තියෙන්න ඕනේ. පලවෙනි පාර Payoneer Cardඑකට මුදල් ලෝඩ් කල සැනින් එයාලාගේ ගාස්තු එයාලා කපාගන්නවා. Active කිරීමේ ගාස්තුව $10යි.

https://load.payoneer.com/LoadToPage.aspx වෙත පිවිසෙන්න.




 අංක පිලිවෙලට කරන්න. කො‍ටු කර ඇති දේවල් පිලිබදව සැලකිලිමත් වන්න.

Payoneer Card එකේ ගාස්තු

Monthly card account maintenance = $4 per month
ATM Withdrawal Fee = $2.15 + 3%
සාමාන්‍ය මුදල් ගෙවීම් වලට ගාස්තුවක් අය කරන්නේ නෑ


Payoneer Card එකෙන් රුපියල් ගන්න හැටි


ඉහත ලින්ක් එකෙන් ඔබේ ප්‍රදේශයේ මුදල් ලබාගත හැකි ATM යන්ත්‍ර බලාගන්න පුලුවන්. කොමර්ෂල් බැංකු තමයි ගොඩක් සපෝට් කරන්නේ. කාඩ් එක මැෂින් එකට දාලා අවශ්‍ය මුදල ගහපු ගමන්, කාඩ් එකේ තියෙන ඩොලර් රුපියල් වෙලා එලියට එනවා.

PayPal, Plimus & Payoneer Card

අපි පේපැල් කුප්පිය 7 සහ 8 න් පේපැල් මුදල්  Plimus වලට දැම්මානේ. ඔන්න කුප්පිය 9න් Plimus මුදල් Payoneer Card එකට දාලා, ලංකාවේ ATM එකකින් එලියට ගත්තා. අන්තිම ප්‍රතිපලය බැලුවොත්, PayPal වල තිබුන ඩොලර්, ලංකාවෙන් රුපියල් විදියට මතුකරගත්තා. හරියට බැලුවොත් මේකත් මැජික් එකක් වගේ වැඩක්. ඉතින් කවුද කියන්නේ පේපැල් ලංකාවට සල්ලි එවන්නේ නෑ කියලා?

ගිහින් එන්නම්,
ඔබට ජය!


45 COMMENTS:

kosala said...
Good Work
chandu said...
අලුත් කුප්පියක් දානකම් තමා මම බලාගෙන හිටියේ.
මගේ Payoneer කාඩ් එක O-desk හරහා ලබාගත් එකක්.
ඒත් දැං ම‍ට paypal හරහා Payoneer එකට මුදල් ගන්න පුලුවන් වෙයිද.
නැත්නම් අලුත් Plimus Account එකක් හදලා එකට අලුත් Payoneer කාඩ් ගන්න වෙයිද.
යාලුවා ගොඩාක් පිං.... දන්න දේවල් මෙහෙම ‍බෙදාගන්න එකට. කොල්ලෝ වුන අපේ හිත්වල තියන සැබෑ මනුස්සකම මනාව පේනවා මෙහෙම තනිවම නොකා බෙදාගෙන ‍කන එකෙන්. මේ දේවල් මෙහෙම කරණ පින‍ට තියෙන හරියක් Paypal,Payoneer,Alert pay Accounts ඩොලර් වලින් පිරේවා.
මම ‍fiverr Account හදලා දවස් 02ට ගිග් 06ක් දාලා එකක් වැඩකලා. $5 හම්බ වුනා. Thank you very much..............
දුෂාන් said...
Maru maru. Ela kiri
Lanka said...
නිර්ලෝභි විදියට මෙහෙම දැනුම බෙදාගන්නවාට ගෝඩාක් ස්තුතියි.
එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කියලා දිපු විදියට paypal account එකක් හැඩුවත් ඒක දවස් 03ක් විතර යද්දි limited කරලා තියෙනවා. account එකට ඇක්සස් වෙලා තියෙන්නේ හදුනාගන්න නොහැකි ප්‍රදේශයකින් කියලයි ඒගෝල්ලො කියන්නේ. address proof එකක් ඉදිරිපත් කරන්නලු. දැන් අපි කොහොමද Malaysian විදියට හැඩුවම ලංකාවේ address proof එකක් කරොත් යලිත් account එක යථාතත්වයට පත් කර ගන්න පුළුවනිද?
Madhawa Habarakada said...
මගෙත් මේ කාඩ් එකක් තිබෙනවා oDesk එකෙන් ගත්තු. අරගෙන අවුරුද්දකට වැඩී, ඇක්ටිං කළේ නෑ, දැන් නම් පාවිච්චි කරන්න බැරිද දන්නෙත් නෑ.
කාඩ් එක Credit නෙමෙයි Debit කාඩ් එකක් හොඳේ.

මෙයාලගෙ fees තමා වැඩි. ඊට වඩා ලාභයි Wire Transfer එකක් කරල අපේ ගිණුමකටම මුදල් ගෙන්න ගන්න එක. :)
Anonymous said...
එල කිරි මචෝ ....... උබට ගොඩක් ස්තුතියි ...දැන් බ්ලොක් එකේ දාන කමෙන්ට් එවා ඔක්කොම හොදට පෙන්නනවා .....ජය වේවා.!!!!!!!!!!!!
Anonymous said...
Thanks bro...!
dinesh said...
yaluva i plus- mama gigekak haduva eth eka ok vela na.photo ekakuth upload kala ,mama hadapu english song eke video ekakuth you tube ekata upload karala link eka damma.
account veryfy kanna mail link ekakuth aava eth my gige tab ekak mage account eke na.mata hithganna ba poblem eka mokakda kiyala
Chameera Lakshan Seneviratne said...
1) තැන්ක්ස් අයියේ
2) Alertpay American Express card එකකින් Verify කරන්න පුලුවන්ද කියලා ඔයා දන්නවනම් මට පොඩ්ඩක් කියනවද, . . PLZ, . .
iPlus said...
@kosala;
අදහස් දැක්වූවට ස්තූතියි!

@chandu;
Paypal වලින් Payoneer එකට කෙලින්ම මුදල් දාන්න බෑ.
Paypal--> Plimus--> Payoneer විදියටයි දාන්න වෙන්නේ.

oDesk වලින් ගත්තා කියලා කාඩ් එකේ වෙනසක් නෑ. ඕනෙම ගිනුමකින් එකට සල්ලි දාන්න පුලුවන්.

අදහස් දැක්වූවට ස්තූතියි යාලුවේ!

@දුෂාන්;
අදහස් දැක්වූවට ස්තූතියි!

@Lanka;
ඒකනේ යාලුවාට කීවේ Better Privacy addon එකෙන් flash coockies clear
කරන්න කියලා. පේපැල් කුප්පිය 2, 3 සහ4 නැවත කියවන්න. යාලුවාගේ ගැටලු සියල්ලටම උත්තර හම්බවෙයි.
අදහස් දැක්වූවට ස්තූතියි!

@Madhawa Habarakada;
සිරාවටම කියනවානම් Credit හා Debit කියන වචන දෙකේ වෙනස දන්නේ නෑ. ඔයා මේ කොමෙන්ට් එක කියවනවානම් ඒ දෙකේ වෙනස කියලා දීලා යන්න. මම පෝස්ට් එකේනම් ඒ වචනේ හැදුවා ඔන්න.
අදහස් දැක්වූවට ස්තූතියි!

@Ano on November 22, 2011 9:23 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@Ano on November 22, 2011 9:35 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@dinesh;
මට වැඩිය තේරුනේනම් නෑ යාලුවා. ඔයා මේ රූපදෙක බලනවාද.
http://imm.io/bXqv
http://imm.io/bXqw
අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
Credit card- me card eka nikang dhenne ne..meka ganna bank ekata godak proof pennanna one..(salary,properties..etc) credit card ekak thiyenawanam apita onema ganak bank ekin nayata ganna puluwang or shopping karanna puluwang hebai dhawas 50 ta kalin bankuwata salli tika gewanna one..netthang poliya ekathu wenawa..ehema salli gewwe netthang oyage namata thiyena property ekak bank ekin ussanawa :)

Debit card: me card eka thamai api hemotama dhena card eka..meka ATM walata use karannath puluwang shopping karannath puluwang...me card ekin ape saving account eke thiyena salli tika viyadham karanna puluwang
eagle said...
මේ සිංහල රටේ සිංහල උන්ට තේරෙන්න සිංහලෙන්ම කොටල දාන උඹට පිං
Thanks for your help
Anonymous said...
First thanks very much

මේ විදියට ගන්න එකද චෙක් ගන්න එකද ලාබ-
Anonymous said...
L92P
Thanks!.......
iPlus said...
Ano on November 23, 2011 1:34 PM;
බොහෝම ස්තූතියි යාලුවේ දන්නේ නැති දෙයක් කියලා දුන්නාට.

eagle ;
අදහස් දැක්වූවට ස්තූතියි!

Ano on November 23, 2011 5:47 PM;
අදහස් දැක්වූවට ස්තූතියි!

චෙක්කුවකට $2.5 යි.
කාඩ් එකෙන් ගන්නවානම් $2.15 + 3% යි.
මෙහෙම බලනකොට චෙක්කුව වාසියි. ඒත් ඩොලර් චෙක්කුවක් බැංකුවෙන් මුදල් කරන්න දවස් 21ක් යනවා. ඒ කාලෙත් එක්ක බලනකොට කාඩ් එක වාසියි.
අදහස් දැක්වූවට ස්තූතියි!

L92P;
අදහස් දැක්වූවට ස්තූතියි!
හොදපුතා said...
අපිට Autoblog samurai ගැන කුප්පියක් දාන්න බැරිද?
iPlus said...
fiverr කුප්පිය 4හි කොමෙන්ට් වලට පිලිතුරු;

@ Uda backlinks ano ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ Ano on November 19, 2011 7:07 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ Ano on November 19, 2011 7:07 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ Dilan ;
ඔයාට පුලුවනි PR2 වෙබ් අඩවියෙන් Backlink හදලා microworkers එකෙන් සල්ලි හොයන්න.
අදහස් දැක්වූවට ස්තූතියි

@ Ano on November 21, 2011 ;
මොළයක් කියලා කලදක්වත් තියෙන එකෙක්. Telecom IP එකකින් කුනුහරුප කියන්නේ නෑ. ඔයා දන්නවානේ මං අනිත් අයට වඩා වෙනස් කියලා. කැමතිද දවස් දාහතරක් පුරාවට කූඩුවේ කූරු ගනින්න.
http://imm.io/c2Qw

@ තරිදු - ඇසූ පිරූ තැන්;
ඔයා ග්‍රැ‍ෆික් වලට දක්ශයෙක්නම් ගිග් තුන හතරක් ඕනේ නෑ. එකම එකක් හොදටම ඇති. ඒත් සාමන්‍ය තරමින් විතරක් පුලුවන්නම්, ‍ෆිවර් එකවුන්ට් දෙක තුනක් හදලා එක එකවුන්ට් එකකට ගිග් දෙක බැගින් පමන දාන්න.

‍ෆිවර් හා පේපැල් ලින්ක් කරන්නේ නෑ. මුදල් දවස් දාහතරකින් clear වුනාම අපි withdraw කරනවානේ, අන්න එතකොටයි එයාලා පේපැල් ලිපිනය අහන්නේ. withdraw බොත්තම එබුවාම පේපැල් ලිපිනය අහනවා.

fiverr හා පේපැල් ගිනුමේ ඊමේල් කොහොමත් වෙනස් තමයි. නැතුව කොහොමද ‍ෆිවර් ගිනුම් කිහිපයක් හදන්නේ. ඕනතරම් ‍ෆිවර් ගිනුම් වලින් එකම පේපැල් ගිනුමට මුදල් ගන්න පුලුවන්

අදහස් දැක්වූවට ස්තූතියි!

Paypal කුප්පිය 9 හි කොමෙන්ට් වලට පිලිතුරු;

@ හොදපුතා;
පුතේ උබ නොහිතපු පැත්තක් තියෙනවා. Autoblog Samurai වලින් Autoblog හදන්නේ RSS Feed එකෙන් අප්ඩේට් වෙන්න. ඒකෙන් කරන්නේ කෙලින්ම වෙනත් වෙබ් අඩවියක තියෙන ලිපියක් කොපි කිරීම. ඉතින් එහෙම වෙබ් අඩවියකට අපි කොහොමද ඇඩ්සෙන්ස් හෝ වෙනත් ඇඩ්ස් දාන්නේ? Copyright issues report වෙනවනේ? ඇඩ්සෙන්ස් ගිනුමට කෙලවාගන්න වැඩක් තමයි වෙන්නේ. මං නම් හිතන විදියට කවුරු මොනවා කීවත් ඕක බොරු වැඩක්.
හොදපුතා said...
Autoblogging වලට වෙන හොද ක්‍රමයක් නැත්ද?
chandu said...
Kunuharupa Kiyapu Asamath jatiyata honda wade.....................................................................................................................................................
Anonymous said...
kunuharapa comment dapu keneth kalingage adipaare yana kenek wage. oya owa ganan ganna epa. ballek biruwata kadhu kadaapath wenne nahane. (mun ballanth apahaasayak) kawru monawa kiwwath api oba samagai saho !
kumalk said...
සහෝදරයා.....

ඇඩ්සෙන්ස් ගැනත් කුප්පියක් දැම්මොත් හොඳයි නේද?
iPlus said...
@ හොදපුතා ;
මහන්සිවෙලා බ්ලොග් එකක් ලියන තරම් හොද ක්‍රමයක් තවත් නෑ යාලුවා.

@ chandu ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ Ano on November 26, 2011 9:00 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ kumalk ;
අදහස් දැක්වූවට ස්තූතියි
මගේ ඇඩ්සෙන්ස් ගිනුමට ගිය සතියේ කෙලවුනෝ....
Roshana said...
යාඑවා මට තියෙන්නේ sampath set debit card ‍එකක් ඒකෙන් sampath atm එ‍කෙන් cash කර ගන්න පුඑවන්ද?
iPlus said...
@ Roshana;
හරියටමනම් කියන්න දන්නේ නෑ. ඒත් මං අහලා තියෙන විදියටනම් සෙට් කාඩ් එක ATM වලට දාන්න පුලුවන්.
Roshana said...
yaluwa mage laga sampath bank visa set card ekak tiyenawa eka pay pal ekata link karala payoneer card eka haraha commercial bank atm eken cash karaganna puluwanda?reply ekak danna me blog eken godak dewal igenagathta thanks
Anonymous said...
bulk e mailing gana kuppiyak danna puluwanda.
iPlus said...
@ Roshana;
යාලුවා තරහාවෙන්න එපා. මට ඉස්සරලා කියපු දේ වැඩිය තේරුනේ නෑ.
සෙට් කාඩ් එකයි, පේනියර් කාඩ් එකයි සම්බන්ධ කරන්න බෑ.
Withdraw ක්‍රම මෙහෙමයි.
Wire transfer- Plimus මුදල් කෙලින්ම ඔබේ බැංකු ගිනුමට දාන්න පුලුවන්.
Check- Plimus මුදල් චෙක්කුවක් මගින් ගෙන්වන්න පුලුවන්, ඒ චෙක්කුව ලංකාවේ ඕනෑම බැංකු ගිනුමකට දාන්න පුලුවන්.

සමහරවිට මෙහෙම කරන්න පුලුවන් වෙයි. ඉහත ක්‍රම දෙකෙන් බැංකු ගිනුමට සල්ලි දාලා. ඒ බැංකු ගිනුමේ තියෙන සල්ලි ඔයාගේ සෙට් කාඩ් එකෙන් සල්ලි කරගන්න පුලුවන් වෙයි.

@ Ano on December 3, 2011 12:41 AM ;

මං හිතන්නේ මේ හොදපුතා වෙන්න ඇති නේද?

bulk e mailing ක්‍රම දෙකයි.
1.PHP Mailing (PHP පුලුවන් වෙන්න ඕනේ)
2.Desktop mail client
Download and info:
http://www.viprasys.org/vb/1821711-post1.html

2 ක්‍රමය ලෙසියි ඒත්. හොද ඉන්ටනෙට් ස්පීඩ් එකක් සහ ලොකු බෑන්ඩ්විත් එකක් තියෙන්න ඕනේ යාලුවා.
Anonymous said...
PAY PAL Wala salli payoneer walin kelinma ganna barida..paypal Signup une srilanka kiala dala.eka wenas karanna barida??philipine or malasiya ho dameema anivaryada??
රුවන් said...
දැන් තමා හරිහට තෙරුනෙ
අදහස් දැක්වූවට ස්තූතියි
Anonymous said...
Monthly card account maintenance = $4 per month gannawada????
ssckkani said...
PayPal arenna Wena ekakin Apita Oya Card ekata Salli danna baida????
ShiraN - SL said...
මම ලඟදි තමා ‍මේ සයිට් එකට ආවේ. අද තමා පේ පැල් කුප්පි ටික කියවලා ඉවර කලේ. ඒකයි කලින් ඒවෑ කමෙන්ට් එකක් වත් දැම්මෙ නැත්තේ. ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කරන වැඩේට. අපේ ගොඩක් අය ඉන්ටර්නෙට් මනී ඉගනගන්න කියලා වැඩකට නැති දේවල් පස්සේ යනවා. ඒ වගේ අයට ගොඩක් උදව් වෙයි මේක.

මට ප්‍රශ්නයක් තියනවා. ලිපියෙ කිව්ව විදිහට සාමාන්‍ය ගනුදෙනු කියන්නේ මෙහේ තියන සාමාන්‍ය කඩයකට ගිහිල්ලා බඩු ගත්තහම ගෙවන එකද ?

ස්තුතියි!
පේ පැල්, ඇලර්ට් පේ, ඊටීසී.... ගිනුම් ඩොලර් වලින් පිරේවා !
emalanka said...
මචෝ මට 2co සහ Payoneer Card එකක් තියෙනවා.ඒ වගේම මගේ සයිට් එකක් තියෙනවා ඩිසයින් මුදල්ගෙවා ගන්න පුළුවන්.මට දැනගන්න ඔනේ පේපැල් එකේ තියන මුදල් 2co වලට දාන්නේ කොහොමද කියලා.මගේ සයිට් එකෙන්ම මම මිලද් ගැනිමක් කරලා එක පේපැල් වලින් ගෙව්වොත් අවුලක් වෙයිද?
emalanka said...
මචෝ මට 2co සහ Payoneer Card එකක් තියෙනවා.ඒ වගේම මගේ සයිට් එකක් තියෙනවා ඩිසයින් මුදල්ගෙවා ගන්න පුළුවන්.මට දැනගන්න ඔනේ පේපැල් එකේ තියන මුදල් 2co වලට දාන්නේ කොහොමද කියලා.මගේ සයිට් එකෙන්ම මම මිලද් ගැනිමක් කරලා එක පේපැල් වලින් ගෙව්වොත් අවුලක් වෙයිද?
sasika said...
මචෝ මට 2co සහ Payoneer Card එකක් තියෙනවා.ඒ වගේම මගේ සයිට් එකක් තියෙනවා ඩිසයින් මුදල්ගෙවා ගන්න පුළුවන්.මට දැනගන්න ඔනේ පේපැල් එකේ තියන මුදල් 2co වලට දාන්නේ කොහොමද කියලා.මගේ සයිට් එකෙන්ම මම මිලද් ගැනිමක් කරලා එක පේපැල් වලින් ගෙව්වොත් අවුලක් වෙයිද?
sajith said...
Payoneer Card ekakata mehe bank master card ekakin salli danne kohomada?
chana said...
me blog akata jayen jayama labewa.mama thama mukuth try kare na .lagadima monawary karanawa.
Anonymous said...
Thanks
Anonymous said...
Thank you wewa!
Tech Zone said...
ගොඩක් වටිනා ලිපියක් ඉස්තුත්යි iplus
Dinidu said...
machan fiverr eke salli me card eken ganna puluwanda.mata thawama hariyata mewa therenne naha.blog ekata pin sidda wenna mama fiver oders 4k iwara kala.mama me dewal dana gaththe i plus blog eken mata tikak udau karanna danna yaluwo plz
Anonymous said...
HNB card ekak gaththoth okkoma karanna puluwan neda? pay . withdraw karanna puluwan neda onema site ekakin. please help.. iplusblog aiyata jaya wewa......
Haritha said...
හැම මාසෙටම 4$ කැපෙනවද මිත්‍රයා Maintain charges විදියට ?
lasantha said...
godak sthuthi yaaaaluwa.. me karana udaw walata
Anonymous said...
ගොඩක් ස්තුතී. මේ බ්ලොග් එක මම ලගදි දැක්කේ. මමත් Online සල්ලි හොයන්න හදන්නේ. මගේ දැනට තියෙන්නෙ Sri Lanka දාල හදපු Paypal Accountඑකක්. එකෙ මගෙ Credit card එක Link කරලා තියනවා. ඒ Account එක Close කරලා. Malaysia දාල new Account එකක් හදලා same credit කාර්ඩ් එක Link කරන්න පුලුවන්ද? අවුලක් වෙයිද? please advice :)

2 comments:

  1. Hello My All of the friends.

    This is Best news for online users for make $200 withing every 4 days From Your Home.
    please click here to join this site and start earn Today. Dont miss this chance
    Start here: http://tinyurl.com/n9r6drd

    ReplyDelete
  2. We are unable to accept payments at this time, please try again later.
    ahema ekak enava machoo

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc