Friday, October 31, 2014

iPlusගේ Fiverr කුප්පිය 1

ආයුබෝවන් සියලුම දෙනාට. අද සිට ඔබට ගෙන එන්නේ iPlusගේ Fiverr කුප්පිය 06. අනුතර්ජාලයෙන් මුදල් සොයන්න උත්සුක වන අයට වැදගත්මබ හෝඩුවාවක් මේ හරහා ලබාගන්න පුළුවන්. මෙතැන් සිට එම ලිපි 06 ඔබ වෙත දිගහැරෙනු ඇති අතර මෙහි අයිතිය මා සතු නොවන අතර එය iPlus සතු බව කරුණාවෙන් සලකන්න. එහි ඵලවූ ලිවන්ක් හා කොමෙන් ඒ අයුරින්ම තබා ඇති අතර යම් ගැටළුවක් තිබුනොත් විමසන්න. හැකි වේලාවක පිළිතුරු ලබා දෙමි.

Sep 8, 2011

ඔබද ලක්ෂපති මමද ලක්ෂපති | Fiverr කුප්පිය #1




එක එක රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. ඊට අමතර අර සම්පත, මේ සම්පත කියලා ටිකට් වලිනුත් ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. තවත් කීවොත් එක එක බැංකු මගිනුත් දිනුම් ඇදලා ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති.

මේවා කිසිම දෙයක් ප්‍රායෝගික දේවල් නෙවේ කියලා තේරෙනවා නැතෑ. අද කියලා දෙන්න යන්නේ තමන්ගේ උත්සාහයෙන් ලක්ෂපතියෙක් වෙන ක්‍රමයක්. දැන් කෙනෙක් අහාවි, ඇයි දැන් උබ ලක්ෂපතියෙක් වුනාද කියලා. ඒකට දෙන උත්තරේ තමයි, මම තාම දහස්පතියෙක්, ටික කාලයකින් ලක්ෂපති කියන තනතුරට උසස්වීම් ලබන්නත් බැරිවෙන එකක් නෑ.


Fiverr කියන්නේ මොකක්ද?

Fiverr කියන එකේ සිංහල තේරුම "පහට වැඩකරන තැන" යන්නයි. පහ කියන්නේ කොස්ගෙඩිවත් පොල්ගෙඩිවත් නෙවේ, ඩොලර් 5. මේක $5ට වැඩකරලා දෙන Freelancer වෙබ් අඩවියක්. fiverr.com මෙච්චර කාලයක් කුරුමානම් අල්ලලා ඔන්න මං අල්ලාගත්තා පොට. කැමතිනම් පුලුවන් ඔයාලටත් එල්ලෙන්න. හැබැයි කුප්පිය ඉවරවෙනකන් මගෙන් අහන්න එපා දිව්‍යලෝකේ කොච්චර ලොකුද කියලා. එහෙම වුනොත් අපිට ආයෙත්වෙන්නේ කුබුරු කොටන්න. දන්නවා ඇතිනේ ගමරාළ දිව්‍යලෝකේ ගිය කතාව.

කීයක් හම්බ කලාද?

හම්බ කරපු මුදලෙන් ටිකක් පෙන්නනම්. ඔක්කොට ඉස්සරලා ගෙදර කාටහරි ලගට අඩගන්න, කලන්තේ දැම්මොත් එහෙම මාර කේස් එකක් වෙන්නේ.

 



මොකක්ද මේ ලක්ෂපති කතාව?

ඉස්සරෝම බලන්නකෝ පහල ScreenShot එක.




ඕකේ ඔය Facebook Likes විකුනන කෙනාගේ Gig එක අපි බලමු.

රතුපාටින් ඉරක් ඇදලා තියෙන පෙදෙස බලන්න. Pros සහ Cons දාලා තියෙනවා පේනවානේ. ඒකෙන් එයා $5 ඒවා කීයක් විකිනුවාද කියලා බලන්න පුලුවන්.

Pros ගාන= 2731

අපි බලමු එයාගේ ආදායම,

2731 x $4 = $10924 ~ Rs. 1,092,400

මම අත්දකීමේන් මේ කියන්නේ Pros සහ Cons  දාලා යන්නේ Gig මිලදීගන්න පිරිසෙන් තුන් දෙනෙකුට එක් අයෙක් විතර.

සැබෑ ආදායම~ Rs. 1,092,400 x 3 = Rs. 3,277,200  

දැන් දුවලා ගිහිල්ලා වතුර ටිකක් එහෙම බීලා එන්න ඉතුරු ටික අහන්න.

මෙච්චර Gig විකිනෙන්න හේතුව මොකක්ද?

පේනවනේ හේතුව. පිස්සු හැදෙනවා නේද?

මේ වගේ දේකට කුප්පියක් නොදා කොහොමද. කුප්පිය බලාපොරොත්තුවෙන් ඉන්න. දන්න කෙනෙක් මට මේ ටික කියලා දෙන්න.
"FastSpring මගින් පේපැල් මුදල් ලංකාවට ගෙන්වන හැටි". හරියට කියලා දෙනකෙනෙකුට මං හොදට සලකනවා.
මං සෑහෙන්න ඔට්‍ටුවුනා, තාම වැඩේ අල්ලාගන්න බැරිවුනා.

තව ලොකු උදව්වක්. WebCam එකක් ගෙනාවා. ඒක Brand එකක් නැති එකක්. ඒකට ඩ්‍රයිවස් නෑ. මගේ OS එක Vista. ඩ්‍රයිවස් තියෙන කෙනෙක්  ඩ්‍රයිවස් දෙනවානම් ලොකු උදව්වක්.

එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය!

ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති?


32 comments:

Dසුදර්ශන said...
මගෙත් Fiverr account එකක් නම් තියනවා. හැබැයි 0$ . ගිග් දැම්මට කවුරුත් ඒව ගන්නේ නෑනෙ.

Webcam එකේ Hardware ID එකෙන් අදාල Driver එක හොයගන්න පුලුවන් ලේසියෙන්ම. Hardware ID එක Google වල Search කරල බලන්න.
device manager එකෙන් Hardware ID බලාගන්න පුලුවන්
Damith said...
bro mekanam micriworkers eke pashnayak. mata kiyanna puluwanda microworkers wala job ekak karata passe a job ekama aith thiyanawanam karata kamk nethda?
BANDARA said...
machan oka karanna puluwan HNB eken saving account ekak open karanna,ethakota ewelema card eka denawa pin ekath ekka,passe online paynment active karanna(meekata latter ekak denna one eka kohomada kiyala bank eken ahuwama eyala karanna one hodama widiha kiyayi mokada dan call eken kiyanna puluwan widihak thiyanawa kiyala aranchiyi but not sure)ita passe ard eka paypal ekata link karala verify karanna(verify code eka card center ekata call karala illaganna)ita passe deyyane kiyala salli lankawe ATM eken withdrow karanna puluwan :) good luck
iplus said...
@ Dසුදර්ශන;
යාලුවාට ගොඩක් ස්තූතියි. මම මෙහෙම ක්‍රමයක් ඔයා කියනකන් දැනගෙන හිටියේ නෑ. ඒත් මට ඩ්‍රයිවස් හම්බුනේ නම් නෑ.

Hardware ID:
USB\VID_058F&PID_3880&REV_0100&MI_00
USB\VID_058F&PID_3880&MI_00

Devise instance ID: USB\VID_058F&PID_3880&MI_00

හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. මේ අසිරිලංකාවේ කළගුණයක් නැති කාලකණ්නින්ට ඔයා ලොකු ආදර්ශයක් යාලුවා.

@ Damith;
තියෙනවානම් කලාට කමක් නෑ. ඒත් ඉස්සරලා කරපු වැඩේට මුදල් ගෙවලා ඉවරවුනාම කරන්න. Job Posterගේ instructions කියවන්න. එක සැරයක් විතරක් කරන්න කියලා තියෙනවානම් ආයේ කරන්න එපා. ඔබට ජය!

@ BANDARA;
මං හිතන්නේ උබ ඔය කීවට කරලා නැතිව ඇති නේද? අපි පේපැල් ගිනුම් හදන්නේ හොරටනේ බං. ලංකාවේ විදියට හදපුවාම මුදල් එන්නේ නෑනේ. ඉතින් අර හොරට හදපු එකෙන් කාඩ් එකට මුදල් යවන්නේ කොහොමද? කොහොමනමුත් උබේ කොමෙන්ට් එකට ගොඩක් ස්තූතියි!
මෝල්ඩර් ෆයිල්ස් said...
නියමයි මචන් කුප්පියත් ඉක්මනට දාන්නනාපි එනවා බලන්න :)
Dසුදර්ශන said...
Try this link..........

http://www.yourpcdrivers.com/driver_detail.php?id=46169&md5=f88e521ea5cc07384f04203d8078e56b&driver=priphrique-vido-usb
BANDARA said...
machan withdrow karanne card ekatane eka visa machan oka wada hodatama wada mage friend kenek karanawa visa world wide wadane:O
iplus said...
@ මෝල්ඩර් ෆයිල්ස්;
අදහස් දැක්වූවට ස්තූතියි යාලුවා!

@ BANDARA;
බංඩෝ උබ ඔය කියන්නේ මේ ලිපිය ගැනද?
http://asipiya.blogspot.com/2011/08/paypal.html
මචං මට ඕනේ චෙක්කුවකින් ගෙන්නගන්න. මට තියෙන්නේ සම්පත් බැංකු ගිනුමක්. අවුලක් නෑ, ඔබේ වචන ටිකට ගොඩක් ස්තූතියි. Fastspring වැඩේ අහුවුනොත් මං ලිපියක් දාන්නම්කෝ

@ Dසුදර්ශන;
උබේ උදව්වට ගොඩක් ස්තූතියි යාලුවා. ඒත් හරිගියේ නෑ. වෙබ්Cam එක Detect කරන්නේ නෑ. වෙන වෙබ්Cam එකක්වත් ගන්නං බං.
http://imm.io/91fT
Dj Nadun said...
Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය

http://www.sinhalablog.com/?p=592

try theese..Aniwa Machan Sl walata Paypal haraha $$ ganna pulwan..Ela Digitama liyanna...Niyamaii!!!!
Anonymous said...
iPlus

@ Dj Nadun;

යාලුවාගේ කොමෙන්‍ටුවට ගොඩක් ස්තූතියි. මං ඔය ගොඩක් ලිපි කියවලා තියෙනවා. ඒත් ඒ ලිපිය ලියලා තියන කෙනා, කියලා තියන දේ ඔයාට තේරෙනවද? මටනම් තේරෙන්නේ නෑ. එයා කියලා තියෙන්නේ වෙබ් අඩවියේ නම විතරනේ. පේපල් මුදල් Fastspring එකට දාන්නේ කොහොමද, ගෙන්නන්නේ කොහොමද, චෙක්කු මාරු කරන්නේ කොහොමද කියන මුකුත්ම ඒකේ නෑ. යාලුවාත් බ්ලොග් ලියන කෙනෙක් හැටියට තේරෙනෙවා ඇති මම කියන දේ. මේ ලිපිය කියවනවාට වඩා හොදයි දෙමල පත්තරයක් කියවන එක. ලස්සනට පිලිවෙලට වචන ගලපලා ලිපි ලීවට වැඩක් නෑ කියන දේ තේරෙන්නේ නැතිනම්. අදහස් දැක්වූවට ගොඩක් ස්තූතියි
Hathsha Kanshana said...
එල මචන් මමත් කරලා බලන්න ඕන..
saman said...
MAMA ME SIDE AEKE LIPI OKKOMA KIYEWWA.AET E MONY KOTANINDA PATAN GANNE KIYAL TAMA PEHADILI NEHA PLS HELP ME.
MY E MAIL SAMAN.SILVA37@GMAIL.COM
මෝල්ඩර් ෆයිල්ස් said...
macha accunt 1,2,3 කියලා තියෙන්නේ ඇයි
Dilan Lakmal said...
Machan, HNB Bank eke debit card eken paypal money withdawl karanna puluwan eka visa card ekak nisa.card withdawl karana onama rataka paypal account ekakata HNB card eka add karaganna puluwan.
mamath money withdawl karala tiyanawa.
eka thamai harima method eka.
service fee Rs.500k kepenawa.

Machan onna ube uthukam itukarapan..
iplus said...
Dilan Lakmal;
මෙහෙමයි යාලුවා, හරි ඔය වැඩේ හරි කියමුකෝ. මගේ තියෙන්නේ සම්පත් ඩෙබිට් කාඩ් එකක්. ඒකත් වීසා කාඩ් එකක්, සමහරවිට ඒකටත් සල්ලිගන්න පුලුවන් ඇති. හරි දැන් අපි ඔය කතාවේ අනිත් පැත්ත බලමුකෝ. මම අවුරුද්දක් තුල පේපැල් ගිනුම් 4 ක් විතර හැදුවා. මන් පේපැල් නිසා $200කට අධික මුදලක් නැති කරගෙන තියෙනවා. ඒ එයාලා අපේ පේපැල් ගිනුම "Limited" කලොත්, අපිට ඔප්පු කරන්න පුලුවන් වෙන්නඕනේ අපි පේපැල් ගිනුම හදපු රටේ කෙනෙක් කියලා, ඒ වෙනුවෙන් එයාලා සාක්ෂි 10ක් විතර ඉල්ලනවා. අපිට ඒක කොහොමවත් කරන්න බෑ යාලුවා. හැම දේකම දෙපැත්තක් තියෙනවා. පේපැල් ගිනුම කොයිවෙලේ ගහලා යයිද දන්නේ නෑ. කොහොමනමුත් ඔබේ කොමෙන්‍ටුවට ගොඩක් ස්තූතියි.

මෝල්ඩර් ෆයිල්ස්;
උබට ඇති තරම් ගිනුම් හදපන්. උන් ඒවාට නීති පනවලා නෑ.


saman;
eMoney කුප්පි වලින් වැඩ පටන්ගන්න යාලුවා. අනේ මං දන්නේ නෑ. ඔයා කැමැත්තක් කරන්න. හිරවුනු තැනක් තියෙනවානම් අහන්න. OK!
මෝල්ඩර් ෆයිල්ස් said...
ela ela machan
ඉසුර නිර්මාල්(Isura Nirmal) said...
Fastfring, Plimus සහ 2co හරහා පහසුවෙන්ම paypal මුදල් මාරු කල හැකියි. ටිකක් දීර්ඝව පැහැදිලි කරන්න වෙන නිසා comment එකක්දැමීමට අපහසුයි.පෞද්ගලිකව මට email පණිවිඩයක් එවන්න.මේ පිලිබඳව උපකාර කරන්නම්!
http://staryblogger.blogspot.com
Anonymous said...
@ඉසුර නිර්මාල්(Isura Nirmal)
Apitath kiyanawada?
iplus said...
@ Ano;
ඔව් යාලුවා ඔයාලටත් කියනවා. හෙට අනිද්දාටම මේ ගැන ලිපි ලියනවා.
Anonymous said...
L92P
THanKs.
Isuru said...
wade maru........
Hasitha Prabath said...
Maath Fiverr ekata set una...Oyage post walata godak pin.
Anonymous said...
මට මේකේ රෙගිස්ටෙර් වෙන්න දෙන්නේ නැහැ නේ. මොනවද කරන්න පුළුවන්? පුළුවන් නම් රෙගිස්ටෙර් වෙන විදිය කියල දෙන්න පුළුවන් ද?
කොමොඩෝ මකරා said...
ඇඩෙනවා හලෝ, ඇඩෙනවා. ඔයා නම් දෙයියෙක්. දිගටම කියන්න හොදේ
Anonymous said...
ela machan!! mage account eka thma ubata mattu wela nadda?
mama RS. 11,604,454 earn karala thiyenawa.
Dilan said...
ado elakiri
ඉෂාර said...
තැන්ක්ස් මචෝ.. මත් ඹය වගේ එකක් හොය හොය හිටියේ...
chuti kuku said...
fiverr.com ekata mama thma aluth e nisa hariyta hamdema therune na ! mama gig ekak post kara ! ekkenk mata inbox karla tibba ! dan mama eyata eya illna photoshoots tika sent
karta pase apita $ enne mktda ! mkda mama thma paypal account ekakvath hadala ! ane podak kiyla dennko !
Anonymous said...
MAMATH TRY KARANNAM
Anonymous said...
Masa dekak withara wenawa mage fiverr ginuma hadala ada thamai, mata order ekak awae, eka adama deela 100% ekak gatta.. Mata mara sathutui.. mama nikan gig 3k dala thibba witharai, ada eka parata ekek order ekak ewala thibba..

tikak mahansi unanam hondata yamak hoyanna puluwan :) :)

Bohoma isthoothui kiyala kiyannai me awe, danui mama dakke order eke salli awaiting money ekata awilla thiynwa :) :) dakka gaman awilla mekata comment ekak daanna hithunaa.. :) :)
pasindu krisantha wickramarachchi said...
mamth account ekea open kara blamulko
Anonymous said...
try this for your webcam issue http://www.driveridentifier.com/
kevinchde@gmail.com

Payoneer Card ගැන සුද්ද සිංහලෙන් | PayPal කුප්පිය #9

NOV 22, 2011


Payoneer Card ගැන සුද්ද සිංහලෙන් | PayPal කුප්පිය #9




Payoneer Card කියන්නේ මොකක්ද?
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.

Payoneer Card එක තියෙන්නේ මොකටද?
 අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.

ලංකාවට වලංගුද?
 ඔව්. සම්පූර්ණයෙන්ම වලංගුයි. කිසිම අවුලක් නෑ. රෙස්පට් එකේ භාවිතා කරන්න විතරයි තියෙන්නේ.

Payoneer Card එකක් ගන්නේ කොහොමද?

අපිට කෙලිම Payoneer වෙබ් අඩවියට ගිහින්, මට කාඩ් එකක් දියන් කියලා ඉල්ලන්න බෑ. වෙනත් වෙබ් අඩවියක් හරහා කාඩ් එකක් ඉල්ලන්න ඕනේ.

oDesk
Plimus
2CO
වැනි වෙබ් අඩවි හරහා ලේසියෙන්ම කාඩ් එකක් ගන්න පුලුවනි.

Plimus වලින් Payoneer Card එකක් ගමු

Plimus ගිනුමට ලොග්in වෙලා පහල රූපයේ පරිදි අංක පිලිවෙලට කරන්න.



 4 බොත්තම එබුවාම පහල ලෙස වෙනත් පේජයකට පිවිසේවි.


ඉහත රූපයේ පෙන්වා තියෙනවා අපි සම්පූර්ණ කලයුතු Steps.

Step 1, Step 2හා Step 3 කියන බොත්තම් ඔබලා ඒවාගේ තොරතුරු පුරවලා submit  කරන්න. එතකොට ඉවරයි.

oDesk වලින් Payoneer Card එකක් ගමු

oDesk ගිනුමට ලොග්in වෙලා පහල රූපයේ පරිදි අංක පිලිවෙලට කරන්න.




මෙතනින් පස්සේ පියවර සියල්ල, ඉහත Plimus පියවරමයි

Payoneer Card කතාන්දරය

 එකෝමත් එක කාලෙක අපි පේනියර් කාඩ් එකකට ඉල්ලුම් කලා කියලා හිතමුකෝ. ඉතින් ඊට පස්සේ පේනියර් ගිනුමේ තවමත් පෙන්නන්නේ Unverified, Inactive Account කියලා. කාඩ් එකක් ඉල්ලලා සති තුනකින් විතර ගෙදරටම කාඩ් එක එනවා. ඊටපස්සේ කාඩ් එකේ විස්තර අපි Payoneer ගිනුමට ලොග් වෙලා ඇතුලත් කරන්න ඕනේ.

ඒත් දැනගතයුතු දේවල් කිහිපයක්  තියෙනවා,
1. එම Payoneer කාඩ් එකහි තොරතුරු ඇතුලත් කරන අවස්තාවේ අපි PIN නම්බරයක් ඇතුලු කරන්න ඕනේ. අපි කැමති අංක 4කින් යුතු මතක හිටින නම්බරයක්.

2. නොමැකෙන පෑනකින් කාඩ් එක පි‍ටුපස අපේ අත්සන යොදන්න ඕනේ

3. ඉහත කරුන සියල්ල සම්පූර්ණ කලත් තාම කාඩ් එක Active නෑ. Active කිරීම සදහා අපට යම් මුදලක් වැයවෙනවා


Payoneer Card එක Active කරන හැටි

මේ සදහා අපට වෙනත් VISA/MASTER කාඩ් එකක් තියෙන්න ඕනේ. HNB Card, Sampath Web Card හෝ වෙනත් ඕනැම බැංකුවක කාඩ් එකක් යොදාගන්න පුලුවන්. හැබැයි අඩුම තරමේ $20 ක් ඒ කාඩ් එකේ තියෙන්න ඕනේ. පලවෙනි පාර Payoneer Cardඑකට මුදල් ලෝඩ් කල සැනින් එයාලාගේ ගාස්තු එයාලා කපාගන්නවා. Active කිරීමේ ගාස්තුව $10යි.

https://load.payoneer.com/LoadToPage.aspx වෙත පිවිසෙන්න.




 අංක පිලිවෙලට කරන්න. කො‍ටු කර ඇති දේවල් පිලිබදව සැලකිලිමත් වන්න.

Payoneer Card එකේ ගාස්තු

Monthly card account maintenance = $4 per month
ATM Withdrawal Fee = $2.15 + 3%
සාමාන්‍ය මුදල් ගෙවීම් වලට ගාස්තුවක් අය කරන්නේ නෑ


Payoneer Card එකෙන් රුපියල් ගන්න හැටි


ඉහත ලින්ක් එකෙන් ඔබේ ප්‍රදේශයේ මුදල් ලබාගත හැකි ATM යන්ත්‍ර බලාගන්න පුලුවන්. කොමර්ෂල් බැංකු තමයි ගොඩක් සපෝට් කරන්නේ. කාඩ් එක මැෂින් එකට දාලා අවශ්‍ය මුදල ගහපු ගමන්, කාඩ් එකේ තියෙන ඩොලර් රුපියල් වෙලා එලියට එනවා.

PayPal, Plimus & Payoneer Card

අපි පේපැල් කුප්පිය 7 සහ 8 න් පේපැල් මුදල්  Plimus වලට දැම්මානේ. ඔන්න කුප්පිය 9න් Plimus මුදල් Payoneer Card එකට දාලා, ලංකාවේ ATM එකකින් එලියට ගත්තා. අන්තිම ප්‍රතිපලය බැලුවොත්, PayPal වල තිබුන ඩොලර්, ලංකාවෙන් රුපියල් විදියට මතුකරගත්තා. හරියට බැලුවොත් මේකත් මැජික් එකක් වගේ වැඩක්. ඉතින් කවුද කියන්නේ පේපැල් ලංකාවට සල්ලි එවන්නේ නෑ කියලා?

ගිහින් එන්නම්,
ඔබට ජය!


45 COMMENTS:

kosala said...
Good Work
chandu said...
අලුත් කුප්පියක් දානකම් තමා මම බලාගෙන හිටියේ.
මගේ Payoneer කාඩ් එක O-desk හරහා ලබාගත් එකක්.
ඒත් දැං ම‍ට paypal හරහා Payoneer එකට මුදල් ගන්න පුලුවන් වෙයිද.
නැත්නම් අලුත් Plimus Account එකක් හදලා එකට අලුත් Payoneer කාඩ් ගන්න වෙයිද.
යාලුවා ගොඩාක් පිං.... දන්න දේවල් මෙහෙම ‍බෙදාගන්න එකට. කොල්ලෝ වුන අපේ හිත්වල තියන සැබෑ මනුස්සකම මනාව පේනවා මෙහෙම තනිවම නොකා බෙදාගෙන ‍කන එකෙන්. මේ දේවල් මෙහෙම කරණ පින‍ට තියෙන හරියක් Paypal,Payoneer,Alert pay Accounts ඩොලර් වලින් පිරේවා.
මම ‍fiverr Account හදලා දවස් 02ට ගිග් 06ක් දාලා එකක් වැඩකලා. $5 හම්බ වුනා. Thank you very much..............
දුෂාන් said...
Maru maru. Ela kiri
Lanka said...
නිර්ලෝභි විදියට මෙහෙම දැනුම බෙදාගන්නවාට ගෝඩාක් ස්තුතියි.
එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කියලා දිපු විදියට paypal account එකක් හැඩුවත් ඒක දවස් 03ක් විතර යද්දි limited කරලා තියෙනවා. account එකට ඇක්සස් වෙලා තියෙන්නේ හදුනාගන්න නොහැකි ප්‍රදේශයකින් කියලයි ඒගෝල්ලො කියන්නේ. address proof එකක් ඉදිරිපත් කරන්නලු. දැන් අපි කොහොමද Malaysian විදියට හැඩුවම ලංකාවේ address proof එකක් කරොත් යලිත් account එක යථාතත්වයට පත් කර ගන්න පුළුවනිද?
Madhawa Habarakada said...
මගෙත් මේ කාඩ් එකක් තිබෙනවා oDesk එකෙන් ගත්තු. අරගෙන අවුරුද්දකට වැඩී, ඇක්ටිං කළේ නෑ, දැන් නම් පාවිච්චි කරන්න බැරිද දන්නෙත් නෑ.
කාඩ් එක Credit නෙමෙයි Debit කාඩ් එකක් හොඳේ.

මෙයාලගෙ fees තමා වැඩි. ඊට වඩා ලාභයි Wire Transfer එකක් කරල අපේ ගිණුමකටම මුදල් ගෙන්න ගන්න එක. :)
Anonymous said...
එල කිරි මචෝ ....... උබට ගොඩක් ස්තුතියි ...දැන් බ්ලොක් එකේ දාන කමෙන්ට් එවා ඔක්කොම හොදට පෙන්නනවා .....ජය වේවා.!!!!!!!!!!!!
Anonymous said...
Thanks bro...!
dinesh said...
yaluva i plus- mama gigekak haduva eth eka ok vela na.photo ekakuth upload kala ,mama hadapu english song eke video ekakuth you tube ekata upload karala link eka damma.
account veryfy kanna mail link ekakuth aava eth my gige tab ekak mage account eke na.mata hithganna ba poblem eka mokakda kiyala
Chameera Lakshan Seneviratne said...
1) තැන්ක්ස් අයියේ
2) Alertpay American Express card එකකින් Verify කරන්න පුලුවන්ද කියලා ඔයා දන්නවනම් මට පොඩ්ඩක් කියනවද, . . PLZ, . .
iPlus said...
@kosala;
අදහස් දැක්වූවට ස්තූතියි!

@chandu;
Paypal වලින් Payoneer එකට කෙලින්ම මුදල් දාන්න බෑ.
Paypal--> Plimus--> Payoneer විදියටයි දාන්න වෙන්නේ.

oDesk වලින් ගත්තා කියලා කාඩ් එකේ වෙනසක් නෑ. ඕනෙම ගිනුමකින් එකට සල්ලි දාන්න පුලුවන්.

අදහස් දැක්වූවට ස්තූතියි යාලුවේ!

@දුෂාන්;
අදහස් දැක්වූවට ස්තූතියි!

@Lanka;
ඒකනේ යාලුවාට කීවේ Better Privacy addon එකෙන් flash coockies clear
කරන්න කියලා. පේපැල් කුප්පිය 2, 3 සහ4 නැවත කියවන්න. යාලුවාගේ ගැටලු සියල්ලටම උත්තර හම්බවෙයි.
අදහස් දැක්වූවට ස්තූතියි!

@Madhawa Habarakada;
සිරාවටම කියනවානම් Credit හා Debit කියන වචන දෙකේ වෙනස දන්නේ නෑ. ඔයා මේ කොමෙන්ට් එක කියවනවානම් ඒ දෙකේ වෙනස කියලා දීලා යන්න. මම පෝස්ට් එකේනම් ඒ වචනේ හැදුවා ඔන්න.
අදහස් දැක්වූවට ස්තූතියි!

@Ano on November 22, 2011 9:23 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@Ano on November 22, 2011 9:35 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@dinesh;
මට වැඩිය තේරුනේනම් නෑ යාලුවා. ඔයා මේ රූපදෙක බලනවාද.
http://imm.io/bXqv
http://imm.io/bXqw
අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
Credit card- me card eka nikang dhenne ne..meka ganna bank ekata godak proof pennanna one..(salary,properties..etc) credit card ekak thiyenawanam apita onema ganak bank ekin nayata ganna puluwang or shopping karanna puluwang hebai dhawas 50 ta kalin bankuwata salli tika gewanna one..netthang poliya ekathu wenawa..ehema salli gewwe netthang oyage namata thiyena property ekak bank ekin ussanawa :)

Debit card: me card eka thamai api hemotama dhena card eka..meka ATM walata use karannath puluwang shopping karannath puluwang...me card ekin ape saving account eke thiyena salli tika viyadham karanna puluwang
eagle said...
මේ සිංහල රටේ සිංහල උන්ට තේරෙන්න සිංහලෙන්ම කොටල දාන උඹට පිං
Thanks for your help
Anonymous said...
First thanks very much

මේ විදියට ගන්න එකද චෙක් ගන්න එකද ලාබ-
Anonymous said...
L92P
Thanks!.......
iPlus said...
Ano on November 23, 2011 1:34 PM;
බොහෝම ස්තූතියි යාලුවේ දන්නේ නැති දෙයක් කියලා දුන්නාට.

eagle ;
අදහස් දැක්වූවට ස්තූතියි!

Ano on November 23, 2011 5:47 PM;
අදහස් දැක්වූවට ස්තූතියි!

චෙක්කුවකට $2.5 යි.
කාඩ් එකෙන් ගන්නවානම් $2.15 + 3% යි.
මෙහෙම බලනකොට චෙක්කුව වාසියි. ඒත් ඩොලර් චෙක්කුවක් බැංකුවෙන් මුදල් කරන්න දවස් 21ක් යනවා. ඒ කාලෙත් එක්ක බලනකොට කාඩ් එක වාසියි.
අදහස් දැක්වූවට ස්තූතියි!

L92P;
අදහස් දැක්වූවට ස්තූතියි!
හොදපුතා said...
අපිට Autoblog samurai ගැන කුප්පියක් දාන්න බැරිද?
iPlus said...
fiverr කුප්පිය 4හි කොමෙන්ට් වලට පිලිතුරු;

@ Uda backlinks ano ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ Ano on November 19, 2011 7:07 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ Ano on November 19, 2011 7:07 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ Dilan ;
ඔයාට පුලුවනි PR2 වෙබ් අඩවියෙන් Backlink හදලා microworkers එකෙන් සල්ලි හොයන්න.
අදහස් දැක්වූවට ස්තූතියි

@ Ano on November 21, 2011 ;
මොළයක් කියලා කලදක්වත් තියෙන එකෙක්. Telecom IP එකකින් කුනුහරුප කියන්නේ නෑ. ඔයා දන්නවානේ මං අනිත් අයට වඩා වෙනස් කියලා. කැමතිද දවස් දාහතරක් පුරාවට කූඩුවේ කූරු ගනින්න.
http://imm.io/c2Qw

@ තරිදු - ඇසූ පිරූ තැන්;
ඔයා ග්‍රැ‍ෆික් වලට දක්ශයෙක්නම් ගිග් තුන හතරක් ඕනේ නෑ. එකම එකක් හොදටම ඇති. ඒත් සාමන්‍ය තරමින් විතරක් පුලුවන්නම්, ‍ෆිවර් එකවුන්ට් දෙක තුනක් හදලා එක එකවුන්ට් එකකට ගිග් දෙක බැගින් පමන දාන්න.

‍ෆිවර් හා පේපැල් ලින්ක් කරන්නේ නෑ. මුදල් දවස් දාහතරකින් clear වුනාම අපි withdraw කරනවානේ, අන්න එතකොටයි එයාලා පේපැල් ලිපිනය අහන්නේ. withdraw බොත්තම එබුවාම පේපැල් ලිපිනය අහනවා.

fiverr හා පේපැල් ගිනුමේ ඊමේල් කොහොමත් වෙනස් තමයි. නැතුව කොහොමද ‍ෆිවර් ගිනුම් කිහිපයක් හදන්නේ. ඕනතරම් ‍ෆිවර් ගිනුම් වලින් එකම පේපැල් ගිනුමට මුදල් ගන්න පුලුවන්

අදහස් දැක්වූවට ස්තූතියි!

Paypal කුප්පිය 9 හි කොමෙන්ට් වලට පිලිතුරු;

@ හොදපුතා;
පුතේ උබ නොහිතපු පැත්තක් තියෙනවා. Autoblog Samurai වලින් Autoblog හදන්නේ RSS Feed එකෙන් අප්ඩේට් වෙන්න. ඒකෙන් කරන්නේ කෙලින්ම වෙනත් වෙබ් අඩවියක තියෙන ලිපියක් කොපි කිරීම. ඉතින් එහෙම වෙබ් අඩවියකට අපි කොහොමද ඇඩ්සෙන්ස් හෝ වෙනත් ඇඩ්ස් දාන්නේ? Copyright issues report වෙනවනේ? ඇඩ්සෙන්ස් ගිනුමට කෙලවාගන්න වැඩක් තමයි වෙන්නේ. මං නම් හිතන විදියට කවුරු මොනවා කීවත් ඕක බොරු වැඩක්.
හොදපුතා said...
Autoblogging වලට වෙන හොද ක්‍රමයක් නැත්ද?
chandu said...
Kunuharupa Kiyapu Asamath jatiyata honda wade.....................................................................................................................................................
Anonymous said...
kunuharapa comment dapu keneth kalingage adipaare yana kenek wage. oya owa ganan ganna epa. ballek biruwata kadhu kadaapath wenne nahane. (mun ballanth apahaasayak) kawru monawa kiwwath api oba samagai saho !
kumalk said...
සහෝදරයා.....

ඇඩ්සෙන්ස් ගැනත් කුප්පියක් දැම්මොත් හොඳයි නේද?
iPlus said...
@ හොදපුතා ;
මහන්සිවෙලා බ්ලොග් එකක් ලියන තරම් හොද ක්‍රමයක් තවත් නෑ යාලුවා.

@ chandu ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ Ano on November 26, 2011 9:00 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ kumalk ;
අදහස් දැක්වූවට ස්තූතියි
මගේ ඇඩ්සෙන්ස් ගිනුමට ගිය සතියේ කෙලවුනෝ....
Roshana said...
යාඑවා මට තියෙන්නේ sampath set debit card ‍එකක් ඒකෙන් sampath atm එ‍කෙන් cash කර ගන්න පුඑවන්ද?
iPlus said...
@ Roshana;
හරියටමනම් කියන්න දන්නේ නෑ. ඒත් මං අහලා තියෙන විදියටනම් සෙට් කාඩ් එක ATM වලට දාන්න පුලුවන්.
Roshana said...
yaluwa mage laga sampath bank visa set card ekak tiyenawa eka pay pal ekata link karala payoneer card eka haraha commercial bank atm eken cash karaganna puluwanda?reply ekak danna me blog eken godak dewal igenagathta thanks
Anonymous said...
bulk e mailing gana kuppiyak danna puluwanda.
iPlus said...
@ Roshana;
යාලුවා තරහාවෙන්න එපා. මට ඉස්සරලා කියපු දේ වැඩිය තේරුනේ නෑ.
සෙට් කාඩ් එකයි, පේනියර් කාඩ් එකයි සම්බන්ධ කරන්න බෑ.
Withdraw ක්‍රම මෙහෙමයි.
Wire transfer- Plimus මුදල් කෙලින්ම ඔබේ බැංකු ගිනුමට දාන්න පුලුවන්.
Check- Plimus මුදල් චෙක්කුවක් මගින් ගෙන්වන්න පුලුවන්, ඒ චෙක්කුව ලංකාවේ ඕනෑම බැංකු ගිනුමකට දාන්න පුලුවන්.

සමහරවිට මෙහෙම කරන්න පුලුවන් වෙයි. ඉහත ක්‍රම දෙකෙන් බැංකු ගිනුමට සල්ලි දාලා. ඒ බැංකු ගිනුමේ තියෙන සල්ලි ඔයාගේ සෙට් කාඩ් එකෙන් සල්ලි කරගන්න පුලුවන් වෙයි.

@ Ano on December 3, 2011 12:41 AM ;

මං හිතන්නේ මේ හොදපුතා වෙන්න ඇති නේද?

bulk e mailing ක්‍රම දෙකයි.
1.PHP Mailing (PHP පුලුවන් වෙන්න ඕනේ)
2.Desktop mail client
Download and info:
http://www.viprasys.org/vb/1821711-post1.html

2 ක්‍රමය ලෙසියි ඒත්. හොද ඉන්ටනෙට් ස්පීඩ් එකක් සහ ලොකු බෑන්ඩ්විත් එකක් තියෙන්න ඕනේ යාලුවා.
Anonymous said...
PAY PAL Wala salli payoneer walin kelinma ganna barida..paypal Signup une srilanka kiala dala.eka wenas karanna barida??philipine or malasiya ho dameema anivaryada??
රුවන් said...
දැන් තමා හරිහට තෙරුනෙ
අදහස් දැක්වූවට ස්තූතියි
Anonymous said...
Monthly card account maintenance = $4 per month gannawada????
ssckkani said...
PayPal arenna Wena ekakin Apita Oya Card ekata Salli danna baida????
ShiraN - SL said...
මම ලඟදි තමා ‍මේ සයිට් එකට ආවේ. අද තමා පේ පැල් කුප්පි ටික කියවලා ඉවර කලේ. ඒකයි කලින් ඒවෑ කමෙන්ට් එකක් වත් දැම්මෙ නැත්තේ. ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කරන වැඩේට. අපේ ගොඩක් අය ඉන්ටර්නෙට් මනී ඉගනගන්න කියලා වැඩකට නැති දේවල් පස්සේ යනවා. ඒ වගේ අයට ගොඩක් උදව් වෙයි මේක.

මට ප්‍රශ්නයක් තියනවා. ලිපියෙ කිව්ව විදිහට සාමාන්‍ය ගනුදෙනු කියන්නේ මෙහේ තියන සාමාන්‍ය කඩයකට ගිහිල්ලා බඩු ගත්තහම ගෙවන එකද ?

ස්තුතියි!
පේ පැල්, ඇලර්ට් පේ, ඊටීසී.... ගිනුම් ඩොලර් වලින් පිරේවා !
emalanka said...
මචෝ මට 2co සහ Payoneer Card එකක් තියෙනවා.ඒ වගේම මගේ සයිට් එකක් තියෙනවා ඩිසයින් මුදල්ගෙවා ගන්න පුළුවන්.මට දැනගන්න ඔනේ පේපැල් එකේ තියන මුදල් 2co වලට දාන්නේ කොහොමද කියලා.මගේ සයිට් එකෙන්ම මම මිලද් ගැනිමක් කරලා එක පේපැල් වලින් ගෙව්වොත් අවුලක් වෙයිද?
emalanka said...
මචෝ මට 2co සහ Payoneer Card එකක් තියෙනවා.ඒ වගේම මගේ සයිට් එකක් තියෙනවා ඩිසයින් මුදල්ගෙවා ගන්න පුළුවන්.මට දැනගන්න ඔනේ පේපැල් එකේ තියන මුදල් 2co වලට දාන්නේ කොහොමද කියලා.මගේ සයිට් එකෙන්ම මම මිලද් ගැනිමක් කරලා එක පේපැල් වලින් ගෙව්වොත් අවුලක් වෙයිද?
sasika said...
මචෝ මට 2co සහ Payoneer Card එකක් තියෙනවා.ඒ වගේම මගේ සයිට් එකක් තියෙනවා ඩිසයින් මුදල්ගෙවා ගන්න පුළුවන්.මට දැනගන්න ඔනේ පේපැල් එකේ තියන මුදල් 2co වලට දාන්නේ කොහොමද කියලා.මගේ සයිට් එකෙන්ම මම මිලද් ගැනිමක් කරලා එක පේපැල් වලින් ගෙව්වොත් අවුලක් වෙයිද?
sajith said...
Payoneer Card ekakata mehe bank master card ekakin salli danne kohomada?
chana said...
me blog akata jayen jayama labewa.mama thama mukuth try kare na .lagadima monawary karanawa.
Anonymous said...
Thanks
Anonymous said...
Thank you wewa!
Tech Zone said...
ගොඩක් වටිනා ලිපියක් ඉස්තුත්යි iplus
Dinidu said...
machan fiverr eke salli me card eken ganna puluwanda.mata thawama hariyata mewa therenne naha.blog ekata pin sidda wenna mama fiver oders 4k iwara kala.mama me dewal dana gaththe i plus blog eken mata tikak udau karanna danna yaluwo plz
Anonymous said...
HNB card ekak gaththoth okkoma karanna puluwan neda? pay . withdraw karanna puluwan neda onema site ekakin. please help.. iplusblog aiyata jaya wewa......
Haritha said...
හැම මාසෙටම 4$ කැපෙනවද මිත්‍රයා Maintain charges විදියට ?
lasantha said...
godak sthuthi yaaaaluwa.. me karana udaw walata
Anonymous said...
ගොඩක් ස්තුතී. මේ බ්ලොග් එක මම ලගදි දැක්කේ. මමත් Online සල්ලි හොයන්න හදන්නේ. මගේ දැනට තියෙන්නෙ Sri Lanka දාල හදපු Paypal Accountඑකක්. එකෙ මගෙ Credit card එක Link කරලා තියනවා. ඒ Account එක Close කරලා. Malaysia දාල new Account එකක් හදලා same credit කාර්ඩ් එක Link කරන්න පුලුවන්ද? අවුලක් වෙයිද? please advice :)
Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc