Friday, December 20, 2013

කොම්පියුටරය බද්දට දී උපයන්න - ipuservices

ආයුබෝවන් යාළුවනේ, ටික දවසකින් තමයි පෝස්ටුවක් දාන්න උනේ. අද මම ඔයාලට අරන් ආවේ මහන්සි නොවී අන්තර්ජාල මුදල්උපයන්න පුළුවන් සරළ ක්‍රමයක්. ඔයාලා Online ඉන්න වෙලාවෙදි මේක ඔන් කරලා තිබ්බාම ඔයාගේ කොම්පියුටරය අදාලා ආයතනය විසින් එයාලගේ වැඩ කර ගන්න සර්වර් එකක් විදියට භාවිතා කරනවා. ඒ භාවිලා කරන කාලයට ඔයාලට මුදල් ගෙවනවා. එහිදි ඔයාගේ මැෂින් එක slow වෙන්නේ නැහැ.ඒ වගේම එතරම් Data ප්‍රමාණයක් වැයවෙන්නෙත් නැහැ. අන්ලිමිටඩ් Data තියෙන කෙනෙකුට ගොඩක් වටිනවා.

ලියාපදිංචි වෙන්න - කියවලා ඉවර වෙනකම් රෙජිස්ටර් වෙන්න එපා
පළමුව වැඩේ පටන්ගන්න මෙතනින් සයිට් එකට ගිහින් ලැබෙන Form එක සම්පූර්ණ කරල Register වෙන්න.
වැඩ කිරීමට සූදානම් වෙන්න
දෙවනුව දැන් ඔබට ලැබෙන mail එක හරහා ගිණුම Confirm කරගෙන මේ ලින්ක් එකේ තියන software එක ඔයාලගේ OS එක අනුව තෝරල Download කරගෙන Install කරගන්න.මෙම වැඩේ කරගන්න යද්දි
 Java Runtime එක ඔයාලගේ Computer එකේ නැත්නම් ඒක Install කරන්න සයිට් එක අවස්වස්තාව දෙනවා. ඒකත් Install කරගෙන IPU Software එක Install කරන්න පුළුවන්. මෙය  Install කරද්දි Dextop එකේ Shortcut එකක් හදන්න අසාවි. එය Ok කර ගන්න.
මුදල් උපයන්න
අවසන් වශයෙන් Shortcut එක භාවිතා කරලා IPU Software එකට ගිහින් ඔයාල ගිණුම හන්න දුන්න Username සහ Pasward දිලා Software එකට login වෙලා එය Minimize කරල Online තියෙද්දි තමන්ගේ වැඩක් කරන්න. සමහර විට ඔටෝ Username සහ Pasward ගනීවි. මෙහිදී ලොකු මුදලක්නම් ලැබෙන්නේ නැහැ.
Referelලාගෙන් උපයන්න
මෙහිදීත් ඔයාලට පුළුවන් referelලව එකතු කරගන්න.  IPU අවඩියෙන් ඔයාලට මුලින්ම  එවන ඊමේල් එකට එවන Your Referral link යන්න භාවිතා කරල තවත් අය සම්බන්ධ කරගන්න.
මම මෙමගින් උපයලා මුදල් අතට අරන්නම් නැහැ. හැබැයි මෙය විශ්වාස අඩවියක් බවට ලැබුණු තොරතුරු අනුව තවත් සොයලා බලලා මේ දක්වා වංචාවන් නොකරන ලද බව තහවුරු කරගෙන තමයි මෙම පෝස්ටුව දැම්මේ. ඔයාලත් මේ ගැන තවත් සොයා බලන්න. එහෙනම් මම නවතිනවා.
සියළුදෙනාටම ජයෙන් ජය!!!
මෙම පෝස්ටුව මම හදන්න පටන් අරන් ටික දවසක්. මෙතන තිබුනේ මේක අන්තර්ජාලයේ ගේම් නොදීපු බවටයි. ඒ වුනත් පෝස්ටුව Publish කරන්න කලින් මේ සයිට් එක ගැන තව තවත් හෙව්වා. එතකොට මෙතනදි දැනගන්න ලැබුනා මෙය Scam සයිට් එකක්ය යන්න ස්තීර බව. ඒ කියන්නේ මේ අය මුදල් නියමිත පරිදි නොගෙවන බව. මේ අය Forum එක ඩිලීට් කරලා දාල සපෝර්ට් නොකරන බව සදහන් වෙනවා. ඒ නිසා මෙහි ලියාපදිංචි වීම වැඩක් නැති බවයි පෙනී යන්නේ. මෙහි වැඩ කරන්න නොගියත් මේ පිළිබදව ඔයාලට අවබෝධයක් ලබන්න ඕන නිසා මෙම එඩිටින් එක සහිතව මෙය Publish කළා.

Monday, November 18, 2013

සියළු දෙනාගේ අවධානය පිණිසයි PTC Scam OR Legite යනු?

the bux-net Scam?
ඉතින් යාළුවනේ ආයුබෝවන්. අද මම ලියන්න ආවේ උඩ තියෙන ගැටළුව ගැන තමයි. the bux-net සයිට් එකේ හොද ගෙවීමක් මෙතෙක් කළත්, කාර්යය පහසු වුනත් මෙම සයිට් එකේ මුදල් ගැනීමට සීමාවක් පනවා තිබීම හේතුවෙන්  සර්වර් ටයිම් 00 වෙන වෙලාවට ඉල්ලුම් කරන සියලු දෙනාටම මුදල් ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඒ අයට නැවත ඊලග දිනයේ ඉල්ලුම් කිරීමට සිදුවන් ඇත. ඒ අයුරින් බොහොමයක් දෙනෙකුට මුදල් ලබා ගැනීමේදී ඇති වූ දුෂ්කරතා මත මෙම සයිට් එක 2013.11.17 දින සිට Scam සයිට් එකක් බවට අනුතර්ජාලයේ සදහන් වෙනවා. ඒ උනත් මෙහි මුදල් නොගෙවන බව සදහන් වෙන්නේ නැහැ. මම හිතන හැටියට මෙසේ සදහන් කරන්න හේතුව තමයි මෙහි මුදල් ලබා ගැනීමට උත්සාහ කරන කෙනෙකුට පළමු වතාවෙම මුදල් ලබාගන්න නොහැකි වීම වෙන්න පුළුවන්. මුදල සීමාවක් දමා තිබෙන්න හේතුව මෙම සයිට් එක පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් රදවාගන්න අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. ඒ වගේම මෙම සයිට් එගේ රෙෆරල්ලාගේ සහ සාමාජිකත්ව ඉහලදැමීමේ මිළගණන් මේ ආසන්න කාලයේදී වැඩි කරලා තියෙනවා. මෙහෙම මුදල් නොගෙවා ඉන්න නම් එසේ නොකර තව දුරටත් සාමාජිකයන් වැඩි කර ගන්න තිබුනා.

මෙහි සාමාජිකයින් සම්පූර්ණයෙන්ම වැඩකිරීම නවත්වලා නැහැ. හැබැයි ආසන්න මාස 03ක කාලය තුළ යම් ප්‍රමාණයක වෙනසක් වෙලාතියෙන බව නම් alexa වල දැකගන්න හැකියි. මෙම ලින්ක් එකෙන් ගිහින් එදිනෙදා තත්වය බලන්න.

විශේෂයෙන් - මගේ රෙන්ට් රෙෆරල්ල සොයන මුදල් මගේ ගිණුමට එක්වීම දින කීපයක් සිදුවුනේ නැහැ. ඉතින් මම Support ගිහින්  Open a new ticket අරන් Payment support යටතේ මැසේජ් එකක් යැව්වා. ඉතින් පස්සේ මගේ මුදල් ගිණුමට ඇවිත් තිබුණා.
දැන් මේ සයිට් එක සම්පූර්ණයෙන්ම  Scam එකක්.

Probux Scam?
 ඒ වගේම තමයි Probux එකත් නිර්දේශ කළ නොහැකි ඝණයට ඇතුළත්වෙලා තියෙනවා. එය Scam සයිට් එකක්වන One Bux සයිට් එකේ අයිතිකරුගේ එකක් බවට සදහන් වෙනවා.  මේ සයිට් එකේආසන්න මාස 03ක කාලය තුළ යම් ප්‍රමාණයක alexa වල ඉහලට ගිහින් තියෙනවා. මෙම ලින්ක් ලින්ක් එකෙන් ගිහින් බලන්න. කේසේ වෙතත් එයාලා මුදල් දෙනකන් ඔයාලා ගන්න. ඒ වගේම එයාලගේම මුදල් යොදවනවා හැර ඔයාලගේ මුදල් යොදවන එක ගැන ටිකක් සිතා බලන්න.

Scam or Legit සයිට්
අළුතින් වැඩි ආදායමක් දෙන්න උත්සාහ කරන PTC සයිට් මේ තත්වයේ තියෙන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරන්නේ වැඩිජනප්‍රියත්වයක් ලබාගන්නයි. බොහෝදෙනෙකුගේ පිළිගැනීම වෙන්නේ මෙම  Legit තත්වයේ තියෙන සයිට් Scam එකක් හෙවත් මුදල් නොගෙවන එකක් බවට පත්විය හැකි බවයි. ඒ උනත් මෙවැනි ඒවා Elite හෙවත් බාධාවකින් තොරව මුදල්ගෙවන තත්වයට පත්වීමේ හැකියාව තියෙනවා. දැනට අන්තර්ජාලයේ ජනප්‍රියත්වයක් උසුලන Globalbux & Nerdbux කියන සයිට් දෙකත් දැනට මේ තත්වයේ පවතිනවා.
 Nerdbux දැන් මේ සයිට් එක සම්පූර්ණයෙන්ම  Scam එකක්. 2014/08/24

පිරමීඩ වගේ
තව අලුතින්ම ආරම්භ කරන ලද සමහර සයිට් තියෙනවා එක දවසට ඩොලර් 0.6 ක් දෙන ඒවා. ඒවයේ මුදල් ගන්න අනිවාර්යයෙන්ම ආයෝජනය කළ යුතුයි.  මම එම සයිට් එකක ඇඩ්මින් කෙනෙක්ගෙන් ඇහුවා මේ සයිට් එක කරගෙන යන්න මුදල් සොයන්නේ කොහොමද කියලා. එයා කිව්වේ PTC එකක් කරගෙන යන්න ඇඩ් ලැබෙන්නම ඕන නැති බවයි. ඒ අනුව එවැනි ඒවා පාර්ට් ටයිම් ජොබ් විදියට හදුන්වා දෙන්න අපහසුයි. එය පිරමීඩ ක්‍රමයට බෙහෙවින්ම සමානයි.  සක්විතිලා ඉන්න ලෝකයේ මේවා විශ්වාස කරන්න පුළුවන්ද කියලා තීරණය කරන්න ඔයාලට බාරයි. ඔයාලත් මේකේ ඇත්ත නැත්ත සොයා බලන්න. 


හැකිතරම් උපයාගන්න 
මේ ගැන දැනගත් ගමන්ම තමයි මේක සටහන් කළේ. ඉදිරියේදී මේ ගැන තවත් සොයලා සදහන් කරනවා. අලුතින් එන සයිට් මෙහෙම වෙන්න පුළුවන් බව මම මුලදී සදහන් කළා. ගොඩක් පරණ ඒවා එහෙම කරන්නේ නැහැ. හැබැයි ඒවයේ ලැබෙන ආදායම ටිකක් අඩුයි. ඒ නිසා මේවයෙන් උපයාගෙන පැරණි සයිට් වල ආයෝජනය නුවණට හුරුයි. කොහොම උනත් අන්තර්ජාලයේ  බොහෝ කාලයක් විශ්වාසනීයත්වය දිනා සිටින PTC ගොන්නක් ඉදිරියේදී මම හදුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.

දැන් මේ සයිට් දැන් මේ සයිට්එක සම්පූර්ණයෙන්ම  Scam එකක් නිසා වැඩ කරන්න එපා. ලියාපදිංචිවීමේ ක්‍රමය පමණක් බලන්න. දැනට තියෙන හොදම paying සයිට් ටික සහ Scam සයිට් ටික බලන්න මෙතනින් යන්න. එහෙම සොයලා බලලා වැඩ කරන්න. 2014/08/24

සියළුදෙනාටම ජයෙන් ජය!!!

Friday, October 25, 2013

ඕනම රටකට නොමිළේ SMS යවන්න

පැමිණි සියළුදෙනාටම  ආයුබෝවන්, ඉතින් යාළුවනේ මම අද කියලා දෙන්න යන්නේ මුදල් සොයන විදියක් ගැන නම් නෙමෙයි. අන්තර්ජාලයෙන් මුදල් ඉතුරු කර ගන්න ක්‍රමයක් බව ඔයාලා මේ වන විටත් දන්නවානේ. විවිධ වූ වෙබ්අඩවි ඒ අයගේ අඩවිය හරහා යවන්න පහසුකම් සලසලා දීලා තියෙනවා. ඉතින් ඒවා බොහොමයකම අපි යවන්න නම් රෙජිස්ටර් වෙන්න ඕන. තවත් ඒවා අපෙන් මුදල් අය කරනවා. ඉතින් මේ සයි එකට ඔය කිසිම දෙයක් ඕන නැහැ. මේක එයාලගේ ප්‍රමෝෂන් එකක් විදියට දැනට කරනවා ඇති. ඉදිරියේදී මුදල් අය කිරීමට ඉඩතියෙනවා. මෙතනින් ගිහින් ඒ සයිට් එකට ඇතුල් වෙලා කැමති කෙනෙකුට ඕන තරමක් යවන්න. මෙයින් වැඩගන්නා අයුරු පහල පියවරෙන් පියවර දක්වා ඇත.
මෙතන ක්ලික් කරලා මතුවෙන වින්ඩෝවේ තත්පර 05ක් ඉදලා දකුණු පැත්තේ ති‍යෙන යන්න මත ක්ලික් කරන්න. දැන් එන සයිට් එකේ උඩම තියෙන Send Free SMS යන ලින්ක් එක මත් ක්ලික් කරන්න. පහල රූපයේ රතු රවුම බලන්න.
free sms 2 copy
දැන් එන වින්ඩෝවේ Country: යන්න ඉදිරියෙන් ඇති කොටුවේ යැවිය යුතු රට තෝරන්න. To Mobile Number  යන්න ඉදිරියෙන් ඇති කොටුවෙහි පණිවිඩය යැවිය යුතු දුරකථන අංකය තෝරන්න   Message   යන්න ඉදිරියෙන් ඇති කොටුවේ පණිවුඩය ඇතුළත් කරන්න.   Sender ID  යන්න ඉදිරියෙන් ඇති කොටුවේ ඔබගේ දුරකථන අංකය ඇතුළත් කරන්න.     Verification Code යන්න ඉදිරියෙන් ඇති කොටුවේ ඊට ඉදිරියෙන් වන අකුරු ටික ටයිප් කර send බොත්තම ඔබන්න. පහළ රූපය බලන්න.
free sms copy
මේ අයුරින් Send Free SMS වෙත ගොස් නැවත නැවතත් SMS ඕනතරමක් එම ලිස්ට්එකේ තියෙන ඕනම රටකට යැවිය හැකියි.


එහෙමනම් යාළුවනේ මම නවතිනවා. තවත් පෝස්ට් එකක් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණුපැත්තේ තියෙන මේල් එක හරහා සාජුව මා සම්බන්ධ කරගතහැකියි. ඔබට උදව්වක් අවශ්‍ය උනොත් මට හැකි උපරිමයෙන් මම ඔබට උදව් කරන්න සූදානම්. පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

ඔබගේ පහසුව පිණිස මීට ඉහතදී අන්තර්ජාලයෙන් මුදල් සොයන පහසු ක්‍රම පිළිබද ලියා ඇති වැදගත් ලිපි වෙත පහල ලින්ක් ඔස්සේ පෙලගස්වා ඇත.

01 අන්තර්ජාල මුදල් පිළිබද මූලික දැනුම 

02 Probux Referral ලබා ගැනීම සහ ආදායම 
03 Probux වලින් රු.20,000ක ඉලක්කයට
04 Neobux මගින් උපයමු
05 Neobux-Neopoin වල වැදගත්කම
06 the-bux මගින් උපයමු
07 Globalbuxමගින් උපයමු
87 Nerdbuxමගින් උපයමු
09 Click නැතිව ලින්ක්වලින් මුදල් උපයන්න adfly
10 අන්තර්ජාල මුදල් ලංකාවට ගන්න Payza ගිණුමක් නිවාරදිව හදන්නේ මෙහෙමයි

Tuesday, October 15, 2013

Globalbux වලින් මුදල් උපයමු

පැමිණි සියළුදෙනාටම  ආයුබෝවන්, ඉතින් යාළුවනේ ටික දවසකට පස්සේ තමයි මම මේ පෝසට් එක අරගෙන ආවේ. ඉතින් ඒ උනාට මම නිතර මේ පැත්තේ ඇවිත් යනවා. මට හරි සතුටුයි ඔයාලා මේ අඩවියෙන් ප්‍රයෝජනයක් ගැනීම සම්බන්ධයෙන්. හුදෙක් මම මෙය ලියන්න හිතුවේ මගේ පුද්ගලික ලාභය ගැන හිතා නෙවෙයි. අපේ යාළුවන්ට මට හැකි අයුරින් උදව්වක් කරන්න හිතුන නිසා. මම මෙම අඩවිය තැන් තැන් වල ප්‍රසිද්ධ කළාට මා ලග බොරු බේගල් ඇදබාමින් රෙෆරල්ලා වැඩි කර ගැනීමේ අදහසකුත් නැහැ. ඔබ මෙහි ඇවිත් පිටු පෙරළා තිබෙනු දැක්කාම සතුටක් ලබනවා. ඒකයි මම මෙය පුසිද්ධ කරන්නේ. මම මුලදී කිව්වා වගේම අන්තර්ජාල මුදල් ගැන උනන්දුවක් ඇතිකිරීම තමයි මගේ අභිලාශය. වතුරට බහින අය පීනන්න ඉගෙන ගන්නවා වගේ මොන ක්‍රමයෙන් හරි ඔයාල මේ සදහා ඇතුළත් උනාම ඉදිරියට යන ගිහින් හොද උපයන්නෙකු බවට පත්වෙන බව මම විශ්වාස කරනවා.. ඔයාලගේ විවේක කාලය ප්‍රයොජනවත් විදියට වැය කලොත් කාලයත් එක්ක ආර්ථික ප්‍රශ්ණ විසදෙනවා. ඒ වගේම තමයි ඔබ කරන වෘතියෙන් දෛනිකව හෝ මාසිකව උපයන ‍මුදල අවසන් උනාම කර කියා ගන්න දෙයක් නැතිව යනවා. තම ජීවන අරගලය කරගෙන යන්න විවිධ ‍දූෂණ වලට මිනිසුන් පෙළඹෙන්න ඒකත් කාරණයක් වෙනවා. ඉතින් මේ වගේ ක්‍රමයකට යොමු වීම තුළින් එවැනි තත්වයන් මගහැ‍රී උදාරතර මිනිසුන් පිරිසක් රටට බිහිවෙනවා. 
පහුගිය දවස් වල මේ සයිට් එකට පැමිණි බොහෝ දෙනෙකුට බොහොමයක් ගැටළු මතුවෙලා තිබුනා. ඒ අය මට ගොඩක් මේල එවලා තිබුණා. මම ඒවා ඊමේල් හරහාම විසදාගන්න සහාය උනා. අද මම හදුන්වා දෙන්න යන්නේ Globalbux කියන ptc සයිට් එක. ඒ ගැන කියන්න කලින් ඔබ වෙනුවෙන් කියන්න යමක් තියෙනවා.මේ වෙනකොට මම මේ වගේ අන්තර්ජාලයෙන් මුදල් උපයන සයිට් ගණනාවක්ම හදුන්වලා දුන්නා.  ඒ වගේම මේ වන විටත් ඔයාලා මේ වගේ සයිට් ගණනාවක වැඩකරනවා ඇති. ඒ කියන්නේ ඔයා අඩුම සයිට් පහක වැඩ කරනවා නම් එකක වැඩ කරන්න විනාඩි 10ක් වැය කළත් සයිට් 5ම වැඩ කරන්න විනාඩි 50ක් යනවා. ඉතින් ඔයාට කාලේ ඉතුරු කර ගන්න ගමන් ඒ ඒ සයිට් එකට අසාධාරණයක් නොවෙන විදියට ඔයාගේ කාලය උපරිම විදියට ප්‍රයෝජනයට අරන් වැඩ කරන විදියක් තියෙනවා. මේ විදිය දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. එක හේතුවක් නිසා මම එය මෙහි ඵල කරන්නේ නැහැ. නොදන්න ‍කෙනෙක් ඉන්නවා නම් මට මේල් එකක් දාන්න. ඒ ගැන කියා දෙන්නම්. ඔයාලගේ මේල් ඇඩ්‍රස් මම වෙනත් කිසිවෙකුටවත් නොදෙන බව සලකන්න. අපි එහෙනම් අද වැඩ පටන් ගනිමු.
 
මෙම Globalbux කියන සයිට් එකත් අපට Rented referrals ලා වගේම Direct referrals මගින් උපයා ගන්න අවස්ථාව දීලා තියෙනවා. මෙහි ඉපයීම මීට ඉහතදී කියා දුන්න thebux, probux කියන සයිට් වලට වඩා මන්දගාමීව තමයි යන්නේ. ඒ උනත් මෙහි ඉන්න Rented referrals ලා දිනපතා ක්‍රියාකාරීව වැඩ කරන තත්වයක් දකින්න පුළුවන්. එය Nerdbux වලට වඩා ඉහලයි කීවොත් නිවැරදියි.

Register වෙන්නේ කොහොමද


මෙම සයිට්එකේ Register විය හැක්කේ එක IP එකකින් එක් අයෙකුට පමණි. ඔයාලා තමන්ගේ පරිඝණකයෙන් මෙහි ගිණුමක් සාදා නොතිබියදී මුල් වතාවට ඉල්ලුම් කරද්දීම Multiple accounts have been logging on from your IP. If u think this is an error, contact us. වශයෙන් මැසේජ් එකක් පෙන්වූවහොත් ඔයාලට කරන්න තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා නැවත කනෙක්ට් කරන එක. ඒ වතාවෙදිත් සාර්ථක නොවුනහොත් එසේ කිහිපවතාවක් උත්සාහ කරන්න. එවිට ඔබට ගිණුමක් හදා ගැනීමට හැකිවනු ඇත. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කළාට ඔයා ඕපන කරන් ඉන්න බ්‍රව්සර් පේජ් එක ක්ලොස් කරන්න එපා. කළ යුත්ලේ නැවත කනෙක්ට් කළාම රයිට් කිලික් කර රීලෝඩ් කිරීම පමණි. පළමු වතාවෙදිම එහෙම කරන්න බැරි උනොත් කිහිප වතාවක් උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ඔබ සාර්ථක වනු ඇත. ඒ වගේම නැවත ලොගින් වෙන්න ගියාමත් ඔහොම වෙන්න පුළුවන්. ඒ වෙලාවටත් ඔහොම කරන්න.  ඔයාලා භාවිතා කරන්නේ ඩොන්ගලයක් නම් බොහෝ විට මෙම ගැටළුව මතුවෙන්න පුළුවන්. ඒ වගේම තවත් සයිට් වල ඇඩ් පෙන්වන්නේ නැහැ. ඔබ ක්ලික් කළාම මැසේජ් එකක් පෙන්නනවා මෙම  IP එක භාවිතා කර පැය 24ට පෙර එම ඇඩ් එක බලා ඇති බව. එතනදිත් කරන්න තියෙන්නේ ඒ වැඩේම තමයි. ඒ සදහා හොදම උදාහරණය තමා Neobux සයිට් එක.

Globalbux සයිට් එකට මෙතනින් ගිහින් Register වෙන්න. ඔතන මගේ ලින්ක් එක තියෙන්නේ. මෙහිදී මම රූපරාමු මගින් විස්තර කරන්නේ නැහැ. මොකද මම මේ වන විට ඔයාලට මෙම ෆෝර්ම් පිරවීම සදහාවන දැනුම දීලා තියෙනවා. මෙහි සියල්ල thebux සයිට් එකේ අයුරින් සිදුකරගන්න පුළුවන්. එය දිගහැරගන්න මෙතනින් පුළුවන්. ඒ කිව්වාට උදව් ඕන නම් ඉල්ලන්න.

වැඩකරන්නේ කොහොමද

මෙහි ගිණුම හදාගත්තට පස්සේ එහි දකුණුපැත්තේ අඩ තියෙන Login ක්ලික් කර ඔබගේ ගිණුමට ඇතුල් වන්න. දැන් එහි වම්පස කෙරවලේ උඩ තියෙන් WIVE ADS යන්න මත ක්ලික් කරන්න. දැන් ඔබට thebux සයිට් එකේ වගේම බලන්න තියෙන ඇඩ් ටික දිස්වේවි. ඉතින් එහි ඉදිරි කටයුතු සියල්ලම thebux සයිට් එකට සමානයි.

එහෙමනම් යාළුවනේ මම නවතිනවා. තවත් පෝස්ට් එකක් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණුපැත්තේ තියෙන මේල් එක හරහා සාජුව මා සම්බන්ධ කරගතහැකියි. ඔබට උදව්වක් අවශ්‍ය උනොත් මට හැකි උපරිමයෙන් මම ඔබට උදව් කරන්න සූදානම්. ඔබ ඩොලර් සතයක් හෝ ලංකාවට  ගෙන ඒම මගේ සතුටයි.
පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

Saturday, September 21, 2013

Click නැතිව ලින්ක් වලින් මුදල් උපයන්න - adfly

ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉතින් යාලුවනේමම අද කියලා දෙන්න යන්නේ තවත් බක්ස් සයිට් එකක් ගැන නොවන බව කලින් post එකේදි කීවනේ.. ඔයාලා ‍නෙට් එකේ ඉන්න අතරවාරෙදි අනෙක් යාළුවන්ට දැනගන්න දෙන ලින්ක් වලින් (link share) මුදල් උපයන්න ක්‍රමයක් තමයි මේක. මේ ගැන සමහර දෙනෙක් නම් දන්නවා ඇති. ඔයාලා අන්තර්ජාලේ සැරිසරන කොට සමහර අඩවි වලින් අසවල් තැනට මෙතනින් යන්න නැත්නම් අසවල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න කියලා link එකක් දාලා තියෙනවා දැකලා ඇති. ඒක ක්ලික් කළාම ඔන්න වෙන තැනකට තමා ඉස්සෙල්ලාම යැවෙන්නේ. එතනදි එම  site එකේ දකුණු පැත්තේ ඉහල කෙළවරේ 5සිට 0ට ගණනය වී skip AD කයලා වැටෙනවා. අන්න ඒ වෙලාවට ඒක ඔබලා skip  (පන්නලා) කරලා අදාල තැනට යන්න වෙනවා. මේ වන විටත් මේ වගේ අත්දැකීම් ඔයාලට ඇති. නැතිනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මෙහිදී කරන්නේ තව කනෙකුට වටිනා කියන දෙයක් තියෙන සයිට් එකක ලින්ක් එකක් නැතිනම් වෙබ් ඇඩ්‍රස් එක ලින්ක් ‍කෙටි කරන සයිට් (links shorten site) එකකින් කෙටි කරනවා. ඔන්න ඔය විදියට හදාගත්තු ලින්ක් එක  අසවල් එක මෙතනින් ගිහින් බලන්න කියලා යාළුවන්ට දෙනවා. ඔය ලින්ක් එක හරහා කවුරුන් හෝ අදාල සයිට් එකට යන සෑම වාරයක් පාසාම එයාට වෙළද දැන්වීමක් මගදි පෙන්නලා ඔයාගේ ගිණුමට මුදල් එකතු කරනවා (එක් අයකු එක් දිනකට යන වාර දෙකකට යටත්ව). ඉතින් මේකෙන් වෙන දේ ගැන ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඒ අනුව මෙහිදී ඔයාලා නිදාගෙන ඉන්නකොටත් ඔයාගේ ගිණුමට මුදල් එකතුවේවි. එහෙනම් අපි දැන් බලමු adfly වල register වෙන විදිය.

adfly වල Register වෙන්නේ කොහොමද?

ඉස්සෙල්ලාම මෙතනින්  adfly සයිට් එකට යන්න.  මෙතනදි ඔයාලට ඩෙමෝ එකක් බලන්නත්  හැකියි.තත්පර 05ක්   ඉදලා දකුණු පැත්තේ ඉහල කෙළවරේ තියෙන් Ad Skip මත කිලික් කළාම ලැබෙන වින්ඩෝවෙහි පහල තියෙන Join now කියන තැක ක්ලික් කරන්න. (පහල රුපයේ රතු රවුම බලන්න)  රෙජිස්ටර් වීමෙන් පසුව ලොගින් වීමට එම වින්ඩෝවේම ඉහල තියෙන login යන්න භාවිතා කරන්න,
reg 00 copy
දැන් ඔබට ලැබෙන ෆෝර්ම් එක පුරවන්න. පහල රූපයේ එය කරන ආකාරය විස්තර කර ඇත. කැප්චර් කෝඩ් එක කොටස් දෙකකින් ටයිප් කරන්න තියේවි.  එය පැහැදිලි නැතිනම් නැවත ඉල්ලන්න. (රවුමට ඇති ඊතලය ක්ලික් කර) එය නිවැරදිව සිදුකර ඊට පහලින් ඇති කොටුවේ ටික් කර අවසාන වශයෙන් join යන්න ත්ලික් කරන්න.
reg 01 copy
දැන් ඔබ ලබාදුන් ඊමේල් එකට මේල් එකක් එවා ඇති බවට සදහන් පණිළවුඩයක් දිස්වේ. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) ඒ අනුව ඔබ ඔබේ ඊමේල එකට යන්න. එම පණිවුඩය Inbox තුළ නැතිනම් spam තුළින් සොයාගන්න.(පහල රූපයේ 02 අවස්ථාව බලන්න)
reg 02 (email) copy
එම ලිපිය විවෘත කළ විට please copy-and-paste your activation key (ඇක්ටිවේෂන් කී) යන්න ඉදිරියෙන් වන කොඩ් එක කොපි කර ගන්න. ( පහත රූපයේ 01 වන බොක්ස් එකෙහි එම කී එක පේස්ට් කර Conform registration යන්න මත ක්ලික් කරන්න. ( පහත රූපයේ 02 අවස්ථාව බලන්න)
reg 04(email) copy
දැන් ඔබ ඔබගේ ගිණුමට ඇතුළත් වනු ඇත. එසේ නොවුණහොත් ප්‍රධාන වින්ඩෝඩේමත ක්ලික් කර Username, Password  ලබදී ඇතුල්වන්න. පහත රූපය පරිදි ඔබගේ ගිණුම දිස්වේ.  ඔබ එහි පහලට ගිය විට ඒ ඒ ලින්ක් එක මගින් ඔබට ලැබුන ආදායම දිස්වේ.
Account copy

මෙයින් උපයන්නේ කොහොමද?.

ඔබගේ ගිණුමෙහි ඉහල තියෙන බොක්ස් එකෙහි (shrink ඉදිරියෙන්)  බෙදාහැරීම සදහා ඔබ සූදානම් කරගන්නා ලද ලින්ක් එක කොපි කර ගෙනවිත් පේස්ට් කරන්න. ( පහත රූපයේ 01 අවස්ථාව බලන්න)  දැන් එහි වන shrink යන්න මත ක්ලික් කරන්න. ( පහත රූපයේ 02 අවස්ථාව බලන්න)  ඔබ shrink කරගත් ලින්ක් එක එහිම වන copy යන්න මත ක්ලික් කර ( පහත රූපයේ 03 අවස්ථාව බලන්න)  කැමති අයුරින් කැමති තැනක paste කරමින් බෙදාහරින්න පුළුවන්.
work 01 copy

ලින්ක් එක බෙදා හරින්නේ කොහොමද?

ඔයාටම කියලා බ්ලොග් එකක් පවත්වාගන යමින් ඔබ ලියන ලිපි වලට අදාලව බලන අයව ඒ ඒ ලින්කුව හරහා වැඩි විස්තර සදහා යවන්න පුළුවන්. එහෙම එකක් කර ගන්න එච්චර අමාරු නැහැ. ඉස්සර නම් තිබුනා සැමදෙයක්ම කියලා අඩවියක්. ඒක දැන් කාලයක ඉදන් වැඩ කරන්නේ නැහැත එහි තිබුණා බ්ලොග් නවක්යෙකුට මග පෙන්වීමක්. මේ ගැන පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැතත් යමු ඉල්ලීමක් ලබුනොත් හැකි වෙලාවක දානවා.  එතකන් මාව විස්වාස කරන්න හැකි කෙනෙකු ඉල්ලීමක් කලොත් මම බ්ලොග් එකක් හදලා දෙනවා. මේක මගේ අදහසක් මිස කරපු වැඩක් නම් නෙමෙයි. ඔයා එහෙම අඩවියක් හැදුවාම ඔයා ලිපි ලිව්වේ නැති උනාට කමක් නැහැ. එහි වැදගත් ලින්ක් ටිකක් දාන්න. දැනු ඔයා කොහේ හරි සදහන් කරන්න අසවල් දේ බලන්න අසවල් තැනීන් යන්න කියලා ඔයාගේ බ්ලොග් එකේ ලිපිනය සාජුවම දෙන්න. එවිට එතනට එන කෙනෙක් ඔය ලින්ක් එකක් දෙකක් ක්ලික් කළාම ආදායම ඔයාලට. දවසකට එක්කෙනෙකු ක්ලික් කරන ඒවායින් 02කට විතරයි ගෙවන්නේ. ඔය විදියට අදාල කරුණ ගැන තව තවත් සොයමින් ඒ තැන් තියෙන ලිනක් ඔයාගේ සයිට් එකේ දැම්මාම ඒ සම්බන්ධවයන් තොරතුරු අහ්‍ශ්‍ය අය ඒ හරහා නිතරම යාවි.
ඒ වගේම ඔයලා දැනටමත් ඩවුන්ලෝඩ් කරන්න දෙන සයිට් එකක් පවත්වාගෙන යනවානම් හෝ නැතිනම් බලාපොරොතුතු වෙනවා නම් ඒ ලින්ක් ටික්ත් මේ හරහා දීලා උපයන්න පුළුවන්.
.තව වැඩිපිරිසක් ඉන්න Groups වල (‍facebook, twitter,google+, CafeMom,  Pinterest MySpace, ආදිය භාවිතා කළ හැකියි) සාමාජිකත්වය  හැකිතරම් සංඛ්‍යාවක regiter වෙන්න. එය මෙච්චරයි කියලා සීමා කරන්න එපා.  ඒ හරහා මෙම ලින්ක්එක සෘජුවම හෝ ඉහත ක්‍රමය භාවිතා කර බෙදා හරින්න පුළුවන්.

ලින්ක් වල වලංගු කාලය
ඔබ සකස් කරන ලින්ක් දැනට කල් ඉකුත්වීමේ දිනයක් නොමැත. ඒ කියන්නේ ඔබ අද හදන ලින්ක් එකකින් දැනට තියෙන තත්වය යටතේ නම් තව අවුරුදු ගණනාවක් ආදායම් ලැබිය හැකියි. ඒ උනත් ඉදිරියේදී මේ තත්වය වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා.

සමාජ අඩවිවල ලින්ක් භාවිතය පරිස්සමට

මතක තියාගන්න හොහේ දැම්මත් spam නොවෙන විදියට දාන්න. තව වැදගත් කාරණයක් තමයි ‍facebook වල මෙම adfly ලින්ක බ්ලොක් කරන අවස්ථා තියෙනවා. ඒ නිසා ‍facebook වල දාන්න adfly වලින් shrink කර copy කර ගන්නා ලින්ක් එක මෙම සයිට් එක ට ගිහින්  නැවත shrink කර adfly ලින්ක් එක Hide කර (සගවා)  බෙදා හරින්න. මෙතන ඒ වගේ තවත් සයිට් එකක් තියෙනවා. ඒකෙනුත් ඒක කරගන්න පුළුවන් (එය සිදුකන අයුරු පහත රුපය බලන්න)
Hide copy

මුදල් ගන්නේ කොහොමද?

ඔන්න දැන් තමයි හොදම හරිය, මම දන්න විදියට දැන් ඔයාලට ප්‍රශ්ණයක් තියෙනවා මෙහි උපයන මුදල් ගන්න විදිය සම්බන්ධයෙන්. ඒ ටික තමයි දැන් මම කියලා දෙන්න හදන්නේ. ඔයාලා දැන් ඔයාගේ Profile එක සම්පුර්ණ කරන්න ඒන. ඒ සදහා ඔයාගේ Adfly Account  එකට ඇතුළු වුණාම වම් අතපැත්තේ  Username එකට පහලින් තියෙන Account  යන ලින්ක් එක මත ක්ලික් කළාම වින්ඩෝවක් මතුවේවි. එහි තියෙන Form එක සම්පුර්ණ කරන්න. මෙහි මුදල් ලබාගන්න Paypal එකේ Account එකක් තියෙන්න ඕන. ඔයාට දැනට Paypal එක්ක තියෙනවා නම් එහි ලිපිනය මෙයට දෙන්න. එහෙම එකක් නැතිවුණත් කලබල වෙන්න එපා. ‍ඒක හෙමිහිට හදාගන්න පුළුවන්. මම කලින් කියාදීලා තියෙනවා වගේ ඒක පුරවද්දි හිස්තියලා පස්සේ කරන්නත් පුළුවන්, මෙවැනි කටයුතු සදහා භාවිතාකරන මේල් එක දෙන්නත් පුළුවන්. මෙය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Update Account යන්න මත ක්ලික් කරන්න. (පහත රූපය මගින් එය සම්පූර්ණ කරන අයුරු බලන්න) දැන් ඔබගේ Profile එක යාවත්කාලීන වූ බවට පණිවිඩයක් දිස්වේ. ඔයාලා මේක සම්පූර්ණ කරන්න කලබල නොවුනාට ප්‍රශ්ණයක් නැහැ. ඕන වෙලාවක කරගන්න පුළුවන්.
full form copy

වැඩිම ගෙවීම්

අනෙකුත් සමහර සයිට් වල වගේම මේකෙදිත්  USA, UK වගේ රටවල අය ඔබගේ ලිනක් එක හරහා යවන්න හැකි නම් තරමක් වැඩි ආදායමක් ලබාගන්න පුළුවන්. ලංකාවේ වගේ රට වල අය ගියාම ලැබෙන්නේ සුළු ආදායමක්. එහෙම කියලා වැඩේ අතිරින්න එපා. මේක ඔයාලා නිදන් ඉදිද්දි මුදල් ලැබෙන ක්‍රමයක් බව මතකයේ තියාගන්න. 

Direct Referral මගිනුත්

මෙහිදීත් PTC වල වගේ Direct Referralsලා ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. එම ලින්ක් එක ලබා ගැනීමට ඔයාලගේ ගිණුමෙහි ඉහල මෙනුවෙහි ඇති  Referrals යන්න මත් ක්ලික් කරන්න. එවිට ඊට පහලින් බොක්ස් එකක් ඇතුළේ http://adf.ly/?id=4882466 ට සමාන කේතයක් පෙනේවි. එය Your referral link නම් කරලා ඇති. දැන් මෙය ඔබේ යාළුවන්ට දීලා මෙහි ලියාපදිංචි වෙන්න ආරාධනා කරන්න පුළුවන්. මේක හරහා යම්කෙනෙක් ගිහින් මෙහි රෙජිස්ටර් වෙලා උපයනවා නම් ඒ සෑම අවස්ථාවකදීම ඔයාටත් කොමිස් එකක් ලැබේවි. මෙහිදීත් PTC වල වගේම එය භාවිතා කරන කෙනාට අසාධාරණයක් වෙන්නේ නැහැ.

වැදගත් යමක්

මම මේ ගැන අවසාන වශයෙන්ම කියන්නේ ඔයාලා මෙය නිර්මාණශීලිව කරන්න. කාටවත් කරදරයක් වෙන විදියට මෙය භාවිතා කරන්න එපා. බොරු තැන් වලට යවන්න එපා. ලින්ක් එක දාන තැන අදාල සයිට් එක ගැන ඇත්තම සදහන්න. එවිට එය වැදගත් කෙනෙක් එ‍තනට ගිහින් බලාවි. ඔයාගෙ යාළුවෝ ඔයා ගැන විශ්වාසයක් ඇතිකර ගනීවි. ඒ අනුව ඔයා නැවතත් දාන ලින්ක් එකක් බලන්න ඒ අය අනිවාර්යයෙන්ම යාවි. එක් අයෙකු එක් Account එකක් පමණක් සෑදීමටත් තමන්ගේ ලින්ක් පරීක්ෂා කරීමට එක් වතාවක් හැර තමන් ක්ලික් නොකිරීමටත් වගබලා ගන්න. එහෙම උනොත් ඔයාගේ ගිණුම නැතිවීම වැළැකිවිය නොහැක. මුලදි හෙමින් මුදල් එකතුවූනත් කාලෙත් එක්ක ලොකු ඉපයීමක් ලබන්න හැකිවේවි. මෙහි වංචා සිදුකළ බවට සදහනක් කොහේවත් නොතිබීමත් දැනට හොදින් ගෙවා ඇති බව සදන් වී තිබීමත් නිසා මම ඔයාලට මෙය හදුන්වා දුන්නා.එකපාරට දවසින් දෙකින් ලොකු මුදලක් උපයන්න හිතන කෙනෙක් ඉන්නවා නම් මෙහි රෙජිස්ටර් වෙන්න කාලය වැයකරන්න එපා.
මේ සයිට් එක වංචා කරනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.ඇත්තටම මෙය මේ වන විට අනුතර්ජලයේ හොද කීර්තියක් දිනාගෙන තිබෙන විශ්වාසනීයත්වයේ හිමිපෙත්තේ තියෙන සයිට් එකක් බවට හදුනාගන්න පුළුවන්. මේ ගැන ඔයාලත් තව සොයලා බලන්න. 

 එහෙමනම් මම නවතිනවා. තවත් පෝස්ට් එකක් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණුපැත්තේ තියෙන මේල් එක හරහා සාජුව මා සම්බන්ධ කරගතහැකියි. ඔබ ඩොලර් සතයක් හෝ ගෙන ඒම ලංකාවට මගේ සතුටයි.
පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

Sunday, September 15, 2013

Nerdbux මගින් උපයමු

ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉතින් යාලුවනේ මම අදත් ඔයාලට පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි අරන් ආවේ. මේකත් ඉතින් PTC bux සයිට් එකක් තමයි.  කලින් හදුන්වා දුන්නු සයිට් වගේම නැතත් මෙකත් මේ වන විට අන්තර්ජාලය තුළ විශ්වාසය දිනාගෙන තියෙන සයිට් එකක්. මෙම Nerdbux කියන සයිට් එ‍කේ දැනට සාමාජිකයන් 99144 ක් සාමාජිකත්වය ලබා තිබෙන බවට සදහන් වෙනවා. මෙයත් දැනට වංචාවකින් තොරව සාමාජිකයන්ට ගෙවලා තියෙනවා.

දැන් මේ සයිට් දැන් මේ සයිට්එක සම්පූර්ණයෙන්ම  Scam එකක් නිසා වැඩ කරන්න එපා. ලියාපදිංචිවීමේ ක්‍රමය පමණක් බලන්න. දැනට තියෙන හොදම paying සයිට් ටික සහ Scam සයිට් ටික බලන්න මෙතනින් යන්න. එහෙම සොයලා බලලා වැඩ කරන්න. 2014/08/24


Thebux වගේම මෙහිදීත් අපට එක Referral කෙනෙක්   මාසෙක කාලෙකට   Rent  කරන්න පුළුවන්. මෙහි තියෙන විශේෂත්වය තමයි එක් අයෙක්Rent  කරලා තවකෙනෙක් ගන්න සතියක් බලා ඉන්න ඒනි නැහැ. අපිට මුදල් තියෙන ඕන වෙලාවක Referral කෙනෙක් Rent කර ගන්න පුළුවන්. හැබැයි මෙහි නම් එක් අයෙකුගේ වටිනාකම ඩොලර් 0.2. ඒ කියන්නේ probux වල වටිනාකමම තමා..ඒ වගේම මෙහි මුලදී ඩොලර් 0001 ඇඩ් 20කට වැඩියෙන් දවසකට බලන්න දෙනවා. කල්යද්දි එම ඇඩ් ප්‍රමාණය වැඩි වෙනවා (මාසයක් යද්දි එය 75ක් පමණ වෙනවා). ඒ අනුව ඔයාලට ඉක්මනින්ම Referral ව Rent  කර ගන්න මෙම සයිට් එකෙන්ම මුදල් උපයා ගන්න පුළුවන්. සතියකින් විතර පළමු Referral ව Rent  කර ගන්න හැකියාවක් තියෙනවා. probux සහ Thebux  වලට සාපේක්ෂව නම් ඒක ලොකු කාලයක් ව‍ගේ තමයි, කොහොම උනත් ඔයාලා bux වලින් ස්ථීර ආදායමක් සාදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් සයිට් කිහිපයකම වැඩ කිරීම ගොඩක් හොදයි. මොකද කියනවා නම් මම මුලදී කීවා වගේ හොදින් මුදල් ගෙවමින් තිබෙන සයිට් හිටිහැටියේ බන්කොලොත් වෙලා වැහිලා යන අවස්ථා තියෙනවා. මේ සයිට් ඒ නිසා වෙනවාට කියනවා නෙමෙයි යම් හෙයකින් ඔයාලා උපයන සයිට් එක වැහුනොත් ආයෙ මුල ඉදන් පටන් ගන්න වෙනවා. ඉතින් එහෙම උනොත් ඔයාලාට අන්තර්ජාල මුදල් අරහන් වෙනවා.මේක පට්ට පල් බොරුවක් කියාලා කියන්නේ ඒ වගේ උනාම තමා. අනෙකුත් විස්තර වගේම මෙයට දෛනිකව ලැබෙන ඇඩ් ප්‍රමාණය දිහා බැලුවාම මෙය කාලයක් ස්ථාවරව පැවතීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ සයිට් එක අපි බලන ඇඩ් එකකට ලොකු ගණනක් නොගෙවන්නේ මෙය ස්ථාවරව පවත්වාගැනීමේ අරමුණීන් විය යුතුයි.

Nerdbux වල ලියාපදිංචිවෙමු

මෙතනින් ගිහින් Nerdbux සයිට් එක ලබාගන්න. දැන් ඔය පහල රූපය වගේ  වින්ඩෝවක් ලැබේවි. එහි Register කියන ලින්ක් එක උඩ click කරන්න. රතු රවුම බලන්න.
nerd reg 1 copy 
දැන් පහල රූපය වගේ Form එකක් ලැබේවි. එහි මම විස්තර කරල තියෙන විදියට සම්පූර්ණ කරන්න. සියල්ල සම්පූර්ණ කර නැවත පරීක්ෂා කර අවසානෙට Register කියන කියන එක click කරන්න. 
nerd reg 2 copy
දැන් Nerdbux සයිට් එක ඔයා දීපු මේල් ඇඩ්‍රස් එකට verification link එකක් එවලා ඇති.  ඊලග පියවර විදියට ඔයා දීපු mail එකට login වෙලා Nerdbux එවා ඇති මේල් එක සොයා ගන්න. එය Inbox තුළ නැතිනම් Spam තුළ බලන්න.  (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් එය විවෘත කර එහි ඇති Nerdbux  හි  verification link එක මත click කරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න)
nerd reg 3 copy
Activation ID සහ Username sed කිරීමට ලැ‍බෙන box එකේ sed මත  click කරන්න (ඉහත රූපයේ 03 අවස්ථාව බලන්න)  . දැන් ඔයාගේ ලියාපදිංචිය හමාරයි. දැන් ඔබව නව සාමාජිකයක් ලෙස පිළිගනී  ඊළගට  ඔබ නැවත Nerdbux සයිට් එකට පැමිණෙන අතර එහිදී login Form එක ලැබේ. නැතිම් එහි ඉහල ඇති  login යන්න මත click කළාම ලැබෙන login Form එකේ නියමිත තැන ඔයා දීපු username සහ password දීලා  පහලින් ඇති login මත  click කරන්න.(පහල රූපය බලන්න)
nerd reg 4 copy

වැඩ කරන්නේ මෙහෙමයි

දැන් ඔබගේ ගිණුමට ඇතුල් වන අතර එහි ඉහල තිබෙන ටාස්කබැර් එකෙහි  මැද තියෙන Earn money  කියන link එක මත click කරන්න (පහල රූපයේ රතු රවුම බලන්න) . එහිදි දිගහැරෙන මෙනුවෙහි view ads යන්න මත click කරන්න. මීට අමතරව ඔයාලට අවශ්‍ය නම් හැකියාවක් තිනෙවා නම් එහි දිස්වන අනෙකුත් වැඩ ටික කරලා උපයන්නත් හැකියාවක් තියෙනවා.
nerd ad 0 copy
දැන් ඔයාලට  එදා ලැබිලා තියෙන ads ටික දැක ගත හැකි අතර (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) ඒ එක් ad එකක නිල් පැහැති සිරසෙහි අකුරු මත click කරන්න. දැන් ඔබගේ ad එක ලෝඩ් වන අතර waiting කියන විධානය ඉහල වම් කෙළවරේ දැකගත හැකි (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) 
nerd ad 1 copy
ඇඩ්එක ලෝඩ් වී අවසන් වූ පසු එතනම කොළපාට තීරුවක් පිරේවි (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) . එය පිරී අවසන් වූ විට රූප 3 ක පේලියක් එතනම දිස් වන අතර එයින් හිස පහලට ඇති රූපය මත කරන්න (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) . දැන් හරි ලකුණකුත් එක්ක Thanking Massage එකක් දිස්වේවි (පහල රූපයේ 01 අවස්ථාව බලන්න). එම අවස්ථාවේදී ඔබගේ ගිණුමට අදාල මුදල එකතු වේ. දැන් එම අතුරු වින්ඩෝව close කර නැවත ඒ ආකාරයෙන්ම  ඉතිරි ඇඩ් ටිකත් බලන්න.
nerd ad  2 copy
මේකෙදිත් අනෙකුත් bux සයිට්ලව වගේම මුලදි ටිකක් මන්දගාමීව තමයි ආදායම ඉහල යන්නේ. ඒ උනාට මෙහි කාලෙත් එක්ක ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි වීම සහ  Rent  Referral ගණන වැඩිවෙනකොට ආදායම බලා ඉදිද්දි ඉහල යාවි. මම මුලින් කිව්වා වගේ මේකේ Referral  එක් අයකු බැගින් Rent කර ගැනීමේ පහසුකම වගේම ඕනෑම දවසක Rent කර ගැනීමේ අවස්ථාව සලසලා දීලා තියෙන නිසා ඉතා ඉක්මනින් Referral ගණන වැඩිකර ගනීමේ හැකියාවක් පවතිනවා.

සයිට්එක තුළ වියදම් කරන්නේ මෙහෙමයි (Add Fund)

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී පෝස්ටුවක සදහන් නොකළ නිසා එම අඩුපාඩුව මග හරවා ගැනීමට මෙය ඇතුළත් කරනවා. අපිට අනෙකුත් සයිට් වල වගේම මෙහිදීත් වැඩි ආදායමක් ලබන්න නම් සයිට් එක් තුළ මුදල් යෙදවන්න වෙනවා. Referral  Rent  කිරීම සහ Recycle කිරීමට මුදල් අවශ්‍යයි නේ. ඒකට අපි සයිට්එකෙන් උපයන මුදල් වලින් වගේම Payza, Payoal වැනි ගිණුමකින් එකතු කරන්න පුළුවන්. අපි බලමු ඔයාලා සයිට්එකෙන් උපයපු මුදල් එකත්කරන හැටි.
මුලින්ම My Account වෙත යන්න. එහි Add funds යන්න මති ක්ලික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් ලැබෙන වින්ඩෝවේ මුදල් ගෙවන ක්‍රමය තෝරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න)  මීළගට එහි පහලින් වන කොටුවෙහි එකතුකරන මුදල ටයිප් කර send යන්න මත ක්ලික් කරන්න. (පහල රූපයේ 03 අවස්ථාව බලන්න) 
dd fund 1 copy
දැන් මතුවන වින්ඩෝවේ පහල රූපයේ 01 අවස්ථාව ලෙස මතුවන Account balance බටන් එක මත ක්ලික් කරන්න. එවිට පහල රූපයේ 02 අවස්ථාව පරිදි අදාල එකතු කිරීම සිදුකළ බවට සදහන් පණිවුඩයක් දිස්වේ.
add fund 2 copy

Referral කෙනෙක් Rent  කරන්නේ මෙහෙමයි

ඔයාලා My Account ‍වෙත ගියාම Referrals මාතෘකාව යටතේ වන  Rent more referrals යන අනු මාතෘකාව මත ක්ලික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් මතුවන වින්ඩෝවේ තිබෙන බොක්ස් එකෙන් ඔබ එකතු කරන ලද මුදලට ගැලපෙන Referrals සංඛ්‍යාව තිවෙන පැක් එක තෝරාගෙන ඒ මත ක්ලික් කරන්න.(පහල රූපයේ 02 අවස්ථාව බලන්න)  දැන් එය ඉටුකළ බවට සදහන් පණිවිඩයක් දිස්වේ. (පහල රූපයේ 03 අවස්ථාව බලන්න). නැවත My Account ‍වල Referrals යටතේ තියෙන Rented referrals යන්න මත් ක්ලික් කළාම ඔයාගේ Rent කරන ලද  referral කෙනා හෝ කිහිප දෙනාව දැක ගතහැකියි. .(පහල රූපයේ 03 අවස්ථාව බලන්න)  එහිදී එයා පිළිබද විස්තර දැකගතහැකිය.
nerd ref 1 copy

Referral පාලනය කරන්නේ මෙහෙමයි

Referral  කළමනාකරණය ගැන මම කලින් පැහැදිලි කරලා ඇති. ඒක කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවා බැලිය හැක. අපි Rent කරන සෑම Referral කෙනෙක්ම හැමදාම ක්‍රියාකාරී නොවෙන් පුළුවන්. එහෙම උනොත් අපිට වැඩේ පාඩුයිනේ. ඒ නිසා එවැනි අය ඉවත් කරලා එයා වෙනුවට නැවත කෙනෙක් ගන්න එක කරන්න ඍ්න. එය Recycle ලෙස හදුන්වන අතර හමහිදී එක් අයෙකු එසේ කිරීමට ඩොලර් 01ක් අයකරනවා. එම මුදල එකතු කිරීමෙන් අනතුරුව අපට අවශ්‍ය කෙනාව Recycle කර ගන්න පුළුවන්. ඒ වගේම අපි Rent කරන Referral  ගේ මාසයක කාල සීමාව අවසන් වීමට පෙර ඔහුගේ කාලය දීර්ඝකරගතයුතුයි.
මේ කටයුතු දෙකම කරන්නේ මේ විදියටයි. ඔයාගේ  Referral ලේඛණයේ  Referral  ඉදිරියෙන් තියෙන කොටුවේ ටික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න)  දැන් එහි පහලින් මතුවන බොක්ස්එකේ ක්ලික් කරලා ඔබ ටික් කරන ලද කෙනාට කළ යුතු දේ තෝරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) එහිදී එයාගේ කාලය දීර්ඝ කර ගැනීම හෝ Recycle කිරීම කර ගතහැකියි.  දැන් පහල රූපයේ 02 අවස්ථාව සදහන් පරිදි Do it යන්න මත ක්ලික් කරන්න. ඉන් අනතුරුව එය සාර්ථකව සිදුකළ බව සදහන් පණිවිඩයක් දිස්වේවි.
recycal 1 copy 
මම මේ පෝස්ටුව මෙතරම් දීර්ඝව පැහැදිලි කළේ අන්තර්ජාල මුදල් ක්ෂේත්‍රයට අලුතින් එන කෙනෙුට ගැටළුවක් නැතිව මෙය කරගෙන යාම පහසු වීම සදහායි. මෙතෙක් මම ලියන ලද පෝස්ටු ටික කියවලා යම් කෙනෙකුට ගැටළුවකින් තොරව මුදල් උපයන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. මම මීලග පෝස්ට් එක දාන්න අපේක්ෂා කරන්නේ PTC සයිට් එකක් ගැන නම් නොවෙයි. ඔයා වැඩ්ඩෙක්නම් නිදා‍ගෙන ඉද්දි සල්ලි ගිණුමට එනවා..එහෙනම් යාලුවනේ මම නවතිනවා. මම කිව්ව පෝස්ට් එකත් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

Saturday, September 7, 2013

අන්තර්ජාල මුදල් ලංකාවට ගන්න payza ගිණුමක් නිවරදිව හදන්නේ මෙහෙමයි

 
ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉක්මනින්ම මේ පෝස්ට් එක දාන්න හිටියත්  කාර්ය බහුල නිසා ටිකක් පරක්කුවුනා . මොකද මේක හැමෝටම තේරෙන විදියට වැඩේ කරන්නත් ඕන නිසා හෙමින් තමයි මේකේ ඩ්‍රාෆ්ට් එක කළේ.  ඉතින් අද මම හදන්නේ තවත් මුදල් සොයන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න නම් නෙමෙයි. මම මුල්ම Post එකේදි කිව්වනේ අපි අන්තර්ජාලයේ උපයන මුදල් ලබා ගන්න Online payment processor (අන්තර්ජාල බැංකු ගිණුමක්) එකක Register වෙන්න ඕනි කියලා. ඒ ගැන කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් (ක්ලික් කළාම ලැබෙන සයිට් එකේ තත්පර 5ක් ඉදලා දකුණූපස ඉහල තියෙන SkipAd මත ක්ලික් කරන්න)කියවලා දැනුවත් වෙන්න පුළුවන් ඒ වගේම ඔය උඩ තියෙන සියළුම ලිපි බලන්න කියන බටන් එක ඔබලා ගිහින් මේ දක්වා ඵලවී ඇති  ලිපි මාලාවම කියෙව්වොත් ඔයාලටම කියලා අන්තර්ජාලයෙන් මුදල් ලැබෙන ක්‍රමයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම හැකි විටකදී ඒවා කියවා ඔබගේ දැනුම වර්ධනය කර ගන්න. දවසකින් දෙකකින් කොට්පතියෙකු වෙන්න හිතන්න එපා. එහෙම කරන්න ගියොත් එයාලා අමාරුවේ වැටෙන්න පුලුවන්.

ඒ වගේම මම ඔයාලට මතක් කරන්නේ අන්තර්ජාලයේ උපයනකොට පරිස්සම් වෙන්න. හැමෝම අවංක නැහැනේ. මුදල් උපයන්න PTC ක්ලික් වලටම සීමා වෙන්න එපා. ඒ සයිට් වල තියෙන පොඩි පොඩි වැඩත් කරන්න. අතේ තියෙන මුදල් ඒවායේ ආයෝජනය කරන එක මම අනුමත කරන්නේ නැහැ. ඉදිරියේදී එම වැඩ පහසුවෙන් කරන විදිය කියා දෙන්න අපේක්ෂා කරනවා. ඒ වගේම ඔබගේ හැකියාවන්ගෙන් මුදල් උපයන්න උත්සාහ කරන්න. ඒ පිළිබදව මෙහි ඵල කර ඇති ලිපි වල සදහන් කර ඇත.

මුදල් ආයෝජනය කර මුදල් ඉපයීමට නම් විශ්වාසනීයම ක්‍රමය Forex බව හොදින් මතක තියාගන්න. ඒ පිලිබදව ඔබගේ අවධානය යොමු කරන්නේ නම් ගොඩක් හොදයි. ඊට අදාල ලිපි සකසමින් පවතින් අතර ඊට උනන්දුවක් දක්වන අය ඉන්නවා නම් ඊමේල් එකක් එවන්න. මෙම ඡේදය 2015/02/01 දින සංශෝධනය කරන ලදි.

ඉතින් අද මම සූදානම් වෙන්නේ ඔය අන්තර්ජාල බැංකු ගිණුම් රාශිය අතුරින් අපට ගනු දෙනු කිරීම පහසු එකක් වන Payza වල ගිණූමක් සාදාගැනීමේ සිට ස්ථීර (verify) කර ගැනීම දක්වා සියල්ල සරලව කියාදීමටයි.

එහෙමනම් payza ගිණුමක් සෑදීම ආරම්ඹ කරමු.
ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් Payza අඩවිය විවෘත කරගන්න (ක්ලික් කළාම ලැබෙන සයිට් එකේ තත්පර 5ක් ඉදලා දකුණූපස ඉහල තියෙන SkipAd මත ක්ලික් කරන්න) . දැන් ඔබ එම වින්ඩෝවේ දකුණුපස ඉහල කෙරවලේ ඇති Sign Up  බටන් එක මත ක්ලික් කරන්න. එතනදී මතුවන ඩින්ඩෝවේ ගිණුම් වර්ග තුනක් අතුරින් එකක් තෝරගන්න තියෙනවා. එයින්  ඔබ තෝරා ගතයුත්තේ Personal යන්නයි. පළමුව එහි උඩම ඇති select your country යන්නෙහි ඊ හිස මත click කර ඔබගේ රට තෝරන්න. බොහෝ විට එහි ඔබ ලොග්වූ රටම දිස්වේ. දෙවනුව   එහි select යන්න මත  click කරන්න.  පහත රූපයේ රතු රවුම බලන්න.

එය තේරූ විට  පහත රූපයේ පරිදි පෝර්ම් එකක් ලැබෙන අතර එය මම එහිම විස්තර කර ඇති පරිදි සම්පූර්ණ කරන්න.  මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් බැවින් ඔබගේ සත්‍ය තොරතුරු නිවැරදිව පුරවන්නත තමන්ගේ නම ඇතුළත් කරන විට එය බැංකු ගිණුමේ ඇති අයුරින් මුල් නම සහ අග නම යොදන්නත් වගබලා ගන්න. ඒ වගේම මම මුල් Post එකේ දි කිව්ව විදියට  මේ සදහා වෙනම ඊ‍මේල් ඇඩ්‍රස් එකක් භාවිතා කරන්න. මෙය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Next step යන්න මත click කරන්න.
Payza 03 copy
  Payza 04 - Copy copy
දැන් පළමු අදියර අවසන්ව දෙවනි අදියර සම්පූර්ණ කරීමට ඔබට සිදුවෙනවා. එය පහත රූපයේ විස්තර කර ඇති පරිදි නිවැරදිව සපූර්ණ කර අවසන් කර Next step යන්න මත click කරන්න.
Payza 05 copy
Payza 06 copy
දැන් පියවර 02ක් සම්පූර්ණයි. .මෙහිදී මතක තබාගතයුතු දෙයක් තියනවා . මෙහිදී ඔබ ලබා දෙන ඉලක්කන් 04කින් යුත් Transaction Pin එක අමතක නොකර ලියලා තියාගන්න. මෙය අපට ගිණුමට සල්ලි දාන්න ආපහු ගන්න යද්දි අවශ්‍යය වෙනවා . ඔය security Question එක තෝරද්දි හොදින් මතක තියෙන එකක් තෝරාගෙන එහි පිළිතුර දෙන්න. ඒකත් මතක ඇතිව ලියලා තියාගන්න.  Next step යන්න මත click කළාම පියවර 03ට යනවා. ඒ කියන්නේ ගිණුම වෙරිෆයි කරීමේ පියවර. දැන් ඔයා ලබාදුන්නු ඊමේල් ලිපිනයට . Payza එකෙන් ඊමේල් එකක් එවලා ඇති. එය Inbox එකේ නැත්නම් Spam එකෙන් සොයාගන්න. ඒත් නැත්නම් 03 පියවරේ ඇති නිල්පැහැති අකුරුමත නැවත ක්ලික් කළාම මේල් එක ඇවිත් තියේවි. පහත රූපය බලන්න.
Payza 07 copy
දැන් එම ඊමේල් එක ඕපන් කරන්න.  එවිට පහත රූපයේ පරිදි එම මේල් එක දැකගතහැකි අතර දැන් එය කියවා එහි ලින්ක් එක මත ක්ලික් කර ඔබගේ ගිණුමට ලොගින් වෙන්න. එම ලින්ක් එක වැඩ නොකරයි නම් ඊට පහතින් ඇති ලිපිනය කොපි කර ඇඩ්‍රස්බාර් එකේ පේස්ට් කර ඉදිරියට යන්න.
Payza 10 copy
මේ වන විට ඔබගේ ගිණුමේ ඊමේල් එක  වෙරිෆයි කරළා අවසන්. ඒ අනුව ඔබ පහත රූපයේ 01 අවස්ථාව පරිදි ඔබගේ ගිණුමට ඇතුළත් වනු ඇත.
Payza 11 copy
දැන්  ඔබේ ගිණුම  වෙරිෆයි කරන්න ඕනි. එහෙම නැතිව ඔයාලට මෙහි මුදල් ගන්න බෑහැ . ඒ සදහා ඔයාලට ‍‍Credit cad  එකක් හරි Visa debit card එකක් හරි තියෙන්න ඕනි. ඔයාලට ‍‍Credit cad එකක් නැතිනම් ඔයාගේ දැනට ගිණුම් තියෙන බැංකුවෙන් ඔයාලට මේවන විටත් නිකුත් කරලා තියෙන Visa Debit Card එක ඇඩ් කරන්න පුළුවන්ද කියලා සොයා බලන්න. ඒක කරන්නේ මහෙමයි ඔය කාඩ් එකේ තියෙනවා කාඩ් සෙන්ටර් එකේ ‍ටෙලිෆෝන් අංකය. ඒකට කතා කරලා අහන්න මෙම කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්ද කියලා. පුළුවන් බව කීවොත් වැඩේට ඒක හරි. ගිණුමක් විතරක් තියෙනවා කාඩ් එකක් නැතිනම් බැංකුවට කතා කරලා දැනගන්න එමගින් Visa Debit Card නිකුත්කරනවද? ඒ මගින් ඔන්ලයින් පේමන්ට් කරගන්න පුළුවන්ද කියලා. ඒක හරිනම් දැනට ඔබගේ බැංකු ගිණුම පවතින පවතින බැංකුවෙන් කාඩ් එක අයදුම් කරන්න.
දැනට මම දන්න තරමින් Payza වලට හොදින් සහාය දක්වන්නේ HNB බැංකුවේ වීසාකාඩ් එකතමා. මොකද මම ගණූදෙණු කරන්නේ ඒ හරහා තමයි. දැනට පවතින ඔයාගේ බැංකුව මේ සදහා සහාය දක්වන්නේ නැතිනම්  HNB ගිනුමක් හදාගන්න.  මේ දවස්වල නම් එහි ගිණුමක් අරින් රුපියල් 2500ක් දාන්න ඕන. ඔයා ගිණූම විවෘත කළ දවසේම පාස්පොත සමග කාඩ් එකක් දෙනවා.  
කෑම කන්න නොහැකිවූ එක් පුද්ගලයකු ඒ සදහා බෙහෙත් ගන්න ගිහින් දොස්තරගේ කීම් අසා කීවාලු දොස්තර මහත්තය කියනවා කාලා බෙහෙත් බොන්න කියලා ඒත් කන්න බැරි එකටනේ බෙහෙත් ගන්න ආවේ කියලා. ආන්න ඒ වගේ ඔයාලත් සල්ලි සොයන්න ආවේ සල්ලි නැති නිසානේ කියාවි. ඕක එච්චර හදිසියේ නොකළාට කමක් නැහැ. තමන් කරන ජොබ් වලින් යම් මුදලක් සොයාගෙන එය ගන්න සැලසුම් කරලා කරන්න පුළුවන්. 
හරි දැන් ඔයා ගාව  Visa Debit Card එකක් තියෙනවනේ. නමුත් ඕකෙනුත් තාම ගණුදෙණු කරන්න බැහැ. ඒකට  Online payment  ඇක්ටිව් කරගතයු තුයි. ඒකටත් කාඩ්එකේ තියෙන දුරකථන අංකයට කතා කරලා ඔන්ලයින් පේමනට් ඇකිටිව් කරලා දෙන්න කියන්නත එවිට ඔයාගේ කාඩ් එකේ අංක 16කින් යුත් අංකය ඉල්ලාවි. තව ඔයාගේ නම, හුදුනුම්පත් අංකය, ගිණුම් අංකය, මවගේ නම, ආදී තොරතුරු ඉල්ලාවි. ඒවා දෙන්න සූදානමින් ඉන්න. තව එකක් ඔයාට Online payment  ඇක්ටිව් කරන්න ඕන කාලය අහනවා. ඒක ඔයාට ඕන කාලයක් කියන්න. ගිණුමේ මුදල් වල ආරක්ෂෘව උදෙසා මාස 03,06 වගේ කාලෙකට අරන් දීර්ඝ කරන එක තමා සමහරු කරන්නේ. ලයිෆ් ටයිම්ම කරන්නත් පුළුවන්. බැංකුවට කලා කරන්න කීවාම කලබල වෙන්න දෙයක් නැහැ ඒ අය සුහදසීලීව ඔයාගේ අවශ්‍යතාව ඉටුකර දීමට සැදී පැහැදී ඉන්නවා. 
අවසන් පියවරට යන්න දැන් ඔයාගාව ‍‍Credit cad එකක් හෝ Online payment  ඇක්ටිව් කළ Visa Debit Card එකක් හෝ තියෙන්න ඕන. දැන් ඔබ Payza සයිට් එකට ගිහින් Login ක්ලික් කර ඔබ ලබා දුන් ඊමේල් ඇඩුස් එක සහ පාස්වර්ඩ් ලබා දී My Payza Account වෙත යන්න. 
ඊළගට එහි තියෙන Unverified කියන තැන click කරන්න. ඉහත රූපයේ 01 අවස්ථාවේ රතු රවුම බලන්න. නැතිනම් ඉහල බාර් එකේ තියෙන My Profile ‍යන මෙනුවෙහි Acaount  Verification යන්න තෝරන්න. දැන් ඔබට ලැබෙන වින්ඩෝවේ Credit Card Verification යන්න මත ක්ලික් කරන්න. ඉහත රූපයේ අවස්ථාව 02 හා එහි රතු රවුම බලන්න. දැන් ඔබට ලැබෙන ෆෝර්ම් එක පහත රූපයේ පරිදි සම්පූර්ණ කරන්න.
very 2 copy
 
සියල්ල නිවැරදිව සම්පුර්ණ කර තිබේද යන්න පරීක්ෂා කර බලා Next මත ක්ලික් කරන්න.  පහත රූපයේ 01 අවසුථාව හා එහි රතු රවුම බලන්න. 
payza very 02 copy
මීළගට ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමේ අවස්ථාව උදා වෙනවා. ඒ සදහා ඉහත රූපයේ 02 අවස්ථාවේ සදහන් රතු රවුම තුළ පරිදි වන Validate cradit card යන්න මත ක්ලික් කර ඉදිරියට යන්න. ‍ඊළගට එන වින්ඩෝවේ Validate card යන්න මත ක්ලික් කරන්න. පහත රූපයේ රතු රවුම බලන්න.
payza very 04 copy
එහිදී එන වින්ඩෝවේදී  Validate කිරීම දෙයාකාරයකින් ඔබට සිදුකර ගත හැක.  පහත රූපය බලන්න. එය 01 ක්‍රමය - Validate by charge (නිල් පාටින් ලකුණු කර ඇත)  සහ 02 ක්‍රමය - Validate by  Authorization form  (රතු පාටින් ලකුණූ කර ඇත) යනුවෙන් සදහන් වේ.
payza very 05 copy
ඉතින් යාළුවනේ මම නම් කළේ ඔය 02 ක්‍රමයට තමා. බොරු කියන්න ඕනි නෑ මම කලින් දැනගෙන හිටියේ නෑ 01 ක්‍රමයෙන් කරන හැටි. ඒ  නිසා මට අත්දැකීම් තියෙන 02 ක්‍රමය ගැන ඉස්සෙල්ලාම කියා දෙන්නම්. මෙම කාඩ් එකේ ඔයාගේ නම ගහලා තියෙන්න ඕන. එහෙම නැති ඒවා  ඉලෙක්ට්රෝනික් යූස් ඔන්ලි කියලා තමා කියන්නේ.  මෙම ක්‍රමය සදහා Payza ඔයාගේ නම ගහපු කාඩ් එකක්ම ඉල්ලනවා. ඒ නිසා අලුතින් ගිණුමක් අරිනවා නම් තම අවශ්‍යතාව කියා කාඩ් එකක් ලබාගන්න.
දැන් ඔයාගේ කාඩ් එකේ ඉදිරිපස ඇති අංක 16යෙන් අවසන් අංක 04 හැර අනෙක් ඒවා වසා ස්කෑන් කර ගන්න. (ස්කෑන් කර මකා ගන්න) එහි පිටුපස පැත්ත ස්කෑන් කර සිකුරටි අංකය මකා ගන්න. Authorization form යන්න මත ක්ලික් කර එය ලබාගෙන ප්‍රින්ට් කර එහි අත්සන් තබා එය ස්කෑන් කර ගන්න. දැන් මේ සියල්ල Upload කරන්න. පහත රූපය බලන්න.
payza very 06 copy
සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුළත ඔයාගේ ඊමේල් එකට පණිවිඩයක් ලැබේවි. ඒක කියවලා බලන්න. ඔබ නිවාරදිව තොරතුරු ලබා දුන්නා නම් ඔබගේ ගිණුම සාර්ථකව වෙරිෆයි වී ඇති බව එහි සදහන් වෙලා ඇති. ඒ අනුව ඔබගේ Payza ගිණුමෙහි Unverified කියලා මෙතෙක් තිබුණ එක දැන් verified ලෙස දිස්වේ. එය සිදුවී නැතිනම් ඔබ තොරතුරු ලබා දීමේදී ඇති වූ ගැටළුවක් විය හැකියි. මම සදහන් කළ විදියට කළොත් එහෙම වෙන්නේ නැහැ.
01 ක්‍රමයේදී කාඩ් එකේ නම ගහලා තියෙන්න ඕනි නැහැ. ඒ සදහා මම මුලින් දක්වා ඇති රූපයේ නිල් පැහැ රවුම ක්ලික් කළාම ලැබෙන ෆෝර්ම් එකේ තියෙනවා ඔලේ කාඩ් එකේ සිකුරටි අංකය ඇත්ළත් කරන්න එය CSV/CVV ලෙස සදහන් වෙනවා. ඊ්ට පහලින් ඇති කොටුවේ ඔබේ ඩීසා කාඩ් එකේ පිටිපස්සේ ඇති අංක 03කින් යුත් අංකය ටයිප් කරන්න. මීළගට එහි පහලම ඇති චෙක් බොක්ස් එකේ ටික් එකක් දාලා Next  බටන් එක ක්ලික් කරන්න.මේ අනුව ඔබට පනිවුඩයක් ඔබේ කාඩ් එකෙන් Payza ගිණුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට / මේ වන විටත් අදාල මුදල Payza විසින් ලබාගෙන ඇති බවටත් . එම මුදල කොපමණද යන්න අසාවි.එම මුදල නැවත ඔබේ Payza ගිණුමට එකතුවෙනවා. දැන් ඔබ ඔබේ කාඩ් එකේ සදහන් කාඩ් සෙන්ටර්එකේ Hotline එකට කතා කරලා ඒ මුදල දැනගෙන එය Payza වෙත දනුම් දීමෙන් අනතුරුව ඔබේ Payza ගිණූම සාර්ථක ලෙස වෙරිෆයි වනු ඇත. මීට අමතරව ඔයාලට Payza ගිණූමට බැංකු ගිණුමක් සම්බන්ධ කර ගන්න හැකියාවකුත් තියෙනවා.
දැන් ඔයාල අන්තර්ජාලේ උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවා.ඔය ලංකාවේ බැංකු කාඩ් එකකට අමතරව විදේශීය බැංකු ගිණුවක් හරහා ලබා ගන්නා Pioneer වැනි කාඩ් මගිනුත් ලංකාවේ ATM යන්ත්‍ර මගින් මදල් ලබා ගන්න පුළූවන්. මම ඒවා අත්හදා බලලා නැහැ. මගේ ක්‍රමය තමා ඔයාලයට ඔය කියලා දුන්නේ.  සමහර විට ඉදිරියේදී මෙහි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද මෙයාලා කාලෙන් කාලෙට යම් යම් වෙනස්කිරීම් කරනවා.ඔන්න මම පොරොන්දුව ඉටුකළා.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ.කොමෙන්ට් ඒරියා එක දිස්නොවන්නේ නම් ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම ඒක මතුවේවි. ඔයාලා මේක කරගෙන යද්දි මොකක්හරි ගැටළුවක් මතුවුණොත්දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. කාර්ය බහුල නිදා ටිකක් පමා උනත් දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා. ඔබ කැමතිනම් ඊට උඩින් තියෙන ඇඩ් එකකුත් ක්ලික් කරගෙනම යන්න.

තවත් නැවත  එකක් අරන් හැකි ඉක්මනින් එන පොරොන්දුව පිට අදට නවතිනවා.
එහෙනම් පැමිණි සියලුදෙනාටම ජයෙන් ජය!!!

Sunday, August 18, 2013

Neobux – Neopoint වල වැදගත්කම

ආයුබෝවන් යාළුවනේ, ඉතින් යාළුවනේ මම එක්තරා සයිට් එකක එක්තරා අයෙක් දාපු comment  එකක් දැක්කා “ලංකාවෙ සමහර අය bux ගැන   කියලා කරන්නේ අමූලික බොරුවක්. එහෙම කරන්නේ ඒ අයගේ  referralsලව වැඩිකර ගන්න. Ad click කරනවා කියන්නේ අන්තර්ජාලයේ හිගාකනවා කියන එක”  ආදීවශයෙන් PTC ගැන කියලා තිබ්බා. ඔව් ඒක ඇත්ත, හැබැයි PTC කියන්නේ මේ ක්ෂේත්‍රයේ තියෙන සරලම ක්‍රමය. ඒ වගේම මම කලින් post එකකදී Direct referrals කතන්දරය ගැන පැහැදිලිවම කියලා ඇති. ඒ ගැන දැන ගන්න මෙතනින් යන්න පුළුවන්. ඇත්තටම ලංකාවෙ උනත් අන්තර්ජාලයෙන් මුදල් උපයන හැමකෙනෙක්ම ඒ ගැන කියාදෙන්න ඉදිරිපත්වෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. අපි ඉස්සෙල්ලා පැදුරෙන් පටන් ගන්න එක තමා හොද. මොකද පැදුරෙන් බිමට වැටෙන්නේ නැහැනේ. තුත්තිරිගස් අල්ලගෙන නැගිටින්නේ නැතිව එකපාරටම පලු බුරුත ගස් පෙරලන්න බැහැනේ. ඒ නිසා පළමුව අන්තර්ජාලයේ මුදල් උපයන්න ඇතුල් වෙලා විවිධ ක්‍රම අධ්‍යයනය කරන්න, ඒ මගින් උපයන්න. එම මුදල්ම ආයෝජනය කරලා ආදායම වැඩිකර ගන්න. මම මේ මගේ කාලය වැය කරලා මෙය ලියන්නේ මෙවැනි මගපෙන්වීමට තියෙන සයිට් වල අඩුව පිරිමසා ලන්නයි. අන්තර්ජාල මුදල් ගැන ලියවුණු සයිට් තිබුනත් අලුතින්ම එන කෙනෙකුට එහි යන්න ගියාම කරකවලා අතෑරියා වගේ. විවධ අධ්‍යපන මට්ටම් තියෙන අය ඉන්නවනේ. දුවන්න පනින්න පුළුවන් කෙනෙක් නම් යන්තම් මග පෙන්නුවාම සකලමනාවම දැනගෙන ඉදිරියට යාවි. එත් ඉතින් හැමෝටම එහෙම බැහැනේ. ඒ නිසා මෙතනදි සියල්ල සරලව විස්තරාත්මකව කියලා‍ දෙනවා. තවත් එක්ක තියෙනවා ඔය කියපු කොමෙන්ට් එක දාපු යාළුව අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලංකාවෙ අයට ලෝස් නැතිව සහයෝගය දෙන කෙනෙක්. ඒ නිසා ඒ වෙනුවෙන් එයාට මම ස්තූති වන්ත වෙනවා. ඔයාල කුමන අයුරකින් හරි සාධාරනව අන්තර්ජාලයෙන් මුදල් සොයලා ලංකාවට ගෙනෙන එක මගේ සතුට. 
හරි එහෙනම් අපි දැන් පටන් ගනිමු. Neobux  ගැන කලින් post එකකදි කියලා දුන්නා මතක ඇතිනේ. ඒක කිවේවේ නැත්නම් මෙතනින් යන්න පුළුවන්. දැන් ඔයාලා ඒ මගින් මුදලුත් උපයනවා ඇතිනේ. අද මම කියන්න යන දේ පිළිබදව සමහරු නම් දන්නවා ඇති. ඒත් ඉතින් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න අලුතින්ම එන කෙනෙක් මේ ගැන දන්නේ නෑනේ. ඒ අයගේ දැන ගැනීම සදහා තමයි මෙම post එක දාන්නේ.

Neopoint කියන්නේ මෙනවාද?

ඔයාලට දිනපතා ලැබෙන ad බලනවානේ. ඒ බලන සෑම ad එකකටම ලකුණක් හිමිවෙනවා. අන්න ඒ ලකුණු තමා Neopoint කියන්නේ. මේ ලකුණු දීමේ ක්‍රමය අදාල සයිට් එක කරලා තියෙන්නේ තම සාමාජිකයන් ලවා  සියලුම ad click කරවීමට පෙළඹවීම සදහායි. මීට අමතරව AdPrize, offers වගේ දේ වලිනුත් ඔයාලට Neopoint උපයාගන්න පුළුවන්. ඔයාලගේ Neobux Account එකේ පහලින් ඔබ මෙතෙක් ලබාගත් Neopoint ගණන දැකගත හැකියි.
Neopoint වලින් කළ හැකි දේ
අපි Neobux සයිට් එකෙන් මුදල් උපයද්දි අපේ ආදායම වැඩි කර ගන්න ඉතින් referralsලා rent කරනවානේ. ඉතින් අපි rent කරන ලද referralsලාගේ කාලය දීර්ග කිරීමටත් නියමිත පරිදි click නොකරන referralsලව   Recycle කිරීමටත් Neopoint යොදාගන්න පුළුවන්. ඒ වගේම Neopoint 30000ක් භාවිතා කරලා වර්ෂයක කාලයක් සදහා Gold membership එක ලබා ගැනීම සහNeopoint 500ක් භාවිතා කරලා Direct referral එක් අයකු බැගින් වැඩිකර ගන්න පුළුවන්. . පහළ රූපයෙන් Neopoint ලබාදෙන පහසුකම් දැකගතහැක.

Neopoint  භාවිතයෙන් Rent referrals කාලය දීර්ග කිරීම

ඔබේ ගිණුමට Referral මෙනුවෙහි Rentd යන්න තෝරන්න. පහත රූපයේ රතු රවුම  බලන්න.

දැන් ඔබගේ  rentd referrals ලේඛනයේ කාලය දීර්ග කිරීමට ඇති referral‍ කෙනෙකු හෝ කිහිපදෙනෙකු ඉදිරියේ ඇති කොටුව තුළ ටික් කරන්න. දැන් පහල රූපයේ පියව‍ර 01 බලන්න. එවිට පියව‍ර 02 පරිදි මෙනුවක් දැක ගත හැකි අතර එහි දීර්ග කිරීමටඅවශ්‍ය කාලය අනුව තෝරන්න. එය තෝරාගැනීම දින 30 සිට 240 දක්වා කළ හැකිය. එය තේරූවිට පහලින් නැවත මතුවන මෙනුවේදී Mainbalance යන්න වෙනුවට Neopoint යන්න තෝරන්න. පියව‍ර 03හි 01 බලන්න. click hear to confirm කියන තැන click කරන්න. පියව‍ර 03හි 02 බලන්න. දැන් ඔහුගේ කාලය දීර්ග වී ඇතිබව දැක ගත හැක. පියව‍ර 04බලන්න.



මේ අයුරින්ම Recycle කිරීමද කර ගත හැකියි. ඒ ඒ කටයුත්ත සදහා ඔබ විසින් වැයකළ යුතු Neopoint ගණන අවශ්‍යතාව අනුව එතනදීම ඔබට දැකගත හැකිය. මෙම සයිට් එකෙහි තැඹ්ලිපාට ad click කිරීම referral‍ මගින් උපයන  මුදල් ලැබීම සදහා ප්‍රමාණවත් උනත් සියලුම ad click කර ලබාගතහැකි සියලුම Neopoint  ටික ලබා ගතහොත් එයින් සයිට් එකේ referrals කළමනාකරණයට අදාල ඔබගේ වියම් සිදුකිරීම කර ආදායම වැඩිකරගතහැකි බැවින් දිනපතා ලැ‍බෙන ad සියල්ලම click  කරන එක වැදගත් බව මතක තබා ගන්න. ඔය  referrals කළමනාකරණය සම්බන්ධයෙන් මම probux යටතේ post එකක් දාලා තියෙනවානේ. මේකත් ඒ අයුරින් කර ගන්න පුළුවන්. ඒක කියවන්න මෙතනින් යන්න පුළුවන්.  

ඔයාලා Neobux මගින් උපයන්න අදහස් කරනවා නම් එහි Register වෙන්න මෙතනින් යන්න පුළුවන්. එහි Register වෙන ආකාරය හා වැඩකරන ආකාරය ගැන දැන ගන්න මෙතනින් යන්න පුළුවන්. නැතිනම් Neobux නමින් search කරලා යන්න. නැවතත් post එකක් අරගෙන එන්නම්. 

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.

එහෙනම් යාළුවනේ පැමිණි සියලුදෙනාටම ජයෙන් ජය!!!

Wednesday, August 7, 2013

the-bux මගින් උපයමු


ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉතින් යාලුවනේ මම අදත් ඔයාලට පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි අරන් ආවේ. මේකත් ඉතින් PTC bux සයිට් එකක් තමයි. ඔයාලට වෙලාවකට හිතන්න පුළුවන් bux ම ගේන්නේ ඇයි කියල. ඒකට හේතුව තමයි සමහර සයිට් වල මාස ගානක් ඇඩ් බැලුවත් ලැබෙන්නෙ සුළු මුදලක්. මම කලින් probux පිළිබදව කියල දෙනකොටම සදහන් කළා මතක ඇති bux සයිට්වලින්   දෙන Rent  Referralsලා යොදාගෙන අපට සෑහෙන මුදලක් ‍උපයාගත හැකි ආකාරය. එම ලිපි 04 කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න. අපි ඉතින් මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පටන් ගනිද්දි අපි කරන්නේ ඒ ඒ සයිට්එකෙන්ම ලැබෙන මුදල් යොදවලා තව තව මුදල් උපයන එකනේ. එහෙව් එකේ ඔය සමහර bux සයිට් වලින් උනත් මුදල් උපයන්න ගියාම Referral කෙනෙක් දෙන්නේ ලොකු කාලයකට. ඒ හේතුව නිසා ඒ සදහා ලොකු මුදලක් වැය කරන්න ඕන. ඒ සයිට් එකෙන්ම ඒ මුදල සොයා ගන්න සෑහෙන කාලයක් යනවා. නැත්නම් අපේ ගිණුමකින් යෙදෙව්වත් සෑහෙන කාලයක් ඒ මුදල යට කරලා තියන්න වෙනවා. ඒ වගේ සයිට් කිහිපයක් තමයි ඔත්තුව1හි සදහන් කරලා තියෙන්නේ.
මීට ඉහතදී සදහන් කළ probux සහ Neobux කියන සයිට් දෙකේම මුලිනුම Referrals 03 පැක් එකක් ගන්න ඕන, ඒ සදහා ඩොලර් 0.6ක් ඕනනේ. හැබැයි ඒවා මේ වන විට අන්තර්ජාලය තුළ විශ්වාසය දිනාගෙන තියෙන සයිට්. අද මම ගෙනාපු the-bux  කියන සයිට් එකත් ආසන්න කාලයේ ආරම්භ කරන ලද සයිට් එකක්. මෙහි දැනට සාමාජිකයන් 120075 ක් ඉන්න බවට  සදහන් වෙනවා.. දැනට මෙහි මුදල් ගෙවන බවට සාධක ලැබුණ. ඒ සාධක තියෙන සයිට් එක මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්. ඔයාලත් මේ ගැන තව සොයලා බලන්න.   

දැන් මේ සයිට් දැන් මේ සයිට්එක සම්පූර්ණයෙන්ම  Scam එකක් නිසා වැඩ කරන්න එපා. ලියාපදිංචිවීමේ ක්‍රමය පමණක් බලන්න. දැනට තියෙන හොදම paying සයිට් ටික සහ Scam සයිට් ටික බලන්න මෙතනින් යන්න. එහෙම සොයලා බලලා වැඩ කරන්න. 2014/08/24

 මේ ගැන මම තව ටිකක් සොයලා බලලා තමයි මේ post  එක දැම්මේ. මේ ගැන ලියන්න මත්තෙන් මමත් මේකේ 2013-07-31 දින  රෙජිස්ටර්වුනා. ඒ ගැන සොයලා බලන්න. මෙහිදී අපට එක Referral කෙනෙක්   මාසෙක කාලෙකට   Rent  කරන්න පුළුවන්. ඒ එක් අයෙකුගේ වටිනාකම ඩොලර් 0.15. ඒ කියන්නේ probux වලටත් වඩා අඩු ගානක්. ඉතින් 2013-08-03 දින වන විට මට මේ සයිට් ‍එකෙන්ම අදාල මුදල සොයගන්න ලැබුනා. ඉතින් ඒ මුදල යොදවලා මම එදිනම එක Referral කෙනෙක් ගත්තා. තවත් කල් මේ ගැන ‍සොයමින් බලා නොයිද මම මේ පෝස්ට් එක දැම්මේ, ඒ කාලෙ මම නාස්තිකළොත් ඔයාලට මේ ගැන දැනගන මුදල් උපයන්න තියෙන කාලය තවත් ඉිදිරියට යන නිසයි. අපි එහෙනම් පටන් ගනිමු.


the-bux  වල ලියාපදිංචිවෙමු

මෙතනින් ගිහින් the-bux   සයිට් එක ලබාගන්න. දැන් ඔය පහලරූපය වගේ හරි කොල්ලෙක් ඉන්න වින්ඩෝවක් ලැබේවි.

01 copy

දැන් එහි Register කියන ලින්ක් එක උඩ click කරන්න. රතු රවුම බලන්න. දැන් පහල රූපය වගේ Form එකක් ලැබේවි. එහි මම විස්තර කරලතියෙන විදියට සම්පූර්ණ කරන්න. ඉංග්‍රීසි කැපිටල් අකුරු ටික ඒ විදියටම පහල කොටුවේ ටයිප් කර අවසානෙට Register කියන කියන එක click කරන්න. 

02 copy

ඊ මේල් පණිවිඩය

දැන් පහල රූපයේ අංක 01 පරිදි පණිවිඩයක් දිස්වේ එවිට the-bux  සයිට් එක ඔයා දීපු මේල් ඇඩ්‍රස් එකට verification link එකක් එවලා ඇති.  ඊලග පියවර විදියට ඔයා දීපු mail එකට login වෙලා the-bux  එවා ඇති මේල් එක (පහල රූපයේ අංක 02 බලන්න) විවෘත කර එහි ඇති the-bux මේල් එක විවෘත කළාම තියෙන verification link එක මත click කරන්න. (පහල රූපයේ අංක 03 බලන්න)

03 copy

ලොගින්වීම

Activation ID සහ Username sed කිරීමට ලැ‍බෙන box එකේ sed මත  click කරන්න(පහල රූපයේ අංක 01 හි රතු රවුම බලන්න) . දැන් ඔයාගේ ලියාපදිංචිය හමාරයි. දැන් ඔබව නව සාමාජිකයක් ලෙස පිළිගනී (පහල රූපයේ අංක 02 බලන්න). ඊළගට  ඔබ නැවත the-bux  සයිට් එකට පැමිණෙන අතර එහි ඇති login click කළාම ලැබෙන box එකේ නියමිත තැන ඔයා දීපු username සහ password දීලා පහලම ඇති ඉංග්‍රීසි කැපිටල් අකුරු ටික නිවැරදිව හදුනාගෙන ඊට ඉහලින් ඇති කොටුවේ ටයිප් කර පහලින් ඇති login මත  click කරන්න.(පහල රූපයේ අංක 03 බලන්න)

04 copy

the-bux  වල වැඩ කරන අයුරු

දැන් ඔබගේ ගිණුමට ඇතුල් වන අතර එහි වම් පැත්තේ තියෙන view ads කියන link එක මත click කරන්න (පහල රූපයේ අංක 01 බලන්න) . දැන් ඔයාලට  එදා ලැබිලා තියෙන ads ටික දැක ගත හැකි අතර (පහල රූපයේ අංක 02 බලන්න) ඒ එක් ad එකක කොළපැහැති සිරසෙහි අකුරු මත click කරන්න. දැන් ඔබගේ ad එක ලෝඩ් වන අතර waiting කියන විධානය ඉහල වම් කෙළවරේ දැකගත හැකි (පහල රූපයේ අංක 03 බලන්න)  අතර ලෝඩ් වී අවසන් වූ පසු එතනම කොළපාට තීරුවක් පිරේවි (පහල රූපයේ අංක 04 බලන්න) . එය පිරී අවසන් වූ විට රූප 6 ක පේලියක් එතනම දිස් වන අතර එයින් හිස පහලට ඇති රූපය මත කරන්න (පහල රූපයේ අංක 05 බලන්න) . දැන් හරි ලකුණකුත් එක්ක Thanking Massage එකක් දිස්වේවි (පහල රූපයේ අංක 06 බලන්න) . දැන් එම අතුරු වින්ඩෝව close කර නැවත ඉතිරි ඇඩ් ටික බලන්න.

05 copy

මේකෙදිත් probux වල වගේම මුලදි ටිකක් මන්දගාමීව ආදායම ඉහල ගියත්  Rent  Referral ගණන වැඩිවෙනකොට ආදායම බලා ඉදිද්දි ඉහල යාවි. මම මුලින් කිව්වා වගේ මේකේ Referral  එක් අයකු බැගින් Rent කර ගැනීමේ පහසුකම දීලා තියෙන නිසා ඉතා ඉක්මනින් එ කියන්නේ දින 04දී පමණ Referral කෙනෙකු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. Referralලා Rent කර ගැනීමේ ක්‍රමය probux වල ක්‍රමයට සමානයි. කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා දැනගෙන එන්න.
ඉතින් මෙහි අනෙක් සියල්ල බොහෝදුරට probux සයිට් එකේ රැකියාව කරන විදියට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම Referral කළමනාකරණය ඒ අයුරින සිදුකරගෙන යන්න. මේ වැඩේ පටන් ගත්තාම ඔයාලට තියෙන කාලයත් එක්ක මේ සයිට් එකෙනුත් මුදල් උපයන්න තවත් සල ක්‍රම රාශියක් තියෙනවා. මම ඒ ගැන මෙහිදී සදහන් නොකළත් මේ‍කෙ වැඩ පටන් අරන් කරගෙන යනකොට ඔයාලට ඒ ගැන තේරුම් ගැනීමේ හැකියාවක් ලැබේවි.තවමත් the-bux වල Register උනේ නැත්නම් මෙතනින් ගිහින් වැඩ පටන් ගන්න.  . එහෙනම් යාලුවනේ මම නවතිනවා. නැවතත් පෝස්ට් එකක් අරන් හැකි ඉක්මනින් එන්නම්. 

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.

පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

2013.11.18
මෙම සයිට් එකේ මුදල් ගැනීමට සීමාවක් පනවා තිබීම හේතුවෙන් ඉල්ලමු කරන සියලු දෙනාටම මුදල් ලබා ගැනීමට නොහැකි යවනු ඇත. ඒ අයට නැවත ඊලග දිනයේ ඉල්ලුම් කිරීමට සිදුවන් ඇත. මේ හේතුව නිසා මෙම සයිට් එක 2013.11.17 දින සිට Scam සයිට් එකක් බවට අනුතර්ජාලයේ සදහන් වෙනවා.

Saturday, July 27, 2013

Neobux මගින් උපයමු


ආයුබෝවන් යාළුවනේ,  මම කිව්ව විදියටම Neobux භාවිතයෙන් මුදල් උපයන අයුරු කියා දෙන්න post එකක් අරන් ආවා. හැබැයි ඉතින් ආයෙ එන්න නම් සතියක් ගියා තමයි. දන්නවනේ මම කාර්ය බහුල කෙනෙක් විත්තිය. ඔයාලා වෙනුවෙන් මේ සයිට් එක ලියන්න ගත්තේ කාර්ය බහුල ජිවිතේ වෙනසකටත් එක්කනේ. 
එහෙනම් අපි පටන් ගනිමු.අපි අන්තර්ජාලයෙන් PTC භාවිතයෙන් මුදල් උපය විටදී අපට මුලින්ම විශාල මුදලක් ලැබෙන්නේ නැහානේ. මුලදී අපේ Account balance එක ඉහල යන්නේ ඉතා හෙමිහිට. ඒත් ටිකක්කල් යන විටදී එය ඉතා සීඝ්‍ර වැඩිවීමක් පෙන්නනවා, අපේ කළමණාකරණය හරහා. ඒත් ඉතින් එහෙම කරන්න අපට ඉතා පහසුම PTC සයිට් තමා මේ Rented Referral ගන්න ලුළුවන් සයිට්. මේ තත්වය බොහෝවිට තියෙන්නේ bux කියන PTC සයිට්වලයි. ඉතින් මම ඔබට අන්තර්ජාලයට මුදල් උපයන සරල ක්‍රම කියාදීම ආරම්භ කරන විටදීම probux  කියන PTC සයිට් එක ගැන කියලා දුන්නනේ. එම post කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් එම post  03 කියවලා එන්න.
මේ Neobux කියන PTC එක ඉතා ජනප්‍රිය එකක්. ඒ වගේම probux වල දෙන පහසුකම් සියල්ලම මෙහිත් ලබාදෙනවා   මෙය බොහෝ කාලයක් අන්තර්ජාලය තුළ රැදී සිටිමින්, නියමිත පරිදි අඛණ්ඩව තම සාමාජිකන්ට මුදල් ගෙවමින් පවතින බවට සාක්ෂි තියෙන නිසා මෙම සයිට් එක විස්වාසනීය එකක් ලෙස හදුන්වන්න පුළුවන්. හැබැයි මෙහි ඉපයීම probux සයිට් එකට සාපේක්ෂව සෙමින් තමා වැඩිවෙන්නෙ. කොහොම උනත් මේ සයිට් එකෙන් අපේ ඉවසීම හා කැපවීම මත වැඩි මුදලක් උපයා ගන්න පුළුවන්.
එහෙම නම් අපි බලමු මෙහි ලියාපදිංචි වන ආකාරය. මෙතනින් ගිහින් Neobux සයිට් එක Open කර ගන්න. පහළ රූපය බලන්න.

1

දැන් එහි රතුරවුමෙන් පෙන්නල තියෙන තැන් දෙකෙන් කොතනක හෝ තියෙන  Register කියන තැන Click කරන්න. එවිට පහත ආකාරයේ පෝර්ම් එකක් ලැබේ එම රූපයේ විස්තර කර ඇති පරිදි එම පියවර සම්පූර්ණ කරන්න. අවසානයේදී Continue කියන button එක Click කරන්න.

2

දැන් ඔබ ලබාදුන් email address එකට verification link එකක් යවනු ලබනයි. දැන් ඔබ එම email එකට login වන්න. දැන් ඒ ලැබුණු mail එක open කරන්න. දැන් එහි ඇති නිල්පාට ලින්ක් එක ක්ලික් කරන්න. එවිට පහලරූපයේ පරිදි ලැබෙන ඩින්ඩෝව හරහා Neobux සයිට් එ‍කේ ඔබේ ගිණුමට ඇතුල් වන්න. පහත රූපයේ අංක අනුපිළිවෙළට කටයුතු කරන්න.

04

දැන් ඔබගේ Neobux ගිණුමට ඇතුල් වන අතර ඔබගේ තොරතුරු එහි දැකගතහැක.

5 probux ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන වන නිසා වැඩිදුරට විස්තර කරමින් මෙය දීර්ග කිරීමට අපේක්ෂා නොකරමි . තාමත් ‍නොකියවූවා නම් ‍‍ඒ පිළිබදව ලියා ඇති Post  කියවන්න මෙතනින් යන්න.නමුත් මෙහි ads බලද්දි නම් ටිකක් වෙනස්. මෙහිදී ad එක උඩ click කළාම රතු පාට තිතක් මතුවෙනවා. පහත රූපයේ අවස්තාව 01 හා 02 බලන්න. නැවත එම තිත මත click කළාම ad එක පෙන්නනවා. ad එක පෙන්නන කාලය තුළ ඩින්ඩෝ එක පහලින් කහපාට තීරුවක් වමේ සිට දකුණට පිරෙනවා දැකගත හැක. පහත රූපයේ අවස්තාව 03 බලන්න. එය පිරී අවසන් වූ විට ඔබගේ ගිණුමට මුදල් බැර වූ බව සදහන් පණිවිඩයක් සමග තැඔිලිපාට Close button එකක් මතුවෙනවා. පහත රූපයේ අවස්තාව 04 බලන්න.  දැන් එය මත ක්ලික් කර, එය Close කර නැවත අලුත් ad එකක් බලන්න. අනෙක් සියල්ල probux වලට සමාන වේ. (මෙහිත් තැඹිලි පාට ads බැලීම අනිවාර්යයි)

6

එහෙනම් යාළුවනේ මම අදට මෙතනින් නවතිනවා. ගැටළුවක් මතුවුනොත් comment එකක් දාන්න. තවත් Post එකකින් ඉක්මනින්ම හමු වෙමු.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.

පැමිණි සියලු දෙනාටම ජයෙන් ජය!!!






Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc