Saturday, July 27, 2013

Neobux මගින් උපයමු


ආයුබෝවන් යාළුවනේ,  මම කිව්ව විදියටම Neobux භාවිතයෙන් මුදල් උපයන අයුරු කියා දෙන්න post එකක් අරන් ආවා. හැබැයි ඉතින් ආයෙ එන්න නම් සතියක් ගියා තමයි. දන්නවනේ මම කාර්ය බහුල කෙනෙක් විත්තිය. ඔයාලා වෙනුවෙන් මේ සයිට් එක ලියන්න ගත්තේ කාර්ය බහුල ජිවිතේ වෙනසකටත් එක්කනේ. 
එහෙනම් අපි පටන් ගනිමු.අපි අන්තර්ජාලයෙන් PTC භාවිතයෙන් මුදල් උපය විටදී අපට මුලින්ම විශාල මුදලක් ලැබෙන්නේ නැහානේ. මුලදී අපේ Account balance එක ඉහල යන්නේ ඉතා හෙමිහිට. ඒත් ටිකක්කල් යන විටදී එය ඉතා සීඝ්‍ර වැඩිවීමක් පෙන්නනවා, අපේ කළමණාකරණය හරහා. ඒත් ඉතින් එහෙම කරන්න අපට ඉතා පහසුම PTC සයිට් තමා මේ Rented Referral ගන්න ලුළුවන් සයිට්. මේ තත්වය බොහෝවිට තියෙන්නේ bux කියන PTC සයිට්වලයි. ඉතින් මම ඔබට අන්තර්ජාලයට මුදල් උපයන සරල ක්‍රම කියාදීම ආරම්භ කරන විටදීම probux  කියන PTC සයිට් එක ගැන කියලා දුන්නනේ. එම post කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් එම post  03 කියවලා එන්න.
මේ Neobux කියන PTC එක ඉතා ජනප්‍රිය එකක්. ඒ වගේම probux වල දෙන පහසුකම් සියල්ලම මෙහිත් ලබාදෙනවා   මෙය බොහෝ කාලයක් අන්තර්ජාලය තුළ රැදී සිටිමින්, නියමිත පරිදි අඛණ්ඩව තම සාමාජිකන්ට මුදල් ගෙවමින් පවතින බවට සාක්ෂි තියෙන නිසා මෙම සයිට් එක විස්වාසනීය එකක් ලෙස හදුන්වන්න පුළුවන්. හැබැයි මෙහි ඉපයීම probux සයිට් එකට සාපේක්ෂව සෙමින් තමා වැඩිවෙන්නෙ. කොහොම උනත් මේ සයිට් එකෙන් අපේ ඉවසීම හා කැපවීම මත වැඩි මුදලක් උපයා ගන්න පුළුවන්.
එහෙම නම් අපි බලමු මෙහි ලියාපදිංචි වන ආකාරය. මෙතනින් ගිහින් Neobux සයිට් එක Open කර ගන්න. පහළ රූපය බලන්න.

1

දැන් එහි රතුරවුමෙන් පෙන්නල තියෙන තැන් දෙකෙන් කොතනක හෝ තියෙන  Register කියන තැන Click කරන්න. එවිට පහත ආකාරයේ පෝර්ම් එකක් ලැබේ එම රූපයේ විස්තර කර ඇති පරිදි එම පියවර සම්පූර්ණ කරන්න. අවසානයේදී Continue කියන button එක Click කරන්න.

2

දැන් ඔබ ලබාදුන් email address එකට verification link එකක් යවනු ලබනයි. දැන් ඔබ එම email එකට login වන්න. දැන් ඒ ලැබුණු mail එක open කරන්න. දැන් එහි ඇති නිල්පාට ලින්ක් එක ක්ලික් කරන්න. එවිට පහලරූපයේ පරිදි ලැබෙන ඩින්ඩෝව හරහා Neobux සයිට් එ‍කේ ඔබේ ගිණුමට ඇතුල් වන්න. පහත රූපයේ අංක අනුපිළිවෙළට කටයුතු කරන්න.

04

දැන් ඔබගේ Neobux ගිණුමට ඇතුල් වන අතර ඔබගේ තොරතුරු එහි දැකගතහැක.

5 probux ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන වන නිසා වැඩිදුරට විස්තර කරමින් මෙය දීර්ග කිරීමට අපේක්ෂා නොකරමි . තාමත් ‍නොකියවූවා නම් ‍‍ඒ පිළිබදව ලියා ඇති Post  කියවන්න මෙතනින් යන්න.නමුත් මෙහි ads බලද්දි නම් ටිකක් වෙනස්. මෙහිදී ad එක උඩ click කළාම රතු පාට තිතක් මතුවෙනවා. පහත රූපයේ අවස්තාව 01 හා 02 බලන්න. නැවත එම තිත මත click කළාම ad එක පෙන්නනවා. ad එක පෙන්නන කාලය තුළ ඩින්ඩෝ එක පහලින් කහපාට තීරුවක් වමේ සිට දකුණට පිරෙනවා දැකගත හැක. පහත රූපයේ අවස්තාව 03 බලන්න. එය පිරී අවසන් වූ විට ඔබගේ ගිණුමට මුදල් බැර වූ බව සදහන් පණිවිඩයක් සමග තැඔිලිපාට Close button එකක් මතුවෙනවා. පහත රූපයේ අවස්තාව 04 බලන්න.  දැන් එය මත ක්ලික් කර, එය Close කර නැවත අලුත් ad එකක් බලන්න. අනෙක් සියල්ල probux වලට සමාන වේ. (මෙහිත් තැඹිලි පාට ads බැලීම අනිවාර්යයි)

6

එහෙනම් යාළුවනේ මම අදට මෙතනින් නවතිනවා. ගැටළුවක් මතුවුනොත් comment එකක් දාන්න. තවත් Post එකකින් ඉක්මනින්ම හමු වෙමු.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.

පැමිණි සියලු දෙනාටම ජයෙන් ජය!!!






Friday, July 19, 2013

අන්තර්ජාලයෙන් පහසු‍වෙන් මුදල් උපයමු - 4 (PROBUX වල Referralsලා manage කරන්නේ මෙහෙමයි)


PROBUX වලින් රු.20000.00 ඉලක්කයට යන්න Referralsලා manage කරන්නේ මෙහෙමයි

ආයුබෝවන් යාළුවනේ,  මේ post එකත් දාන්න ටිකක් පරක්කුවුනා, මොකද මම මේක ටික ටික හදල තමයි දැම්මේ. ඒ අතරෙදි මෙය අද publish කරන්න හිටි‍යත් වැරදීමකින් ඊයෙ එය සිදුවුනා. ඒ නිසා අද වෙනකම් මෙය Hide කර තබන්න වුනා. මෙහි පින්තූර බැලීමට අපහසු නම් එය උඩ ක්ලික් කරන්න.


Probux වලින් රු.20,000.00ක් මාසයකට උපයන්න පුළුවන් බව, මෙම මාතෘකාව යටතේ ලියන ලද post - 2 දී සිහිපත් කරල ඇති. කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් මේ ගැන ලියන ලද post 2ම කියවලා එන්න. මේ ඉලක්කයට යන්න ඉස්සෙල්ලාම ඔයාල Probux වල Register වෙලා ඉන්න ඕන. තාමත් Register වෙලා නැත්නම් මෙතනින් යන්න. මෙහි Register වෙන ආකාරය ගැන දැන ගන්න post - 2  බලන්න. එහෙනම් අපි වැඩ පටන් ගනිමු.

Probux අපට මේ ඉලක්කය කරා යන්න අවශ්‍ය උපාංග ටික දීල තියෙනවා.
ඔයාලා දිනපතා Ads click කරනවා වගේම, ඔයාලගේ Rnt Referrals දිනපතා Ads click කරන එකත් ඉතා වැදගත්. නමුත් Referrals ලා ගත්තාම විවිධ තරාතිරමේ අය ඉන්නවා. සමහරු දැක්ක නිසා Register වෙලා ඉන්නවා. තවත් සමහරු මේ ගැන නොදන්න කමට වැඩේ අතෑරලා දානවා. තවත් සමහරු මතක්වුන දවසට ඇවිත් click කරනවා. ඉතින් අපි මුදල් වැය කරල ගත්තු අයගෙන් අපට කොමිස් ලැ‍බෙන්නේ අපි Rent කරපු Referral කෙනා click කළොත් විතරයිනේ, ඒ නිසා දවස් ගානක් click නොකරන අය අපට සෙට් උනොත් උපයන මුදල අඩු වෙනවා. ඒ නිසා දවස් හතරකට වඩා click නොකරන ලද Referrals කෙනෙක් ඉන්නවා නම් එයාගේ AVG එක 1.5ට වඩා අඩු නම් Recycle කළ යුතුයි. මේ සදහා ඩොලර් 0.007ක් අයකරනවා. ඒ උනාට මේක ලාබ දායකයි. දැන් ඔයාලා Rent කරපු Referral පිළිබදව බලා ගන්න My Account  වලට ගියාම තියෙන Rented Referrals කියන Option එක click කරන්න.පහළ රූපයේ රතු රවුම බලන්න.

ඔය පහළ රූපයේ දාල තියෙන්නේ Referrals ලා Rent කරන ආකාරය පැහැදිලි කරන්න කලින් post එකේදි මම ඔයාලා වෙනුවෙන්  Rent කළ Referralsලා 03 දෙනා. මෙම post එක Draft කරද්දි ඒ අයගේ කාලය දින 03 උනත්, මේ පිළිබදව ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා ඔය කාලය තුළ click  නොකරපු Referral කෙනාව recycle කරන්න තෝර ගත්තා. පහළ රූපේ නිල් කොටුව බලන්න. ඒ වගේම තමයි ඔයාල referral ලා 1000 අරන් Manage කරද්දි ඒ අතර AVG 1.0 ට අඩුනම් දින හතරකට වඩා අඩු referrals උවද recycle කරල සමස්ත referralsලාගේ AVG 1.5ට පවත්වා ගත යුතුයි.

මෙම සයිට් එකේ  Referrals සම්බන්ධ කටයුතු මුදල් වැය කරනවිට Ad Funded කරන්න පහසු ක්‍රමයක් තියෙනවා ඒක මට කළින් කියා දෙන්න බැරි උනත් මේක ඒකටත් අවස්ථාව කර ගන්නවා. ඔයාලා Rented Referrals කියන Option එකට ගියාම ඉහල රූපයේ රතුරවුම ඇතුලේ තියෙන Auto pay කියනOption එක Disabled කියලා තියෙන්නේ.ඔය කොළ රවුමෙ වගේ. එහි තියෙන Enabled කියන Option එක උඩ Click  කරල ඒක Active කර ගත්තාම, අපි වෙනම Ad Funded කරන්න යන්න ඕන නෑ. එය අපේ ඉල්ලීමට අනුව ඉබේම සිදුවෙනවා.
දැන් ඒ Referral ගේ ඉදිරියෙන් තියෙන කොටුව ඇතුලේ  Click  කරල ටික් කරන්න. එවිට පහළ රූපයේ වගේ Dialog box එකක් Referral list එකට යටින් මතු වේවි. එතනදි අහන්නේ මේ තොරපු කෙනාට කළයුතු දේ කුමක්ද කියලා. 

ඔය මම පළමුනවන්ම තියෙන Option එකතෝරල තියෙන්නේ, මෙයාව recycle කරන්න ඕන නිසා. 
ඒ වගේම එතනම පහල තියෙන්නේ Referralගේ කාලය තව ඉස්සරහට දීර්ඝ කර ගැනීමේ Option ටික. ඔය Auto pay active කිරීම මගින් Discount ලබාගන්න අවස්ථාවක් ලැබෙනවා. එය සියයට10 සිට 30දක්වා ලබාගන්න පුළුවන්. ඒ වගේම හොදට  Click කරන Referralලා හදුනා ගත්තාම ඒ අය අතාරින්නේ නැතිව තියා ගන්නත් මෙම Auto pay active කිරීම වැදගත් වෙනවා. දැන් recycle  උඩ Click කළාම පහත රූපයේ දැක්වෙන පරිදි Dialog box එක්ක ලැපබ්වි. එහි Click here to confirm කියන තැන  Click කරන්න.රතු රවුම බලන්න.


එය සාර්ථකව කළ බවට පහත රූපයේ පරිදි පණිවුඩයක් දිස්වේවි. නිල් කොටුව බලන්න. දැන් ඔයා recycle කළ Referral ඔය රතු කොටුව ඇතුලේ තියෙනවා වගේ දැක ගන්න පුළුවන්.

මම කලින් කීව්ව Discount (වට්ටම) ලබා ගැනීමට next payment සඳහා දින දහයක් හෝ අඩු කාලයක් ඇති referrals සඳහා දින 30ක්60ක්,90ක්,150ක්,240ක් සඳහා දීර්ඝ කර ගතහැකියි. ඒ උනත් ඔයාල මුලින් උපයන මුදත් ප්‍රමාණය අඩු නිසා දින 30කට තමා කරන්න වෙන්නේ. ඒ කියන්නේ මුල්ම referrals 100 ලබාගන්නා තෙක්.  එහිදී  Discount  (වට්ටම) ලැනබන්නේ නැති උනත් මම දකින විදියට අලුත්කෙනෙකුට referralsලා වෙනුවෙන් මාස 2කට මුදල් යට කරලා තියන්වාට වඩා වැදගත්වෙන්නේ තව තවත් අලුතින් referralsලාව ගන්න එක. එම වට්ටම දින 60ක් සඳහා දීර්ග කිරීමේදී 10% සිට ඊට වැඩි කාල සදහා 30% ක උපරිමය දක්වා උනත් ලබා ගන්න පුළුවන්. කොහොම වුනත් ඔයාල මුලින්ම වැඩි වැඩියෙන් eferralsලාව rent කරගන ඉන්න.

අපි මේ ක්‍රම භාවිතා කරමින් අපට ලැබෙන මුදල් උපරිම විදියට කළමණාකරනය කරමින් referral 15 දක්වා 03 පැක් ගන්නවා. මොකද අපේ මෙම කළමනාකරණ කටයුතුත් එක්ක මේ කාලය තුළ ඊට ඩඩා ලොකු පැක් ගන්න අපහසුයි. ඒකත් ඔයාලගේ account එකේ තියෙන මුදල් අනුව ඔයාල තීරණය කරන්න. මම මේ කරන්නේ ඔයාලට මගපෙන්වීමක්. ඊට පස්සේ ඩොලර් 02ක් දීල 10 පැක් එකක් ගන්නවා. දැන් ඔයාලගේ ආදායම ටිකක් ඉහල යනවා. ඊළගටත් අපි 10පැක් එකක් ගන්නවා. ඔය විදියට ඔයාලට ඒ ඒ සතිය අවසන් ‍වෙනකොට තියෙන මුදල් යොදාගෙන මුල්  referral 100 හදාගන්න. ඔය  referral 100දෙනා ගන්න අතරෙදි ඒඒ පැක් Rent කළ දවස අනුව ඒ ඒ referral කාලය අවසන් වීමට පෙර ඒ අයගේ කාලය දීර්ග කර ගන්න. (ඒ සදහා recycle ගැන ඉහතදී විස්තර කළ පියවර අනුගමනය කළ විට මතුවන Dialog box  එකේ I want to pay......... තෝරන්න)

දැන් ඔය referral 100 ගෙන් උපයන මුදල් යොදාගෙන තව 100ක් ගන්න පුළුවන්. දැන් ඔයාලට නොමිළේ දුන්න සාමාජිකත්වය අනුව ගතහැකි උපරිම referral ප්‍රමාණය අරන් අවසන්. දැන් ඔය 200 දෙනාව ඉහත් කියුව විදියට හොදින් Manage  කරල ඩොලර් 80ක් එකතුකරගෙන GOLD MEMBERSHIP එක ගන්න. My Account වල තියෙන් Upgrade Option එකට ගිහින් ඒක කර ගන්න පුළුවන්. පහල රූපයේ රතු කොටුව බලන්න.
 එහිදී එක  referral  click එකකට ලැබෙන මුදල ඇතුළත්ව ලැබෙන අනෙකුත් වරප්‍රසාද මොනවද කියලා, දැනගන්න පහල දාල තියෙන රූප දෙනකන් බලාගන්න.



අපිට මෙතෙක් ලැබුනේ referral  click එකකට ඩොලර් 0.005 දැන් එය 0.01ක් වෙනවා. ඒ වගේම අපිට මෙම සාමාජිකත්වය හරහා referral 2000 දක්වා උනත් Rent කරන්න පුළුවන්ඉතින් දැන් ඉක්මනින්ම තම ආදායම වැඩිවෙන බව ඔයාලට පෙනේවි. ඔය විදියට ඒ ඒ සතියෙදි ලැබෙන ආදායම අනුව දැනට උපයල දෙන referral ලව Manage  කරන ගමන් අලුතින් referral ලව Rent කරමින් තම සමස්ථ  referral  සංඛ්‍යාව 1000 දක්වා වැඩිකර ගන්න.

ඔන්න ඔය ආකාරයට  ඔයාල Referralලා  Manage කරමින් තමා වෙනුවෙන් උපයන Referralලා  1000 හදා ගත්තා වගේම ඉදිරියටත් දිනපතාම කමුමැලි නැතිව Referrals 1000  Manage කළාම මම කීවට රුපියල් 20000ක් උපයන්න ලුළුවන් කියල, ඊට වඩා ඉහල ආදායමක් ලබන්න පුළුවන්. මතක තියාගතයුතු දෙයක් තියෙන්වා, ඔයාල මේ කාර්යය කරද්දි අනිවාර්යයෙන්ම recycle  කළයුතු අය දිනපතාම පරීක්ෂාකරල ඒ අයව recycle  කරල ඒ ඒ Referral ගේ සමස්ථ AVG අගය 1.5ට වැඩියෙන් පවත්වා ගන්න උත්සාහ කරන්න.

මෙම referral ප්‍රමාණය හරහා මාසයක් තුල ලැබෙන ආදයම 
දල ගණනය කිරීම පහත පරිදි වේ.
දිනකට ලැබෙන මුළු click ප්‍රමාණය                =1000 X 1.5
                                                                      = 1500
ඒ අනුව දිනකට ලැබෙන ආදයම                      = 1500 X  0.01
                                                                       = 15 $
මසකට ලැබෙන අදායම                                   = 15 $ X  30 
                                                                        = 450 $
referral 1000ක් Rent සදහා වැයවන මුදල      = 0.2 X  1000 
                                                                        = 200 $ 
මාසික ගෙවීමෙන් පසු ඉතිරි මුදල                    = 250 $

දිනකට referral සියයට 4ක් recycle කිරීමට සිදුවූව හොත් දාහට 40කි. ඒ අනුව
ඒ සඳහා දිනකට වැයවන මුදල                        = 0.07 X  40
                      = 2.8 $
ඒ සඳහා මසකට  වැයවන මුදල                       = 2.8 X  30
                       = 84 $

ඉතිරිය                                                           =250 - 84     
                                                                     =166$
දැන මේ ඩොලර් 166 රුපියල් කරමු.
අද දින ඩොලර් 1                                           = රු,129.95
ඒ  අනුව මාසික ආදායම    රුපියල්                = රු.166 X 129.95
                                                                      = රු. 21571.70
ඔය දැක්වූවේ ඔබගේ සමස්ථ Referral ගේ සමස්ථ AVG අගය 1.5ට ක් වේ යැයි අනුමාන කරල උනත් ඔබ හරියට Managing කළොත් Probux වල AVG අගය ඊට වඩා පවත්වා ගන්න පුළුවන් ඒ වගේම ඔබට ලැබෙන අනෙකුත් වට්ටම් ඔය ගණනය කිරීමට ඇතුළත් කරල නැහැ. ඉතින් ඔය කරුණු සැලකුවාම ඔයාලගේ මාසික ආදායම රුපියල් 20000ට වඩා ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ඔයාල කැමතිනම්, ඕන නම් Referral  ප්‍රමාණය 20000 දක්වාම වාඩිකර ගන්න පුළුවන් නිසා ඔයාලගේ මාසික ආදායම රැපියල් 40000කට වඩා වැඩි කරගන්න පුළුවන්.
සමහර PTC මුදල් ගෙවමින් ඉදල බන්කොලොත් බාවයට පත්වෙලත් තියෙන බවට දැනගන්න ලැබිල තියෙනවා. ඒ උනාට මේක හොදින් කාලයක් තිස්සේ ‍මුදල් ගෙවාගෙන ඇවිත් තියෙන බවට සාක තියෙනනිසා තමයි මම මේ ගැන ඔයාලට කියල දෙන්න හිතුවෙ. ඒ වගේම තමයි යාළුවනේ PTC කොච්චර තිබ්බත් මේ වගේ සයිට් තියෙන්නේ ටිකයි. මම කලින් දීපු ඔත්තුවෙ තිබ්බ සයිට් වලින් මුදල් හොයන්න ටිකක් අපහසුයි මොකද අපිට ඒවායෙදි  Referral කෙනෙක් Rentඑකට දෙන්නේ ‍වැඩිපුර කාලයකට. ඒ අනුව අපි එක් අයෙකු ගන්න ලොකුගානක් එකවර වැය කරන්න ඕන. ඉතින් මේ තුළින්ම ඒ මුදල සොයා ගන්න අපට ගොඩක් කල් යනවා. ඉතින් මෙක ඊට හාත්පසින්ම වෙනස් නිසා අපිට ඉක්මනින් මුදල් උපයමින් වැඩිවැඩියෙන් Referralලා ගන්න පුළුවන්. මේ අන්තර්ජාලය තුළදී හමුවන අය අතර අපේ එකෙක් හැර වෙන එවුන් විශ්වාස කරන්න එපා කියල දවසක් ලංකාවෙ යාළුවෙකුගේ Post එකක තිබ්බා මතකයි.

ඉතින් යාළුවනේ කොහෙන් හරි නීත්‍යානුකූතව අපිට මුදල් ලැබෙනවා නම්, කාලයත් තියෙනවා නම් කොහෙන් හරි ලැබෙන මුදල් දෙනකන් අරන් අපේ ගිණුමට දාගත්තාම අපේනෙ. ඔයාල මේක විනෝදයට වගේ පටන් අරන් කරන් ගිහින් බලන්න. ඉතින් මම මට දැන ගන්න ලැබෙන හොද හොද සයිට් ගැන ඉදිරියේදි තවත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින් සදහන් කළාවගේම කිසිදු ගුරුමුෂ්ඨියක් තබා නොගෙන Probux ගැන දැනට මා දන්න සියල්ල කියාදී හමාරයිතාමත් Probux වල Register වෙලා නැත්නම් පහල බැනරය භාවිතා කරන්න.
සැ.යු. - කොහොම උනත් මම ඔය හැදුවේ ගාණක්. මම මේ සයිට් එකෙන් ඔච්චර උපයන්නේ නැහැ. අපිට කොහොම උනත් PTC එකක් ගැන එතරම් ලොකු විශ්වාසයක් තියාගන්න බැහැ. ඒ කියන්නේ GOLD MEMBERSHIP එක ගන්න එක එතරම් නුවණට හුරු නැහැ. ඒ නිසා ඔබට හොදයි කියලා හිතෙන සාමාන්‍ය මුදලක් උපයන්න ඉලක්ක කර ගන්න. ඒ ඒ මුදල් ඔයාගෙ ගිණුමට බැර කර ගන්න.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.


තවත් විශ්වසනීය PTC එකක් ගැන Post එකක් අරන් හැකි ඉක්මනින් එන පොරොන්දුව පිට අදට නවතිනවා.

එහෙනම් පැමිණි සියලුදෙනාටම ජයෙන් ජය!!!








Friday, July 12, 2013

PTC ඔත්තුව, නවකයින්ටත්

ඔත්තුවේ සදහන් BUX PTC වල Register වෙන්නේ මෙහෙමයි
ආයුබෝවන් යාළුවනේ, ඔත්තුවක් දුන්නට කාර්ය බහුල නිසා ඒ වෙලාවේ  මේ ගැන මොකුත් නොදන්න අයට මෙහි යන පාර කියන්න බැරි උනා.ඒ නිසා තමා නැවත එන්න වුනේ. දැක්කේ නැත්නම් ඔත්තුවට මෙතනින් යන්න. එහි දක්වා ඇති ඕනම PTC එකක Register කියන තැන click කළාම පහළ තියෙනවා වගේ Form එකක් එනවා. ඒක පුරවන හැටි මම රූපය තුළම දාල ඇති. ඒ විදියට වරද්ද ගන්නේ නැතිව පුරවන්න. Username, password පිලිබදව සහ PTC පිලිබදව මම අන්තර්ජාලයෙන් මුදල් පහසුවෙන් උපයමු -2 post එකේ දාල ඇති.බැලුවෙ නැත්නම්, මෙතනින් ගිහින් බලල එන්න.
මෙහි රූප පැහැදිලි නැත්නම් ඒ උඩ click කරන්න.

දැන්  ඔයාල දීපු mail එකට link එකක් ලැබේවි. ඒ හරහා Login වෙන්න.

මෙහි Ads බලන්නෙ මෙහෙමයි

ඊළගට පහළ පින්තූරයේ පැහැදිලි කරල තියෙන විදියට ඒ ඒ පියවරයන් අනුගමනය කරන්න.
මේ විදියට ඔබට ලැනබන සියළුම Ads බලන්න. ඔබට එදින ලැබුණු මුදල Account balance කියන තැනින් බලාගන්න පුළුවන්. Ads Click කරද්දි පහළ රූපයේ රතු පාටින් ළකුණු කරල තියෙන  Ads  ඇති. ඒවා Click කරන්න එපා. බැරිවෙලාවත් එහෙම උනොත් ඔයාගේ Account balance එක 0 වෙනවා. සමහර සයිට් වල නැවත පැය 48 ක් යනතෙක් Login වෙන්න දෙන්නේ නැහැ. 

මෙම BUX සයිට් කිහිපය ගැන post එක පස්සේ දාන්න හිතන් හිටියත් ඔත්තුවක් ලැබුන නිසා එය ඔයාලට වැදගත් වෙයි කියල, ඒක දුන්න. ඉතින් තව විස්තර දාන්න උනේ දීපු ඔත්තුවත් එක්ක මේ සම්බන්ධයෙන් නොදන්න යාලුවන්ටත් මේ ඔත්තුවෙන් ප්‍රයොජනයක් ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕන කියලා හිතුනු නිසයි. මෙයින් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
මෙහි පැමිණි ඔයාලා මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන වේලාව මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.
එහෙනම් යාලුවනේ මම නවතිනවා. පැමිණි හැමෝටම ජයෙන් ජය!!!

Thursday, July 11, 2013

PTC ඔත්තුව 01

දැන්වීමයි

ආයුබෝවන් යාළුවනේ, මම දැන්වීමක් දාල තිබ්බනේ PTC ඔත්තුවක් ගැන. ඕන් එහෙනම් ඔත්තුව දෙන්නයි යන්නේ. ඊට කලින් නොදන්න අයට කියලා දෙන්න ඕන. PTC වල මුදල් උපයද්දි තමන්ගේ Click එකකට ලැබෙන මුදල, referral Click එකකට ලැබෙන මුදල, Click කරන්න ලැපබන ad ප්‍රමාණය සහ අනෙකුත් කටයුතු වලට ලැබෙන මුදල් බොහෝ විට තීරණය වෙන්නේ සාමාජික මට්ටම (upgrade) අනුවයි. නොමිලේ දෙන සාමාජිකත්වය වන Standed එක යටතේ ලැබෙන පහසුකම් අඩුයි. විවිධ PTC සයිට් මෙම තත්වය උසස් කරන ආකාරය විවිධ මට්ටම් යටතේ සිදු කරනවා. එය මට්ටම් 03ක්, 04ක් වෙන්න පුළුවන්. ඉතින් ඔය මට්ටම් 04 යට‍තේ තියෙන PTC සයිට් කීපයක, දෙවන මට්ටමේ සාමාජිකත්වයක් නොමිලේ ලබාදෙන බවට ඔත්තුවක් ලැබුනා. මේ සයිට් වල සාමාජිකයොත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම කාලයක් තිස්සේ පවතින සයිට් කීපයක්. මෙය විශ්වාස කළ හැකි  PTC ලෙස සදහනක් ලැබුන නිසයි, මෙහි එන ඔයාලට මේ ඔත්තුව දෙන්නයි හිතුවේ,

පහත සදහන් Bux PTC කීපයක් ගැන තමයි ඔත්තුව. ‍මම හිතන විදියට මේ Membership එක ටික කාලයකට තමා දෙන්නේ. ගිහින් බලන්න. හොද PTC බවට සදහන් වෙනවා. කැමති නම් ඒ අය කියන විදියට Register වෙලා උපයලා බලන්න.

තව එකක් තියෙනව කියන්න මේවයෙන් ලැබෙන ආදායම ටිකක් අඩුයි තමා. ඒත් කාලය තියෙනවා නම් මෙයිනුත් උපයල, ඒ මුදලත් තම Account එකට දාගත්තොත් මාසික ආදායම තව වැඩිකර ගන්න පුලුවන්. ඒ වගේම තමයි මේ සයිට් වල referralලා පැක් පිටින් නෙමේ දෙන්නේ. ඒ අනුව එක් එක් අය වශයෙන් අපට Rent කරන්න පුළුවන්. ඒත් හැබැයි මම දැක්ක විදියට ඒ අය දෙන Rent කාලය වැඩි නිසා එක්අයෙකු වෙනුවෙන් වැය කළයුතු මුදලත් වැඩියි. ඒ උනාට ඒකෙන් පාඩුවක් නම් වෙන්නේ නෑ මොකද එකවර කරපු ආයෝජනයෙන් දීර්ඝකාලයක් ප්‍රතිඵල ලැබෙනවා. 
ඉදිරි Post වලදි තවත් විශ්වසනීය, පහසුවෙන් මුදල් උපයන සයිට් ගැන බලන්න එන්න.

33 Bux
දැනට සාම‍ජිකයින් ගණන - 114,522
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 114,555
තව ඇති අවස්ථා ගණන - 33
Big USA Bux
දැනට සාම‍ජිකයින් ගණන - 25,554
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 25,555
තව ඇති අවස්ථා ගණන - 01
Bux 2000
දැනට සාම‍ජිකයින් ගණන - 26,645
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 26,666
තව ඇති අවස්ථා ගණන - 21
Canda Bux
දැනට සාම‍ජිකයින් ගණන - 25,297
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 25,333
තව ඇති අවස්ථා ගණන - 36

Cash Free Bux
දැනට සාම‍ජිකයින් ගණන - 24,029
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 24,111
තව ඇති අවස්ථා ගණන - 82
 Bux Promo
දැනට සාම‍ජිකයින් ගණන - 25,353
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 23,444
තව ඇති අවස්ථා ගණන - 91
 Bux Boss
දැනට සාම‍ජිකයින් ගණන - 25,593
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 25,666
තව ඇති අවස්ථා ගණන - 73
මෙතනින් ගිහින් බලන්න

මෙම ptc වල register වෙන අයුරු සහ ඒවායේ වැඩ කරන ආකාරය   පිළිබදව   ඉගෙන ගන්න මෙතනින් යන්න.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.

ඔන්න ඔත්තුව දුන්න. මම නවතිනවා. පැමිණි සියලුදෙනාටම ජය!!!

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc