Tuesday, October 15, 2013

Globalbux වලින් මුදල් උපයමු

පැමිණි සියළුදෙනාටම  ආයුබෝවන්, ඉතින් යාළුවනේ ටික දවසකට පස්සේ තමයි මම මේ පෝසට් එක අරගෙන ආවේ. ඉතින් ඒ උනාට මම නිතර මේ පැත්තේ ඇවිත් යනවා. මට හරි සතුටුයි ඔයාලා මේ අඩවියෙන් ප්‍රයෝජනයක් ගැනීම සම්බන්ධයෙන්. හුදෙක් මම මෙය ලියන්න හිතුවේ මගේ පුද්ගලික ලාභය ගැන හිතා නෙවෙයි. අපේ යාළුවන්ට මට හැකි අයුරින් උදව්වක් කරන්න හිතුන නිසා. මම මෙම අඩවිය තැන් තැන් වල ප්‍රසිද්ධ කළාට මා ලග බොරු බේගල් ඇදබාමින් රෙෆරල්ලා වැඩි කර ගැනීමේ අදහසකුත් නැහැ. ඔබ මෙහි ඇවිත් පිටු පෙරළා තිබෙනු දැක්කාම සතුටක් ලබනවා. ඒකයි මම මෙය පුසිද්ධ කරන්නේ. මම මුලදී කිව්වා වගේම අන්තර්ජාල මුදල් ගැන උනන්දුවක් ඇතිකිරීම තමයි මගේ අභිලාශය. වතුරට බහින අය පීනන්න ඉගෙන ගන්නවා වගේ මොන ක්‍රමයෙන් හරි ඔයාල මේ සදහා ඇතුළත් උනාම ඉදිරියට යන ගිහින් හොද උපයන්නෙකු බවට පත්වෙන බව මම විශ්වාස කරනවා.. ඔයාලගේ විවේක කාලය ප්‍රයොජනවත් විදියට වැය කලොත් කාලයත් එක්ක ආර්ථික ප්‍රශ්ණ විසදෙනවා. ඒ වගේම තමයි ඔබ කරන වෘතියෙන් දෛනිකව හෝ මාසිකව උපයන ‍මුදල අවසන් උනාම කර කියා ගන්න දෙයක් නැතිව යනවා. තම ජීවන අරගලය කරගෙන යන්න විවිධ ‍දූෂණ වලට මිනිසුන් පෙළඹෙන්න ඒකත් කාරණයක් වෙනවා. ඉතින් මේ වගේ ක්‍රමයකට යොමු වීම තුළින් එවැනි තත්වයන් මගහැ‍රී උදාරතර මිනිසුන් පිරිසක් රටට බිහිවෙනවා. 
පහුගිය දවස් වල මේ සයිට් එකට පැමිණි බොහෝ දෙනෙකුට බොහොමයක් ගැටළු මතුවෙලා තිබුනා. ඒ අය මට ගොඩක් මේල එවලා තිබුණා. මම ඒවා ඊමේල් හරහාම විසදාගන්න සහාය උනා. අද මම හදුන්වා දෙන්න යන්නේ Globalbux කියන ptc සයිට් එක. ඒ ගැන කියන්න කලින් ඔබ වෙනුවෙන් කියන්න යමක් තියෙනවා.මේ වෙනකොට මම මේ වගේ අන්තර්ජාලයෙන් මුදල් උපයන සයිට් ගණනාවක්ම හදුන්වලා දුන්නා.  ඒ වගේම මේ වන විටත් ඔයාලා මේ වගේ සයිට් ගණනාවක වැඩකරනවා ඇති. ඒ කියන්නේ ඔයා අඩුම සයිට් පහක වැඩ කරනවා නම් එකක වැඩ කරන්න විනාඩි 10ක් වැය කළත් සයිට් 5ම වැඩ කරන්න විනාඩි 50ක් යනවා. ඉතින් ඔයාට කාලේ ඉතුරු කර ගන්න ගමන් ඒ ඒ සයිට් එකට අසාධාරණයක් නොවෙන විදියට ඔයාගේ කාලය උපරිම විදියට ප්‍රයෝජනයට අරන් වැඩ කරන විදියක් තියෙනවා. මේ විදිය දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. එක හේතුවක් නිසා මම එය මෙහි ඵල කරන්නේ නැහැ. නොදන්න ‍කෙනෙක් ඉන්නවා නම් මට මේල් එකක් දාන්න. ඒ ගැන කියා දෙන්නම්. ඔයාලගේ මේල් ඇඩ්‍රස් මම වෙනත් කිසිවෙකුටවත් නොදෙන බව සලකන්න. අපි එහෙනම් අද වැඩ පටන් ගනිමු.
 
මෙම Globalbux කියන සයිට් එකත් අපට Rented referrals ලා වගේම Direct referrals මගින් උපයා ගන්න අවස්ථාව දීලා තියෙනවා. මෙහි ඉපයීම මීට ඉහතදී කියා දුන්න thebux, probux කියන සයිට් වලට වඩා මන්දගාමීව තමයි යන්නේ. ඒ උනත් මෙහි ඉන්න Rented referrals ලා දිනපතා ක්‍රියාකාරීව වැඩ කරන තත්වයක් දකින්න පුළුවන්. එය Nerdbux වලට වඩා ඉහලයි කීවොත් නිවැරදියි.

Register වෙන්නේ කොහොමද


මෙම සයිට්එකේ Register විය හැක්කේ එක IP එකකින් එක් අයෙකුට පමණි. ඔයාලා තමන්ගේ පරිඝණකයෙන් මෙහි ගිණුමක් සාදා නොතිබියදී මුල් වතාවට ඉල්ලුම් කරද්දීම Multiple accounts have been logging on from your IP. If u think this is an error, contact us. වශයෙන් මැසේජ් එකක් පෙන්වූවහොත් ඔයාලට කරන්න තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා නැවත කනෙක්ට් කරන එක. ඒ වතාවෙදිත් සාර්ථක නොවුනහොත් එසේ කිහිපවතාවක් උත්සාහ කරන්න. එවිට ඔබට ගිණුමක් හදා ගැනීමට හැකිවනු ඇත. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කළාට ඔයා ඕපන කරන් ඉන්න බ්‍රව්සර් පේජ් එක ක්ලොස් කරන්න එපා. කළ යුත්ලේ නැවත කනෙක්ට් කළාම රයිට් කිලික් කර රීලෝඩ් කිරීම පමණි. පළමු වතාවෙදිම එහෙම කරන්න බැරි උනොත් කිහිප වතාවක් උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ඔබ සාර්ථක වනු ඇත. ඒ වගේම නැවත ලොගින් වෙන්න ගියාමත් ඔහොම වෙන්න පුළුවන්. ඒ වෙලාවටත් ඔහොම කරන්න.  ඔයාලා භාවිතා කරන්නේ ඩොන්ගලයක් නම් බොහෝ විට මෙම ගැටළුව මතුවෙන්න පුළුවන්. ඒ වගේම තවත් සයිට් වල ඇඩ් පෙන්වන්නේ නැහැ. ඔබ ක්ලික් කළාම මැසේජ් එකක් පෙන්නනවා මෙම  IP එක භාවිතා කර පැය 24ට පෙර එම ඇඩ් එක බලා ඇති බව. එතනදිත් කරන්න තියෙන්නේ ඒ වැඩේම තමයි. ඒ සදහා හොදම උදාහරණය තමා Neobux සයිට් එක.

Globalbux සයිට් එකට මෙතනින් ගිහින් Register වෙන්න. ඔතන මගේ ලින්ක් එක තියෙන්නේ. මෙහිදී මම රූපරාමු මගින් විස්තර කරන්නේ නැහැ. මොකද මම මේ වන විට ඔයාලට මෙම ෆෝර්ම් පිරවීම සදහාවන දැනුම දීලා තියෙනවා. මෙහි සියල්ල thebux සයිට් එකේ අයුරින් සිදුකරගන්න පුළුවන්. එය දිගහැරගන්න මෙතනින් පුළුවන්. ඒ කිව්වාට උදව් ඕන නම් ඉල්ලන්න.

වැඩකරන්නේ කොහොමද

මෙහි ගිණුම හදාගත්තට පස්සේ එහි දකුණුපැත්තේ අඩ තියෙන Login ක්ලික් කර ඔබගේ ගිණුමට ඇතුල් වන්න. දැන් එහි වම්පස කෙරවලේ උඩ තියෙන් WIVE ADS යන්න මත ක්ලික් කරන්න. දැන් ඔබට thebux සයිට් එකේ වගේම බලන්න තියෙන ඇඩ් ටික දිස්වේවි. ඉතින් එහි ඉදිරි කටයුතු සියල්ලම thebux සයිට් එකට සමානයි.

එහෙමනම් යාළුවනේ මම නවතිනවා. තවත් පෝස්ට් එකක් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණුපැත්තේ තියෙන මේල් එක හරහා සාජුව මා සම්බන්ධ කරගතහැකියි. ඔබට උදව්වක් අවශ්‍ය උනොත් මට හැකි උපරිමයෙන් මම ඔබට උදව් කරන්න සූදානම්. ඔබ ඩොලර් සතයක් හෝ ලංකාවට  ගෙන ඒම මගේ සතුටයි.
පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

3 comments:

  1. globalbux eke register weddi paypal no eka illanne eke payment payza eken karanne nadda.paypal account ekak hadanne kohomada

    ReplyDelete
  2. The best facts about Clixsense GPT Click Feature:
    1. Upto $0.02/click.
    2. 5 secs lowest timer.
    3. Repeat every 24 hours.

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc