Sunday, September 14, 2014

ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #4

OCT 12, 2011


ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #4


  
මේ ලිපියෙන් අපි බලමු ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩයක් ලංකාවට ගෙනවා ගන්නා හැටි. පේපැල් හා eBay නිකන් රයිගමයයි ගම්පොලයයි වගේ හින්දා මේ ලිපියත් පේපැල් කුප්පිය අස්සේම දාන්න හිතුවා. මේ සදහා වෙබ් අඩවි කීපයක් හදුන්වා දෙන්නම්, ඒවාගේ මූලික ක්‍රියා පටිපාටිය විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඊබොක්කේ වෙලෙන්දෝ

ගනන් කරන්න අමාරු තරමේ භාන්ඩ රාශියක් සමග ගනන් කරන්න අමාරු තරමේ වෙලෙන්දන් ගොඩක් ඉන්නවා. ඔයාලා හිතනවාද මේ වෙලෙන්දා තමන්ගේ කොම්පැනියෙම නිපදවපු භාන්ඩ ඊබොක්කේ විකුනනවා කියලා? නෑ.. එහෙම වෙලෙන්දොත් ඉන්නවා, ඒත් ගොඩක් ඉන්නේ අතරමැදියෝ. එයාලා කරන්නේ Drop Shipping. වෙනත් වෙබ් අඩවියකින් භාන්ඩයක් මිලදීගෙන, ලාභ තියාගෙන ඊබොක්කේ විකුනනවා. අපේ එවුන් ලාභයි ලාබයි කියලා අරගන්නවා. ඇමෙරිකාවෙන් Top Rated වෙලෙන්දෙකුගෙන් ගත්තේ කියලත් කියනවා. ඒත් බොහෝවිට ගෙදරට භාන්ඩේ එන්නේ චීනෙන් හෝ හොං කොං වලින්. අපි බලමු මේ වෙලෙන්දෝ කොහෙන්ද මේ භාණ්ඩ මිලදී ගන්නේ කියලා.

buyincoins.com
මේක අන්තර්ජාලේ තියෙන භාන්ඩ මිල අඩුම වෙබ් අඩවිය. චීනය, හොංකොං, සිංගප්පූරුව වගේ රටවල්වල ශාඛා පිහිටලා තියෙනවා. තියෙන සියලුම භාන්ඩ Free Shipping . ලංකාවට ඇතුලුව ලෝකේ වටේ රටවල් 170 කට නොමිලේ ප්‍රවාහනය කරනවා. මේ වෙබ් අඩවියේ Shipping ක්‍රම 3ක් තියෙනවා.

Air Mail (unregistered) = $0, 3 Weeks
Air Mail (Registered with Tracking No) = $1.9, 3 Weeks
EMS Express = $20+, 1 Week

අපි බොහෝවිට භාන්ඩ ගෙන්වන්නේ Air Mail (unregistered) කියන එකෙන්. $30 කට වැඩි භාන්ඩයක්නම් එයාලා Free Tracking No ක් දානවා. අපිට කැමතිනම් $1.9ක් ගෙවලා $30ට අඩු භාන්ඩයකට Tracking No එකක් දාගන්න පුලුවන්.

මොකක්ද මේ Tracking No ?
මේක පාර්සලයේ ඉදිරිපස අලවලා එවන Bar Code එකක්. මේ Bar Code  එක නිසා අපේ භාන්ඩය ලෝකේ කොහෙද තියෙන්නේ කියලා දැන ගන්න පුලුවන්. ඒ කියන්නේ චීනයේද, පෙලේන් එකේද, ලංකාවෙද කියන එක. Refund එකක් ගන්නවානම් Tracking No එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.

ඇයි මෙච්චරම ගනන් අඩු?

Original Packaging නෑ. සෑම දෙයක්ම එවන්නේ Bubble Pack වල. ඒ නිසා භාන්ඩය සදහා යන නිශ්පාදන වියදම විතරයි යන්නේ. Original Packaging වලට යන ගාස්තුව වගේම බර අඩු නිසා Shipping Cost එකත් අඩුයි.

අතර මැදියෝ නෑ. නිශ්පාදනාගාරයෙන් ගන්නවා, එවනවා.

බොහෝවිට භාන්ඩ චීනයේ නිපදවන ලද ඒවා. චීන බඩු කොහොමත් ගනන් අඩුයිනේ.

ඒ වගේම එයාලා ගොඩක් බලන්නේ, අඩු ලාභයක් තියාගෙන වැඩි භාන්ඩ ප්‍රමානයක් විකුනලා ලාභ ලබන්න.



mistertao.com

මේ වෙබ් අඩවිය buyincoins.com Part 2 කීවොත් නිවරදියි. ඊ බොක්කේ Chinese version එක කීවත් නිවරදියි. ගිහින් බලන්නකෝ එතකොට තේරෙයි. මේක buyincoins හිම වෙබ් අඩවියක්. මේකේ යාන්ත්‍රනය මෙහෙමයි.
 මේකේ බොහෝමයක්  භාන්ඩයක්ම දාලා තියෙන්නේ Shipping Cost නැතිව. අපි Shopping Cart එකට දාලා ඇරගෙන යද්දී, බර කිරලා, බරට අනුව Shipping Cost එකතු කරනවා.




අපි මුදල් ගෙවන්නේ mistertao ට.
mistertao ගෙවනවා වෙලෙන්දාට.

Shipping Cost එක මෙහෙමයි



 මීට අමතරව Paypal Charges ලෙස $1.5 කුත්, Comisson fee ලෙස 10% කුත් අන්තිම ඒකතුවට එක්වෙනවා.

 උදාහරන: බර 550g


තව දෙයක් තියෙනවා. ඔතන ඉන්න හැම වෙලෙන්දාගෙන්ම භාන්ඩ මිලදීගන්න බෑ. එයාලාට හොද Ratings එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 11ට වැඩිවෙන්න ඕනේ. වම් අත පැත්තේ රූපයේ පෙනෙන පරිදි Filter එකක් තියෙනවා. ඒකෙන් පෙරලා, භාන්ඩ හොයාගන්න. එතකොට ඕනෙම භාන්ඩයක් අඩුවට මෙන්ම විස්වාසදායීව මිලදී ගන්න පුලුවන්.




මං මේ වෙබ් අඩවි සමග ගනු දෙනු කරලා ගෙන්වාගත්ත භාන්ඩවල කවර ටිකක් පෙන්වන්නම්. භාන්ඩනම් හොයන්න ටිකක් අමාරුයි. ගොඩක් ඒවාගේ ඇතුල බලන්න කෑලි ගලවලා ඒවා තැන් තැන්වල දාලා. හොයන්න ගියොත් ඇද යට මෙහෙයුමක් කරන්න වෙනවා.


මේ ගැන තව ලිපියක් ලියන්නම්. තව වෙබ් අඩවි 5ක් හදුන්වා දෙන්න තියෙනවා. කම්මැලිම, කම්මැලිම, කම්මැලියි. පොටෝ ගහ ගහ මේවා ලියන්න ලේසියැ. සමාවෙන්න! ඉස්සරලා ලිපියේ දාපු කොමෙන්ට්ස් ගොඩක් Delete කරන්න වුනා. ඒකේ කොමෙන්ට් ෆෝම් එක අවුල් ගිහිල්ලා. තාම හදාගන්න බැරිවුනා. අහපු ගැටලුවකට පිලිතුරු පේන්නේ නැත්නම්, කොමෙන්ට් එක Highlight කරලා text file එකකට කොපි කරලා බලන්න. ඕනෙම කෙනෙකුට ගැටලුවක් නම් ඉහල "Contact Us" බොත්තම මගින් සම්බන්ද කරගන්න. හැමදාම ඊමේල් බලනවා. ගැටලුවලට රිප්ලයිත් කරනවා. OK.

ගිහින් එන්නම්,
ඔබට ජය!



42 COMMENTS:

පැතුම්..... said...
වැදගත් ලිපියක්... ඔන්න මමත් http://www.buyincoins.com එකෙන් 4 Port USB HUB එකක් ඕඩර් කලා... ebay නම් බඩු එන එක ෂුවර්.. මේකෙනුත් එයි නේද?
දුෂාන් said...
ela kiri
eagle said...
ගොඩාක් ස්තූතියි

මම මග බල බල හිටිය ලිපියක්.......
Tharanga Darshana Ekanayaka said...
නියමයි..........
තව ලිපි ගොඩාරියක් ලියන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා....

කම්මැලිකම නැතිවේවා !!
Anonymous said...
Yaluwa Ape Adsense Account Akata Keyword danne kohomda... Oya Dunnu Vedio tika Baluwa..Hoda Keyword HEma Hoya Gathhta...Eth. Api ad akata Setup karala.. Keyword danne kohatada..
9.98mm. said...
Mistertao එකෙන් අපි බාන්ඩයක් ගන්න ගියාම Attribute 1: , Attribute 2: කියලා තියෙනවනෙ. Attribute 1: කියන එකෙන් Color එක වගේ දෙයක්නේ තොරන්න තියෙන්නෙ. එතකොට Attribute 2: කියන එකේ Official Standard , Package A , Package II , Package Three කියලා තියෙන්නෙ මොකද්ද? ඒකෙන් කෝකද තොරන්න ඔනි?
කල්ප said...
එල එල !!!!!!!!!!!!!!!
iPlus said...
@ පැතුම් ;
ඊබොක්කට වඩා buyincoins ෂුවර්. කිව්වට විශ්වාස කරන්න, buyincoins මට නිකන් ගෙදර වගේ. :P
අදහස් දැක්වූවට ස්තූතියි!

@ දුෂාන් ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ eagle ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Tharanga ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 13, 2011 8:19 AM ;
මට ඇඩ්සෙන්ස් හම්බුනේ ලගදී. ඒ නිසා ඒ ගැන මං දන්නේ නෑ යාලුවා. ඒත් මං දන්න විදියට නම්, කීවර්ඩ් දාන්න තැනක් නෑ. අපි ඒ කීවර්ඩ් දාලා ලිපියක් ලියලා, ඒ ලිපිය ගාවින් ඇඩ් එකක් දාපුවාම, ඒ ඇඩ් එක වැටෙන්නේ ලිපියට අදාල කීවර්ඩ් එකට ගැලපෙන විදියට. මේක හරිද, වැරදිද කියන්න මං දන්නේ නෑ. ඒත් ඔයා මේක http://www.slbloggs.com/ ගෙන් අහන්න. එයා ඇඩ්සෙන්ස් ගොඩක් කල් ඉදන් භාවිතා කරනවා. ඔබට ජය!

@ 9.98mm. ;
Attribute 1: වර්ණය ‍තෝරන්න (බොහෝ විට)
Attribute 2: අමතර උපාංග ‍තෝරන්න. ඒත් ඒවගේ අන්තර්ගතයන් දන්නේ වෙලෙන්දා විතරයි. ඒ මුදලට එවන්න පුලුවන් උපරිම අමතර උපාංග ප්‍රමානයක් එවනවා. චාර්ජර්, ඩේටා කේබල්, සීඩී, බැටරි වගේ ඒවා. එව්වේ නැත්නම් අපිට ඒවා වෙනම මිලදීගන්න වෙනවා. අදහස් දැක්වූවට ස්තූතියි!

@ කල්ප ;
අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
Yaluwa paypal kuppiya iwara kare nahane, paypal eken money ape ratata gena hati ikmanata kiyala dennako..
Dilan said...
Next paypal post eka dannnoooooooo...
kasun said...
Elakiri machan. patta.... mama buyincoins & ebay badu gennala thiyanawa. anik eken nam ne.

Dealextream site ekath ela neda? mama ekenuth gennuwa. badu sure.
සිහින ඉසව්ව said...
එළ. හුගක් වැදගත් ලිපියක්. දිගටම ලියමු ඔය කම්මැලිකම පැත්තකින් තියලා.
Chandana said...
Onna mamath uba kiwwa nisama, Blutoothe Earphone ekak gaththa . $9.ccc ganak giya, brand new ekak,
balanna

http://www.buyincoins.com/details/new-bh-60-bluetooth-wireless-headset-headphone-earphone-product-2463.html

https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/s320x320/291926_182613318484590_100002077682265_403412_941249025_n.jpg
Anonymous said...
Hapoii SlBlogg karana kena Maha Lobaya.
Kisi Kenekta Kisi deyak dena Kenek Neweii ..Mama Eyage Lipi Kiwwa.. Eya Neda Indiarock Aken Adsenes ganna Puluwan kiyala liyala thibune. Oyala dakka neda Lipiya liyapu Hati...
shanika said...
money bookers money walin lankawata badu ganna hoda site ekak kiyanawada aiye? please!!!!!!!
iPlus said...
@ Ano on October 13, 2011 11:11 PM ;

මූලික කරුනු ඉගෙනගන්නවා.
පේපැල් ගිනුමක් හදනවා.
බඩුමුට්‍ටු මිලදී ගන්නවා.
වැඩි සල්ලි ලංකාවට ගෙන්වනවා.

ඔහොමයි පිලිවෙල. ඉක්මනට ලියන්නම් යාලුවේ.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Dilan ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Kasun ;
dealextreme හොදයි, හැබැයි චුට්ටක් ගනන්.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ සිහින ඉසව්ව ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Chandana ;
Rechargable නිසා ගානේ හැටියට වටිනවා. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 14, 2011 7:52 PM ;
මනුස්සෙයෙක්ගෙන් ප්‍රශ්නයක් අහන විදියක් තියෙනවා, ඒ විදියට ඇහුවොත් එයා කියලා නොදී ඉන්න එකක් නෑ. ඔයාගේ කැමැත්තක් යාලුවා. ඒත් අනං මනං කියලා, හොදට ඉන්න මිනිස්සු තරහා කරගන්න මං කැමති නෑ. ඇඩ්සෙන්ස් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා. ඒකෙන් ඔය කියන තරම් හම්බකොරන්න බෑ. අදහස් දැක්වූවට ස්තූතියි!

@ shanika ;
ඇයි මනිබූකස් වලින් ඊබොක්කට ගෙවන්න පුලුවන්නේ යාලුවා. ගොඩක් චීන වෙබ් අඩවි නම් මනිබූකස් සපෝට් කරන්නේ නෑ. අදහස් දැක්වූවට ස්තූතියි!
http://www.moneybookers.com/app/directory.pl
silva said...
yaluwa mata kiyannako ebay eka wage apita sell karanna puluwan site tikak hebei item sell wena site..
shanika said...
but money bookers ebay eke accept karanne nehe neda.money bookers accept karana wena online shopping site monawada.Thanks!!
iPlus said...
@ silva ;
eBay වගේ විකුනන්න පුලුවන් වෙන කඩ නෑ යාලුවා. මාත් ඔය ගැන ගොඩක් හෙව්වා, මොකද, ඊබොක්කේ මගේ listings ඔක්කොම කැන්සල් කරනවා. ඔයාටත් එහෙම වෙන්න ඇති නේද.

@shanika ;
ඊබොක්කට මනිබූකස් වලින් ගෙවන්න පුලුවන්.

Choosing a payment method on eBay
http://pages.ebay.com/help/pay/methods.html

How to Pay Via Moneybookers on EBay
http://www.metacafe.com/watch/6493984/how_to_pay_via_moneybookers_on_ebay/
silva said...
ow yaluwa man ebay eke sell karana et month 3k witara yanakota mage account ake salli hold karanawa nettan suspend karanawa.. den man hadana hema account ekakma suspend wenawa ebay eka ape monawa track kara ganne...?
iPlus said...
@ silva ;

යාලුවා, ඔතන වැරද්ද තියෙන්නේ මගේවත්, ඔයාගෙවත් නෙවේ. ඔය ගැන ලිපි ලියලා බාගෙට කියලා දීපු කෙනාගේ. බාගෙට කියලා දුන්නා කියලා ඒ මනුස්සයාට අපිට මුකුත් කියන්න බෑනේ, ඒක එයාගේ කැමැත්තනේ. අපිට තියෙන්නේ කරන්න බැරිනම් අතෑරලා දාන්න.
Dev moorthi said...
Thanx
පැතුම්..... said...
මචන්, මම ඕඩර් කරපු එක ආවා... කිසි අවුලක් නැතුව වැඩ... හරියටම සති 2ක් විතර තමයි ගියේ... බොහෝම ස්තූතියි මේ විස්තරේ දැම්මට
iPlus said...
@ Dev moorthi ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ පැතුම්:
ඊබොක්කේ ඉන්න එවුන්ගේ හරි රෙස්පට්. අපේ වගේ රටකට උන් බඩුවක් එවන්නේ හරිම අකමැත්තෙන්. ඒත් Buyincoins කියන්නේ සුපිරි අඩවියක්. අදහස් දැක්වූවට ස්තූතියි!
නදීර සඳරුවන් ලියනගේ said...
එල දැනගත්තු එක හොඳයි.නැත්නම් හැමදාම ඊ බේ විතරනේ..
kandyangate said...
ස්තූතිය මේ ගැන කියා දුන්නට . buyincoins වලින් යම් දෙයක් තෝරා ගත්තට පස්සේ paypal වලින් එය ගෙවන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? මේ ගැන විතරක් නෙවේ emoney වැඩේ කරගෙන යනකොට එන ගැටළු තැන් email වලින් පැහැදිලි කරගන්න පුළුවන්‍ නම් email එක දෙනවද ?
isuru said...
මචන්, alertpay එකේ තියන සල්ලි paypel එකට දාගන්න් පුලුවන්ද ?
iPlus said...
@ නදීර සඳරුවන් ලියනගේ ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ kandyangate ;
අදහස් දැක්වූවට ස්තූතියි! ඔන්න ඒ ගැන ඊලග ලිපියේ ලීවෝ.....

@ isuru ;
බැරිකමක්ම නෑ. මං ඒක පේපැල් කුප්පියෙන් කියලා දෙන්නම් හොදේ.
isuru said...
ANE THANKS MACHOOO.... PAYPAL POST EKAT PULUWAN IKMANATA DANNA BRO...
Anonymous said...
thank u machoooooooooooooooooooo
Anonymous said...
Thanks!
Anonymous said...
buyincoins වලින් මමත් බඩුවක් ගෙන්නුවා! දවස් 10න් ආවා.Air mail එකෙන්. Thankx අයියා.
harsha said...
machan buyincoins walin $20 ka witaracamara 1k gennuwoth tax wadiwida?
http://www.buyincoins.com/details/12mp-1-8-lcd-digital-video-dv-camcorder-camera-product-1336.html#reviews
meka tamai machan ganna heduwe?awulak tiyenam kiyapan kollo ..
Anonymous said...
moneybooker account ake money walin lankawata badu gennaganna puluwan site dannawanam kiyannko;//
Anonymous said...
I plus aiya budu wewa. fiverr goda giya dan buy coins aken cam akakuth gana hadane thank you wewa.
Anonymous said...
buy coins walin badu genwa ganna pay pal account ekakma oneda?
Mudushka said...
Yaluwane... mage name eka uda tiyena site eken puluwan oyalata facebook, Twitter wage site promote karala Mudal Hoyanna. Kemathinam gihin Balanna. a gaman matath udawwak karanna. Eka click ekakata $0.05 k denawa. mama mudal araganath tiyenawa. meka sure web ekak. awlak ne.
kapila said...
godak thanks digatama liyanna.
Thanuja Udana said...
machan buyinCoins site eken verify karapu nathi paypal account ekakin badu ganna puluvanda ??? thanks
Sukhitha said...
ela machan. tx
sajith said...
machan mata kiya denna puluwanda ebay 1n badu wikunana hati?
buyincoinslagen DROP SHIPING karana hatith ekkama
plzzzzzzzzzz
Hashan hemachandra said...
පට්ට අයිය...:D ඔයාට ජාති ජාතිත් e money ම හොයාගන්න පින ලැබේව :P :D

1 comment:

  1. I've been exploring for a bit for any high-quality articles or blog posts on this kind of area .
    Exploring in Yahoo I at last stumbled upon this site.
    Reading this info So i am satisfied to express that I have a very excellent uncanny feeling I
    discovered exactly what I needed. I so much unquestionably will make
    sure to do not fail to remember this web site and provides it a look on a relentless basis.

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc