Friday, September 12, 2014

ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #5

OCT 16, 2011

ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #5


 
 
මේක කලින් ලිපියේ ඉතිරි කොටස. තවත් කොටසක් තියෙනවාද කියන්න දන්නේ නෑ, බලමුකෝ ලියලා. mistertao සහ buyincoins ගැන දැන් හොදටම දන්නවානේ, මේ වෙබ් අඩවිවල නම් කිසි හොරයක් බොරුවක් නෑ. මං ගොඩක් කල් ඉදන් ගනු දෙනු කරනවා. mistertao ගැන තව පොඩ්ඩක් කියන්නම්. taobao.com කියලා අංක එකේ චීන වෙබ් අඩවියක් තියෙනවා, ඒ වෙබ් අඩවියෙන් තමයි මෙයාලා භාන්ඩ එවන්නේ. ඒ වගේමtaobao කියන එක සම්පූර්නයෙන්ම චීන භාෂාවෙන් තියෙන්නේ,mistertao කියන්නේ එයාලාගේ ලොකුම ඒජන්තවරයා. හරි ඒවාගැන ඇති. තවත් වෙබ් අඩවි කීපයක් ගැන කියන්නම්.

Dealextreme.com

මේ වෙබ් අඩවිය 70, 000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් උසුලාගෙන ඉන්නවා. සාධාරන මිලක් තියෙනවා. තියෙන සියලුම භාන්ඩ ලෝකේ වටේටම Free Shipping. ලංකාවටත් එවනවා.

මුලින්ම හදුන්වාදුන් වෙබ් අඩවි දෙකහි භාන්ඩ, shopping cart එකට දාගෙන මගක් අරන් යනකොට මුදල් ගෙවන්න කලින්, අපේ ඇඩ්‍රස් එක ගහන්න තැනක් තියෙනවා, ඒත් dx ඒකේ එහෙම නෑ. ගෙවීම් කරලයි ඇඩ්‍රස් එක වෙනස් කරන්න ඕනේ. පේපැල් ඇඩ්‍රස් එකටයි එවන්නේ. අපිට ඇඩ්‍රස්එක වෙනස් කරන්න ඕනෙනම් කරන්නේ මෙහෙමයි,

1. dx හි ගිනුමක් හදනවා.
2. ඒකෙන් ලොග්in වෙලා භාන්ඩය මිලදී ගන්නවා. (කෙලින්ම පේපැල් වලින් ගෙවනවා)
3. login--> order--> පහල ලෙස ඇඩ්‍රස් එක වෙනස් කරන්න

 
 
 
හැබැයි ඕඩර් කරලා පැය 12ක් ඇතුලත වෙනස් කරන්න ඕනේ, ඊට පස්සේ නම් ඇඩ්‍රස් එකට අත තියන්න දෙන්නේ නෑ. ඔන්න ඔහොමයි dx එකෙන් භාන්ඩයක් ගන්නේ. මං මුලින්ම ඇඩ්‍රස් එක මාරු කරන්න දැන ගත්තේtechඅදියාගෙන් අහලා. දන්නැති දෙයක් දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න ලැජ්ජා වෙන්න ඕනයැ.

Budgetgadgets.com

මං මේ වෙබ අඩ්වි හදුන්වාගෙන එන්නේ, මිල අඩුම භාන්ඩ තියෙන වෙබ් අඩවි වල ඉදන් ටිකක් ටික මිල වැඩි වෙන පිලිවෙලට. budgetgadgetsගැන කියනවානම්, තියෙන සියලුම භාන්ඩ ලෝකේ වටේටම Free Shipping. මේ වෙබ් අඩවියෙත් භාන්ඩ shopping cart එකට දාගෙන මගක් අරන් යනකොට, මුදල් ගෙවන්න කලින් අපේ ඇඩ්‍රස් එක ගහන්න තැනක් තියෙනවා. මේකේ දාලා තියෙන මිලගනන් හරියටම අපි මිලදීගන්න ගාන නෙවේ, Bulk Price එක. ඒ කියන්නේ තොග වශයෙන් මිලදීගන්නකොට දාන ගාන. අපි ගෙවිය යුතු ගාන මෙහෙමයි,



Pandawill.com

උසස් තත්වයේ භාන්ඩ තියෙන වෙබ් අඩවියක්. මිලගනන් ඒ හැටි වැඩියක් කියලා නෑ. සමහර භාන්ඩ buyincoins එකටත් වඩා මිල අඩුයි, සමහර භාන්ඩ ඊබොක්කටත් වඩා මිල වැඩියි. භාන්ඩ shopping cart එකට දාගෙන මගක් අරන් යනකොට ඇඩ්‍රස් ගහන්න තැනක් නෑ. මුදල් ගෙවීම් කලාට පසුව ඇඩ්‍රස් වෙනස් කරන්න තැනකුත් නෑ, එහෙනම් මෙහෙමයි ඇඩ්‍රස් එක යවන්නේ. අපිට භාන්ඩය යවන්න ඕනේ පේපැල් ඇඩ්‍රස් එකට නෙවේනම්, පේමන්ට්ස් කරද්දී Note එකක් මගින් අපි ඒ වෙබ් අඩවියට දන්වන්න ඕනේ, ඒ වගේම ඇඩ්‍රස් එකත් Note එකේම ටයිප් කරලා යවන්න. Note එකක් දාන්නේ මෙහෙමයි.




ඒ යවනකොට පහත ලෙස සම්පූර්න විස්තර යවන්න.

First Name:
Last Name:
Country:
State/Province:
Street Address:
City:
Post/Zip Code:

 එහෙම බැරිනම්, Note එකේ කියලා යවන්න, පේපැල් ඇඩ්‍රස් එකට නෙවෙයි ship කරන්න ඕනේ, ඇඩ්‍රස් එක මං customer support එකට දන්වන්නම් කියලා. එහෙම කියලා, භාන්ඩයට මුදල් ගෙවලා,  පැන්ඩාවිල් එකවුන්ට් එකෙන් පනිවිඩයක් යවන්න නිවරදි ඇඩ්‍රස් එක දාලා. මේක ඕඩර් එක place කරපු සැනින් කරන්න. ඈනුම් ඇර ඇර, අද බෑ, හෙටවත් යවන්නම් කියලා හිටියොත් අන්තිමට සල්ලිත් නෑ, භාන්ඩෙත් නෑ.

තව වෙබ් අඩවි කීපයක් හදුන්වාදෙන්න තියෙනවා. තව ලිපියක් ලියන්නම්. නැත්නම් කියවන ඔයාලටත් එපා වෙනවනේ ලිපියේ දිග දැක්කාම. මං කියන මේ අණ්ඩර දෙමළ තේරෙනෙවාද දන්නේ නෑ. අන්තර්ජාලයෙන් කිසිම භාන්ඩයක් තාම මිලදීගෙන නැත්නම්, කවදාහරි මිලදීගන්න දවසක මේ ලිපි පෙල වැදගත් වේවි.

මට ඕනේ මේ ඊබොක්ක කියලා, අප්පේ... මේක මාරයිනේ කියලා, ඊබොක්කට වැදගෙන ඉන්න පිරිස අඩු කරන්න. අපේ රටේ මුදල්, යුරෝපයට ඇදිලා ගිහින්, කිරි සුද්දෝ පෝසත් වෙලා, අපි තවත් දුප්පත් රටක් හැටියට දාලා තියෙන නම ඉවත් කරන්න. දැන් කියයිද දන්නේ නෑ, යුරෝපයට ගෙව්වත් චීනයට ගෙව්වත් රටේ සල්ලි නොවැ එලියට යන්නේ කියලා. ඒත් චීන්නු පොඩි රටවල් අල්ලගෙන වැඩ පෙන්නන්න යන්නේ නෑනේ, යුරෝපා ජාතීන් වගේ.

ගිහින් එන්නම්,
ඔබට ජය!


27 COMMENTS:

Anonymous said...
ela ela.. niyama wedak machooo.. thanks kiyala denawata apita mewa..
Anonymous said...
මචන් මට indyarocks වලින් උබ කිව්ව විදියට කරල adsense හම්බ උනා හැබැයි 100% ok නැහැ බන්
Tharanga Darshana Ekanayaka said...
අද උදේ මට නිකමට හිතුනා ඔයා අද ලිපියක් දායි කියලා....
නියමට තියනවා ලිපි සෙට් එක....
එළ..........................
දුෂාන් said...
Ela Ela. Digatama liyanna. Apita kammali naha.
kasun said...
Elakiri machan. thanks.
All in one said...
me wage danuma bedaaganna eka aththatama hodayi yaaluwa. ekata godak sthuthiyi.

online shoping karana ayata magenuth podi upades tika

1. ebay eke top rated sellers innawa ewagema ebay eke top rated kenekgen ganna baduwak gana apta tiyena risk eka bohoma aduyi.

2. ebay eke bhanda wala range eka wagema bhanda pramaanayath ekama bhaanadaya wikunanana sellersla gananath wadiyi

mama me ste saha e bay eka athara dakina wenasakam ewa thamyi. ewagema mama nithara ganna baduwala mila site okkogema ekama range ekakak thiyenawa wageyi mat penenne( anith badu gana mama kiyanna danne na)
All in one said...
yaluwaa danuyi adsense thiyenawaa dakke, onna mama danweemakatath kotalama giyaa.....
Dilan said...
Ko ban ara paypal kuppiye next post eka..
Chameera Lakshan Seneviratne said...
හැමදාම මේ වගේ අපිට වැදගත් ලිපි ගොඩාක් ලියන්න, . . . මන් හැමදාම බලනවා, . . . . ස්තුතියි
iPlus said...
@ Ano on October 16, 2011 1:08 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 16, 2011 1:22 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Tharanga ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ දුෂාන් ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ kasun ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ All in one ;
එකම භාන්ඩ ගොඩක් තිබිලා වැඩක් නෑනේ යාලුවා. මිල අඩුම එකෙන් එක ගානේ තිබුනාම ඇති කියන එකයි මගේ අදහස. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Dilan ;
මග එනවෝ. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Chameera ;
අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
ube lipi nam elakiri. digatama liyapan. Machan mama emoney hoyanna masa 4ta withra idan try karawa. bt mage awasanawakata kisima deyak hari giye ne. dennam epa wela inne. a unata microworkers nam hari giya. echchramai. gigibucks wage ewa try karata mama mnawa demmath aduma asawakatawath ekekwath mnwhar karala denna kiyanne ne. eka balapu una nam innawa 50k withara. ekekwath apply karan ne. google adsence kochchra try karath hambun ne. smowtion, adbrite,clicsor.geegain owa try karala ewa nikan higana weda wagei. pare higa kewath oita wada hambakaratheki. den nam sirawatama mata epa wela thiyenne, aduma rs 2000k ena net bilawath gewann widiyak netiwa inne. thama odesk nam try kare ne. bt eth rslt eka okama thamaine. mnawa karannada kiyala den theren ne. minitesworkers unath harifgiye ne. api mnwa karath hugak wita un eka weradi kiyanwa. bt microworkers nam hodai. mage suces rat eka 98% k wage thiyanawa masa 2kak wage idan.anith ekakwath hari giye ne. ubawath kiyapanko mata patan ganna thenak emoney hoyanna.
Kasun said...
Meka post ekata adala neti unata mama hithanawa me pashneta oya uththara dei kiyala. Anith ayatath wedagath wei. Web hosting ganna hodama godaddy kiyalane hugak aya kiyanne. A unata godaddy wala masekata 8$ wage gannawane hosting walata. Namuth lankawe webhost.lk , webhostinglanka.com wage ewa awuruddatama ganneth 10$ wagene. Aei a? Apita maseta 8$ kiyanneth loku ganakne. A una eka tikak amarui. A nisa lankawe ekakin gannada? Bt ehama gaththata passe ape web site ekata kela weida? Mama kiwwe ewa echchara wishawasa karanda be kiyala samahara facebook group wala ehama tibuna. Aththada eka?
Anonymous said...
මචන් උඹ කරන වැඩේ සිරා......................
හැබැයි පරිස්සමෙන්. Internet money කියල 1000 ගණන හොයන උන උඹත් එක්ක මලෙන් ඇත්තේ....................
මචන් Paypal ඒකෙන් සල්ලි card එකට withdraw කරන්නේ නැතිව ගෙන්න ගන්න හැටි කියල දෙනවා කිව නේද
අනේ ඉක්මනට කියල දියන්.
එක එනකල් අපි බලාන ඉන්නවා
Thanks Bro .....................
oprabath said...
machan honda letter ekak. keep it up.
iPlus said...
@ Ano on October 17, 2011 4:11 PM ;
යාලුවා තව ටික දවසක් ඉවසන් ඉන්න. මං fiverr කුප්පිය හොදට දාන්නම්. fiverr එලකිරි.
ඔයත් කරලා බලන්නකෝ. හොර බොරු වංචා නෑ. කියන්න දෙයක් තියෙනවානම්, මගේ බිස්නස් අඩුවෙයි කියලා හිතලා නොකියා ඉන්නෙත් නෑ. OK
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano October 17, 2011 7:01 PM ;
කියලා දෙනවා යකෝ.... එක ලිපියක් ලියන්න දවස් තුනක් විතර ඔට්‍ටු වෙනවා, එහෙම බැලුවොත් සතියකට ලිපි දෙකයිනේ ලියන්න පුලුවන්. අදහස් දැක්වූවට ස්තූතියි!

@ oprabath ;
අදහස් දැක්වූවට ස්තූතියි!
iPlus said...
@ Kasun on October 17, 2011 6:49 PM ;
යාලුවා වෙබ් හොස්ටින් ගැන කතාකරනකොට, ඉස්සරෝම Bandwidth, Storage data and Transfer rate ගැන බලන්න ඕනේ. Godaddy ආයතනයේ නම් මේ හැම එකක්ම unlimited. හොස්ටින් වලට 1and1 එකත් හොදයි. ලංකාවේ අය මේ හැම එකටම ලිමිට් තියෙනවා, ඇත්තටම කීවොත් උන්ගේ කයියේ තරමට වැඩ නෑ, එයාලා හොස්ටින් resellersලා විතරයි. ඔයාට ලංකාවේ අය මුදලට දෙන හොස්ටින් එක මෙතනින් නොමිලේ ගන්න පුලුවන්, byethost.com
ලංකාවේ මිනිස්සු එක්ක මුදල් ගනු දෙනු කරන්න යන්න එපා කියලයි අන්තිමේට කියන්න තියෙන්නේ.
ඔබට ජය!
Anonymous said...
elama ela
kasun said...
machan, mage paypal account eken pay karala yaluwekuge namata domain ekak register karoth eka mage paypal ekata effect ekak weyida?
iPlus said...
@ kasun ;
Godaddy එකෙන්නම් මම එහෙම ගන්න ගිහිල්ලා එයාලා අවසර දුන්නේ නෑ. ඒත් 1and1 එක ඩොමේන් වැඩවලට හොදයි. යාලුවාගේ නමට ගන්න ඕනේ කියලා දෙයක් නෑ. අපි ඩොමේන් එක ගන්නකොට Private ද Public ද කියලා ‍තෝරන්න තියෙනවා, ඒකෙන් ‍Private තෝරන්න. කොහොමත් ඔයාගේ පේපැල් එකෙන් ගන්නවානම් එයාගේ නම දානවාට වඩා ඔයාගේ නම දාලා Private ඩොමේන් එකක් ගන්න එක හොදයි.
Anonymous said...
Yaluwa Me dala thiyana theme akka dakkata passe blog akata enna hithnneth naha. aswalata godak amruii. MEka mage mathya.a oayata hoda nam thiyaganna. .puwannam ara isselllma dapu theme 1ka maxxxxa
iPlus said...
@ Ano on ctober 24, 2011 6:08 PM ;
හරි යාලුවා, මං ටෙම්ප්ලේට් එක මාරු කරන්නම්. අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
Maath me template ekata aasa naha. kalin eka sira.
kasun said...
@iPlus
thanks for replying.
awula thiyenne domain registration eka yaluwage namatama onelu. mama dan baluwe. domain eka mage namata aragena passe transfer karanna. private option eka baluwe naha. thanks again :)
Anonymous said...
Meken badu ganna verify karapu Pay Pal account ekkama oneda?
iPlus said...
@ Ano on November 10, 2011 12:59 PM ;
buyincoins සහ DX වලට වෙරිෆයි කරපු පේපැල් ඕනේ නෑ. ඒත් අනිත් අඩවි වලටනම් ඕනේ.
Jude.fdoo said...
Machan, Is it safe to buy items like DSLR s from these sites.
Anonymous said...
bohoma sthuthiyi apiwa me gana danuwath karaata!!!

1 comment:

  1. ebay එකේ බදු විකුණන හැටි සහ අපි විකුණන බදු වලට එයාලගේ ය කිරීම් ගැන සහ ඒවා අපි ලංකාවෙන් යවන හැටි ගැන කියා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.දැනුවත් කිරීම ගැන ස්තූතියි..

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc