Tuesday, September 16, 2014

පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට | PayPal කුප්පිය #7

OCT 30, 2011


පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට | PayPal කුප්පිය #7





අද ලිපියට ගොඩක් අය කැමති වේවි. අද කියන්න යන්නේ චෙක්කු මගින් කොහොමද පේපැල් මුදල් ලංකාවට ගෙන්නාගන්නේ කියලා. මේ සදහා වැඩේට ඉස්සරලා, වටපිටාව ගැන කතාකරලා ඉන්නම්.

මම දැනට පේපැල් ගිනුම් 4ක් විතර නාස්ති කරගෙන, VC කාඩ් 5කට විතර මුදල් වියදම් කරලා, බැංකු ගිනුම් හදලා, වෙබ් කාඩ් අරගෙන, වීසා කාඩ් අරගෙන, අමාරුවෙන් පේපෑල් ගැන ඉගෙනගත්තා. පේනියර් කාඩ් ගැනත් යම් අවබෝදයක් ගත්තා. Fastspring, Plimus, 2Co කියලා වෙබ් අඩවි තියෙනවා කියලා ඉගෙනගත්තා. ඒත් සල්ලි ගොඩක් නාස්ති කරගත්ත නිසා ඒවා ට්‍රයි කරන්න ගියේ නෑ. අහුවා ඇහුවා, ඇහුවා. කවුරුත් කියලා දුන්නෙත් නෑ. ඒත් කාලෙක ඉදන් පේපැල් කුප්පියක් දාන්න ආසාවක් තිබුනා, එකම අඩුපාඩුවකට තිබුනේ ඉහත කී කරුන විතරයි. අන්තිමේට පෝස්ට් එකක් ලියනකොට මං ලීවා මේක දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න කියලා, ඒ පෝස්ට් එක දාලා සතියකට විතර පස්සේ කොමෙන්ට් එකක් වැ‍ටුනා, මං මේක දන්නවා ඔයාටත් කියලා දෙන්නම් කියලා, ඒ කාගෙන්වත් නෙවේ "ඉසුර නිර්මාල්" කියන යාලුවාගෙන්. ඉතින් එයාව Contact කරගත්තා. එයාත් එක්ක සිදුවුන ඊමේල් ගනුදෙනුව මං අන්තිමේට කියන්නම්. හැබැයි මේ ලිපියේ අඩංගු තොරතුරු වල ගෞරවය ඒ යාලුවාට හිමිවෙන්න ඕනෑ. ඒ වගේම එයාට ගොඩාක් ස්තූතියි කියලාම ලිපිය පටන් ගන්නම්.

2checkout, Fastspring සහ Plimus කියන්නේ මොනවද? මොකටද?

2checkout, Fastspring සහ Plimus කියන්නේ එකම යාන්ත්‍රනයක් සහිත, වෙලදාම සදහා වෙබ් පි‍ටු ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්. මේවාගේ විශේෂත්වයක් තියෙනවා, මේවා සම්පූර්ණයෙන් automatic නෑ. මුදල් ගෙවීම් කරනකොට, ලබනකොට පන තියෙන මිනිසෙකුගේ අධීක්ෂනය යටතේ තමයි වෙන්නේ. තවදුරටත්, මේවාට multi payment system එකක් තියෙනවා. 

උදාහරනයක් කීවොත්:
අපි eBook විකුනනවා කියලා හිතමු. අපි පේපැල් මගින් checkout බොත්තමක් හැදුවොත්, අපිට මුදල් ලැබෙන්නේ පේපැල් හරහා විතරයි. ඒත් අපි ඉහත කී වෙබ් අඩවියක් භාවිතා කලොත් Visa, Master, moneybookers, Bankwire, PayPal වගේ මුදල් ගෙවීමේ ක්‍රමද භාවිතා කරමින් අපිට අපේ භාන්ඩය විකුනන්න පුලුවන්. ඒ කියන්නේ වැඩි මුදලක් උපයන්න පුලුවන් කියන එක.

 ඒ වගේම තවත් සතු‍ටු හිතෙන කාරනයකට තියෙන්නේ, මේවා සම්පූර්ණයෙනම ලංකාවට සපෝට් කරනවා.
ඉහත කී මුදල් ගෙවීමේ ක්‍රම මගින් අපිට ලැබෙන මුදල් 2checkout, Fastspring සහ Plimus හි ගිනුමක තැන්පත් වෙනවා, ඒවා අපට ලංකාවට ගෙන්නන්න ක්‍රම රාශියක් ලබා දීලා තියෙනවා. කිහිපයක් කීවොත් cheque, bank transfer, visa/master.

moneybookers කියන්නේ මොකක්ද?

moneybookers පේපැල් වලට අතිශයින් සමාන වෙබ් අඩවියක්, එකම අසමානකමකට තියෙන්නේ පොඩි රටවල්වලටත් එයාලාගේ සේවය ලබා දෙන එක. ලංකාවටත් සපෝට් කරනවා. ඒත් චෙක්කු වලින් මුදල් එවන්නේ නෑ. අපේ බැංකු ගිනුමට මුදල් එවනවා. පේපැල් හැරුනාම දැනට සයිබරයේ තියෙන හොදම වෙබ් අඩවියක් තමා moneybookers. ඒ වගේම දැන් දැන් වෙබ් අඩවි රාශියකට මෙයාලා සපෝට් කරනවා. මාත් මේ බලන් ඉන්නේ පේපැල් වළපල්ලට යන්නේ කවද්ද කියලා.

මේ ලිපියෙන් කියලා දෙන ක්‍රමය හරහා පේපැල් මුදල් වගේම moneybookers මුදලුත් ලංකාවට චෙක්කු මගින් ගෙන්න්න පුලුවන්.


අවශ්‍ය දේවල්:

හොද ඉංග්‍රීසි දැනුමක්,
වැඩකරන මොබයිල් නම්බර් 2ක්,
USB 3G Dongle එකක්
Firefox Web Browser
2checkout, Fastspring හෝ Plimus ගිනුමක්
PayPal හෝ moneybookers ගිනුමක්

අපි Plimus හෝ Fastspring වලින් වැඩේ කරමු.  ඒකට හේතුව 2checkout භාවිතා කරන්න $49ක මුදලක් අපි එයාලට මුලින් ගෙවන්න ඕනේ. Plimus හා Fastspring නොමිලේ සේවය ලබාදෙනවා.

එහෙනම් වැඩේට බහිමු. මං Plimus භාවිතයෙන් කියලා දෙන්නම්,

සාරාංශය:

කරන්නේ මේකයි, එයාලා අපට වෙබ් පි‍ටු ලබාදෙනවානේ අපේ භාන්ඩ විකිනීම සදහා. ඉතින් අපි කරන්නේ Double Acting. වෙලෙන්දත් අපි, පාරිභෝගිකයත් අපි.  ඒ කියන්නේ අපි පේපැල් වලින් අපේම වෙබ් පි‍ටුවක දෙයක් මිලදී ගන්නවා, එතකොට ඒ සල්ලි අපේම Plimus ගිනුමට වැටෙනවා. තවදුරටත් කීවොත් අපි පේපැල් මුදල් Plimus ගිනුමට මාරු කරනවා. දැන් පේපැල් මුදල් ටික තියෙන්නේ Plimus ගිනුමේ කියලා හිතමු. Plimus ගිනුමේ මුදල් අපි චෙක්කුවකින් withdraw කරනවා. එතකොට අන්තිම ප්‍රථිපලය බැලුවොත්, PayPal හි තිබූ මුදල චෙක්කුවකින් ලංකාවට එනවා. Plimus / Fastspring චෙක්කුව ලංකාවේ ඕනේම බැංකුවක් හරහා අපට අපේ ඉතිරිකිරිමේ ගිනුමකට දාන්න පුලුවන්. හ්ම්ම්... කොහොමද වැඩේ? මෙන්න මේක තමා කවුරු කවුරුත් හංගගෙන හිටපු Fastspring සෙල්ලම.

දැන් මං කියන්න යන්නේ කොහොමද Double Acting කරන්නේ කියලා. පියවරෙන් පියවර කියලා දෙන්නම්.


පියවර 1
http://home.plimus.com/ecommerce/ වෙත යන්න. "Register" බොත්තම ඔබන්න.




පියවර 2

දැන් එන පෝරමය ඉතා නිවරදිව පුරවන්න. මේ සදහා සත්‍ය තොරතුරු ලබා දෙන්න. ඉන් පසු ඔබේ නව Plimus ගිනුමට ලොගින් වන්න.



පියවර 3

 දැන් හදන්නේ, අපි භාන්ඩයක් විකිනීම සදහා වෙබ් පි‍ටුවක් නිර්මාණය කිරීමටයි. මමනම් විකුනන්න යන්නේ මෘදුකාංගයක්. ඔයාලාටත් පුලුවන් කොහෙන් හරි හොයාගත්ත මෘදුකාංගයක් හෝ eBook එකක් විකුනීම සදහා යොදා ගන්න. හැබැයි Quick rich programs මේ සදහා හරියන්නේ නෑ. ඒ කියන්නේ Adsense Fast Cash, clickbank blast වගේ ඉක්මනින් පෝසත් වීමට හැකි දේවල් වලට අදාල eBook මේ අඩවි වල විකුනන්න දෙන්නේ නෑ.
"New Product"  මත ක්ලික් කරන්න.



පියවර 4

මං විකුනන මෘදුකාංගයට අදාල තොරතුරු මං පහලින් පුරවනවා. ඔයාලත් ඊට අදාල දෙය කරන්න.

තව දෙයක් කියන්න ඕනේ, Product info url සදහා අපි වෙනම වෙබ් පි‍ටුවක් හදන්න ඕනේ, බ්ලොග් පි‍ටුවක් තිබුනාම හොදටම ඇති,
ඒ කියන්නේ අපි මේ විකුනන මෘදුකාංගය ගැන තොරතුරු දාලා ඉංග්‍රීසියෙන් බ්ලොග් පෝස්ට් එකක් හදන්න ඕනේ, ඒකේ, "Buy NOW" බොත්තමටයි අපි Plimus ලින්ක් එක දාන්නේ, ඔන්න මං බ්ලොග් පි‍ටුවක් හැදුවා. ඒක පියවර 10 දී බලන්න.

ඔයාලා Plimus වෙබ් පේජය හදන්න කලින් පියවර 10 විදියට බ්ලොග් පෝස්ට් එකක් හදාගෙන ඉන්න ඕනේ.

හරි අපි වැඩේ කරගෙන යමු. තොරතුරු පහල විදියට පුරවලා, "Full Version" බොත්තම ඔබන්න.



පියවර 5 

A: ඔන්න දැන් එයාලා අපිට "BuyNow "බොත්තමට අදාල, url එක දෙනවා. ඒක වෙනම තැනකට කොපි කරලා තියාගන්න. පියවර 10දී ඒක ඕනේ වෙනවා

අනෙකුත් තොරතුරු පහල ලෙස පුරවන්න, "Price:" කියන තැනට කැමති ගානක් දාන්න.


B මගින් පෙනෙන "Click Here" බොත්තම මගින් අපි කරන්න යන්නේ අපි විකුනන මෘදුකාංගය Plimus වෙබ් පේජයට අලවන්න.

පියවර 6

"Browse"  බොත්තම ඔබලා, ඔයාලාගේ කොම්පීතරෙන් ඒ මෘදුකාංගය හොයලා දෙන්න. ඊට පස්සේ "upload" බොත්තම ඔබන්න.



 පියවර 7 

අප්ලෝඩ් වෙලා ඉවරවුනාම පහල පරිදි message එකක් පෙන්නාවි. ඉන්පසු ඔයාලාගේ user name එක ක්ලික් කරන්න.


පියවර 9

 දැන් සියල්ලම ඉවරයි. ඔන්න ඔයාලාගේ අලුත් භාන්ඩේ දැන් Plimus Account එකට වැටිලා තියෙනවා බලාගන්න පුලුවනි.

 පියවර 10 

 දැන් අර කියපු බ්ලොග් පෝස්ට් එකයි මේ. පියවර 5ට අදාල A කියන ලින්ක් එක පහල "Get Now Only $50" කියන බොත්තමට ලින්ක් කරන්න ඕනේ. තවත් කීවොත් මේ බොත්තම එබුවාම Plimus එකට ගිහින් මේ මෘදුකාංගය මිලදී ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ.





දැන් සියල්ල අහවරයි. හැබයි මේ ගැන තව ගොඩක් තොරතුරු කියලා දෙන්න තියෙනවා. පුලුවන්නම් ඊලග ලිපිය ලියනකන් මේ ක්‍රමය භාවිත නොකර ඉන්න. ඒක ඔයාලාගේ කැමැත්තක්, ඉසුර නිර්මාල් යාලුවා මට කියපු විශේෂ තොරතුරු වගේම තවත් බොහෝ දේ ඊලග ලිපියෙන්.

"Get Now Only $50" බොත්තම හරහා ගිහින් කොහොමද රගපෑම අහුවෙන්නේ නැතිවෙන්න කරන්නේ කියලත් ඉතා පැහැදිලිව කියලා දෙන්න බලා පොරොත්තු වෙනවා. ඒ වගේම, මොබයිල් නම්බර් 2ක්,
USB 3G Dongle එකක් වගේ දේවල් මොකටද ඕනේ කියලත් කියනවා. ඩොංගල් නැති අය බයවෙන්න එපා, ඒවාටත් විසදුම් දෙනවා. මේ ලිපිය මං දවස් දෙකක් ලීවා. ඊලග ලිපිය දවස් කීයක් ලියන්න වෙයිද දන්නේ නෑ.

ගිහින් එන්නම්,
ඔබට ජය!


46 COMMENTS:

Tharanga Darshana Ekanayaka said...
එළකිරි.....
මේ වැඩකටයුතු වගේම පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වේවා !!
Prakash said...
හරිම පැහැදිළිව මේ ලිපිය ලියලා තියනවා. පේපෑල් වලින් සල්ලි ගන්න මරු ක්‍රමයක්. ඉතිරි ටිකත් ඉක්මනින්ම ලියන්න. plimus ල ගාස්තුවක් ගන්නේ නැද්ද අපිට දෙන ලින්ක් එකට ? ඔබ කරන සේවයට ගොඩක් ස්තූතියි.
Nadun (DJz) said...
නියමය් මචා ඒලටම ලියලා තියනවා. ෙගාඩක් වටිනවා
.ස්තුතිය් ෙම ගැන කියලා ෙදනවට....ඔබට ජය!!!!
SAJITH D JAYASEKARA said...
මට දැනගන්න පුලුවන්ද මේ සදහා වෙරිෆයි කල පේපෑල් ගිනුමක් අවශ්‍යමද කියලා?
Anonymous said...
promohosting.info/ezine-article-grabber-free.html

MALWARE BLOCKED....D
Nalaka Prasad said...
http://www.facebook.com/notes/seo-tricks-and-tips/ezine-article-grabber/268477989843165?ref=nf

UBA MACHAN HORA WADA KRALA BUDDIMAYA DEEPALA PANATHA YATATHE HIRE YANNADA INNE...LOL;
Nalaka Prasad said...
එළකිරි article එක. මට ඔය paypal තිත්ත වෙලා හිටියෙ. ජල්තර් වැඩ දෙනවනම් මචෝ ඔබගෙ emu එක හන්ගල දීපන්. කොල්ලට සුබ පැතුම්. දවස්ගානකට පස්සෙ වැඩකට ඇති ලිපියක් දැක්කෙ සිංඩියක තියෙනව. email subscription එකක් සයිට් එකට දාපන්. එහෙනම් මම ගියා.
Nalaka Prasad said...
මචන් මගේ ලඟ මම හදපු themes වගයක් තියෙනව. මට බැරිද මේ ක්‍රමයට මේ ටික sell කරන්න?
iPlus said...
@ Tharanga;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Prakash ;
අදහස් දැක්වූවට ස්තූතියි!
ගාස්තුවක් ගන්නවා. ඉතාම සුලු මුදලක්, ඒක ඊලග ලිපියෙන් ලියන්නම්.

@ Nadun (DJz);
අදහස් දැක්වූවට ස්තූතියි!

@ SAJITH ;
මං මේක කරලා තියෙන්නේනම් වෙරිෆයි කරපු පේපැල් එකකින්. මේ වැඩේට පේපැල් ගිනුම වෙරිෆයි කරන්න ඕනේ ඇති.මොකද, Plimus කියන්නේ පිලිගත්, වැදගත් වෙබ් අඩවියක් නිසා. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 30, 2011 4:24 PM ;
http://www.blackhatworld.com/blackhat-seo/black-hat-seo-tools/281432-get-my-ezine-article-grabber.html

@ Nalaka ;
අදහස් දැක්වූවට ස්තූතියි!
මේක නීති විරෝධීයි කියලා හිතෙනවානම්, ඔයාට පුලුවනි, ඔයාගේ පේපැල් මුදල් යාලුවෙකුගේ ගිනුමකට දාලා, එයා ලව්වා භාන්ඩය මිලදී ගන්න. එතකොට ඩබල් ඇක්ටින් ඕනේ නෑ. ඒ වගේම අපි කරන්නේ පිටරටකින් එන චෙක්කුවක් ලංකාවේදී මාරුකරනවා විතරයි.

මං කොහෙන්වත් ලිපි හොරකම් කලේ නෑ. ලිපිය ගත්තේ මෙතනින්:
http://www.blackhatworld.com/blackhat-seo/black-hat-seo-tools/281432-get-my-ezine-article-grabber.html
iPlus said...
@ Nalaka;
ඕන දෙයක් විකුනන්න පුලුවන්. ලිපියේ කියලා දීපු දේවල් ඇරෙන්න. තමාගේ දක්ෂතාවයෙන් දෙයක් කලානම් ගොඩක් හොදයි. හැබයි ඉතින් ඔයා හදන වෙබ් අඩවියට ටැ‍ෆික් ගෙන්නන්නත් වෙයි, නැතිව කොහොමද භාන්ඩ විකුනා ගන්නේ.
Nalaka Prasad said...
Thanks machan, මම කලින් කලේ පොඩි joke එකක් බන්.
Lasindu Nadishan | Admin said...
බොහොම ස්තුතී මචන්, අර හැටන් නැශනල් ක්‍රමේට වඩා මේක හොදයි වගේ මචන් :D
Anonymous said...
good job
Chameera Lakshan Seneviratne said...
ඉතුරු ටිකත් ඉක්මනට කියලා දෙන්න අයියේ, . . . thankzzzzz
Anonymous said...
machooo elakiri post ekak
umba langa hitiyanam mang umbata loku kiss ekak dhenawa :P

romba thanks :D
Prakash said...
මේ ප්‍රශ්නෙ නම් පේපෑල් වලට අදාල නෑ. Fiverr වලට අදාල දෙයක්. මම දැකල තියනවා සමහර අය, එයාලගෙ එකම ගිග් එක ඇතුලෙ Gig Extra කියලා අමතරව $5 හෝ $10 වැඩිපුර ගන්නවා. ඒ කියන්නෙ එම ගිග් එකටම අදාලව තව සේවාවක් සපයනවට වැඩිපුර ගානක් ගන්නවා. මේක කරන්න අපිටත් බැරිද? Fiverr ලිපියත් ඉක්මනින්ම ලියන්න. මම හිතන්නෙ ගොඩක් අය ඒකට කැමති
iPlus said...
@ Nalaka ;
ඒක අවුලක් නෑ. මං දන්නවා උබ මාත් එක්ක කොහොමත් හොදයි කියලා.

@ Lasindu ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 30, 2011 9:45 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Chameera ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano October 30, 2011 10:54 PM ;
හෆොයි! අපරාදේ කිස් එක මිස් වුනානේ.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Prakash ;
අපි ගිග් ගොඩක් විකුනුවාහම අපිව Featured කියන තත්වයට උසස් කරනවා. එතකොට අපිට අමතර ආදායමක් ලබාගැනීම පිණිසයි Gig Extra කියන පහසුකම් ලබාදෙන්නේ.
Rojith said...
නියමයි මචන්!!!
මට දැනගන්න පුලුවන්ද Better Privacy ඇඩෝනය කියන්නේ මොකක්ද?
Chameera Lakshan Seneviratne said...
අයියේ අපිට Neteller එකට අපෙ VISA Card එක Verify කරන්න පුලුවන්ද? කරාම Neteller එකෙන් අපිට අපේ Card එකට සල්ලි Withdrow කරන්න පුලුවන්ද? එහෙම බැයිනම් අපි කොහොමද Neteller එකෙන් සල්ලි අපේ අතට ගන්නේ? නැත්තම් වෙන System එකක් තියෙනවද? Plz hlp අයියේ, . . .
Nadun said...
මචන් මම ඔයාට මේල් 1ක් දැම්මා. නමුත් දැන් මේල් ලිපිනය මතක නැහැ.
මයාට පුලුවන්ද මෙල් 1ක දෙන්න(රිප්ලය් මේල් වල ඇති) ndn30...@gmail.com යාලුවා මේ මෙල් එක හොයලා දෙන්න.
Hathsha Kanshana said...
මරුනේ.. Better Privacy ඇඩෝන් එකනම් වැඩ කරන්නෙ නෑ මචෝ.. තව දෙයක්, මේ බ්ලොග් එකට Subscribe via Email කියන විජේට්ටුවත් දැම්මනම් තමයි හොද. එතකොට අලුත් ලිපියක් දැම්මම අපිට ඒක දැන ගන්න ලේසිනෙ..
Chandana said...
Thanks macho, article is best.
1. Plimus charges karana gana kiyada?
2. Paypal money me kramayata moneybookers ekata daganna puluwanda?

mata me dekata answer ekak denna.

Thanks...
iPlus said...
@ Rojith ;
ලිපියේ "Better Privacy" කියන වචනය උඩින් ක්ලික් කරන්න යාලුවා.

@ Chameera ;
මෙච්චර මං ලිපි හය හතක් ලියලා පේපැල් ගැන ලියනවා. උබ ආයෙත් මේ කෙහෙම්මලක් ගැන අහනවා. යකෝ, පේපැල් ගිනුමකට සල්ලි දාලා, පේපැල් කුප්පිය 7හි විදියට සල්ලි ගෙන්නා ගනින්කෝ.

මං නෙට්ලර් භාවිතා කරලා නෑ. ඒත් දන්න විදියටනම් එයාලා බැංකු ගිනුමට සල්ලි එවනවා. ඒත් Net+ කියලා කාඩ් එකකුත් නම් තියෙනවා.
ඒවා ලංකාවට එවනවාද නැද්ද කියලානම් දන්නේ නෑ යාලුවා.
http://www.neteller.com/business/payouts/

@ Nadun ;
යකෝ, අයිතිකාරයා දන්නේ නැද්ද ගොනා බැන්ද තැන? පුදුම මිනිස්සු නොවැ ඉන්නේ.
රිප්ලයි එකක් දාන්නම්. OK
ndn3264@gmail.com

@ Hathsha Kanshana ;
අදහස් දැක්වූවට ස්තූතියි! Compatibility Checking Disable කරන්න. එතකොට ඇඩොන් එක වැඩකරාවි.

http://martintjandra.wordpress.com/2011/03/23/mozilla-firefox-how-to-disable-add-on-compatibility-checking/

@ Chandana ;

අදහස් දැක්වූවට ස්තූතියි!
01. $2.50 per Check, 8%
02. බෑ
Chameera Lakshan Seneviratne said...
මාර වැඩේනේ අයියේ, . . . මට blog site එකක් නැනේ, . . ඒකනේ මේ හැටි අඩන්නේ, . . pioneer card එකෙන් paypal සල්ලි ගන්න බැයිද?
Chameera Lakshan Seneviratne said...
අයියේ මට පුලුවන්ද neobux එකේ refferal ලා rent කරනකොට වෙන කෙනෙක්ගේ paypal account එකකින් සල්ලි ගෙවන්න neobux ලාට, . . එහෙම කරාම අව්ලක් වෙන් නැ නේද? වෙන කෙනෙක්ගෙ paypal account එකකින් සල්ලි ගෙව්වා කියලා
iPlus said...
Chameera ;
බ්ලොගර් වලින් නොමිලේ බ්ලොග් හදන්න පුලුවන්නේ. අනේ මංදා ඔයා 2 වසරෙද?
පේනියර් කාඩ් එකෙන් සල්ලි ගන්නත් පුලුවන්.

neobux
වෙනත් කෙනෙකුගේ පෙපැල් එකකින් සල්ලි ගෙව්වොත්, මං දන්න විදියට එයාගේ පේපැල් එකටම තමයි කරන්න withdraw වෙන්නෙත්
Anonymous said...
@Chameera Lakshan Seneviratne:

උබට පිස්සු හැදිලස්‍ද බක්ද්‍ස් වල රෙන්ට් කරන්න.iPlus සහෝ මෙච්චර පැහැදිලිව කියලා දීලා තියනවා ඉමනි කරන ක්‍රම.උබ මේ බක්ස් මගුලන් දාගෙන දගලනවා.බක්ස් වලට මුදල් ආයෝවනය කරන එක බොරු වැඩක්
Chameera Lakshan Seneviratne said...
ඇයි ano neobux නරකද?
Madhawa Habarakada said...
fiverr වල terms බැලුවද??? ඩොලර් 5කට වඩා ඉල්ලන එක නීති විරෝධී. buyerට පුළුවන් ඒක report කරන්න. එතකොට ඉතින් acc එකට කෙලා තමා. මටත් ඔය වගේ එකක් උනා. ඔහොම ප්‍රසිද්ධියේ දාල නෙමෙයි, messages වලින් කතාකරනකොට වැඩි ගාණක් ඉල්ලල. (මගෙ ගිග් එක ගත්තු එකා ඩොලර් 5ට ඩොලර් 50ක විතර වැඩ කරගන්න හැදුව. :D ) අන්තිමට මට කෙල උනා. සල්ලි එක්ක මගෙ ගිණුම බ්ලොක් උනා. :(
iPlus said...
@ Ano on November 4, 2011 11:56 AM ;
හැමෝම ඔහොම තමයි. ඉස්සරෝම බක්ස් කාරයන්ගේ ලණු කාලා තමයි අනිත් වැඩවලට බහින්නේ.

@ Chameera ;
neobux හොදයි. fiverr හොදාආආආආආආආආආයි.

@ Madhawa ;
මට වැඩිය තේරුනේනම් නෑ යාලුවා. මං ඔහොම කතාවක් ලිපියේනම් ලියලා නෑ. අදහස් දැක්වූවට ස්තූතියි!
SAJITH D JAYASEKARA said...
@Madhawa Habarakada : ඔය කතාව ඇත්ත. සමහර සුද්දෝ රට කපටි. විසේසෙන් ඇමරිකන් කලු එවුන්. සමහර සුද්දෝ අපිට කියලා කර ගන්න වැඩ $5 කටනම් කොහොමත් කරන්න බැ. බැනර් එහෙම හදද්දි හදන හදන එක හොද නැ කියලා බැනර් 5ක් විතර හදා ගන්නවා. අන්තිමට බලද්දි අර ඔක්කොම බැනර් උගෙ වෙබ් සයිට් එකේ තියෙනවා. එතකොට පාඩුව අපිටනේ. වැඩි පුර සල්ලි ඉල්ලන්නත් බැ. රිපෝර්ට් කරපු ගමන් ගිනුම කැන්සල්. හම්බ කරපු සල්ලි ටිකටත් කෙලවෙන වැඩක්. ඒත් ඉතින් එහෙම කියලා ෆිවර් එක අත් අරින්නත් බැනේ.
Methla Vijaya Bandara said...
අයියේ බොරු නම්බර් ඒකක් දුන්නට වැඩක්නෑ මොකද කරන්නේ මට හරියන පිලිපින් නම්බර් ඒකක් දෙන්න පුලුවන්ද? pleas
Supun said...
machan ara Auto hide ip software 1 firefox6 walata compatiable ne kiyanawane.eka wenama separate use karanna puluwan.eth ehema wedak ne.ane mokada karanne??eka sehena wedak ganna puluwan soft ware 1k.pls mata meka firefox wala weda kara ganna widihak kyala diyan...ubata godak pin.......
Anonymous said...
Thanks Machan..............
iPlus said...
@ SAJITH D JAYASEKARA;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Methla Vijaya Bandara;
මේක දාන්න 0116328159911

@ Supun;
මේ ලිපිය කියවන්න
http://www.iplusblog.com/2011/09/indyarocks-adsense-emoney-2.html


@ Ano on November 15, 2011 3:08 AM;
අදහස් දැක්වූවට ස්තූතියි!
srilanka said...
ඔබ කරන සේවයට ගොඩක් ස්තූතියි. read bud වලින් අපිට සල්ලි ගන්න පුලුවන්ද?
Dilminidu said...
wadeta tkx. eth buyer & seller 2ma apima karanawa kiyana eka me widiyata danna epa.

mama 2CO & plimus use karala tiyenawa.
eyalata terunoth api ape item 1ma gannawa kiyala account 1 close karai sallith ekkama.

ee nisa eeka karaddi IP gana, phone numbers gana godak parissam wenna ooone.

ee wagema ee salli ganna payoneer cards use karanawanam, ee card 1e fee 1 ganath hitanna oone. paypal 1e tiyena $100kin apita athata labenne $ keeyada kiyana hitanna oone.

Anyway, keep it up,.
ela
iPlus said...
@ srilanka ;
Read Bud සල්ලි ගෙවන්නේ නෑ යාලුවා.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Dilminidu ;
අදහස් දැක්වූවට ස්තූතියි!
yashodha Lakmal said...
This comment has been removed by the author.
yashodha Lakmal said...
machan iplus.mama ada thama ube blog ekata awe.supiri machan.mage blog eke ekek comment ekak dala tibuna mama ube post danawa kiyala.ekata passe kata uththara nathi una.mama ebay gena liyanne.karanna welawakuth ne ban.Ebay gena hodata danna ekak hoyala diyan machan mage blog eka uta liyanna denawa.
mama me weddi visa card 3k iwara karagaththa.uba wagema math ehuwa.mokekwath kiwe ne ban.berima thena reload widihata comminication walata reload kala.untath comis dunnama mata mara padui.ubatath ubata meka kiyala dunnu poratath ekenma pin machan.elama wade.anik lipiya ikmanatama dapan.mama aniwa balanna enawa.
mama me post eka source by kiyala mage blog eke danawa machan.aula wagenam kiyapan.mama ain karannam
www.infogrant.blogspot.com
ඔබට ජය!
Pasindu Perera said...
,,great posts_____---:::....lankawe smagam nadda api unta paypal walin salli dunnama un ape athata salli dena,,,,
Tharu said...
ow bn salli atata ganna lese kramayak nadda
Anonymous said...
paypal eaka money tika alertpay account eakata ganna barida?
Ishan said...
Shaaaaaaaaaaaaaaaaa patta Thank you very much..................... Jaya wewaaaaaa me wage danuma bedaagannawata godaaaaaaaak pin wadi wadiyen labennaoni
Anonymous said...
Machan, umbata godak pin mey karana deyata... Awankawama umba wagey kenenk cyberspace ekey inna ekath lankawe apita godak loku adambarayak... Athmarthakamithwaya abibawa ya haki Parathakamithawayak athi hithak thiyana ekama athi machan! Umbata kawadawath waradinne naha.... Godak Pin!!!
Vishwajith Rajapakse said...
mchn meekanum maru adahasa. mama mage pay pal eka limit karala nisa salli withdrow karaganda baruwa hitiye.

oyanum deiyek newei dewalayak

1 comment:

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc