OCT 25, 2011
ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #6
Posted by iPlus on 3:50 PM
මේ ලිපියෙන් ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩ ගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් සහ නොදන්නා කෙනෙකුට දැනගන්නත් එක්ක, පේපැල් මුදල් වලින් යම් භාන්ඩයක් මිලදීගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතනින් පස්සේ ආයේ ඊබොක්ක ගැන කියන්නේ නෑ. මීලග ලිපි වලින් අපි කතාකරන්නේ Alertpay, Plimus, Fastspring සහ Payoneer ගැන. කොහොමත් තව ලිපි දෙකක් විතර ලියනකොට මේ කුප්පිය සම්පූර්ණයෙන් ඉවරවෙයි. අපි දැන් කුප්පියට බහිමුකෝ,
මගේ ගනු දෙනු ගැන කීවොත්, ගොඩක්ම ගනු දෙනු කරලා තියෙන්නේ Buyincoins එක්ක. දැනට භාන්ඩ 20ක්, 30ක් විතර. ඊට පස්සේ DX එකත් එක්කත් ගනු දෙනු කිහිපයක් කරලා තියෙනවා, මීට අමතරව mistertao සමගත් ගනු දෙනු කිහිපයයි. කිහිපයයි කියන්නේ තුන හතරක්. budgetgadgets සමගත් miniinthebox සමගත් එක් ගනුදෙනුව බැගින් කරලා තියෙනවා. ඊබොක්ක සමග කලේ එක ගනුදෙනුවයි ඒ ගනුදෙනුවෙන් තමා පේපැල් ගිනුමට කෙලවුනේ.
miniinthebox.com
මේක ටිකක් රෙස්පට් කඩයක්, ගනන් ටිකක් සැරයි, හැබැයි ගොඩක් භාන්ඩවල මිල ඊබොක්කට වඩා අඩුයි. ලංකාවට භාන්ඩ එවනවා, ලංකාවට විතරක් නෙවෙයි, ලෝකේ වටේටම, තියෙන සියලුම භාන්ඩ Free Shipping. වෙබ් අඩවිය බොහොම වැදගත් පාටයි. Buyincoins එකේ වගේ නෙවෙයි, හැම භාන්ඩයටම Original Packages එවනවා. ඒ කියන්න්නේ ෆෝන් එකක්නම් ඊට අදාලව තියෙන සබ්බසකළමනාවම එවනවා. භාන්ඩය කුඩා වුනත් පෙට්ටිය ලොකුයි, තැපැල් මාමාට මේ පෙට්ටි කරේ තියගෙන තමයි පුට් සයිකලේ පදින්න වෙන්නේ. ගිනුමක් හදලා, භාන්ඩය අපේ Shopping Cart එකට දාගෙන මගක් යනකොට, මුදල් ගෙවීමට කලින් අපේ ඇඩ්රස් එක ගහන්න තැනක් තියෙනවා. Video Game Accessories සහ Apple Accessories වලට මේ අඩවිය හොදයි. අනිත් තියෙන භාන්ඩනම් අපිට Buyincoins හෝ DX එකෙන් තව ටිකක් අඩුවට ගන්න පුලුවන්.
lightinthebox.com
නමින්ම තේරෙනවනේ, miniinthebox ගේ අයියා තමයි lightinthebox කියන්නේ. වෙබ් අඩවි දෙකේ යාන්ත්‍රනය එකමයි. Weddings & Events සහ Fashion Design සදහාම සැදු වෙබ් අඩවියක්. කසාදයක් එහෙම බදිනාවානම් සමහරවිට වැදගත් වෙයි. අමුතු විදිහේ ගැජමැටිස් කෑලිත් මේකේ නැතුවා නෙවෙයි.
දැන් මේ ඊබොක්කට එරෙහිව කල සටනේ සාරාංශය කියන්නම්, අද හෙට නැතත් කවදා හරි භාන්ඩයක් මිලදී ගැනීමේදී වැදගත් වෙයි.
Electronics සහ Computer Gadgets සදහා: buyincoins සහ dealextreme
Branded Cell Phones සදහා: mistertao.com
Computer Hardwares සදහා: mistertao.com සහ dealextreme
Cell Phones Accessories සදහා: dealextreme
Health & Beauty සදහා: buyincoins සහ lightinthebox.com
Tablet PC/ MID සදහා: buyincoins සහ Pandawill
Home & Sports: buyincoins සහ dealextreme
සාමාන්‍ය ඇදුම් පැලදුම්, සපත්තු: mistertao.com
Weddings & Party Dresses: lightinthebox.com
මේ සියලුම දේවල් තොග ලෙසින් මිලදී ගැනීමට: dhgate.com
හරි අපි ආයේ මේ දේවල් ගැන කතාකරන්න ඕනේ නැතිවෙයි, මටනම් කියන්න තියෙන හැම දෙයක්ම කීවා, ඒත් කෙනෙකුට ගැටලුවක් තියෙනවානම් අහන්න පුලුවනි. ඔන්න මං දැන් හදන්නේ පේපැල් ගිනුමකින් මුදල් ගෙවීමක් කරලා පෙන්නන්න. කෙනෙකුට හිතෙයි මේ මොකක්ද මේ කරන විහිලුව කියලා. ඒත් නොදන්න කෙනෙක් මේ වගේ පොඩි දේවල් වලින් පවා අසරන වෙන්න පුලුවන්, ඒකත් කියලා දුන්නම ඉවරයිනේ. එතකොට කුප්පියත් සර්වසම්පූර්ණ වෙනවා. පහලින් දක්වලා තියෙන්නේ buyincoins එකෙන් භාන්ඩයක් මිලදී ගන්න හැටි. කිසිම පියවරක් උඩින් පැනලා නෑ. අතෑරලත් නෑ, සියල්ල පිලිවෙලට තියෙනවා, රූප ටික බලාගෙන ගියපුවාම තේරුම් ගන්න පුලුවන් වේවි.
buyincoins ගිනුමට ලොග් වුනා, කැමති භාන්ඩය තේරුවා, Shopping Cart එකට දැම්මා.
Menu බොත්තම ඔබලා මෙනුව පහලට ඇද්දා, Checkout බොත්තම එබුවා.
A මගින් අපට භාන්ඩය ගෙන්වන ක්‍රමය තෝරන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ "Airmail Unregistered" . ඉන්පසු B මගින් පෙන්වා ඇති, "Stranded Checkout" බොත්තම එබුවා.
ඔන්න දැන් අපට අපේ ඇඩ්රස් එක ගහන්න තැනක් එනවා. "Modify" බොත්තම එබුවා.
A මගින් අපට මුල ඉදන් සම්පූර්නයෙන් අපේ විස්තර ඇතුලත් කරන්න පුලුවන්. B මගින් කලින් ගහපු ඇඩ්රස් එකක් තෝරන්න පුලුවන්. ඊලගට "Continue" බොත්තම එබුවා.
නැවතත් පහල පෙනෙන B බොත්තම එබුවා
ඔන්න දැන් අපට ඇඩ්රස් එක නිවරදිව වැදිලා තියෙනවා බලාගන්න පුලුවන්. ඊලගට "Confirm Order" බොත්තම එබුවා.
ඔන්න දැන් පේපැල් එක්කයි ගනු දෙනු කරන්න යන්නේ. ඔබේ පේපැල් ගිනුමේ තොරතුරු ඇතුලත් කර, "Login" බොත්තම එබුවා.
වෙලෙන්දාට Note එකක් එහෙම දාන්න තියෙනවානම් "ADD" මගින් දාන්න පුලුවන්. පාටක් එහෙම තෝරන්න තියෙනවානම් අපිට Note එකකින් ඒක කියන්න පුලුවන්. ගාන හරිදැයි බැලුවා, "Pay Now" බොත්තම එබුවා.
සල්ලි හරියට ගෙව්වා ආපහු Buyincoins එකට ආවා.
ඔන්න ඔහොම සල්ලි ගෙව්වා, Buyincoins එකෙන් Logout වුනා.
එහෙනම් ඕං මමත් අදට කැපුනා.
ගිහින් එන්නම්,
ඔබට ජය!
46 COMMENTS:
- නියමයි අයියේ , . . ඉක්මනටම paypal වලින් සල්ලි ගන්න ව්දියත් අපිට කියල දෙන්න, . . . thank you !, . . .
- Ow matath eka thama denaganna one. thanks iplus
- අයියේ මං කරනකොට මෙහෙම එකක් ආවා, . . දැන් දෙන්න බැනෙ
Due to temporary difficulties we cannot process MasterCard/Visa transactions at this time. Please try again later, or use an American Express card.
මොකද අය්යෙ දැන් මං කරන්නේ - සොරි අයියෙ comment එක complete කරන්න බැරි උනා, . ඕක ආවෙ alertpay verify කරන්න යද්දි , . . plz, . . tell me ඇයි මෙහෙම වෙන්නෙ කියල, . . මෙක හදන්නෙ කොහොමද
- Paypal walin lankawata salli ganna mokakda koranna ona hebatama.
- නියමයි,
ඔබ මෙම කරන සේවය ඉතා අගෙයි. - ඔබ කරන සේවය ඉතා අගෙයි. ඇත්තටම ඔබ කව්ද ? ඔබ කුහක මිනිසුන් අතර සැබෑ මිනිසෙකි ඔබට සදා ජය !
- ebay selling gena liyanna puluwanda?
plsssssssss - එළකිරි......
- niyamai.oyata jaya.fiverr post eka ekmanata danna...
- @ Google Admin;
අදහස් දැක්වූවට ස්තූතියි!
@ Chameera Lakshan;
Alertpay වලට දැන් වීසා කාඩ් දාන්න බෑ. චෙක් වලින් සල්ලි ගෙන්නන්නත් බෑ. ඇත්තටම කීවොත් දැන් ඇලට්පේගෙන් වැඩක්ම නෑ. අදහස් දැක්වූවට ස්තූතියි!
@ Chandana;
හැබෑටම කොහොමද කියලා, අපි ඊලග ලිපියෙන් බලමු. අදහස් දැක්වූවට ස්තූතියි!
@ Ano on ctober 25, 2011 10:09 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!
@ Ano on October 25, 2011 11:18 PM ;
මචන් උබට රෑට නින්ද යන්නේ නැද්ද? මොකෑ මේ යක්කු ගස් නගින වෙලවේ කොරන්නේ?.
අදහස් දැක්වූවට ස්තූතියි!
@ Ano on October 26, 2011 12:28 AM ;
techadiya.blogspot.com
@ Tharanga ;
අදහස් දැක්වූවට ස්තූතියි!
@ my magazine;
අදහස් දැක්වූවට ස්තූතියි! - අයියේ, . . . එතකොට අපිට american express card or master card එකකින් alertpay verify කරන්න පුලුවන්ද, . . . එහෙමත්, . . බැයිනම් අපි කොහොමද alertpay වලට දා ගන්න සල්ලි අතට ගන්නෙ, . . . plz help අයියේ, . . . :'(
- අයියේ ඔය කිසිම කාර්ඩ් එකකින් alertpay verify කරන්න බැයිනම් අපිට neteller එකෙ account එකක් හදාගෙන ඒකට අපේ visa කාර්ඩ් එක verify කරොත් අපිට කාර්ඩ් එකට/ අතට සල්ලි ගන්න පුලුවන්ද?, . . .neteller ලංකාවට සල්ලි එවනවද? plz explain me අයියේ, . . :'(
- @ Chameera;
ලංකාවට neteller, moneybookers, Alertpay කියන වෙබ් අඩවි තුනම සපෝට් කරනවා. ඒත් ඉස්සර අපිට චෙක්කු වගේම කාඩ් වලටත් මුදල් එව්වා. ඒත් දැන් ඒ අඩවිය visa,master,cheque කියන කිසිම දෙයක් සපෝට් කරන්නේ නෑ.
ඔයාට මං විකල්ප විධි කියන්නම්
01. moneybookers වලට සල්ලි දාන්න. එයාලා චෙක්කු එවන්නේ නෑ. ඒත් අපේ බැංකු ගිනුමට සල්ලි දානවා.
02. PayPal ගිනුමකට සල්ලි දාන්න. පේපැල් ගිනුමක් හදන හැටි මං කියලා දීලා තීයෙනවා. පේපැල් වල තියෙන මුදල් අපිට චෙක්කු වලින් ගෙන්නන්න ක්‍රම තියෙනවා. ඒක මං ඊලග ලිපියෙන් ලියනවා.
03. neteller ලංකාවට සම්පූර්නයෙන් සපෝට් කරනවා. වෙරිෆයි කලත් නැතත් භාවිතා කරන්න පුලුවන්, ඒත් වෙරිෆයි කලේ නැත්නම් සීමාවක් තියෙනවා. ඒත් මං මේක භාවිතා කරලා නෑ. මේ ගැන වැඩි විස්තර:
http://www.neteller.com/moneytransfer/
04. Alertpay භාවිතා කරන්න වෙරිෆයි කරන්න ඕනේ නෑ. sms එකක් මගින් වෙරිෆයි කලාම හොදටම ඇති. ඒත් දැනට ලංකාවට ඇලට්පේ හරහා සල්ලි ගෙන්විය හැකි එකම ක්‍රමය Bank Wire පමනයි. මේකට එක් වතාවකට $35ක් විතර වැයවෙනවා. ඒත් මං මේ ක්‍රමය භාවිතා කරලා නෑ. ඉස්සරනම් චෙක්කු එවනවා. ඒ චෙක්කුවේ pin නම්බරයක් එවනවා. ඒක ගිනුමට ඇතුලුකලාම වෙරිෆයි වෙනවා. ඒත් දැන් එහෙම ක්‍රමයක් නෑ.
ඔබට ජය! - Yaluwa mama Ada neteller reg una.. Mage mail akata login deteils ewala thbuna.. bt Account ID,Secure ID
Dila log wenna baha..
Mehma MSG 1k enawa..
"NETELLER has detected a similar account profile within the system. If you are an existing member please sign in with your existing account details, or contact NETELLER customer service for assistance"
Help me - Anonymous says: October 26, 2011 7:03 PM
MAma account 2k hadala naha.. adamii site aka dakketh bt log wenne bahane - අයියේ , . . මං neobux එකෙ ඉන්නවා, . . .. moneybookers ලට neobux ලා support කරන් නැනෙ, . . . alertpay,nettler support කරන්නෙත් නෙති හින්දා අයියේ ඉක්මනටම neobux එකෙන් අපිට paypal හරහා සල්ලි එලියට ගන්න විදියක් ඉක්මනටම කියලා දෙනකන් මං බලගෙන ඉන්නවා , . . . .
- අර උඩ site එකකවත් Branded Products නෑනේ.Quibids වගේ auction site ටිකක් හොයල දෙනවද?Quibids නම් ලන්කාවට බඩු Ship කරන්නේ නෑ.
- යාලුවා, මං NETELLER භාවිතා කරලානම් නෑ. Account ID & passward විතරක් දීලා ලොග් වෙලා බලන්න.
"Forgot your account information?"
මගින් අපේ ඊමේල් එකට ලොගින් තොරතුරු ගන්න පුලුවන්.
@ Chameera;
හරි යාලුවා.
@ හොදපුතා;
mistertao එකේ ඕනතරම් Branded produts තියෙනවා. Bid කරලා ලංකාවට බඩු එවන අඩවියකට තියෙන්නේ, මං දන්න විදියට eBay එක විතරයි. - අයියේ, . . .Readbud ලා සල්ලි Cashout කරනවද?, . . .
- sahodaraya moneybookers,alertpay walin badu ganna puluwan site thiyenawanam kiyanawada?
- @ Chameera:
Readbud සල්ලි ගෙවන්නේ නෑ. එයාලා කරන්නේ බොරුවක්.
@ my magazine:
ඇලට්පේ කඩවල්නම් නෑ. moneybookers සදහා, ඇයි eBay?
http://www.moneybookers.com/app/directory.pl?c=COMPUTERS - aiye ,alertpay wedak netnam dan, microworkers account eke tiyana salli Withdraw krnna puluwan kiyana eyala alertpay ekatai Moneybookers witarailu Withdraw krnna. ithin aiye dan aletpay eka ebay wat Buyincoins support kranna neti nisa. mage den microworkers eke tiyana mata hambuna salli wlata mokakda aiye krna? mage alertpay ekat sms walin wat verify krlat nehe. ane aiye mekata krnna deyak kiyannako...ane aplzzzzzzzz.....mata hitha gann beruwa inna dan...plzz
- @ isuru - මචන් AlertPay වල තියන සල්ලි ලන්කාවට ගන්න මට උදව් කරන්න පුලුවන්. කැමතිනම් mail එකක් දාන්න..
hathsha@gmail.com - apith me ebokkatat aduwen badu gennenna site ekak hoya hoya hitiye.den ekatat uththare hambuna.thanks yalu.
- @ isuru ;
moneybookers ගිනුමක් හදලා ඒකට සල්ලි දාන්න. moneybookers ගිනුමට ඔයාගේ බැංකු ගිනුම ලින්ක් කරලා, ඒ සල්ලි බැංකු ගිනුමට දාන්න පුලුවන්.
@ Hathsha ;
අදහස් දැක්වූවට ස්තූතියි!
@ madu ;
අදහස් දැක්වූවට ස්තූතියි! - Thanks Macho........
- ayyo salli! mage readbud account eketh $45 thiyenawa. oya lankawe inna emoney gurek thamayi maavath amaruwe damme.
- @ Ano on November 17, 2011 1:08 AM ;
උන් සල්ලි ගෙවන්නේ නෑ යාලුවා. - mage laga thiyenne MONEYBOOKERS account 1k, mata eka miniinthebox use karanna puluwanda badu ganna ??
- @ GaVinDA LD ;
බෑ කොලුවෝ. පේපැල් විතරයි! - මචන් දැන් අපි මේ අඩවිවලට paypal හරහා සල්ලි ගෙව්වාම pay[al account එකේ තියෙන්නේ පිටරට address එකක් නම් ඒක shippinh address එකට මැච් නොවුනොත් ප්‍රශ්නයක් වෙන එකක් නැදද? මොකද paypal account එක හදලා තියෙන්නේ මැලේසියන් විදියට නිසා.
- @ Ano on December 27, 2011 1:14 PM ;
යාලුවා චීන වෙබ් අඩවි වලට කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. ඒත් ඔයා ඊබොක්කෙන් වගේ භාන්ඩයක් ගෙන්නාගන්නවානම් කලින් වෙලෙන්දාගෙන් අහන්න ඕනේ පේපැල් ඇඩ්රස් එකට නැතිව, ඊබේ ඇඩ්රස් එකට එවන්න කියලා. - machan labeta poth gana site 1k netda internet eke...amazon eke godak ewa lankawata ewanne nene.
- අපි buyincoins.com වලින් බඩුවක් ගන්නකෝට paypal එක වෙන රටක විදියට වෙනත් කෙනෙකුගෙ නමට හදලා තියෙනව නම් buyincoins වලින් අපේ නමට ලංකාවේ ලිපිනයකට මේ බඩු එන විට ප්‍රශ්නයක් වේවිද? මොකද paypal එකේ නමත් වෙනස් නිසා. buyincoins වලදි ඇඩ්රස් එක ටයිප කරන විට අපි ඇතුලත් කරන paypal account එකේ නමම shipping address එකේ නමත් සමානව තිබිය යුතුමද?
- @ bensoskin;
filecrop.com එකේ පොඩ්ඩක් හොයලා බලන්න යාලුවා.
@ Ano on January 1, 2012 5:26 PM ;
නෑ එහෙම කිසිම ගැටලුවක් නෑ. සල්ලි ගෙවනවානම් අපි කියන ඕනෑම නමකට ඕනෑම ඇඩ්රස් එකකට එයාලා භාන්ඩය එවනවා. හැබැයි ඊබොක්කේනම් භාන්ඩ මේ විදියට මිලදීගන්න යන්න එපා. - Buyincoins.com වලින් බඩු ගන්න paypal account එක verify කරල තියෙන්න ඕනද ?
- moneybooker account ake money walin lankawata badu gennaganna puluwan site dannawanam kiyannko;//
- PayPal Arenne online jobs karala lankawata Salli gennaganna thiyena hondama kramaya mokadda????
- උඹ නම් රියල් පොරක් මචං. ස්තූති කරලත් මදි. උඹට පිං මචන්...
- mistertao eke gewane kohomada
- oya mata meka kiyala dunna nisa mamath kamathi oyata udau karanna oya kiyala tiyena Pandawill site eke promotion ekak tiyenawa 6 april wenakal witarai try karala balanna anith ayatat kiyanna thank you
- මුල posts 3ත් කියෙව්වා හොඳ දැනුවත් කෙරීමක්. සාරාන්ශයකුත් දාපු එක ගොඩක් වටිනවා.
- මචං dhgate එක අවුලක් නැද්ද????????උඹ එකෙන් shopping කරලා තියෙනවද???????????????
- Niyamai machan man anith awath kiyawanna ona
- ඔයා නං මාර පිනක් අයියෙ කරගන්නෙ :)
paypal account එක ලංකාව දල හදල තියෙනකොට සල්ලි ගන්න කිසිම ක්‍රමයක් නැද්ද?
ReplyDeleteYou can earn $20 for each 20 minute survey!
ReplyDeleteGuess what? This is exactly what big companies are paying for. They need to know what their average customer needs and wants. So these companies pay millions of dollars every month to the average person. In return, the average person, like me and you, fills out surveys and gives them their opinion.
Hi there! I just wanted to ask if you ever have any problems with hackers?
ReplyDeleteMy last blog (wordpress) was hacked and I ended up losing months of hqrd wlrk duue
to no back up. Do yyou have any methods to protect against hackers?
Hi, i believe that i saw you visited my web site thus i got here to go back the
ReplyDeletewant?.I am attempting to to find issues to improve my site!I guess its adequafe to make use of a few of your
ideas!!