Friday, September 12, 2014

දන්නා පේපැල් ගැන නොදන්නා දේ | iPlusගේ PayPal කුප්පිය #1

පැමිණි සියලු දෙනාටම ආයුබොවන් කියලා අද වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතින් මම කලින් පෝස්ට් එකකදි යාළුවන්ගේ කැමැත්ත විමසුවනේ  iPlus ගේ ලිපි ටික ඒ නමින්ම EMoney අඩවියේ ඵල කරන්න. එහෙනම් එයාගේ PayPal කුප්පි ටික ඔයාලට හුගක් වැදගත් වේවි. ඔබට ප්‍රෙයා්ජනයක් ගතහැකි යැයි හැගී ගිය හෙයින් එම අඩවියේ ඒ ඒ ලිපියට අදාලව ඵලවූ කොමෙන්ට් ද මෙහි ඵල කර ඇත. ගැටළු තියෙන තැන් වලදි මම උදව් කරනවා‍. ඔය තියෙන ලින්ක් වල ගැටළු තිබුනොත් කොමෙන්ට් කරන්න මම ඒවා සොයා බලා නිවැරදසි කරන්නම්. මෙතැන් සිට සම ලිපි ඔබ හමුවට ගෙන එනු ලබනවා. එහෙමනම් iPlus ට උත්තමාචාරය. 
iPlusගේ PayPal කුප්පිය #1



ගොඩක් කාලෙක ඉදලා PayPal කුප්පියක් දාන්න හිතාගෙන හිටියේ, ඒත් අරකෙන්, මේකෙන් ඒ වැඩේ මග හැරිලා ගියා. මේ ලිපි මාලාව Beginners  එහෙමත් නැත්නම් නවකයන් හට පහසුවක් වීම සදහායි ලියන්නේ. සල්ලි හොයන්න කියලා දුන්නාට වැඩක් නෑ, ඒවා ගෙන්නන්න කියලා දුන්නේ නැත්නම්.  ගොඩක් අය දන්නේ නැතිකම නිසා මිල මුදල් නාස්ති කර ගන්නවානේ.

මේ ලිපි මාලාවේ මූලික පරමාර්ථ:

  • පේපැල් හි නීති සරලව කියාදීම.
  • පේපැල් සහ ලංකාව අතර ගනුදෙනු පැහැදිලි කිරීම.
  • මුදල් ගෙවීම් ලැබිය හැකි පෙපැල් ගිනුමක් සාදන ආකාරය / වෙරිෆයි කිරීම.
  • පේපැල් මගින් මුදල් ගෙවීම්, ලැබීම් කරන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • පේපැල් මුදල් ඇලට්-පේ එකට දාන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් 2checkout, Fastspring හා Plimus හරහා චෙක්කු මගින් ගෙන්වන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් Payoneer කාඩ් එකකින් රුපියල් බවට හරවන ආකාරය.
  • පේපැල් සදහා ආදේශක වෙබ් අඩවි.
හා වෙනත් වල්-පල් සමග බොහෝ දේ.

PayPal ඩොට් com

eBay කවුරුත් දන්න වෙබ් අඩවියක්.  මේ වෙබ් අඩවිය සදහා මුදල් ගෙවීම් කිරීම, ලැබීම සදහා eBay විසින්ම සාදනු ලැබූ වෙබ් අඩවියක් තමයි පේපැල් කියන්නේ. VISA, MASTER, AMEX කාඩ් හරහා බැංකුවක ඇති මුදල් eBay එකට ලබාදීම, මූලිකව මේ වෙබ් අඩවිය හරහා සිදුවෙනවා. 1998 බලවත් රටවල් කීහිපයකට සීමාවී ආරම්භ වුවත්, අද වන විට රටවක් ඉතා ස්වල්පයකට හැර අනිත් සියලු රටවලට මෙහි සේවාව ලබා දෙනවා. මෙහි මූලික ක්‍රියා පටිපාටි කිහිපයක් තියෙනවා. ඒවානම් Send, Receive, Withdraw.

Send = ඕනෑම VISA, MASTER, AMEX  කාඩ් එකක හෝ පේපැල් ගිනුමේ ඇති මුදල් වෙනත් පේපැල් ගිනුමකට යැවීම.

Receive = ඕනෑම VISA, MASTER, AMEX  කාඩ් එකක හෝ පේපැල් ගිනුමකින් එවන මුදල් තමන්ගේ පේපැල් ගිනුමට ලබාගැනීම.

Withdraw = පේපැල් ගිනුමේ ඇති මුදල් කාඩ් එකකට, බැංකු ගිනුමට හෝ චෙක්කුවක් මගින් ගෙන්වාගැනීම.

පේපැල් හි නීති සරලව

  • එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් පේපැල් ගිනුමක් පමනයි (Personal Account). එහෙත් ව්‍යාපාරය සදහා  තවත් එක් පේපැල් ගිනුමක් තබා ගත හැකියි (Business Account). වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා.
  • සෑම පේපැල් ගිනුමකටම සීමාවක් පනවා තියෙනවා( $100-$500 ), ඒ සීමාව ඉවත් කිරීමටනම් වෙරිෆයි කල යුතුයි.
  • මේ සදහා, VISA, MASTER, AMEX  කාඩ් වලින් එකක් හෝ බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි.
  • Send only / Send and Recive only / Send , Recive and Withdraw ලෙස කණ්ඩායම් තුනකට සියලු රටවල් වෙන් කර තියෙනවා. අවාසනාවට ලංකාව Send only කණ්ඩායමේ සිටින්නේ. මේ පිලිබද වැඩිදුර තොරතුරුhttps://www.paypal.com/worldwide/
  • එක් පේපැල් ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
  • යම් අවස්ථාවක මුදල් ගෙවීම් පිලිබද පැමිනිල්ලක් වාර්තා වුවහොත් තමාගේ පේපැල් ගිනුමේ අයිතිය හා පදිංචිය තහවුරු කලයුතුයි. මේ සදහා ID Card Copy, DHL Reports, Bank Statements, Bills හා වෙනත් ඔවුන් ඉල්ලන සියලු දේ අප විසින් සැපයිය යුතුයි නැතහොත් අපේ පේපැල් ගිනුම Limit කරනවා, එවිට Send & Withdraw කිරීම අවලංගු වෙනවා. මෙය සම්පූර්ණ ගිනුම අවලංගු කලා හා සමානයි.
පේපැල් සහ ලංකාව
කලින් කීවා වගේ ලංකාව Send only කණ්ඩායමේ ඉන්නේ. අපේ රටේ විදියට හදන පේපැල් ගිනුම් වෙරිෆයි කලත් නැතත් මුදල් ගෙවීම් ලබන්න බෑ. යම් වෙබ් අඩවියකින් අපේ පේපැල් ගිනුමට මුදල් Withdraw කලවිට ඒ මුදල් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ Vanish වෙනවා. ඒ වෙබ් අඩවි වලින් ඇත්තටම මුදල් එවනවා. ඒත් පේපැල් අපේ මුදල් හොරකම් කරනවා කීවොත් මම නිවරදියි කියලා හිතනවා. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන. :D

මුදල් ගෙවීම් ලබන්න බැරි වුනාට අපේ අහිංසක රටේ තියෙන මුදල් එයාලා පිට රටවලට අදිනවා. ඒ කියන්නේ VISA හෝ MASTER කාඩ් එකක තියෙන මුදල් පේපැල් හරහා වෙනත් රටකට යවන්න පුලුවන්. ඒක තමයි අපි ඊ-බොක්කෙන් බඩු ගෙන්නනවා කියලා කරන්නේ. ඒත් මේ කුමන්ත්‍රණ ගැන ඔය ලොකුයි කියාගන්නාවූ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කණස්සල්ලට හේතුවක්. ඒත් එයාලා ඒ වෙනුවට එහෙන් ගෙන්වන භාණ්ඩ වලට මෙහෙන් බදු ගහලා මේ අහිංසක මිනිස්සුන්ව තවත් තලලා දානවා.

මං කියන්නේ මුදල් ඒ රටවලට යවන එක නවත්වන්න කියලා නෙවේ, යවනවා වගේ දෙගුනයක් අපිට මේ රටට ගෙන්නන්න පුලුවනි, ලංකාව දැන් දාලා තියෙන Send only කණ්ඩායම මාරු කරගත්තොත්. බැනුම් අහ අහා කුප්පි දදා කියලා දෙන්නේ, විදේශ විනිමය රටට ගේන හොදම ක්‍රමය තමයි.

ලංකාවේ බලධාරින් නැගිටිනකන් අපට ඉන්න බෑ. :P ඒ නිසා ඉස්සරහා දොරින් බැරිනම් පස්ස දොරින් හරි සල්ලි ගෙන්නමු. හිතනවා internet money ගැන උනන්දු බොහෝ පිරිසක් ලංකාවේ ඉන්න බව.

අදට මේ ලිපිය ඇති. නැත්නම් කියවන්නත් එපා වෙනවා නොවැ. iplusblog.com ලෙසට ඩොමේන් එක මාරු කලා. ඉදිරියේදී මේ නමින්ම බ්ලොක්කය තියෙයි. "පේපැල් හි ඇති මුදල් 2checkout, Fastspring හා Plimus හරහා ගෙන්වන ආකාරය"  මේ දේ ඉගෙනගන්න මං ගොඩක් මහන්සි වුනා, අන්තිතමේට "ඉසුර නිර්මාල්" කියන යාලුවා ගොඩක් උදවු කලා. කුප්පියේ ඒ කොටස යනකොට මං ඒ ගැන කියන්නම්.

ගිහින් එන්නම්,
ඔබට ජය!

උපුටාගත්තේ iPlusගෙනි

40 COMMENTS:

බුද්ධික සිරිවර්ධන said...
අපි දන්නවා ඔයාගෙ බ්ලොග් එක හැමදාම හොද දෙයක් කරනවා කියලා.හොද ලිපි ටිකක් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට
Anonymous said...
Dilan Lakmal.

Good, paypal walin salli geena hati hoyagena wage,
ewa katathma kiyala dena eka nam godak pin sidu wena wadak.

good post and good person.

thank you...
Anonymous said...
malli paypal kawadawath saali horakam keranne na, kauru hari salli ewwoth lankawe paypal ekakata ewa aapahu yanawa ewapu kenatama, meka mama kiyanne by experiance kerala balala hitala newei, mata eka wathawak chitika payment ekata ooka una but after 1 month ewa mata aahahu labuna chitika gen. oyage site eka godak hodai digata keragena yanna
iplus said...
@ බුද්ධික සිරිවර්ධන;
අදහස් දැක්වූවාට ස්තූතියි යාලුවා

@ Dilan;
අදහස් දැක්වූවාට ස්තූතියි යාලුවා

@ Ano;
අදහස් දැක්වූවාට ස්තූතියි. ඔයා කියන දේ සමහරවිට හරි ඇති. ඉස්සරහට මං කුප්පියෙන් පෙන්නන්නම් පේපැල් මගෙන් විතරක් කීයක් හොරකම් කලාද කියලා.

අදහස් දැක්වූ ඔබ සැමට ජයෙන් ජය
Anonymous said...
මල්ලි වැරදියිනේ මල්ලි. පේපැල් අපේ සල්ලි උස්සන්නේ නෑ කවදාවවත්. ebay එකෙන් බදු අරගන පස්සේ රිෆන්ඩ් එකක් ආවොත් අපු සල්ලි ගෙව්වා ක්‍රෙඩිට් කාඩ් එකට හෝ ඩෙබිට් කාඩ් එකට දින 3 පසු සල්ලි නැවත ලැබෙනවා. මොකද මට මේ විදියට රිෆන්ඩ් කරපු සල්ලි හතර පස් වතාවක්ම මගේ සම්පත් ඩෙබිට් කාඩ් එකට ආපහු ලැබිල ඒ සල්ලි වලට මම වෙනත් දේවල් අරගනත් තියන නිසා
iPlus said...
Ano; "පේපැල් සහ ලංකාව" යාලුවා මේ කොටස ආයේ කියවන්න. ලිපියේ කොහේවත් ලියලා නෑ කාඩ් එකේ තියෙන මුදල් පේපැල් හොරකම් කරනවා කියලා. මල්ලී කියලා කතාකලාට ඔයා මට "පුතා" කියන වයසේ කෙනෙක් නේද? ගොඩාක් දන්නවා වැඩිවුනාම පොඩ්ඩක් ඔලුව අවුල් යනවා තමයි. ඕවා ගනන් ගන්න එපා. කරුණාකරලා අනිත් මේ ගැන දන්නේ නැති අයටවත් කියවලා දැන ගන්න ඉඩදෙන්න.
Anonymous said...
Anith Post eka ikmanata dannoooooooooooo........
Anonymous said...
elakiiri paypal gena apita kiyana ekanam. mama paypal gena wisthara hoya hoya thamai hitiye.mata thawa pod pashnayak thiyanawa. apita moneybookers walata money deposit karanna widiyak nethda? mama gawa HNB DEBIT card ekak thiyanawa. eken 40$ k moneybookers walata daganna widiyak nethda?podi wedakata mata one wela thiyanawa. dannawanm kiyanwada?
sameera said...
කිසිදා නොලැබෙන මිරිගුව.

මම මේ කියන්න යන්නේ සුද්දෝ අපේ කොල්ලන්ව ගොනාට අන්දන ප්‍රධාන ක්‍රමයක් ගැන. මම ගූගල් ඇඩ්ස් ක්ලික් කලා ඊ මේල් මාර්කටින් කලා ඇඩ් පෝස්ටින් කලා මේ ඇතුලු ගොඩක් දේ වල් කලා කීයක් හරි හොයා ගන්න.

ඒ අතර ප්‍රධාන දෙය තමයි ගූගල් ඇඩ්සෙන්ස්. අයියා ගූගල් ඇඩ්සෙන්ස් ගන්න හැටි කියන්න හදනවා. ඒත් මම දැනට ඇඩ්සෙන්ස් ගිනුම් 08 ක් පමණ අහෝසි කර ගත්තා. ඒ පහත හේතු මත.
1.මගේ පලමු ගිනුම මට ලැබුනම මම මගේ යාලුවන්ගෙන් හා විවිධ කැෆේ වලින් ක්ලික් කලා.
2. හොද ට්‍රැ‍ෆික් එකක් ලබා ගැනීමට නොහැකි වීම
3.හොද ට්‍රැ‍ෆික් එකක් ලබා ගත්තත් ඉම්ප්‍රෙශන් එක ඉහල අගයක් ගැනීම.
4.සුද්දා මට සල්ලි නොදීම.

මම පසු ගිය මාස 6 ඇතුලත හොද ඇඩ්සෙන්ස් ගිනුමක් පවත්වාගෙන ගියා. මුල් කාලයේ ආදායම $0.5 - $1 වුණා. අන්තිම කාලයේ ඒක $ 8 පමණ දක්වා චර්ධනය වුණා. මම මේ මාස 6 ඇතුලත $ 700 ක් හෙව්වා. ඒත් උන් මට සතයක් වත් ගෙව්වේ. නෑ. මෙහෙම වෙන්නේ ඇයි ? . මම මේ මුදල් හෙව්වේ නීත්‍යාණුකූලව. එනම් ඇත්තටම වෙබ් අඩවියට එන පිරිස්ගේ ක්ලික් වලින්. අවසාන කාලයේ මම අද එයි දැන් එයි කිය කියා බලන් හිටියේ මගේ චෙක් එක ගන්න. ඒත් උන් මගේ ඇඩ්සෙන්ස් ගිනුම නිකම්ම අහෝසි කලා. මට ඇඩ්සෙන්ස් එපා වුණා.

''අයියේ මට ඔයා සල්ලි හොයන්න භාවිතා කරන ක්‍රම කිහිපයක් දෙන්න.''
Anonymous said...
@ sameera :- okanam hithagannawath beri deyak. suddo boru karata google ayyanam ehama lesiyakata boru karan ne. mama thanne sameera oya meka awankawa dapu ekak newe. e money hoyana ayawa nomagayawanna dapu ekak.
iPlus said...
@ sameera;

$10 පිරුන ගමන් ඇඩ්සෙන්ස් චෙක්කු එවනවානේ, ඔයා කොහොමද $700ක් එකතු කලේ? මටත් මේක විස්වාස කරන්න බෑ යාලුවා. ඒ නිසා මං මේ ගැන අදහස් දක්වන්නේ නැතිව ඉන්නම්. බ්ලොක්කයේ ලිපි ලියලා තියෙනවා, ඊට අමතර කිසිම ආකාරයකින් මං සල්ලි හොයන්නේ නෑ.
Anonymous said...
ko elaga post eka.
sameera said...
මට පින් එක ලැබුණා. ඒත් චෙක් එක ලැබුනේ නම් නැහැ. ඒකයි මට තියෙන ප්‍රශ්නය. මට ඉවසාගෙන සිටියා නමුත් කිසිවක් ලැබුනේ නැත. මම කියන්නේ මේක අසාර්ථක ක්‍රමයක් කියලා නෙමෙයි. මේක ලෝකයේ ප්‍රසිදධ ක්‍රමයක් . ගූගල් සල්ලි ගෙවන තෙක් මිනිසුන් ඔවුන් හා සිටීවී.

මම සිතන්නේ මේ විදෙස් රටවල් අපේ රටට මුදල් එවීමට අකමැත්ත පල කරනවා. මට මේ වගේ වැඩ ඕනතරම් වෙලා තියෙනවා.

මම ෆොරෙක්ස් කලා. ඒකෙන් විශාල ආදායමක් ඉපයුවා. මුලින් මම $50 කින් පටන් ගත්තේ. මුල් කාලයේ දිනකට $1 ක් විතර හෙව්වා. පසුව මම දිනකට $50 ක් දක්වා ඉපයුවා. ( කලන්තේ වගේද ? මේවා හීන නොවෙයි ) ඒකාලයේ මම හිටියේ රජෙක් වගේ. මෙලෙස මම මසකට $1500 ක් පමණ ෆොරෙක්ස් වලින් හෙව්වා. ඒත් මුල් කාලයේ මගේ පේපාල් එකට සල්ලි ලැබුනා. ඒත් පහු පහු වෙනකොට කොහු කොහු උනා. මගේ දෛනික ආදායම $100 පමන උනා. උන් මට සතයක් වත් ගෙවන්නේ නෑ. උන් කැමති නෑ ලංකාවට සල්ලි එනවට.

ෆොරෙක්ස් කියන්නේ සූදු පිටියක් වගේ. අපි දිනනකොට පැරදුනු අය දිනාගෙන යන්න දෙන්නේ නැ. උන්ට ඕන අපේ සල්ලි ආයේ ගන්න.

මම කඩ්ඩෙන් කොටන්න පටන් ගත්තා. ෆයිල් සොනික් සාර්තක නෑ. ශෙයා කෑශ් මරු. ඒක ගැන ඉගෙනගන්න.මෙතනින්.http://onadeyak.info/upload-money.html
sameera said...
ලංකාවේ ගොඩක් අය ඇඩ්සෙන් කරනවා එගොලන්ට මම උපදෙස් ටිකක් දෙන්නම්.
1.හොර ක්ලික් ලබා ගන්න එපා.
2.පේජ් ඉම්ප්‍රෙශන් එක 5% ට අඩුවෙන් තියාගන්න.
3.දවසකට දෙවරක් පමනක් ඇඩ්සෙන්ස් ගිනුම පරීක්ශා කරන්න.
4.ඔවුන් ලබා දෙන කේත වෙනස් කරන්න එපා.
5.ඇඩ් ක්ලික් කිරීමට බල කරන්න හෝ ඉල්ලා සිටින්න එපා.
iPlus said...
@ sameera;
මං Forex කරලා නෑ. කරන්නේත් නෑ. මං දන්න එකම දේ අපි දක්ෂයෙක්නම්, සුද්දෝ අතර අපිට භේදයක් නෑ. ඒත් ඉංග්‍රීසිවත් හරියට බැරිව, හොර කර කර, කපටිකම් දදා මේක කරන්න ගියොත් සුද්දන්ට අපිව විතරක් නෙවේ, සුද්දන්වත් එපා වෙනවා. එයාලා හැම දෙයක්ම කරන්නේ සල්ලි වලින්, එයාලා වෙහෙස නොවී, මුදල් ලවා වැඩේ කර ගන්නයි බලන්නේ. යාලුවා අදහස් දැක්වූවට ස්තූතියි.
Anonymous said...
I plus malliyo oyage blog eke dakunu peththe tiyana share button tika daganna widiyak kiyannako. Meka smtmz oyage templte ekath ekka enna ati. Oya dannawanam mata link ekak dnnako tempt eke html code wenas karala hari oka daganna widiyak.ika daganna widiyak kiyannako. Meka smtmz oyage templte ekath ekka enna ati. Oya dannawanam mata link ekak dnnako tempt eke html code wenas karala hari oka daganna widiyak.
ben soskin said...
@sammera
uba nam kiyanne pattapal boru....adsense wala ohoma wunu kenek nam mam ahala ne.....forex brokersla godak paypal walata support ne....un lankawata witarak newi wena ratawalatath payapal walin gewanne ne..paypal nethi unata forex walin hoyana salli ganna puluwan moneybookers haraha lesiyenma...hema forex broker kenekma wage moneybookers walata salli gewanawa............
sameera said...
ඕනම කෙනෙක් කැමතියි තමාගේ අතට සාක්කුවට කීයක් හරි හොයාගන්න. ඒක නිසා අපි මහන්සි වෙලා වැඩ කලාට සල්ලි ලැබෙන්නේ නැත්නම් මොනවා කරන්නද?

මම කියන්නේ නෑ ඇඩ්සෙන්ස් අසාර්ථකයි කියලා. නමුත් මට එපා වෙලා. වසර 2 ක් තිස්සේ හැප්පිලා ඇඩ්සෙන්ස් වලින් සතයක් වත් ලැබුනේ නැහැ. නමුත් මම මගේ වෙබ් අඩ්බිය විකුණා $475 ක් ගත්තා. ඒක ඒ ගානට විකුන ගන්න පුලුවන් උනේ ඇඩ්සෙන් එක්ක හැප්පුනු නිසා කියලා හිතෙනවා.

මට වුන දේ ගැන අහලා කවුරුත් භය වෙන්න එපා. මට වෙච්ච දේ කාටත් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරනවා. ඇඩ්සෙන්ස් මුදල් ගෙවන තෙක් මිනිස්සු ඇඩ්සෙන් හා සිටීවී.
sameera said...
මම කියන්නේ බොරු නෙමෙයි. මට කාවවත් රවටන්න හෝ භය කරන්න ඕන නෑ. එහෙම කලා කියලා මට ඇති වාසියකුත් නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් සිතා ගන්න. ඒත් මම කීවේ ඇත්ත.

මම දකින ආකාරයට දැනට තියෙන සාර්ථක ක්‍රම වන්නේ , මිනි ජොබ් , ඔඩෙස්ක් එක , ඇඩ්සෙන්ස් , මම මිනිජොබ් කිරීමෙන් හොද ගානක් අතට ගන්නවා. ඔඩෙස්ක් එක පටන් ගන්න ඕන. සියලු දෙනාට ජය !
sameera said...
නියමයි අයියේ ඔයාගේ බ්ලොග් එක දිගටම කරගෙන යන්න. මේකට ඇඩ්සෙන් අරගෙන. මම ඒකේ එක වැරද්දක් දකිනවා. ඒක තමයි ඇඩ්සෙන් සිංහල යුනිකේත වෙබ් අඩ්වි වලට සපෝර්ට් කරන්නේ නෑ. ඒ කියන්නේ. උන් ඇවිත් බලනවා මේකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට උන්ට සිංහල තේරෙන්නේ නැති නිසා උන්ට සැක පහල වෙනවා මේකේ මොනවා තියෙනවාද ඇඩ් ක්ලික් කරන්න බල කරනවාද ආදී වශයෙන්. උන් මගේ ගිනුම ගිය වසරේ ඩිසේබල් කලා. එතකොට මම අනුමාන කලේ මේක තමයි. මොකද මුන් ඩිසේබල් කරන කොට හේතු දක්වන්නේ නැහැනේ.
iPlus said...
@ ben soskin;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ sameera;
අදහස් දැක්වූවට ස්තූතියි! ඇඩ්සෙන්ස් ගත්තේ මේ බ්ලොක්කය පෙන්නලා නෙවේ යාලුවා. මට ඇඩ්සෙන්ස් සල්ලි ඕනේ නෑ. ඒකෙන් ලැබෙන්නෙත් පොඩි ගානක්. ඔයා Fiverr වගේ ට්‍රයි කරලා බලන්න. අනිත් හැම වෙබ් අඩවියකටම වඩා Fiverr සාර්ථකයි.

ඔබලාට ජය!
iPlus said...
@ Anon; on September 30, 2011 7:23 PM

http://www.addthis.com/
Anonymous said...
thank kolla
Anonymous said...
Niyamay netmoney karana aya try karanna me firum ekat ekka join wenna, eka godak adsense walata tips tiyanawa. godak hoday. www.blackpointforum.com
iPlus said...
@ Ano on October 3, 2011 4:06 PM
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 9, 2011 5:29 PM
අදහස් දැක්වූවට ස්තූතියි!
Lasantha Wickramasinghe said...
@ sameera

මම දැන් අවුරුදු 3ක් විතර ඉදලා ඇඩ්සෙන්ස් භාවිතා කරනවා. මට නම් කවදාවත් ඔය කියන විදිහේ දෙයක් වෙලා නෑ. 100 පිරුණම ඊලග මාසේ අනිවාර්යෙන් චෙක් එක එනවා. පේමන්ට් හෝල්ඩ් එකක් දාලා තිබුනොත් ඇර ඩොලර් 100 න් එහාට පිරුන එකවුන්ට් එකක සල්ලි මාසෙකට වඩා එයාල තියාගන්නෙ නෑ. ඔයාගෙ 700ක් පිරුනනම් අනිවාර්යයෙන්ම පේමන්ට් හෝල්ඩ් එකක් තියෙන්න ඇති. එහෙම නොවුනානම් අවුරුද්ද යනකල් කොහොමටවත් එකවුන්ට් එකේ සල්ලි තියෙන්නේ නෑ. පේමන්ට් හෝල්ඩ් එක අයින් කරනකල් සල්ලි එවන්නෙත් නෑ. පේමන්ට් හෝල්ඩ් එක තියෙන අතරේ මොකඛරි හේතුවක් නිසා එකවුන්ට් එක කැන්සල් උනානම් එයාලා සල්ලි එවන්නෙ නෑ. ඒක පොලිසි ගයිඩන්ස් එකේ පැහැදිලිවම කියලා තියෙනවා. ටිකක් හොයල බලල වැඩ කරානම් ඔයාට මෙහෙම නොවෙන්න තිබුනා.
Anonymous said...
මම site දෙක තුනකට paypal integrate කරල තීනව....මේච්චර දේවල් නම් දැනගෙන හිටියෙ නැහැ
දැනුවත් කරාට බොහොම ස්තූත්යි ..
Anonymous said...
niyamai yaluwa
Malintha said...
mata podi prashnayak mama paypal account ekak godak kalekata kalin haduwa. mata one dan eka withdrow karanna puluwan widihata wenas kara ganna plzz help meeeeee.................
shiakam said...
supiri thankx saho kuppiyata...
mn sehena dawasak hoyapu de hambuna...
thawa lipi 9k thiyanawa penawa ewath kiyawala ennamko
Anonymous said...
අනර්ඝයි.. විශිෂ්ටයි...
Thank U මචන්...

-Gayan Jayasooriya
priyanga said...
supiri machan ela
gamer2033 said...
http://officialsharecash.blogspot.com/
රදික විරත‍ඃග said...
එල එල මවඃ
ඉබ්බා said...
හොද ලිපියක් මචෝ මම උඹේ odesk එකත් බැලුවා පට්ට යි
Chamika Sandaruwan said...
ඔබට ජය සදා....ගොඩක් ස්තුති දන්නැති දේ කියලා දෙනවට.....
Hashan hemachandra said...
පට්ට අයියෙ පට්ට....ඔයා එල කොල්ලෙක්.....මං මෙලෝ දෙයක් දන්නෙ නැතුව හිටියෙ මේ පේ පැල් මගුල ගැන දැං ටිකක් පැහැදිළියි :D
prabath sandaruwan said...
alertpay walata salli ganna hati dala nane
prabath sandaruwan said...
aiya paypal wala thiyana salli alertpay walata ganna hati danawa kiwwata dala nane
prabath sandaruwan said...
alertpay walata salli ganna hati dala nane

1 comment:

  1. e bay eka thulin order kala personal iterms ekak.ekata pay kale commercial bank bebit card eken.
    Den seller kiyanawa adala mudala refund karanam kiyalaa mage pay pal account ekata.eth mage pay pal account ekak ne.kohomada ehema wenne

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc