Tuesday, August 19, 2014

Google හා Dialog එක්ව ලංකාවට නොමිලේ අන්තර්ජාලය


Google සමාගම ශ්‍රී ලංකාවේ Dialog හා එක්ව Free Zone නමින් අන්තර්ජාල සම්බන්ධතාවය නොමිලේ සැපයීමේ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ජංගම දුරකථන සඳහා ලබාදෙන මේ සේවාව මගින් ඔබට Google Search, Gmail හා Google Plus යන සේවාවන් 100%ක්ම නොමිලේ අත්විඳිය හැකියි. මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ Google Search හරහා වෙබ් අඩවි වලට පිවිසීමටද මුදල් වැය නොවීමයි.


මේ ගැන අදහස් දක්වන ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක ආචාර්‍ය හෑන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කරන්නේ මිලියන 7.5ක් වූ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට නොමිලයේ අන්තර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව සලසා දීමේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ පරිගණක සාක්ෂරතාවය වැඩි කිරීමයි.
මෙම සේවාව සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ ජංගම දුරකථනයෙන් freezone.google.comහෝ freezone.dialog.lk වෙත පිවිසෙන්න. එවිට ඔබේ දුරකථනයේ පහත පිටුව දර්ශනය වේවි.
එහි Click here to get started යන ලින්ක් එක ක්ලික් කරන්න. එවිට ඔබට ලැබෙන්නේ පහත පිටුවයි. එහිදී ඔබගේ Google ගිණුමට ලොග් වීමට ඔබට සිදු වනවා.
සාර්ථකව ගිණුමට ලොග් වූ පසු ඔබට පහත පින්තූරයේ ඇති වෙබ් විටුව දර්ශනය වේවි. මෙතැන් සිට ඔබට මුදල් අයවන්නේ නෑ.
එහි සර්ච් බොක්ස් එකේ යමක් සටහන් කොට සර්ච් කිරීමට හැකියි.
එමෙන්ම වෙබ් පිටු වලටද පිවිසිය හැකියි. සාමාන්‍ය වෙබ් අඩවිය වෙනුවට ඔවුන් විසින් සරළ කරන ලද වෙබ් අඩවියක් පෙන්වනවා.

මෙලෙස පිවිසිය හැක්කේ ගූගල් සර්ච් එකෙන් ඔබව යොමු කරන පිටුවට පමණයි. එම පිටුවේ ඇති සබැඳි ක්ලික් කර වෙනත් පිටුවකට යාමේදී සාමාන්‍ය පරිදි මුදල් අය කෙරෙනවා. නමුත් ඒ බව ඔබට පහත පරිදි කලින් දැනුම් දනවා. එතැනින් ඔබට නැවත Free Zone වෙත පිවිසීමට හෝ සාමාන්‍ය ගාස්තු යටතේ එම පිටුවට පිවිසීමට හෝ අවස්ථාව ලැබෙනවා


Google Plus සහ Gmail ද මෙසේ නොමිලයේ භාවිතා  කළ හැකියි.

මෙම පොස්ටුව මා විසින් කසුන්ගේ මුහුදයට.COM  අඩවියෙන් උපුටාගන්නා ලද්දක් බවත් මෙහි අයිතිය මුල් අයිතිකරු සතුබවත් කරුණාවෙන් සලකන්න.

Sunday, August 17, 2014

Pay-pal නීත්‍යානුකූලව ලංකාවට ලගදීම

ආයුබොවන් යාළුවනේ, සියළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කියන්න යන්නේ ලංකාවේ අයට සුබ ආරංචියක්. ඒ තමයි Pay-pal නීත්‍යානුකූලව ලංකාවට හදුන්වා දීමට යන ආරංචිය. එම සම්පූර්ණ පුවත පහතින් දක්වා ඇත.

 සම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට මහ බැංකුව අදහස් කර තිබෙන බව අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග අදහස් දක්වමින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි. “අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව සම්පත් බැංකුව හරහා හඳුන්වා දෙන්නයි. නමුත්, දැන් අපි උත්සාහ කරන්නේ මෙරට බැංකු හතරක් මගින් මෙම සේවාව මෙරටට හඳුන්වා දීමටයි. පසුව, මෙම සේවාවට මෙරට සියළුම බැංකු සම්බන්ධ කිරීමට අපි අදහස් කර තිබෙනවා.“ මෙරටට පේපෑල් සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට ඉන්දියාවේ පේපෑල් ශාඛාව සමග සාකච්ඡා කරමින් සිටින අතර මෙරට අපනයන පිළිබඳව වාර්තාවක් ඉන්දියානු ශාඛාව හරහා පේපෑල් ලංකාවෙන් ඉල්ලා තිබෙන බව අප වෙත වැඩිදුරටත් හෙළිවේ. මහ බැංකුවේ උසස් නිළධාරියා අප සමග පැවසුවේ එවැනි වාර්තාවක් පේපෑල් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පේපෑල් සේවාව මෙරටට හඳුන්වාදීමට මේ නිසා යම් කාලයක් ගතවනු ඇති බවයි. ලොව පුරා ඉතාමත් ජනප්‍රිය පේපෑල් මුදල් හුවමාරු සේවාව ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි නමුත් මෙරටින් මුදල් යැවීමේ හැකියාව මේ වනවිටත් ඇත. පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.
උපුටා ගත්තේ ලන්කා සී නිවුස් අඩවියෙනි.
http://lankacnews.com/sinhala/news/115629/

කාලෙකට පස්සේ වැඩ පටන් ගනිමු.

ආයුබෝවන් සියළුම යාළුවන්ට. EMoney අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. මෙතෙක් කල් මෙම අඩවියත් එක්ක රැදී සිටි සියළුම යාළුවන්ට කෘතඥ්ඥ වෙනවා. ඉතින් යාළුවනේ මට යෙදුනු බරපතල ගැටළු හා රාජකාරි හේතුවෙන් ටික කාලෙකට බ්ලොග් එක පැත්තට ඇවිත් සටහනක් දමන්නවත් ප්‍රශ්ණයකට පිළිතුරක් දෙන්නවත් ලැබුනේ නැහැ. ඒ උනත් මම ආයෙත් මට නිවාඩු තියෙන විදියට ඔයාලා වෙනුවෙන් යමක් කරන්න සූදානම් වෙනවා. කොමෙන්ට් වල ගොඩ දෙනෙකුට ප්‍රශ්ණ තියෙන බව පේනවා. ඒවාට හැකි ඉක්මනින් පිළිතුරු සපයන්නම්. ඒ සදහා ටිකක් ඉවසන්න නම් වෙනවා. ඇයි සේරටම උත්තර දෙන්න ඕනනේ. රාජකාරිය කරන්නත් ඕනනේ. 

ඔබ පහත කරුණු ගැන ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න.

01 ඔබ අසන ප්‍රශ්ණ වලට මම හැකි අයුරින් විසදුම් ලබා දිමට අපේක්ෂා කරනවා. හැබැයි ටිකක් ඉවසන්න වෙනවා

02 ඔබ දමන ඕනෑම කොමෙන්ටුවක් මෙහි ඵල කරනවා එහි මට බැන තියේවි එය මට කමක් නැහැ.  නුවණැත්තෝ තේරුම් ගනීවි. මම කිසිම කෙනෙකුගෙන් සතයක්වත් බලාපොරොත්තුවෙන් කරන වැඩක් නෙමෙයි.

03 ඒ වුනාට කුණුහරුප ඇතුලත් ඒවා ඵල කරන්නේ නැහැ. මොකද අනාගත්යේදී මෙම අඩවිය ජාතියේ දායාදයක් බවට පත්විය යුතුයි.

04 ඔබ ලංකාව තුළ කරන E Money සයිට් වල අයිතිකරුවෙක් නම් ඔබගේ අවංකභාවය ඔප්පු කළහොත් ඔබගේ අඩවියට සහයෝගය ලබා දීමට මම සූදානම්. මොකද මම එහෙම ඇඩ්මින්ලා දෙන්නෙකුට පුද්ගලිකව කතාකළා තොරතුරු ඉල්ලුවා. ඒ උනාට ඒ අය ප්‍රතිචාර දැක්වූවේ නෑ. ඒ නිසා ඒ අයට සහයෝගය දැක්වූවේ නැ. ඒ අඩවි වලින් සොයන මුදල් මුලින්ම ගන්න අවස්ථාව දුන්නත් පස්සේ රදවාගෙන තිබුනා.

05 අනතර් ජාල මුදල් අස්සේ අද සෝලා විකුණන හොර ජාවාරමක් තියෙනවා ඒකට අහුවෙන්නත් එපා. මිතුරුකම පාවා දෙන පිරමීඩ ජාවාරමක් බව තරයේ මතක තබා ගන්න.

එහෙමනම් යාළුවනේ මම නවතිනවා. ආයේ වැඩ පටන් ගනිමු. සියළු දෙනාටම තෙරුවන් සරණයි.


Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc