Saturday, September 21, 2013

Click නැතිව ලින්ක් වලින් මුදල් උපයන්න - adfly

ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉතින් යාලුවනේමම අද කියලා දෙන්න යන්නේ තවත් බක්ස් සයිට් එකක් ගැන නොවන බව කලින් post එකේදි කීවනේ.. ඔයාලා ‍නෙට් එකේ ඉන්න අතරවාරෙදි අනෙක් යාළුවන්ට දැනගන්න දෙන ලින්ක් වලින් (link share) මුදල් උපයන්න ක්‍රමයක් තමයි මේක. මේ ගැන සමහර දෙනෙක් නම් දන්නවා ඇති. ඔයාලා අන්තර්ජාලේ සැරිසරන කොට සමහර අඩවි වලින් අසවල් තැනට මෙතනින් යන්න නැත්නම් අසවල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න කියලා link එකක් දාලා තියෙනවා දැකලා ඇති. ඒක ක්ලික් කළාම ඔන්න වෙන තැනකට තමා ඉස්සෙල්ලාම යැවෙන්නේ. එතනදි එම  site එකේ දකුණු පැත්තේ ඉහල කෙළවරේ 5සිට 0ට ගණනය වී skip AD කයලා වැටෙනවා. අන්න ඒ වෙලාවට ඒක ඔබලා skip  (පන්නලා) කරලා අදාල තැනට යන්න වෙනවා. මේ වන විටත් මේ වගේ අත්දැකීම් ඔයාලට ඇති. නැතිනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මෙහිදී කරන්නේ තව කනෙකුට වටිනා කියන දෙයක් තියෙන සයිට් එකක ලින්ක් එකක් නැතිනම් වෙබ් ඇඩ්‍රස් එක ලින්ක් ‍කෙටි කරන සයිට් (links shorten site) එකකින් කෙටි කරනවා. ඔන්න ඔය විදියට හදාගත්තු ලින්ක් එක  අසවල් එක මෙතනින් ගිහින් බලන්න කියලා යාළුවන්ට දෙනවා. ඔය ලින්ක් එක හරහා කවුරුන් හෝ අදාල සයිට් එකට යන සෑම වාරයක් පාසාම එයාට වෙළද දැන්වීමක් මගදි පෙන්නලා ඔයාගේ ගිණුමට මුදල් එකතු කරනවා (එක් අයකු එක් දිනකට යන වාර දෙකකට යටත්ව). ඉතින් මේකෙන් වෙන දේ ගැන ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඒ අනුව මෙහිදී ඔයාලා නිදාගෙන ඉන්නකොටත් ඔයාගේ ගිණුමට මුදල් එකතුවේවි. එහෙනම් අපි දැන් බලමු adfly වල register වෙන විදිය.

adfly වල Register වෙන්නේ කොහොමද?

ඉස්සෙල්ලාම මෙතනින්  adfly සයිට් එකට යන්න.  මෙතනදි ඔයාලට ඩෙමෝ එකක් බලන්නත්  හැකියි.තත්පර 05ක්   ඉදලා දකුණු පැත්තේ ඉහල කෙළවරේ තියෙන් Ad Skip මත කිලික් කළාම ලැබෙන වින්ඩෝවෙහි පහල තියෙන Join now කියන තැක ක්ලික් කරන්න. (පහල රුපයේ රතු රවුම බලන්න)  රෙජිස්ටර් වීමෙන් පසුව ලොගින් වීමට එම වින්ඩෝවේම ඉහල තියෙන login යන්න භාවිතා කරන්න,
reg 00 copy
දැන් ඔබට ලැබෙන ෆෝර්ම් එක පුරවන්න. පහල රූපයේ එය කරන ආකාරය විස්තර කර ඇත. කැප්චර් කෝඩ් එක කොටස් දෙකකින් ටයිප් කරන්න තියේවි.  එය පැහැදිලි නැතිනම් නැවත ඉල්ලන්න. (රවුමට ඇති ඊතලය ක්ලික් කර) එය නිවැරදිව සිදුකර ඊට පහලින් ඇති කොටුවේ ටික් කර අවසාන වශයෙන් join යන්න ත්ලික් කරන්න.
reg 01 copy
දැන් ඔබ ලබාදුන් ඊමේල් එකට මේල් එකක් එවා ඇති බවට සදහන් පණිළවුඩයක් දිස්වේ. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) ඒ අනුව ඔබ ඔබේ ඊමේල එකට යන්න. එම පණිවුඩය Inbox තුළ නැතිනම් spam තුළින් සොයාගන්න.(පහල රූපයේ 02 අවස්ථාව බලන්න)
reg 02 (email) copy
එම ලිපිය විවෘත කළ විට please copy-and-paste your activation key (ඇක්ටිවේෂන් කී) යන්න ඉදිරියෙන් වන කොඩ් එක කොපි කර ගන්න. ( පහත රූපයේ 01 වන බොක්ස් එකෙහි එම කී එක පේස්ට් කර Conform registration යන්න මත ක්ලික් කරන්න. ( පහත රූපයේ 02 අවස්ථාව බලන්න)
reg 04(email) copy
දැන් ඔබ ඔබගේ ගිණුමට ඇතුළත් වනු ඇත. එසේ නොවුණහොත් ප්‍රධාන වින්ඩෝඩේමත ක්ලික් කර Username, Password  ලබදී ඇතුල්වන්න. පහත රූපය පරිදි ඔබගේ ගිණුම දිස්වේ.  ඔබ එහි පහලට ගිය විට ඒ ඒ ලින්ක් එක මගින් ඔබට ලැබුන ආදායම දිස්වේ.
Account copy

මෙයින් උපයන්නේ කොහොමද?.

ඔබගේ ගිණුමෙහි ඉහල තියෙන බොක්ස් එකෙහි (shrink ඉදිරියෙන්)  බෙදාහැරීම සදහා ඔබ සූදානම් කරගන්නා ලද ලින්ක් එක කොපි කර ගෙනවිත් පේස්ට් කරන්න. ( පහත රූපයේ 01 අවස්ථාව බලන්න)  දැන් එහි වන shrink යන්න මත ක්ලික් කරන්න. ( පහත රූපයේ 02 අවස්ථාව බලන්න)  ඔබ shrink කරගත් ලින්ක් එක එහිම වන copy යන්න මත ක්ලික් කර ( පහත රූපයේ 03 අවස්ථාව බලන්න)  කැමති අයුරින් කැමති තැනක paste කරමින් බෙදාහරින්න පුළුවන්.
work 01 copy

ලින්ක් එක බෙදා හරින්නේ කොහොමද?

ඔයාටම කියලා බ්ලොග් එකක් පවත්වාගන යමින් ඔබ ලියන ලිපි වලට අදාලව බලන අයව ඒ ඒ ලින්කුව හරහා වැඩි විස්තර සදහා යවන්න පුළුවන්. එහෙම එකක් කර ගන්න එච්චර අමාරු නැහැ. ඉස්සර නම් තිබුනා සැමදෙයක්ම කියලා අඩවියක්. ඒක දැන් කාලයක ඉදන් වැඩ කරන්නේ නැහැත එහි තිබුණා බ්ලොග් නවක්යෙකුට මග පෙන්වීමක්. මේ ගැන පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැතත් යමු ඉල්ලීමක් ලබුනොත් හැකි වෙලාවක දානවා.  එතකන් මාව විස්වාස කරන්න හැකි කෙනෙකු ඉල්ලීමක් කලොත් මම බ්ලොග් එකක් හදලා දෙනවා. මේක මගේ අදහසක් මිස කරපු වැඩක් නම් නෙමෙයි. ඔයා එහෙම අඩවියක් හැදුවාම ඔයා ලිපි ලිව්වේ නැති උනාට කමක් නැහැ. එහි වැදගත් ලින්ක් ටිකක් දාන්න. දැනු ඔයා කොහේ හරි සදහන් කරන්න අසවල් දේ බලන්න අසවල් තැනීන් යන්න කියලා ඔයාගේ බ්ලොග් එකේ ලිපිනය සාජුවම දෙන්න. එවිට එතනට එන කෙනෙක් ඔය ලින්ක් එකක් දෙකක් ක්ලික් කළාම ආදායම ඔයාලට. දවසකට එක්කෙනෙකු ක්ලික් කරන ඒවායින් 02කට විතරයි ගෙවන්නේ. ඔය විදියට අදාල කරුණ ගැන තව තවත් සොයමින් ඒ තැන් තියෙන ලිනක් ඔයාගේ සයිට් එකේ දැම්මාම ඒ සම්බන්ධවයන් තොරතුරු අහ්‍ශ්‍ය අය ඒ හරහා නිතරම යාවි.
ඒ වගේම ඔයලා දැනටමත් ඩවුන්ලෝඩ් කරන්න දෙන සයිට් එකක් පවත්වාගෙන යනවානම් හෝ නැතිනම් බලාපොරොතුතු වෙනවා නම් ඒ ලින්ක් ටික්ත් මේ හරහා දීලා උපයන්න පුළුවන්.
.තව වැඩිපිරිසක් ඉන්න Groups වල (‍facebook, twitter,google+, CafeMom,  Pinterest MySpace, ආදිය භාවිතා කළ හැකියි) සාමාජිකත්වය  හැකිතරම් සංඛ්‍යාවක regiter වෙන්න. එය මෙච්චරයි කියලා සීමා කරන්න එපා.  ඒ හරහා මෙම ලින්ක්එක සෘජුවම හෝ ඉහත ක්‍රමය භාවිතා කර බෙදා හරින්න පුළුවන්.

ලින්ක් වල වලංගු කාලය
ඔබ සකස් කරන ලින්ක් දැනට කල් ඉකුත්වීමේ දිනයක් නොමැත. ඒ කියන්නේ ඔබ අද හදන ලින්ක් එකකින් දැනට තියෙන තත්වය යටතේ නම් තව අවුරුදු ගණනාවක් ආදායම් ලැබිය හැකියි. ඒ උනත් ඉදිරියේදී මේ තත්වය වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා.

සමාජ අඩවිවල ලින්ක් භාවිතය පරිස්සමට

මතක තියාගන්න හොහේ දැම්මත් spam නොවෙන විදියට දාන්න. තව වැදගත් කාරණයක් තමයි ‍facebook වල මෙම adfly ලින්ක බ්ලොක් කරන අවස්ථා තියෙනවා. ඒ නිසා ‍facebook වල දාන්න adfly වලින් shrink කර copy කර ගන්නා ලින්ක් එක මෙම සයිට් එක ට ගිහින්  නැවත shrink කර adfly ලින්ක් එක Hide කර (සගවා)  බෙදා හරින්න. මෙතන ඒ වගේ තවත් සයිට් එකක් තියෙනවා. ඒකෙනුත් ඒක කරගන්න පුළුවන් (එය සිදුකන අයුරු පහත රුපය බලන්න)
Hide copy

මුදල් ගන්නේ කොහොමද?

ඔන්න දැන් තමයි හොදම හරිය, මම දන්න විදියට දැන් ඔයාලට ප්‍රශ්ණයක් තියෙනවා මෙහි උපයන මුදල් ගන්න විදිය සම්බන්ධයෙන්. ඒ ටික තමයි දැන් මම කියලා දෙන්න හදන්නේ. ඔයාලා දැන් ඔයාගේ Profile එක සම්පුර්ණ කරන්න ඒන. ඒ සදහා ඔයාගේ Adfly Account  එකට ඇතුළු වුණාම වම් අතපැත්තේ  Username එකට පහලින් තියෙන Account  යන ලින්ක් එක මත ක්ලික් කළාම වින්ඩෝවක් මතුවේවි. එහි තියෙන Form එක සම්පුර්ණ කරන්න. මෙහි මුදල් ලබාගන්න Paypal එකේ Account එකක් තියෙන්න ඕන. ඔයාට දැනට Paypal එක්ක තියෙනවා නම් එහි ලිපිනය මෙයට දෙන්න. එහෙම එකක් නැතිවුණත් කලබල වෙන්න එපා. ‍ඒක හෙමිහිට හදාගන්න පුළුවන්. මම කලින් කියාදීලා තියෙනවා වගේ ඒක පුරවද්දි හිස්තියලා පස්සේ කරන්නත් පුළුවන්, මෙවැනි කටයුතු සදහා භාවිතාකරන මේල් එක දෙන්නත් පුළුවන්. මෙය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Update Account යන්න මත ක්ලික් කරන්න. (පහත රූපය මගින් එය සම්පූර්ණ කරන අයුරු බලන්න) දැන් ඔබගේ Profile එක යාවත්කාලීන වූ බවට පණිවිඩයක් දිස්වේ. ඔයාලා මේක සම්පූර්ණ කරන්න කලබල නොවුනාට ප්‍රශ්ණයක් නැහැ. ඕන වෙලාවක කරගන්න පුළුවන්.
full form copy

වැඩිම ගෙවීම්

අනෙකුත් සමහර සයිට් වල වගේම මේකෙදිත්  USA, UK වගේ රටවල අය ඔබගේ ලිනක් එක හරහා යවන්න හැකි නම් තරමක් වැඩි ආදායමක් ලබාගන්න පුළුවන්. ලංකාවේ වගේ රට වල අය ගියාම ලැබෙන්නේ සුළු ආදායමක්. එහෙම කියලා වැඩේ අතිරින්න එපා. මේක ඔයාලා නිදන් ඉදිද්දි මුදල් ලැබෙන ක්‍රමයක් බව මතකයේ තියාගන්න. 

Direct Referral මගිනුත්

මෙහිදීත් PTC වල වගේ Direct Referralsලා ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. එම ලින්ක් එක ලබා ගැනීමට ඔයාලගේ ගිණුමෙහි ඉහල මෙනුවෙහි ඇති  Referrals යන්න මත් ක්ලික් කරන්න. එවිට ඊට පහලින් බොක්ස් එකක් ඇතුළේ http://adf.ly/?id=4882466 ට සමාන කේතයක් පෙනේවි. එය Your referral link නම් කරලා ඇති. දැන් මෙය ඔබේ යාළුවන්ට දීලා මෙහි ලියාපදිංචි වෙන්න ආරාධනා කරන්න පුළුවන්. මේක හරහා යම්කෙනෙක් ගිහින් මෙහි රෙජිස්ටර් වෙලා උපයනවා නම් ඒ සෑම අවස්ථාවකදීම ඔයාටත් කොමිස් එකක් ලැබේවි. මෙහිදීත් PTC වල වගේම එය භාවිතා කරන කෙනාට අසාධාරණයක් වෙන්නේ නැහැ.

වැදගත් යමක්

මම මේ ගැන අවසාන වශයෙන්ම කියන්නේ ඔයාලා මෙය නිර්මාණශීලිව කරන්න. කාටවත් කරදරයක් වෙන විදියට මෙය භාවිතා කරන්න එපා. බොරු තැන් වලට යවන්න එපා. ලින්ක් එක දාන තැන අදාල සයිට් එක ගැන ඇත්තම සදහන්න. එවිට එය වැදගත් කෙනෙක් එ‍තනට ගිහින් බලාවි. ඔයාගෙ යාළුවෝ ඔයා ගැන විශ්වාසයක් ඇතිකර ගනීවි. ඒ අනුව ඔයා නැවතත් දාන ලින්ක් එකක් බලන්න ඒ අය අනිවාර්යයෙන්ම යාවි. එක් අයෙකු එක් Account එකක් පමණක් සෑදීමටත් තමන්ගේ ලින්ක් පරීක්ෂා කරීමට එක් වතාවක් හැර තමන් ක්ලික් නොකිරීමටත් වගබලා ගන්න. එහෙම උනොත් ඔයාගේ ගිණුම නැතිවීම වැළැකිවිය නොහැක. මුලදි හෙමින් මුදල් එකතුවූනත් කාලෙත් එක්ක ලොකු ඉපයීමක් ලබන්න හැකිවේවි. මෙහි වංචා සිදුකළ බවට සදහනක් කොහේවත් නොතිබීමත් දැනට හොදින් ගෙවා ඇති බව සදන් වී තිබීමත් නිසා මම ඔයාලට මෙය හදුන්වා දුන්නා.එකපාරට දවසින් දෙකින් ලොකු මුදලක් උපයන්න හිතන කෙනෙක් ඉන්නවා නම් මෙහි රෙජිස්ටර් වෙන්න කාලය වැයකරන්න එපා.
මේ සයිට් එක වංචා කරනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.ඇත්තටම මෙය මේ වන විට අනුතර්ජලයේ හොද කීර්තියක් දිනාගෙන තිබෙන විශ්වාසනීයත්වයේ හිමිපෙත්තේ තියෙන සයිට් එකක් බවට හදුනාගන්න පුළුවන්. මේ ගැන ඔයාලත් තව සොයලා බලන්න. 

 එහෙමනම් මම නවතිනවා. තවත් පෝස්ට් එකක් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණුපැත්තේ තියෙන මේල් එක හරහා සාජුව මා සම්බන්ධ කරගතහැකියි. ඔබ ඩොලර් සතයක් හෝ ගෙන ඒම ලංකාවට මගේ සතුටයි.
පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

15 comments:

  1. machan mona wage site add karanna one

    ReplyDelete
    Replies
    1. මේ සයිට් එක ඇඩ් කරන්න කියලා කියන්න බැහැ. ඔයාගේ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතෙන සයිට් එකතු කරන්න.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. Earn more than adf now
    https://shorte.st/ref/f6808ac855

    ReplyDelete
  4. kohen ragenda ban lin ethanata danne

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට වැදගත් ලින්ක් එකක් අරන් ෂෝට් කරලා දාන්න.

      Delete
  5. ගූගල් ඩ්‍රයිව් එකේ තියෙන ෆයිල් වල ලින්ක් පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඕනම ලින්ක් එකක් හැකියි.

      Delete
  6. මගේ පේපැල් අකවුන්ට් 1 තියෙන්නෙ ලංකාව කියල. ad fly එකේ සල්ලි පේපැල් එකට යාවිද?

    ReplyDelete
  7. පේපැල් එකට යනවා. තාම ලංකාවට ගන්න එක තමා ගැටළුව. ඒ මුදල් වලින් වෙන දෙයක් කර ගන්න පුළුවන්.

    ReplyDelete
  8. Thanks අයියේ. ගොඩක් ප්‍රයෝජවත් ලිපියක්. බොහෝම ස්තූතියි. මුල් ටික නම් හරි කට්ටක් කන්න වෙනවා තමයි. නමුත් පස්සේ හරි යයි වගේ. තාම මගේ $0.03556 යි. ඒත් කමක් නෑ. මට ඕනෙ කරල තිබ්බ දේ තම්යි මේක. thank u very much
    මේ මගේ බ්ලොග් එක...

    http://adf.ly/1QXFVO

    ReplyDelete
  9. ඇත්තටම වටින post එකක්. ඒත් මට බ්ලොග් එකක් හදා ගන්න ඕනෙ.පුලුවන්නම් ඒක කරල දෙන්න

    ReplyDelete
  10. මේක දැන් AD Block කරන ඒවගෙන් බ්ලොක් කරනවා.

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc