Saturday, July 27, 2013

Neobux මගින් උපයමු


ආයුබෝවන් යාළුවනේ,  මම කිව්ව විදියටම Neobux භාවිතයෙන් මුදල් උපයන අයුරු කියා දෙන්න post එකක් අරන් ආවා. හැබැයි ඉතින් ආයෙ එන්න නම් සතියක් ගියා තමයි. දන්නවනේ මම කාර්ය බහුල කෙනෙක් විත්තිය. ඔයාලා වෙනුවෙන් මේ සයිට් එක ලියන්න ගත්තේ කාර්ය බහුල ජිවිතේ වෙනසකටත් එක්කනේ. 
එහෙනම් අපි පටන් ගනිමු.අපි අන්තර්ජාලයෙන් PTC භාවිතයෙන් මුදල් උපය විටදී අපට මුලින්ම විශාල මුදලක් ලැබෙන්නේ නැහානේ. මුලදී අපේ Account balance එක ඉහල යන්නේ ඉතා හෙමිහිට. ඒත් ටිකක්කල් යන විටදී එය ඉතා සීඝ්‍ර වැඩිවීමක් පෙන්නනවා, අපේ කළමණාකරණය හරහා. ඒත් ඉතින් එහෙම කරන්න අපට ඉතා පහසුම PTC සයිට් තමා මේ Rented Referral ගන්න ලුළුවන් සයිට්. මේ තත්වය බොහෝවිට තියෙන්නේ bux කියන PTC සයිට්වලයි. ඉතින් මම ඔබට අන්තර්ජාලයට මුදල් උපයන සරල ක්‍රම කියාදීම ආරම්භ කරන විටදීම probux  කියන PTC සයිට් එක ගැන කියලා දුන්නනේ. එම post කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් එම post  03 කියවලා එන්න.
මේ Neobux කියන PTC එක ඉතා ජනප්‍රිය එකක්. ඒ වගේම probux වල දෙන පහසුකම් සියල්ලම මෙහිත් ලබාදෙනවා   මෙය බොහෝ කාලයක් අන්තර්ජාලය තුළ රැදී සිටිමින්, නියමිත පරිදි අඛණ්ඩව තම සාමාජිකන්ට මුදල් ගෙවමින් පවතින බවට සාක්ෂි තියෙන නිසා මෙම සයිට් එක විස්වාසනීය එකක් ලෙස හදුන්වන්න පුළුවන්. හැබැයි මෙහි ඉපයීම probux සයිට් එකට සාපේක්ෂව සෙමින් තමා වැඩිවෙන්නෙ. කොහොම උනත් මේ සයිට් එකෙන් අපේ ඉවසීම හා කැපවීම මත වැඩි මුදලක් උපයා ගන්න පුළුවන්.
එහෙම නම් අපි බලමු මෙහි ලියාපදිංචි වන ආකාරය. මෙතනින් ගිහින් Neobux සයිට් එක Open කර ගන්න. පහළ රූපය බලන්න.

1

දැන් එහි රතුරවුමෙන් පෙන්නල තියෙන තැන් දෙකෙන් කොතනක හෝ තියෙන  Register කියන තැන Click කරන්න. එවිට පහත ආකාරයේ පෝර්ම් එකක් ලැබේ එම රූපයේ විස්තර කර ඇති පරිදි එම පියවර සම්පූර්ණ කරන්න. අවසානයේදී Continue කියන button එක Click කරන්න.

2

දැන් ඔබ ලබාදුන් email address එකට verification link එකක් යවනු ලබනයි. දැන් ඔබ එම email එකට login වන්න. දැන් ඒ ලැබුණු mail එක open කරන්න. දැන් එහි ඇති නිල්පාට ලින්ක් එක ක්ලික් කරන්න. එවිට පහලරූපයේ පරිදි ලැබෙන ඩින්ඩෝව හරහා Neobux සයිට් එ‍කේ ඔබේ ගිණුමට ඇතුල් වන්න. පහත රූපයේ අංක අනුපිළිවෙළට කටයුතු කරන්න.

04

දැන් ඔබගේ Neobux ගිණුමට ඇතුල් වන අතර ඔබගේ තොරතුරු එහි දැකගතහැක.

5 probux ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන වන නිසා වැඩිදුරට විස්තර කරමින් මෙය දීර්ග කිරීමට අපේක්ෂා නොකරමි . තාමත් ‍නොකියවූවා නම් ‍‍ඒ පිළිබදව ලියා ඇති Post  කියවන්න මෙතනින් යන්න.නමුත් මෙහි ads බලද්දි නම් ටිකක් වෙනස්. මෙහිදී ad එක උඩ click කළාම රතු පාට තිතක් මතුවෙනවා. පහත රූපයේ අවස්තාව 01 හා 02 බලන්න. නැවත එම තිත මත click කළාම ad එක පෙන්නනවා. ad එක පෙන්නන කාලය තුළ ඩින්ඩෝ එක පහලින් කහපාට තීරුවක් වමේ සිට දකුණට පිරෙනවා දැකගත හැක. පහත රූපයේ අවස්තාව 03 බලන්න. එය පිරී අවසන් වූ විට ඔබගේ ගිණුමට මුදල් බැර වූ බව සදහන් පණිවිඩයක් සමග තැඔිලිපාට Close button එකක් මතුවෙනවා. පහත රූපයේ අවස්තාව 04 බලන්න.  දැන් එය මත ක්ලික් කර, එය Close කර නැවත අලුත් ad එකක් බලන්න. අනෙක් සියල්ල probux වලට සමාන වේ. (මෙහිත් තැඹිලි පාට ads බැලීම අනිවාර්යයි)

6

එහෙනම් යාළුවනේ මම අදට මෙතනින් නවතිනවා. ගැටළුවක් මතුවුනොත් comment එකක් දාන්න. තවත් Post එකකින් ඉක්මනින්ම හමු වෙමු.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.

පැමිණි සියලු දෙනාටම ජයෙන් ජය!!!






16 comments:

  1. මචන් මේකේ rented referral කෙනෙක්ගේ අව ම Avg. එක කීයක් වෙන්න ඕනි ද අපිට පාඩු නැතුව කරගෙන යන්න නම්?

    ReplyDelete
  2. machan paadu nathuwa karagena yanna nam meka rented ref kenek ge awama avg eka kiyak wenna onida?

    ReplyDelete
    Replies
    1. මම හැමවිටම 1ට වඩා වැඩියෙන් තියාගන්න උත්සාහ කරනවා. මට පාඩු නැහැ.

      Delete
    2. එල එල මචෝ.. තෑන්ක්ස්! ජය වේවා!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔව් යාළුවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. යාළුවා, ඕක මෙහෙමයි වෙන්නේ අපි ඔය සිම් භාවිත ඩොන්ගල් එකක් භාවිතා කරලා වැඩ කරන්න සම්බන්ධ කරන විසන්ධි කරන සෑම වතාවකදීම ඔය IP එක වෙනස් වෙනවා. ඔයාට අර වගේ මැසේජ් එකක් එන්නේ පැය 24ක් ඇතූළත ඒ වෙලාවේ ඔයාට ලැබිලා තියෙන IP එකෙන් කවුරු හරි ඇඩ් බලලා තියෙනවා. ඒ නිසා ඔයා කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා නැවත කනෙක්ට් කරන්න. සමහර විට අවස්ථා කීපයක් උත්සාහ කරන්න වෙන්න පුළුවන්.

      Delete
    4. thanz admin.......IP aka change karala log unata kamak nadda?

      Delete
  4. mama IP change karala log une..... mata dan akath ba.........
    http://oi60.tinypic.com/1z1d404.jpg

    ReplyDelete
    Replies
    1. ඔයා IP change කරලා ගියාට ඒකත් කවුරු හරි භාවිතා කරලා තියෙන් පුළ්වන්. ඒ නිසා අවස්ථා කීපයක් ඔයාගේ කනේක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා සයිට් එක රී ප්‍රෙෂ් කරලා බලන්න වෙනවා. Neobux මගින් උපයමු
      Remove වල ඔය ගැටළුව තියෙනවා. ඔය තත්වය පැහැදිලි වෙන්න මට ලිපියක්ම දාන්න වෙයි.

      Delete
    2. Thanz admin.......oya mehema udaw karana aka godak agaya karanawa......

      Delete
    3. ඇගයීමට ස්තූතියි.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. යාළුව PTC වලට මුදල් උපයන විට හැකි තරම් තමන්ගේ් අතේ තියෙන මුදල් ආයෝජනයකින් තොරව මුදල් ඉපයීම ඉතා වැදගත්. වෙරිෆයි නැති නම් ඔයාගේ ගිණුමට ගිහින් බලන්න ඒ අය තව මොනාද ඉල්ලන්නේ කියලා.

      Delete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc