Friday, July 19, 2013

අන්තර්ජාලයෙන් පහසු‍වෙන් මුදල් උපයමු - 4 (PROBUX වල Referralsලා manage කරන්නේ මෙහෙමයි)


PROBUX වලින් රු.20000.00 ඉලක්කයට යන්න Referralsලා manage කරන්නේ මෙහෙමයි

ආයුබෝවන් යාළුවනේ,  මේ post එකත් දාන්න ටිකක් පරක්කුවුනා, මොකද මම මේක ටික ටික හදල තමයි දැම්මේ. ඒ අතරෙදි මෙය අද publish කරන්න හිටි‍යත් වැරදීමකින් ඊයෙ එය සිදුවුනා. ඒ නිසා අද වෙනකම් මෙය Hide කර තබන්න වුනා. මෙහි පින්තූර බැලීමට අපහසු නම් එය උඩ ක්ලික් කරන්න.


Probux වලින් රු.20,000.00ක් මාසයකට උපයන්න පුළුවන් බව, මෙම මාතෘකාව යටතේ ලියන ලද post - 2 දී සිහිපත් කරල ඇති. කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් මේ ගැන ලියන ලද post 2ම කියවලා එන්න. මේ ඉලක්කයට යන්න ඉස්සෙල්ලාම ඔයාල Probux වල Register වෙලා ඉන්න ඕන. තාමත් Register වෙලා නැත්නම් මෙතනින් යන්න. මෙහි Register වෙන ආකාරය ගැන දැන ගන්න post - 2  බලන්න. එහෙනම් අපි වැඩ පටන් ගනිමු.

Probux අපට මේ ඉලක්කය කරා යන්න අවශ්‍ය උපාංග ටික දීල තියෙනවා.
ඔයාලා දිනපතා Ads click කරනවා වගේම, ඔයාලගේ Rnt Referrals දිනපතා Ads click කරන එකත් ඉතා වැදගත්. නමුත් Referrals ලා ගත්තාම විවිධ තරාතිරමේ අය ඉන්නවා. සමහරු දැක්ක නිසා Register වෙලා ඉන්නවා. තවත් සමහරු මේ ගැන නොදන්න කමට වැඩේ අතෑරලා දානවා. තවත් සමහරු මතක්වුන දවසට ඇවිත් click කරනවා. ඉතින් අපි මුදල් වැය කරල ගත්තු අයගෙන් අපට කොමිස් ලැ‍බෙන්නේ අපි Rent කරපු Referral කෙනා click කළොත් විතරයිනේ, ඒ නිසා දවස් ගානක් click නොකරන අය අපට සෙට් උනොත් උපයන මුදල අඩු වෙනවා. ඒ නිසා දවස් හතරකට වඩා click නොකරන ලද Referrals කෙනෙක් ඉන්නවා නම් එයාගේ AVG එක 1.5ට වඩා අඩු නම් Recycle කළ යුතුයි. මේ සදහා ඩොලර් 0.007ක් අයකරනවා. ඒ උනාට මේක ලාබ දායකයි. දැන් ඔයාලා Rent කරපු Referral පිළිබදව බලා ගන්න My Account  වලට ගියාම තියෙන Rented Referrals කියන Option එක click කරන්න.පහළ රූපයේ රතු රවුම බලන්න.

ඔය පහළ රූපයේ දාල තියෙන්නේ Referrals ලා Rent කරන ආකාරය පැහැදිලි කරන්න කලින් post එකේදි මම ඔයාලා වෙනුවෙන්  Rent කළ Referralsලා 03 දෙනා. මෙම post එක Draft කරද්දි ඒ අයගේ කාලය දින 03 උනත්, මේ පිළිබදව ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා ඔය කාලය තුළ click  නොකරපු Referral කෙනාව recycle කරන්න තෝර ගත්තා. පහළ රූපේ නිල් කොටුව බලන්න. ඒ වගේම තමයි ඔයාල referral ලා 1000 අරන් Manage කරද්දි ඒ අතර AVG 1.0 ට අඩුනම් දින හතරකට වඩා අඩු referrals උවද recycle කරල සමස්ත referralsලාගේ AVG 1.5ට පවත්වා ගත යුතුයි.

මෙම සයිට් එකේ  Referrals සම්බන්ධ කටයුතු මුදල් වැය කරනවිට Ad Funded කරන්න පහසු ක්‍රමයක් තියෙනවා ඒක මට කළින් කියා දෙන්න බැරි උනත් මේක ඒකටත් අවස්ථාව කර ගන්නවා. ඔයාලා Rented Referrals කියන Option එකට ගියාම ඉහල රූපයේ රතුරවුම ඇතුලේ තියෙන Auto pay කියනOption එක Disabled කියලා තියෙන්නේ.ඔය කොළ රවුමෙ වගේ. එහි තියෙන Enabled කියන Option එක උඩ Click  කරල ඒක Active කර ගත්තාම, අපි වෙනම Ad Funded කරන්න යන්න ඕන නෑ. එය අපේ ඉල්ලීමට අනුව ඉබේම සිදුවෙනවා.
දැන් ඒ Referral ගේ ඉදිරියෙන් තියෙන කොටුව ඇතුලේ  Click  කරල ටික් කරන්න. එවිට පහළ රූපයේ වගේ Dialog box එකක් Referral list එකට යටින් මතු වේවි. එතනදි අහන්නේ මේ තොරපු කෙනාට කළයුතු දේ කුමක්ද කියලා. 

ඔය මම පළමුනවන්ම තියෙන Option එකතෝරල තියෙන්නේ, මෙයාව recycle කරන්න ඕන නිසා. 
ඒ වගේම එතනම පහල තියෙන්නේ Referralගේ කාලය තව ඉස්සරහට දීර්ඝ කර ගැනීමේ Option ටික. ඔය Auto pay active කිරීම මගින් Discount ලබාගන්න අවස්ථාවක් ලැබෙනවා. එය සියයට10 සිට 30දක්වා ලබාගන්න පුළුවන්. ඒ වගේම හොදට  Click කරන Referralලා හදුනා ගත්තාම ඒ අය අතාරින්නේ නැතිව තියා ගන්නත් මෙම Auto pay active කිරීම වැදගත් වෙනවා. දැන් recycle  උඩ Click කළාම පහත රූපයේ දැක්වෙන පරිදි Dialog box එක්ක ලැපබ්වි. එහි Click here to confirm කියන තැන  Click කරන්න.රතු රවුම බලන්න.


එය සාර්ථකව කළ බවට පහත රූපයේ පරිදි පණිවුඩයක් දිස්වේවි. නිල් කොටුව බලන්න. දැන් ඔයා recycle කළ Referral ඔය රතු කොටුව ඇතුලේ තියෙනවා වගේ දැක ගන්න පුළුවන්.

මම කලින් කීව්ව Discount (වට්ටම) ලබා ගැනීමට next payment සඳහා දින දහයක් හෝ අඩු කාලයක් ඇති referrals සඳහා දින 30ක්60ක්,90ක්,150ක්,240ක් සඳහා දීර්ඝ කර ගතහැකියි. ඒ උනත් ඔයාල මුලින් උපයන මුදත් ප්‍රමාණය අඩු නිසා දින 30කට තමා කරන්න වෙන්නේ. ඒ කියන්නේ මුල්ම referrals 100 ලබාගන්නා තෙක්.  එහිදී  Discount  (වට්ටම) ලැනබන්නේ නැති උනත් මම දකින විදියට අලුත්කෙනෙකුට referralsලා වෙනුවෙන් මාස 2කට මුදල් යට කරලා තියන්වාට වඩා වැදගත්වෙන්නේ තව තවත් අලුතින් referralsලාව ගන්න එක. එම වට්ටම දින 60ක් සඳහා දීර්ග කිරීමේදී 10% සිට ඊට වැඩි කාල සදහා 30% ක උපරිමය දක්වා උනත් ලබා ගන්න පුළුවන්. කොහොම වුනත් ඔයාල මුලින්ම වැඩි වැඩියෙන් eferralsලාව rent කරගන ඉන්න.

අපි මේ ක්‍රම භාවිතා කරමින් අපට ලැබෙන මුදල් උපරිම විදියට කළමණාකරනය කරමින් referral 15 දක්වා 03 පැක් ගන්නවා. මොකද අපේ මෙම කළමනාකරණ කටයුතුත් එක්ක මේ කාලය තුළ ඊට ඩඩා ලොකු පැක් ගන්න අපහසුයි. ඒකත් ඔයාලගේ account එකේ තියෙන මුදල් අනුව ඔයාල තීරණය කරන්න. මම මේ කරන්නේ ඔයාලට මගපෙන්වීමක්. ඊට පස්සේ ඩොලර් 02ක් දීල 10 පැක් එකක් ගන්නවා. දැන් ඔයාලගේ ආදායම ටිකක් ඉහල යනවා. ඊළගටත් අපි 10පැක් එකක් ගන්නවා. ඔය විදියට ඔයාලට ඒ ඒ සතිය අවසන් ‍වෙනකොට තියෙන මුදල් යොදාගෙන මුල්  referral 100 හදාගන්න. ඔය  referral 100දෙනා ගන්න අතරෙදි ඒඒ පැක් Rent කළ දවස අනුව ඒ ඒ referral කාලය අවසන් වීමට පෙර ඒ අයගේ කාලය දීර්ග කර ගන්න. (ඒ සදහා recycle ගැන ඉහතදී විස්තර කළ පියවර අනුගමනය කළ විට මතුවන Dialog box  එකේ I want to pay......... තෝරන්න)

දැන් ඔය referral 100 ගෙන් උපයන මුදල් යොදාගෙන තව 100ක් ගන්න පුළුවන්. දැන් ඔයාලට නොමිළේ දුන්න සාමාජිකත්වය අනුව ගතහැකි උපරිම referral ප්‍රමාණය අරන් අවසන්. දැන් ඔය 200 දෙනාව ඉහත් කියුව විදියට හොදින් Manage  කරල ඩොලර් 80ක් එකතුකරගෙන GOLD MEMBERSHIP එක ගන්න. My Account වල තියෙන් Upgrade Option එකට ගිහින් ඒක කර ගන්න පුළුවන්. පහල රූපයේ රතු කොටුව බලන්න.
 එහිදී එක  referral  click එකකට ලැබෙන මුදල ඇතුළත්ව ලැබෙන අනෙකුත් වරප්‍රසාද මොනවද කියලා, දැනගන්න පහල දාල තියෙන රූප දෙනකන් බලාගන්න.



අපිට මෙතෙක් ලැබුනේ referral  click එකකට ඩොලර් 0.005 දැන් එය 0.01ක් වෙනවා. ඒ වගේම අපිට මෙම සාමාජිකත්වය හරහා referral 2000 දක්වා උනත් Rent කරන්න පුළුවන්ඉතින් දැන් ඉක්මනින්ම තම ආදායම වැඩිවෙන බව ඔයාලට පෙනේවි. ඔය විදියට ඒ ඒ සතියෙදි ලැබෙන ආදායම අනුව දැනට උපයල දෙන referral ලව Manage  කරන ගමන් අලුතින් referral ලව Rent කරමින් තම සමස්ථ  referral  සංඛ්‍යාව 1000 දක්වා වැඩිකර ගන්න.

ඔන්න ඔය ආකාරයට  ඔයාල Referralලා  Manage කරමින් තමා වෙනුවෙන් උපයන Referralලා  1000 හදා ගත්තා වගේම ඉදිරියටත් දිනපතාම කමුමැලි නැතිව Referrals 1000  Manage කළාම මම කීවට රුපියල් 20000ක් උපයන්න ලුළුවන් කියල, ඊට වඩා ඉහල ආදායමක් ලබන්න පුළුවන්. මතක තියාගතයුතු දෙයක් තියෙන්වා, ඔයාල මේ කාර්යය කරද්දි අනිවාර්යයෙන්ම recycle  කළයුතු අය දිනපතාම පරීක්ෂාකරල ඒ අයව recycle  කරල ඒ ඒ Referral ගේ සමස්ථ AVG අගය 1.5ට වැඩියෙන් පවත්වා ගන්න උත්සාහ කරන්න.

මෙම referral ප්‍රමාණය හරහා මාසයක් තුල ලැබෙන ආදයම 
දල ගණනය කිරීම පහත පරිදි වේ.
දිනකට ලැබෙන මුළු click ප්‍රමාණය                =1000 X 1.5
                                                                      = 1500
ඒ අනුව දිනකට ලැබෙන ආදයම                      = 1500 X  0.01
                                                                       = 15 $
මසකට ලැබෙන අදායම                                   = 15 $ X  30 
                                                                        = 450 $
referral 1000ක් Rent සදහා වැයවන මුදල      = 0.2 X  1000 
                                                                        = 200 $ 
මාසික ගෙවීමෙන් පසු ඉතිරි මුදල                    = 250 $

දිනකට referral සියයට 4ක් recycle කිරීමට සිදුවූව හොත් දාහට 40කි. ඒ අනුව
ඒ සඳහා දිනකට වැයවන මුදල                        = 0.07 X  40
                      = 2.8 $
ඒ සඳහා මසකට  වැයවන මුදල                       = 2.8 X  30
                       = 84 $

ඉතිරිය                                                           =250 - 84     
                                                                     =166$
දැන මේ ඩොලර් 166 රුපියල් කරමු.
අද දින ඩොලර් 1                                           = රු,129.95
ඒ  අනුව මාසික ආදායම    රුපියල්                = රු.166 X 129.95
                                                                      = රු. 21571.70
ඔය දැක්වූවේ ඔබගේ සමස්ථ Referral ගේ සමස්ථ AVG අගය 1.5ට ක් වේ යැයි අනුමාන කරල උනත් ඔබ හරියට Managing කළොත් Probux වල AVG අගය ඊට වඩා පවත්වා ගන්න පුළුවන් ඒ වගේම ඔබට ලැබෙන අනෙකුත් වට්ටම් ඔය ගණනය කිරීමට ඇතුළත් කරල නැහැ. ඉතින් ඔය කරුණු සැලකුවාම ඔයාලගේ මාසික ආදායම රුපියල් 20000ට වඩා ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ඔයාල කැමතිනම්, ඕන නම් Referral  ප්‍රමාණය 20000 දක්වාම වාඩිකර ගන්න පුළුවන් නිසා ඔයාලගේ මාසික ආදායම රැපියල් 40000කට වඩා වැඩි කරගන්න පුළුවන්.
සමහර PTC මුදල් ගෙවමින් ඉදල බන්කොලොත් බාවයට පත්වෙලත් තියෙන බවට දැනගන්න ලැබිල තියෙනවා. ඒ උනාට මේක හොදින් කාලයක් තිස්සේ ‍මුදල් ගෙවාගෙන ඇවිත් තියෙන බවට සාක තියෙනනිසා තමයි මම මේ ගැන ඔයාලට කියල දෙන්න හිතුවෙ. ඒ වගේම තමයි යාළුවනේ PTC කොච්චර තිබ්බත් මේ වගේ සයිට් තියෙන්නේ ටිකයි. මම කලින් දීපු ඔත්තුවෙ තිබ්බ සයිට් වලින් මුදල් හොයන්න ටිකක් අපහසුයි මොකද අපිට ඒවායෙදි  Referral කෙනෙක් Rentඑකට දෙන්නේ ‍වැඩිපුර කාලයකට. ඒ අනුව අපි එක් අයෙකු ගන්න ලොකුගානක් එකවර වැය කරන්න ඕන. ඉතින් මේ තුළින්ම ඒ මුදල සොයා ගන්න අපට ගොඩක් කල් යනවා. ඉතින් මෙක ඊට හාත්පසින්ම වෙනස් නිසා අපිට ඉක්මනින් මුදල් උපයමින් වැඩිවැඩියෙන් Referralලා ගන්න පුළුවන්. මේ අන්තර්ජාලය තුළදී හමුවන අය අතර අපේ එකෙක් හැර වෙන එවුන් විශ්වාස කරන්න එපා කියල දවසක් ලංකාවෙ යාළුවෙකුගේ Post එකක තිබ්බා මතකයි.

ඉතින් යාළුවනේ කොහෙන් හරි නීත්‍යානුකූතව අපිට මුදල් ලැබෙනවා නම්, කාලයත් තියෙනවා නම් කොහෙන් හරි ලැබෙන මුදල් දෙනකන් අරන් අපේ ගිණුමට දාගත්තාම අපේනෙ. ඔයාල මේක විනෝදයට වගේ පටන් අරන් කරන් ගිහින් බලන්න. ඉතින් මම මට දැන ගන්න ලැබෙන හොද හොද සයිට් ගැන ඉදිරියේදි තවත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින් සදහන් කළාවගේම කිසිදු ගුරුමුෂ්ඨියක් තබා නොගෙන Probux ගැන දැනට මා දන්න සියල්ල කියාදී හමාරයිතාමත් Probux වල Register වෙලා නැත්නම් පහල බැනරය භාවිතා කරන්න.
සැ.යු. - කොහොම උනත් මම ඔය හැදුවේ ගාණක්. මම මේ සයිට් එකෙන් ඔච්චර උපයන්නේ නැහැ. අපිට කොහොම උනත් PTC එකක් ගැන එතරම් ලොකු විශ්වාසයක් තියාගන්න බැහැ. ඒ කියන්නේ GOLD MEMBERSHIP එක ගන්න එක එතරම් නුවණට හුරු නැහැ. ඒ නිසා ඔබට හොදයි කියලා හිතෙන සාමාන්‍ය මුදලක් උපයන්න ඉලක්ක කර ගන්න. ඒ ඒ මුදල් ඔයාගෙ ගිණුමට බැර කර ගන්න.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.


තවත් විශ්වසනීය PTC එකක් ගැන Post එකක් අරන් හැකි ඉක්මනින් එන පොරොන්දුව පිට අදට නවතිනවා.

එහෙනම් පැමිණි සියලුදෙනාටම ජයෙන් ජය!!!








12 comments:

  1. Thanks for your valued instructions. Before read this, I had done some many several online PTC, Referal sites and many more. Sure I will try to do with your valued instruction and try to feel different. Thanks

    ReplyDelete
  2. thanks machan. autopay activate karana eka compulsory da

    ReplyDelete
    Replies
    1. ‍යාළුවා ඔටෝපේ ඇක්ටිව් කර ගත්තාම මෙහි ගෙවීම් කටයුතු කරන එක ඉතා පහසුයි. එවිට අපට අවශ්‍ය ගෙවීම් තේරුව විගස අපේ මේන් බැලන්ස් එකෙන් මුදල් අරන් අදාල ගෙවීම සුදුවෙනවා. නැත්නම් ඇඩ් ෆනඩ් ගිහින් අවශ්‍ය මුදල් අරගෙන ඕන ගෙවීම් කරන්න. ඒක ටිකක් කරදරයි. ඒ උනාට මේක තමන්ට අවශ්‍යය නම් පමණක් කරගතයුතු දෙයක්. අනිවාර්යය නැහැ.

      Delete
  3. Thanks for your valued instructions. Please let me know how can we withdraw funds to my local bank account? At Payza only we have bank wire, it will charge high rate of fee to withdraw. Please advice how to withdraw money with minimum fee of their charges.
    Best Regards.
    Aruna

    ReplyDelete
    Replies
    1. according to my knowledge you can use visa debit card or credit card for it.

      Delete
  4. thanks admin..oyage help walin mama site 6k withara hodata wada karagena yanava.. thanks a lot bro

    ReplyDelete
    Replies
    1. මම දාලා තියෙන සියලු දෙනාගේ අවධානය පිණිසයි කියන පෝස්ට් එක කියවලා වැඩ කරගෙන යන්න.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයා රෙෆරල්ලා ගත්තාම ඔයාගේ ගිණුමේ මුදල් අවසන් අඩු වෙනවා. ඒ වගේම ඔයා ඔටෝ පේ ඇක්ටිව් කළාමබ දිනපතා ඔයාගේ මුදල් අඩු වෙනවා. එතකොට ආයෙත් රෙෆරල්ලා ගන්න මුදල් සොයා ගන්න ටිකක් වැඩිපුර කල් යාවි. ඒ නිසා ගත්ත රෙෆරල්ලාගේ කාලය අවසන් වීමට දින 5ක් 6ක් වගේ තියෙද්දී කරන එක තමා හොද.

      Delete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc