Sunday, July 7, 2013

අන්තර්ජාලයෙන් පහසු‍වෙන් මුදල් උපයමු - 2 (අන්තර්ජාල මුදල් පිළිබද මුලික දැනුම)


අන්තර්ජාල මුදල් පිළිබද මුලික දැනුම

ආයුබෝවන් සියලුම දෙනාටම, ඉතින් යාළුවනේ මම කලින් post එකේදි කිව්වනේ පහසුවෙන් මුදල් හොයන විධි සරලව කියල දෙන්න ඉක්මනින්ම ආයේ  post එකකින් එනව කියලා, ඕන් ඉතින් මම ආව. මම ගොඩක් කාර්ය බහුලයි, ඒත් හැකි සෑම ‍වෙලාවකම Blog එකට ඇවිත් ඔයාලට මුදල් හොයන විධි කියාදෙන්න, ඔයාලගේ ගැටළු විසදන්න මම සොයා ගන්න අලුත් දේවල් ගුරුමුෂ්ඨියකින් ‍තොරව කියාදෙන්න එනවා. ඒවාගෙන් වැඩක් ගන්න එක ඔයායාලයගේ වැඩක්, එහෙනම් අපි පටන් ගනිමු...

හැදින්වීම

අපිට මේ අන්තර්ජාලෙදි මුදල් හොයන විධි රාශියක් තියෙනවා. ඒවා ගැන සමහර විට ඔයාල දැනටමත් අහල ඇති. මේකට අපු සමහර යාළුවෝ අතර දැනට එම දේවල් වල නියෙලෙන අය ඇති. මෙම මූලික දේවල් ඒ අයට වැදගත් නොවෙන්නත් පුළුවන්, වැදගත් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය අන්තර්ජාලෙ මුදල් සොයන විධි අතර, 
දැන්වීම් නැරඹීම (paid to click)
ඊ මේලි කියවීම (Read e mail)
සරළ වැඩ කිරීම (Task)
විශේෂ දීමනා (Offers)
වීඩියෝ නැරඹීම හා like කිරීම
link හුවමාරුව
ඔයාගේ computer එක on කර තැබීමෙන් මුදල් ඉපයීම
වගේ සරල ක්‍රම තියෙනවා.

වගේම මේ ගැන ටිකක් අවබෝධ කර ගත්තාම තමන්ට උවමනාවක් තියෙනවා නම්, වැඩ කරන්න කාලයත් තියෙනව නම්, තමන් සතු දැනුම හා කුසලතා යොදාගෙන කරන්න රැකියාවල් ගොඩක් තියෙනවා.
දත්ත ඇතුලත් කිරීම (Data entry)
සමීකෂණ වලට සහභාගිවීම (Surveys)
කොමිස් ලබා ගැනීමට භණ්ඩ ප්රචාරනය
E bay කර ලාභ ඉපයීම
තමන්ගේ දැනුම යොදාගෙන හැකියවන්, කුසලතාවන් අළෙවිය
YouTube වලට Video ඇතුලත් කිරීම
තමන්ගේ Web/Blog වල වෙළද ප්‍රරචාරනය 
මුදල් ආයෝජනය කිරීම
වගේ  මුදල් උපයන විධි විශාල ප්රමාණයක් අන්තර්ජාලයේ තියෙනවා. ඉතින් මම ඔය කිව්වේ ටිකක් විතර, මේ අන්තර්ජාලයෙන් මුදල් උපයන විවිධ ආකාරයන් පිළිබදව නොදන්න අයට දැන ගන්නයි.

PTC සයිට් වලින් මුදල් උපයන එක පහසුයි
ඉතින් සරල රැකියා අතර තියෙන පහසුම ඉපයීම් ක්‍රරමය තමා ඔය ඉස්සෙල්ලාම තියෙන දැන්වීම් නැරඹීම. Paid to click කියන එක කෙටිකරල තමයි PTC කියන්නෙ. PTC සයිට් විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ තිබුනත් ඒ හැම එකක් ගැනම එතරම් විශ්වාසයක් තියන්න බැහැ. මොකද මේවා අපිට සල්ලි නොදෙන්න ඉඩ තියෙනවා. ඒ වගේව ඒව හිටිහැටියේ අතුරුදන් වෙනව. ඉතින් අපි මුදල් උපයන්න විශ්වාස වන්ත PTC සයිට්ම තෝරා ගන්න ඕන. මුදල් ගෙවූ බවට සාක්ෂි තියෙනවා නම්, සයිට් ‍එකේ සාමාජිකයෝ ගොඩක් ලියාපදිංචිවෙලා තියෙනව නම්, කාලයක් තිස්සේ සයිට් එක පවත්වගෙන ආපු එකක් නම්, ඒ ගැන යම් විශ්වාසයක් තියන්න පුළුවන්. ඒ වගේම මෙම ලින්ක් හරහා scamdetector කියන වෙබ්සයිට් එකට ගිහින් ඒ ඒ PTC සයිට් වල තත්වය දැනගන්න පුළුවන්. (ad skip කියන බටන් එක ක්ලික් කරලා යන්න. මෙය link හුවමාරුවක්, ඒගැනත් ඉදිරියේදි ඔයාලට සරලව කියලා දෙනවා) ඒ වගේම එම සයිට් එකේ Forum එකෙනුත් එහි තත්වය අවබෝධ කර ගන්න පුළුවන්. ඉතින් අපට PTC වලදි අතින් මුදල් යොදවන්නෙ නැතුව ඒ අයගෙම සල්ලිම යොදවල වැඩිවැඩියෙන් උපයන්න ක්‍රම තියෙනවා

PTC සයිට් අපට මුදල් ගෙවන්නෙ ඇයි?
මේකෙදි වෙන්නෙ මෙහෙම දෙයක්, අපි ටීවී එකේ Drama එකක් බලද්දි දානවනෙ Ads. ඉතින් අපට ඒවා බලන්න වෙනවා. ඒ ඒ ව්‍යාපාරික ආයතන රෑපවාහිණී අයතන වලට මුදල් ගෙවල එයාලගේ  Ads පෙන්නන කියනව. ඒ වුනාට අපි ඉතින් Ads විතරක් පෙන්නුවට ඒවා බලන්නෙ නෑනේ. ඒ නිසා එම Drama එකට වැයවූණු මුදලයි, ගුවන් කාලයයි කියන දෙකේම වටිනාකම ව්‍යාපාරික ආයතනයෙන් අයකරගෙන එයාලගේ  Ads පෙන්නනවා. අපි ඒවා බලනවා වෙනුවට අපට ‍ Drama එක බලන්න දීල, එමගින් තමයි ගෙවන්නේ.

ඒ වගේම තමයි අන්තර්ජාලයේ/අන්තර්ජාතික සමාගම් වල  Ad එකක් PTC සයිට් විසින් මිළදී ගන්නවා, මෙච්චර දෙනෙකුට (1000) පෙන්නන්න $ මෙච්චරයි කියල. ඉතින් PTC සයිට් එක ඔය Ad එක ගත්ත වගේ පොරොන්දුවුනු ප්රමාණයට(1000) පෙන්නන්න ඕනනෙ. ඉතින් නිකන් බලන්න කිව්වට Internet දාගෙන ඕව කවුද බලන්නෙ. ඒ නිසා තමයි අර ටීවී එකේ Drama බලන්න දීලා, එමගින් ගෙවනවා වගේ ඒ අය ගත්තු $ වලින් කොටසක් අපිට දීලා Ad පෙන්නවා. ඒක මහ ලොකු ගානක් නෙවෙයි. ලොකු ගානක් එක Ad Click එකකට ගෙවනව කියන ආයතන ඇත්නම්, එය වංචනික එකක් විය හැකියි.

PTC සයිට් වැඩියෙන් මුදල් උපයා දෙන්නේ කොහොමද?
ඉතින් දවසකට Ad Clickකරල $ 0.04/0.008ක් විතර හොයල මොනවා කරන්නද? ඔය කෙහෙල්මල අතෑරලා දානවා කියලා සමහරු Ad Click වැඩේ අතාරින්න ඉඩතියෙනවනේ. ඉතින් තමන්ගේ සාමාජිකයෝ මේ විදියට හැලුනාම PTC සයිට් එකට, ආයතන වලින්  Ads නොලැබී යනවා. එතකොට එයාලගේ ව්‍යාපරය බන්කොලොත් වෙනවනේ. ඒ නිසා තමන්ගේ සාමාජිකයෝ ස්ථාවරව තියාගන්න ඒ අය විවිධ උපක්රම යොදනවා.
ඒ එකක් තමා අපට Rented referralsලා විකුණනව. ඒ කියන්නේ මම දන්නා විධියට කාගෙවත් මාර්ගයෙන් යොමු නොවුනු සාමාජිකයන්ගේ අයිතිය කුලීපදනම මත ලබාදීලා ඒ ගෙවල ගත්තු අයට කොමිස් එක්ක ගෙවනවා. මේ Rented referralsලා විවිධ වූ කාලපරාසයන් යටතේ කුලියට දෙනවා.referralsලා විකුණාගත් මුදල් ඒ අය අන්තර්ජාලයේ හෝ වෙනත් ව්‍යාපාර වල යොදවලා තව තවත් ලාභ උපයා ගන්නවා.

තවත් ඒ අයගේ සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කර ගන්න Direct referralsලා ඇතුලත් කර ගන්න සාමාජිකයන්ට අවස්ථාව දීලා තියෙන්වා. ඒ කියන්නේ මෙහි පෙර සාමාජිකත්වය ගත්තු නෙනෙකුගේ ලින්ක් එකක් හරහා ගිහින් සාමාජිකත්වය ලබා ගන්නා අය. ඉතින් සාමාජිකයෝ ඔය ලින්ක් එකෙන් යන්න කියලා අනෙක් අය අතරේ බෙදා දෙන්න එතරම් උනන්දුවක් දක්වන්නේ නෑනෙ. ඒ නිසා මේ Direct referral කෙනෙක්ගෙ Ad Click එකකටත් කොමිස් එකක්, සම්බන්ධ කරපු කෙනාට (Sponsor) ගෙවනවා. මේ සම්බන්ධ කරන අය හදුන්වන්නේ Sponsorලා කියලා.  ඉතින් මගේ මහන්සියෙන් හොයන එක ඇයි කටවත් දෙන්නෙ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ, ඒත් මෙතනදි PTC සයිට් එක කරන්නෙ Click කරපු කෙනාගේ නියමිත මුදල නියමිත පරිදි ගෙවන ගමන් Sponsorට කොමිස් එක්ක දෙන එක. ඒ හරහා තම සාමාජිකයන් වැඩිකර ගන්න, ඒ අය සැලසුම් කරල තියෙනව. ඉතින් මේ ක්රමය හරහා තවත් කෙනෙකුට අවාසියක් වෙන්නෙ නෑ. ඒකෙන් වාසි තියෙනවා, තමන් නොදන්න දෙයක් තමන්ට දැන ගන්න ඕන උනොත් එයාගෙන් අහගන්න පුළුවන්. රටක් විදියට සංවර්ධනය වෙමින් ඉස්සරහට යනකොට අපට  $ වැදගත්නේ, මේ හරහා අපේ රටට ලැබෙන $ ගානත් වැඩිවෙනවා.

Bux වගේ සමහර PTC සයිට් වල ඔය දෙවර්ගයේම ‍ referrals ලා ගන්න දුන්නත් සමහර ඒවායේ Rented referralsලා දෙන්නේ නෑ. දෙන්නේ Direct referralsලා විතරයි. ඒත් ඒ සයිට් තමන්ගේ සාමාජිකයන් ස්ථාවරව තබාගන්න offers/task/like/mail  වගේ විවිධ දේවල් වලින් සාමාජිකයන්ට වැඩියෙන් මුදල් උපයගන්න ක්රම සලසලා දීල තියෙනව.

ඒ වගේම මුදල් අරගෙන සාමාජිකයාගේ තත්වය උසස්කරල එයාට ගෙවන මුදල වැඩිකරන ක්රමයකුත් තියෙනවා. ඒක විවිධ මට්ටම් වලට, විවිධ අයකිරීම් කරල උසස්වීම් ලබා දෙනවා.

ඇත්තටම PTC වලින් ලොකු මුදලක් ඉපයිය හැකිද?
හරි සමහර විට ඔයාල අහල ඇති PTC සයිට් වලින් මුදල් උපයන්න අමාරුයි, කොච්චර click  කලත් ටිකයි ලැබෙන්නෙ කියල. ඉහත විස්තරය අනුව ඒක ඇත්ත. තවත් සමහරු අහල ඇති PTC සයිට් වලින් මාසෙට රුපියල් 20000ක් රුපියල් 40000ක් සොයන්න පුළුවන් කියල. ඒකත් ඇත්ත.
ඇයි ඒ?
මුලින්ම අපි ඇතුළත් වන සයිට් එක ගැන හිතන්න ඕන. ඒකෙ අපට දවසකට Adsකොච්චර දෙනවද? Ads click එකකට කොච්චර ගෙවනවද? Rented referrals ලා ගතහැකිද? කොපමණ ගතහැකිද? ඒ සදහා කොපමණ වැය වෙනවද? Rented referral click  එකකට කොපමණ ගෙවනවාද?  එහි AVG තත්වය කොහොමද‍?  Direct referrals ගතහැකිද? කොපමණ ගතහැකිද? Direct referral click  එකකට කොපමණ ගෙවනවාද? ආදිය පිළිබදව අවධානය යොමු කළ යුතු වෙනව.

ඉතින් ඔය මම ඉහත කියපු කරුණු සැලකිල්ලට අරන් හොද සයිට් එකක Register උනොත් කාලෙත් එක්ක ඔයාලට මාසෙකට ලොකු ආදායමක් ලබන්න පුළුවන්. ඒ සදහා ටිකක් ඉවසලා වැඩ කළ යුතු වෙනවා. ඔයාල මේක අතාරින්නේ නැතුව දිගටම කරගෙන ගියොත් තමන්ගේ රැකියාවෙන් එදිනෙදා උපයන වැටුපට අමතරව රුපියල් 20000.00 හොයන එක, හැමදාම රාත්රී නින්දට කලින් වැයකරන සුළු කාලෙකින් උනත් කරන්න පුළුවන්. ඒ වගේම උඩ බාලාගෙන click කලාම උපයන්න පුළුවන් වෙන්නෙ සුළුගානක් තමා. ඒ නිසා මම අර ඉහත කියපු කරුණු ගොඩක් වැදගත්. මම ඉදිරියේදී තවත් කියාදෙන්න අපේක්ෂා කරනවා.

දැන් මෙසේ උපයන මුදල් ගන්නේ කොහොමද ?
කියන ගැටළුවත් ඔයාලට මතුවෙලා ඇති

අපි එහෙනම් අපට මුදල් උපයන්න/එම මුදල් ගන්න ඕන කරන උපාංග ලෑස්ති කරගනිමු.
  1. AD බලන්න google crome භාවිතා කරනව නම් ඇඩ් බැලීමේදී පහසූයි. ඔබේ පරිගණකයේ දැනට නැත්නම් අවශ්‍යනම් මේ ලින්ක් එකෙන් එය Download කර ගන්න පුළුවන් (අනෙකුත් බ්‍රවුසර්ද අවුලක්ම නැහැ).
  2. PTC සයිට් වල Register වෙන්න වෙනම mail address එකක් හදාගන්න එක හොදයි. (දැනට එකක් තියෙනවා නම් ඒකෙ අගට adකියන අකුරු දෙක දාලා අලුතින් එකක් දාගන්න එක පහසුයි) Gmail එකක් හදා ගන්න මේ මේ ලින්ක් එකෙන් යන්න. Netඑකට අලුත් කෙනෙක් නම් හදාගන්න දන්නෙ නැත්නම් comment කරන්න. මම ඉදිරියේදී ඒ ගැනත් post එකක් දාන්න ඕන කියලා හිතා ඉන්නවා, ඒත් comment කළොත් ඒක ඉක්මනින්ම දාන්නම්.
  3. Online payment processor වල භාවිතය සදහා තවත් mail address එකක් හදාගන්න.
  4. ඔබ කුමන ආකාරයෙන් හෝ අන්තර්ජාලයෙන් හොයන මුදල් ලබා ගැනිමට Online payment processor එකක Register විය යුතුයි.Online payment processor එකක් කියන්නෙ, ඒකත් අපේ ඔය ඉතිරිකිරීමේ ගිණුමක් වගේ එකක්ම තමයි. වෙනසකට තියෙන්නේ ඒක අන්තර්ජාලයේ පැවතීමයි. මේක භාවිතා කරන්නේ ඔබ වෙබ් අඩවියක් හරහා උපයන මුදල් අන්තර් ජාලයේ ඔබේ නමින් වන ගිණුමකට බැර කර ගන්නයි. ඊට පස්සෙ අපට පුළුවන් ඕනි නම් එමගින් ගෙවල අන්තර්ජාලයෙන් මිළදි ගැනීම් කරන්න. ඒ වගේම ලංකාවේ Bank account එකකට ගෙන්න ගන්න පුළුවන්. මේ ලින්ක් එකෙන් ගිහින් Payza කියන Online payment processor එකේ Account එකක් හදාගන්න පුළුවන්. ලංකාවෙ අපිට අපේ account එකකට මුදල් ගෙන්න ගන්න පහසු, ඒ වගේම PTC සයිට් වල මුදල් හුවමාරු කළහැකි, හොදම එක තමා, මා දන්නා තරමින් Payza කියනනේ, කොහොම උනත් ඒක හදාගන්න කලබල නොවුනට කමක් නෑ. ඒක හෙමිහිට කර ගත්තට වරදක් නෑ. මොකද අපි ඉස්සෙල්ලා සල්ලි හොයාගෙන ඉන්න ඕනනෙ. ඉදිරි Post එකකදි ඒ ගැන වගේම මුදල් ඔබේ අතට ගෙන්වා ගන්නා ආකාරය සරලව කියා දෙනවා.
  5. දැන් තමා වැදගත්ම වැඩේ, ඒ අන්තර් ජාලයෙන් මුදල් හොයන එක, ඒ සදහා ඔයාල දැනට Probux කියන PTC සයිට් එකේ Register වෙන්න. ඒක දැනට හොදට ගෙවන එකක් බවට නිර්දේශ කරල තියෙනව. හොදට කළොත් කාලෙත් එක්ක මේ හරහා අපට මාසයකට රු 20000ක් උපයන්න පුළුවන්මම කිව්වට Register නොවී ඉහත කිව්ව ක්‍රමවේද හරහා ඔයාලත් මේ  PTC එක ගැන හොදට සොයලා බලන්න. 


අපි එහෙනම් Probux  වල Register වෙන විදිය බලමු

එහෙනම් ඒකට මෙතනින් ගිහින්  Probux Home page එක ගන්න

1.එහි Register Button එක click කරන්න.(පහල රූපයේ රවුම් කරල ඇති, ඒක තියෙන තැන)

2. ඊටපස්සෙ ඔයාලට පහල තියනව වගේ application එකක් ලැබෙයි.
3. Username එකට ඔයලට කැමති නමක් යොදන්න. අපට මෙතනදි Ad වලට හදාගත්ත Email එකේ @ වලට පෙර කොටස භාවිතා කරන්න පුළුවන්. එවිට මතකයේ තබා ගැනීමට මෙන්ම භාවිතයට පහසුයි.

4. Password තීරුවේ කැමති ඉලක්කම්/අකුරු 8ක එකක් යොදන්න,
Typing mastic ඇතිවෙන්න ඉඩ තියන්න එපා.  එහෙම උනොත් login වෙන්න යද්දි වටයක් යන්න වෙනව.
ඔයාගේ Username හෝ Password  අමතක උනොත් login Form එකේ තියෙන Forgot your password or username? කියන ලින්ක් එක click කර ඉල්ලන තොරතුරු සැපයුවාම එය නැවත ලබා ගන්න පුළුවන්. පහල රූපය බලන්න.
5. Your email address  එකට  අපි කලින් මේ සදහාම හදා ගත්ත  Email  එක යොදන්න.
6. Birth year එකට ඔයාගෙ උපන් වර්ශය යොදන්න

7. Prove you’re not a robot කියන තැන එතන පැත්තෙන් තියෙන   අකුරු ටිකType කරන්න.

8 දැන් (උවමනා නම් Probux වල නීති Terms of service කියන ලින්ක් එනකන් බලල ) Create  My Account  කියන එක click  කරන්න.
9. එවිටම ඔබ දීපු  Email ලිපිනයට ProBux විසින් Email පනිවුඩයක් මගින් Email Verification Link එකක් එවනව.
10. දැන් දීපු Email එකට ගිහින් Verification Link  එක click කර ඒක හරහා ඔයාගේ Probux  Account එක  Open කරන්න. එතනදි ඔයාලගේ Username සහ Password ඉල්ලයි, ඒව දීල යන්න.

11 . ඔබ විසින් සාදගන්නා ලද Probux ගිනුමට ලොග් වූ පසු, View Ads  යන්න Click කර එහි ඔබට ලබාදීඇති Ads  දැකගත හැක. මුලදී ඔබට විශාල Ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන Ads ප්‍රමානය Click කිරීමෙන් ඔබට ලැබෙන Ads ප්‍රමාණය වැඩිකරගත හැක.
 එදිනෙදා ඔබට Click කරීමට ලැබී ඇති Ads, පහත රූපයේ පරිදී  පි‍ටුවේ ඉහල බාර් එකේ වර්ණ 03කින් යුක්තව, ඒ ඒ වර්ණයට අදාලව Ads  සංඛ්‍යාත්මකව දැකගතහැක.

අපි මුලදි තනිවම මුදල් සෙවිය යුතු නිසා ලැබෙන Ads සේරම බලන්න වෙනව.

මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි වර්ණයෙන් ඇති Ads ටික. පහත රූපය බලන්න.
එය මුලදි 04ක් තමා දෙන්නෙ. ඔබ විසින් අදාලපැය 24 තුළ Ads Click කළ බවට Probux විසින් තීරණය කරන්නේ එම  Ads Click  කළොත් විතරමයි. තවද ඒ එකක් Click කළ විට ඩොලර් 0.01ක් ගෙවනව. අනිත් වර්ණ වල ඒවට ගෙවන්නේ ඩොලර් 0.001ක් විතර. අපි referral ලා ගත්තාම තැඹිලි පටින් ඇති Ads ටික click  කළත් ඇති. ඒක හැබැයි අනිවාර්යයෙන්ම කරන්න ඕන, නැත්නම් referralලා වෙනුවෙන් ලැබෙන කොමිස් එක ලැනබන්නෙ නෑ.


Ads  බලන්නෙ කොහොමද?

ඉස්සෙල්ලාම ඔය තැඹිලි පටින් ඇති Ad එකක් මත Click  කරන්න. මෙම Ad  එක මිනිත්තු 30 බලන්න ඕන. එය නැරඹුවා යන්න ස්ථීර වීමට, පි‍ටුවේ ඉහලින් නිල් පාට ඉරි සහිත තීරුවක් පිරීමෙන් අනතුරුව Advertisement validated!You've just been credited $0.01” කියල හරි ලකුණකුත් එක්ක ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබෙනවා. පහත රූපය බලන්න.

දැන් ඔයාල ඒ පිටුවෙන් (Tab) විතරක් ඉවත් වෙලා (ප්රදාන පිටුවෙන් ඉවත් වෙන්න එපා)පහත රූපයේ රතු වටය බලන්න.
නැවත ඉතිරි Ads ටික බලන්න.හරි ලකුණ සමග අදාලනිවේදනය එන තුරු වෙනත් පිටුවකට  (Tab එකකට) මාරු වෙන්න එපා. ඔය විධියට එදා ලැබුන සේරම් Ads ටික පහල ඉදල උඩට බලන්න. Ads ටික බලල ඉවර වුනාම My Account කියන තැන(රූපයේ කහ වටය) Click කළාම ඔයාගේ ගිණුමේ තියෙන සම්පූර්ණ මුදල Main balance කියන තැන දැකගන්න (රූපයේ රතු වටය)පුළුවන්.

ඊලගට logout කියන button එක  Click කරල ඔයාගේ Probux ගිණුමෙන් ඉවත් වෙන්න. නැවත පැය 24කට පසුව Probux වෙත ගිහින් login button එක  Click කරල එන මෙනුවෙ ඔයාගේ Username හා Password  දීල තමන්ගේ ගිණුම වෙත ගිහින් එදින Ads ටික බලල logout වෙන්න. ඔයාල මේ Ads බලන්න නියමිත වේලාවක් තියාගත්තොත් ඔයාලට පහසු වේවි.
මේක විනොදාංශයක් විදියට කරන්න පටන් ගන්න. මගදි අතාරින්නේ නැතිව දිගටම කරනගන යන්න.

විශේෂ කරුණු


  1.  එක් IP ADDRESS එකකින් (පරිගණකයකින්) සෑදියහැක්කේ එක් PTC සයිට් එකකට අදාල එක් Account එකක් පමණි.
  2. නමුත් අනෙකුත් PTC සයිට් වල Account සැදිය හැක.
  3. Internet Cafe වලින් ලොග් වෙන්න එපා, ඒකෙන් ඔයාලගේ අනන්‍න්‍යතාවට ගැටළු මතුවිය හැක.
  4. එක වර එක  Ad එකක් පමණක් Click කළ යුතුවා වගේම කිසිම විටක ඔබ විසින් එක වර Ad එකකට වඩා Click කිරීමෙන් වැලකිය යුතුය.
  5. මුළදී ආදායම සෙමින් ඉහල යන බැවින් ලැබෙන සියළුම Ads බලන්න. ඔබගේ ගිනුම හොඳි පවත්වාගැනීමට සෑමදාම ලොග් වී ලබාදෙන add ප්රමා click කරන්නඑවිට ඔබට ලැබෙන් adds ප්රමා වැඩිකරගතහැක.
  6. ඔබගේ Ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන Ads ටික නොවරදවාම බලන්න.
  7. දිනපතා Account එකට ලොග් වී තම ආදායම නිරීක්ෂණය කරන්න.
  8. ඔයාලගෙ ආදායම 0.6උනාම පළමු Rented referralලා 03 දෙනා ගැනීමට සූදානමින් ඉන්න. ඒකට සති 2ත් විතර කාලයක් ගතවේ
  9. අපි උපයන සල්ලි අපේ අතට ගෙන්න ගන්න Online bank account එකක් ඕන. ඒක හදන්න අපි කලබල වෙන්න ඕන නෑ. ඉදිරියේදි ඒක හදමු.
  10. ඔබට Direct referrals ලා ලබාගැනීමට නම් අඩුම තරමේ Ads 100 වත් click කර යුතු ටික දිනක් ගතවේ
  11. ඔය අපි බලන Ads වලදී PTC සයිට් පිළිබද පෙන්නුවට ඒවා නියමිත පරිද ගෙවාවිද යන්න පිළිබද ගැටළුවක් ඇත. විස්වස කළ හැකි තවත් PTC පිළිබදව හා ඒවායේ Register වීම හා වැඩ කරන ආකාරය පිළිබදව ඉදිරියේදී බලාපොරොත්තු වන්න. සමහර PTC සයිට් තම සාමාජිකයන් හට නියමිත පරිදි මුදල් ගෙවමින් තිබී හදිසියේ අතුරුදන් වී ඇති බවද දැනගන්නට ඇත.
  12. කිසිදු ගුරුමුෂ්ටියක් නොමැතිව සියල්ල කියා දෙනු ඇති අතර හදිසියේ සොයාගන්නා දෙවල්ද හදිසියේම ඔබට දෙනු ඇත.  


එහෙනම් අදට මම නවතිනවා. ඊළගට Probux referralsලා ලබා ගන්නා ආකාරය සමග මුදල් වැඩියෙන් උපයන ආකාරය පිළිබද Post එකක් අරගෙන ඉක්මනින්ම එනවා. එතකන් මුදල් උපයන්න.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.
එහෙනම් පැමිණි සියලු දෙනාටම ජයෙන් ජය!!!

59 comments:

  1. Thank you...
    Good work...... Keep it up...

    ReplyDelete
  2. "Another user using your IP address alreadyiewed this advertisement in the last 24 hours" kiyala message ekak enawane. ekata mokada karanne?

    ReplyDelete
    Replies
    1. මම ඒක සම්බන්ධයෙන් දැනට ඩ්‍රාෆ්ට් කරමින් ඉන්න පෝසුටුවටත් දැම්මා, කොහොම උනත් දැන් කියන්නම්. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ අන්තර්ජාල සබදතාව වතාවක් විසන්ධි කරලා නැවත උත්සාහ කරන්න. ඒත් එහෙමම කියනවා නම් නැවත කිහිප වතාවක් උත්සාහ කරන්න. අනිවාර්යයෙන් හරියනවා.

      Delete
    2. Ane mt numberk denawad ahanna dewal godak thiynwa.Koshalasanduni97@Gmail.Com walata ewanawad pls..Pls...

      Delete
    3. Ane mt numberk denawad ahanna dewal godak thiynwa.Koshalasanduni97@Gmail.Com walata ewanawad pls..Pls...

      Delete
  3. Thanks a lot kind for your advice

    ReplyDelete
  4. Please let me know how can I create online bank account and money transfer to my local account in Sri lanka.
    I hope that will you give a proper solution as soon as possible.
    Thanks

    ReplyDelete
  5. මට ඔයාට කථා කරන්න නම්බර් එක දෙන්න පුලුවන්ද?
    මගේ මේ ඊමේල් එකට දානවා නම් ලොකු දෙයක්

    මට දැනගන්න ඕන ලංකාවේ විදියට හදපු ප්‍රෝබක්ස් එකකින් කොහොමද පේපැල් වලට සල්ලි ගන්නේ කියලා
    ඒක අපේ රටට සපෝර්ට් කරන්නේ නැහැනේ

    පුලුවන් නම් උදව් කරන්න
    මගේ ඊමේල් එක kaluppukulam@gmail.com

    ReplyDelete
  6. kaluppukulam@gmail.com

    UDA THIYENNE MAGE email EKA

    puluwan nam mata oyage TP: No eka denna

    mata danaganna ona lankawe widiyata hadapu probux account ekakin paypal walata salli ganne kohomada kiyala

    lankawata support karanne na neda?
    puluwanda mekata udaw karanna?

    Thanks

    ReplyDelete
  7. යාළුවා ඔයාගේ ගැටළුවට උත්තරයක් එවන්න පමා උනා. ඔයා paypal එක ලංකාවේ විදියට හැදුවොත් ලංකාවට මුදල් ගන්න බැහැ තමයි. ඒ උනත් ඔයාට ඒ හරහා Ebay කරන්න පුළුවන්. ලංකාවට සල්ලි ගන්න හදන paypal එක වෙනත් රටක විදියට හදා ගන්න ඕනි. ඒක බොහෝ දෙනෙක් හදන්නේ මැලේසියා විදියට. මම මේ ගැන විස්තරාත්මක පෝස්ට් එකක් ඉක්මනින්ම දාන්නම්

    ReplyDelete
  8. බොහොම ස්තුති. මට ඔයාට කතා කරන්න නො1 දෙන්න පුලුවන්ද .

    ReplyDelete
  9. ඒ මචන් කරන්ට් බිල සහ data ගෙව්වම

    ReplyDelete
  10. Ruwan indika
    Thanks lots

    ReplyDelete
  11. hi admin. mama ptc site 6k vithara wada karagena yanava.. mata kiyanna puluvanda time eka ethuru karagena wada karanne kohomada kiyala. coolchamil515@gmail.com

    ReplyDelete
    Replies
    1. ක්ලික් කරද්දි නම් වෙලාව ඉතිරි කර ගන්න වෙන වෙනම ටැබ් ඕපන් කරගෙන කරන්න පුළුවන්. මෙ ක්ලික් සෙන්සෙ වගේ සදහා සමහර සයිට් උදව් කරන්නේ නෑ.

      Delete
  12. yaluwa mata kiyanawada pro box eke thiyana salli kohomada payza ekata ganne kiyala
    ?

    ReplyDelete
    Replies
    1. Cash out කියන බටන් එක හරහා යන්න.

      Delete
  13. bro,ptcircle kiyana ptc site eka oya hitana widiyata trusted ekakda?

    ReplyDelete
    Replies
    1. එම සයිට් එක වංචා කළ බව සදහන් වෙන්නේ නෑ. ගෙවලා තියෙනවා.

      Delete
  14. thank you soo much...

    ReplyDelete
  15. Yaluwe.. man keepa wathawakma uthsaha kara Payza account ekak hadala ekata mge personal HNB card eka add karanna. eth eka thama hari giye na dan nam atha aralama danna hithenawa e hama wadakma. oyata puluwanda mata help ekak denna payza account eka hariyatama hadaganne kohmada kiyala. hadana hamaparama "Address Invalid" kiyala enawa.. please brother..!

    mage emai address eka - peg2prageeth@gmail.com

    ReplyDelete
    Replies
    1. උදව් කරන්නම්. මේල් එකට පිළිතුරු එවා ඇත.

      Delete
    2. mcn address akata symbol use karada?

      Delete
  16. probux eke 0.015 gewana add baluwama salli denne na There was an error receiving the advertiesement kiyala kiyanawa.ai e? ekata mokada karanna ona

    ReplyDelete
    Replies
    1. ඒකට කරන්න දෙයක් නෑ යාළුවා. ඒක ඒ අයගේ මොකක් හරි ගේමක්. ඒ නිසා ඒවා ක්ලික් කරන්න යන්න එපා.

      Delete
  17. mata probux register wenna bane ai ehema wenne mata page ekak pennanne na

    ReplyDelete
  18. mata nprobux wala reister wenna bane ai e

    ReplyDelete
  19. මම මේ බ්ලොග් එක සෙට් වෙනකන් ඊ මනි ගැන මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ බන් ඒ අතින් උබට පින් සහෝ... එත් හා පුරා කියල මේක ක්ලික් කරලා probux site එකට යන්න හැදුවම යන්න දෙන්නේ නෑ බන් අනේ මට උදව් කරපන් පින් සිද්ද වෙයි නැත්නම් ඇරඹුම කදුලක් වෙයි මගේ.....

    ReplyDelete
    Replies
    1. PTC පිළිබදව අපිට එකම විදියට හැමදාම විශ්වාස කරන්න බැහැ. මම ඒ බව මුලින්ම සදහන් කරලා ඇති. ඒවා කාලයක් හොදින් කරගෙන ගියත් කාලෙකදි වැහිලා යන්න පුළුවන්. Probux එකටත් එහෙම වෙලා. මෙතන http://www.ptc-investigation.com/ තියෙන ඒවයේ රෙජිස්ටර් වෙලා උපයන්න.
      තමන්ගේ හැකියවන් වලින් වැඩි වැ‍ඩියෙන් උපයන්න උත්සාහ කරන්න.

      Delete
  20. mata probux eke register wenna bane..page eka enne na sorry kiyala watenawa..plz udau karannakooo

    ReplyDelete
    Replies
    1. දැන් සයිට් එක වැහිලා. probux වල ස්වර්ණමය අවධිය අවසන්. මේ ලින්ක් එකෙන් ගිහින් දැනට හොද PTC තෝර ගන්න. http://www.ptc-investigation.com/

      Delete
  21. yaluwa meke (http://www.ptc-investigation.com) thiyen serama ptc site wishwasa karanna puluwan ewada...

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය කියවන්න. http://emoneyd.blogspot.com/2013/11/bux-scam.html

      Delete
  22. mata goldenclix eke tiyena salli payza ekata ganne kohomada kiyanna..plz

    ReplyDelete
  23. Me wade phone eken karanna puluwanda

    ReplyDelete
  24. Mata me wade phone eken karanna puluwanda

    ReplyDelete
  25. Me wade phone eken karanna puluwanda

    ReplyDelete
  26. Good luck,me krmaya phone eken karanna berida?

    ReplyDelete
  27. Aththatama hondha wedak thanx.......

    ReplyDelete
  28. Mt numb eka denawad? Ahan godak thiynwa mage Gmail ekat ewanwad?Pls ..Pls..koshalasanduni97@Gmail.Com

    ReplyDelete
  29. Mt contact numb k den puluwamd pls..Pls..Ahan godak thiynwa. Koshalasamduni97@Gmai.Com mage account eka

    ReplyDelete
  30. Mt contact numb k den puluwamd pls..Pls..Ahan godak thiynwa. Koshalasamduni97@Gmai.Com mage account eka

    ReplyDelete
    Replies
    1. ඔබේ ගැටළු මෙහිදී අහන්න. එයින් අනෙක් අයගේ ප්‍රශ්ණත් විසඳෙනවා

      Delete
    2. මම පොස්ට් දාලා ඇති. මේ වන විට මෙය නවතා ඇත.

      Delete
  31. Mta probux eke register wenna bha ne..ai e

    ReplyDelete
  32. සහෝදරයා....මං ඊ මනි වලට අලුත් කෙනෙක්.ඔයාගේ ලිපියෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ ගැන තියෙන අලුත්ම විස්තර මොනවද...

    ReplyDelete
  33. Thank you for the good writeup. It in fact was a amusement account it.
    Look advanced to far added agreeable from you! By the way, how could we
    communicate?

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc