Friday, September 19, 2014

අන්තර්ජාලයෙන් ලක්ෂයක් මායාව

මෙය මායාවකි ඔබ බුද්ධිමත් වන්න

ආයුබෝවන් කියලා පැමිණි සියලු දෙනාවම පිළිගන්නවා. ඉතින් ඔය මම දැම්මේ මේ දවස් වල මහා ප්‍රසිද්ධියක් දෙන ඇඩ් එකක් ගැන.  අන්තර්ජාල මුදල් උපයන්න එන නවකයින්ව අන්දන ඇඩ් එකක් තමා මේ. මේ වගේ අයත් අපි අතරේ ඕන තරම් ඉන්නවා. ඔබත් මෙය දැක්කාට අහු වෙන්න එපා. මම මේ අඩවිය පටනේ ගත්තේ ලංකාවේ මිනිස්සු මේ වගේ වංචා වලට අහු වෙන එක වලක්වා ගන්නත් මේ සදහා මාර්ගෝපදේශයක් ලබා දෙන්නත් එකක්. ඔය ඇඩ් එකේදි කියනවා එක ක්ලික් එකකට ඩොලර් 1 සිට 10 දක්වා දෙන PTC ගැන, ඒවා බොරු. අනෙකුත් අන්තර්ජාල මුදල් ඉපයීම් පිළිබදව ඊ බුක් එකේ තියෙනවාලු. ඒවා හැම එකක්ම ඇත්තේ ඉංග්‍රීසියෙන් හොදේ. ඔය කියන සේරම ඉස්සරහට ඔබට නොමිළේම ලැබෙනවා. කැමති අය ගත්තට කමක් නෑ. මම කිව්වනේ හැබැයි අහු වෙන්න එපා. හදිසියේ ආවේ ඔය ටික කියලා යන්න. මම නවතිනවා.
සියලු දෙනාටම ජයෙන් ජය!!!

Thursday, September 18, 2014

පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට | PayPal කුප්පිය #8

ආයුබෝවන් කියලා පැමිණි සියළු දෙනාවම පිළිගන්නවා. එහෙමනම්පොරොන්දු වූ පරිදි IPLUS ගේ PAYPAL කුප්පිය8, අදදින ඔබ වෙතට ගෙන එනු ලබනවා. එහෙමනම් එය පහතින් කියවන්න. එයින් ප්‍රෙයා්ජනයක් ගන්න

NOV 7, 2011


පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට | PayPal කුප්පිය #8




පේපෑල් කුප්පිය 7 හි ඉතිරි කොටසයි මේ ලියන්නේ. අපි මූලික කරුනු කලින් ලිපියෙන් කතාකලා. ලිපිය ලියන්න පරක්කු කලේ කිසිම කෙනෙක් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බවක් නොදැනුන නිසා. අනේ මංදා, ඒක ඔයලාගේ කැමැත්තක්. මේවා අමාරු දේවල් නෙවේ, ඉස්සරලා ලිපියේ කියලා දීපු ඩබල් ඇක්ටින් කරන්න බැරිනම් ඔයාලාට ලේසි වැඩක් තියෙනවා කරන්න. ඒක මෙහෙමයි අපි වෙලෙන්දයි, පාරිභෝගිකයයි විදියට රගපාන්නේ නැතිව, ඔයාගේ පේපැල් මුදල් යාලුවෙකුගේ PayPal එකවුන්ට් එකට දාලා එයාට එම භාන්ඩය Plimus හරහා මිලදීගන්නයි කියන්න. එතකොට ඇඩොන්, ඩොංගල් මුකුත් ඕනේ නෑ. හිතේ වංචාවත් නෑ. මොනවා කලත් කමක් නෑ, ඉල්ලන්නේ මේකයි, ඔය ඉස්සරලා යාලුවා කීවේ, අන්න එයා හැටියට මාව ‍තෝරගන්නනම් එපා. කොටින්ම කීවොත් මුදල් ගනු දෙනු සදහා මාව ගාවගන්න එපා. අර කතාවක් තියෙනවානේ, අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ, කනවෝ කියන්න එපා කියලා. 

3G Dongle එකක් මොකටද?

මොකටවත් නෙවෙයි ලේසියට. මං හිතන්නේ ඔයාලා දන්නවා, 3G Dongle එකක් Disconnect - Connect
කරන සෑම අවස්තාවකදීම IP නම්බරය මාරුවෙනවා කියලා. Dynamic IP කියන්නේ ඒකටද කොහෙද. මෘදුකාංග මගින් IP නම්බර මාරුකරන්න පුලුවන් තමයි, ඒත් කරුමෙට හරි මාරු වුනේ නැත්නම් මොන දෙයියාට කියන්නද. නිකන් risk එකක් ගන්න ඕනේ නෑනේ. ඒකයි මම කිවේ 3G Dongle එකක් භාවිත කරනාවානම් පහසුයි කියලා.


අපි මේක භාවිතා කරන්නේ Flash cookies Clear කරන්න. මාතෘකාව උඩින් ක්ලික් කරලා වැඩිදුර තොරතුරු බලාගන්න.

මොබයිල් නම්බර් 2ක් මොකටද?

එකක් Plimus ගිනුමේ ලියාපදිංචි වීමේදී භාවිතා කරනවා. අනෙක භාන්ඩය මිලදී ගැනීමේදී භාවිතා කරනවා. බොහෝවිට භාන්ඩය මිලදී ගත්තාම එයාලා අපේ නම්බරයට කෝල් එකක් අරගෙන අහනවා, මෙහෙම ගනුදෙනුවක් වුනාද, සහ අපේ විස්තර. ඒ විස්තර, අපි භාන්ඩය මිලදී ගැනීමේදී ඇතුලත් කරන තොරතුරු වලට සමාන වෙන්න ඕනේ.


හොද ඉංග්‍රීසි දැනුමක් මොකටද?

 ඇයි අර සුද්දා කෝල් කරලා අහන ඒවට උත්තර දෙන්න. ඒ දෙමලා කියන දේවල් තේරුම් ගන්නයි තමයි ඉංග්‍රීසි ඕනේ.

Double Acting කරන හැටි

 කතාව මෙහෙමයි. පෙපෑල් කුප්පිය 7හි පියවර 10යේ විදියට අපි බ්ලොග් පෝස්ට් එකක් හැදුවනේ. ඊට පස්සේ Plimus ගිනුමෙන් logout වෙලා. Cookies, Flash Cookies Clear කරනවා. ඊට පස්සේ IP නම්බරෙත් මාරු කරනවා. ඒවා කරන හැටි ඉහත කියලා දීල තියෙනවා. ඔන්න දැන් අපි වෙලෙන්දාගේ වේෂය අයින් කරලා, පාරිභෝගිකයාගේ වෙස් ගත්තා. ඊට පස්සේ පියවර මෙහෙමයි.

පියවර 11
පහල පෙනෙන "Get Now Only $50" බොත්තම ඔබනවා.


  
පියවර 12

 දැන් පහල පෙනෙන පෝරමයේ තොරතුරු පුරවන්න. තොරතුරු පේපැල් ගිනුමේ තොරතුරු වලට සමාන වෙන්න ඕනේ, Plimus හි රෙජිස්ටර් වීමේදී ලබාදුන් තොරතුරු වලට වඩා ටිකක් වෙනස් වෙන්න ඕනේ. රතු පාටින් සලකුනු කර තිබෙන දේවල් ගැන සැළකිලිමත් වන්න. මෙතනදී අපට පේමන්ට් Method එක විදියට පේපැල් හෝ මනිබූකස් ‍තෝරන්න පුලුවන්.




තොරතුරු පුරවලා Next බොත්තම ඔබන්න.




පියවර 13

 ඔන්න දැන් කරන්නේ අන්තිම පියවර. දැන් ඇවිල්ලා තියෙන පේපැල් බොත්තම හරහා ගිහින් අපට මුදල් ගෙවන්න පුලුවන්. පේපැල් මගින් ගෙවීමක් කරන්න දන්නේ නැතිනම් මේ ලිපියේ අන්තිම පියවර කිහිපය බලන්න.


Plimus ගැන කෙටියෙන්

අවම Withdraw ලිමිට් එක: $35
Payment Schedule: සෑම මාසෙකම 15 වැනිදාට මුදල් withdraw කරනවා.
Withdraw Methods: Check, Wire Transfer, PayPal, Plimus MasterCard

Plimus කීයක් ගන්නවාද?

Register වීමේදී වගේම අපේ භාන්ඩයක් list කිරීමේදී මුදලක් අයකරන්නේ නෑ. මුදල් ගනුදෙනුවක් සිදුවුනොත් අය කිරීම මෙහෙමයි.



මීට අමතරව චෙක්කුවකින් මුදල් ගෙන්වනවානම් $2.50 ක් අය කරනවා. ඒ  $$ චෙක්කුව ලංකාවේ බැංකුවකින් මාරු කරනකොට බැංකුවෙන් 5% ක් කපා ගන්නවා. 

මීට වඩා දෙයක් මං හිතන්නේ නෑ කියන්න තියෙනවා කියලා. නැවතත් වරක් මේ දේවල් කියලා දීපු
"ඉසුර නිර්මාල්" කියන යාලුවා ට ගොඩක් ස්තූතියි.

 එයත් එක්ක සිදුවුන ඊමේල් ගනුදෙනුව ලිපියේම දාන්නම්, ඒ දාන්නේ උගේ පණ්ඩිතකමවත් මගෙ පණ්ඩිතකමවත් කාටවත් පෙන්නන්න නෙවෙයි. මේකෙනුත් ඔයාලට ගන්න දෙයක් තියේවි. ඉතා සුළු කොටස් කීපයක් ඇරෙන්න සම්පූර්ණ ඊමේල් එකම තියෙනවා.

iPlus -->
යාලුවා reply කලාට ගොඩක් ස්තූතියි. මට කියලා දෙන්න පුලුවන්ද fastspring හා plimus හරහා මුදල් ලංකාවට ගෙන්වන හැටි සහ කීයක් ඒ සදහා වැය වෙනවාද කියන එක.
මං දන්න දෙයක් තියෙනවා. fastspring හා plimus කියන්නේ වෙලදාම සදහා වෙබ් පි‍ටු ලබා දෙන වෙබ් අඩවි දෙකක්. එයලාගේ වෙබ් පි‍ටු හරහා පේපැල්, වීසා හා වෙනත් ක්‍රම රාශියක් හරහා අපේ භාණ්ඩ විකුනාගන්න පුලුවන්. ඒත් මොන වගේ භාණ්ඩද කියලා දන්නේ නෑ. ඒත් මම fastpring හරහා mic හා headphone විකුනන්න අවසර ඉල්ලුවත් එයාලා කියනවා එයාලා සපෝට් කරන්නේ digital products විතරයි කියලා. මොනවද මේ  digital products   කියන්නේ?
කොහොමද ලැබෙන මුදල් ගෙන්වන්නේ? කීයක් අමතරව වියදම් වෙනවද? කොච්චර කාලයක් යනවද? ඒ එන චෙක් ලංකාවේ බැංකු පිලිගන්නවද?

Isura Nirmal -->

Fastspring වල නම් නීති තදයි තමා. digital products කියන්නෙ Ebooks, link building services, SEO packages වගේ දේවල්. සාමාන්‍ය දේවල් වලට Fastspring නම් සහය දක්වන්නෙ නෑ. Digital goods වලත් copy writing services  වලට සහය දක්වන්නෙ නෑ.

Fastspring නැතුව Plimus පාවිච්චි කරන එක හොඳයි. ගාස්තුවල නම් වැඩි වෙනසක් නෑ. එකම දේ තමා Billing වෙන්න යන කාලය.Plimus වලදි නම් එච්චර තද නීති නෑ. කරන්න තියෙන්නෙ Plimus වල ,ලියාපදිංචි වෙලා මොනවහරි Digital product එකක් විකුණන්න page එකක් Configure කරගන්න එක විතරයි. හැබැයි මතක ඇතිව paypal ගෙවීම කරන්න හදන email  address එක හැර වෙන එකකින් Plimus සඳහා ලියාපදිංචි වෙන්න.


තොරතුරු ටික දුන්නට පස්සෙ payment page එක හදාගන්න එනව. මෙකෙදි කරන්නෙ අපිට අවශ්‍ය විදිහට page එක customize කරන එක. මේකත් ඒතරම්ම අවශ්‍ය නම් නෑ මොකද අපි ඇත්තටම භාන්ඩයක් විකුනන්නෙ නැති නිසා. මේ page එකේ public url එකට තමා ගෙවීම කරන්න වෙන්නෙ.


දැන් මේකෙන් log out වෙලා පුළුවන් නම් වෙන browser එකකින් වෙන IP එකකින් අර public URL එකට ගිහින්  සේවාව මිලදීගන්න අයෙක් විදිහට ගෙවීම කරල payment method එක විදිහට paypal තෝරා ගන්න. මේකෙ මිලදි ගන්න කෙනාගෙ විස්තර අහනව. paypal එකේ දීපු විස්තරම දෙන්න. ඒ වගේම වැඩ කරන phone number එකකුත් දාන්න මොකද සමහර වෙලාවට මේක verify කරගන්න call එකක් එන්න පුළුවන්. (paypal එක පිටරටක එකක් වුනත් මෙහෙ number එකක් දාන්න) නැත්නම් බොහෝ වෙලාවට පැය 24 ක් වගේ ඇතුලත මුදල් එනව.


මෙකෙ තියෙන ටිකක් එපාවෙන වැඩේ තමයි මුදල් අපිට ඇත්තටම clear වෙන්නෙ  හැම මාසෙකම 15 වෙනිද. ඒ කියන්නෙ මේ මාසෙ කවුරු හරි ගෙවීමක් කලොත් ඒක Clear වෙන්නෙ ලබන මාසෙ 15. Plimus වල ඉඳන්  අපිට මුදල් ලබා ගන්න දැනට මම දැකපු ලාබම විදිහ තමා cheque එකක් විදිහට. Activate කරපු payoneer card එකක් තියෙනවනම් ඒකටත් පුළුවන්.


මම නම් එක පාරක් මේක කරල බැලුවත් දැන්නම් මම මේක අතඇරල දාලා තියෙන්නෙ මොකද මේ ගාස්තු නිසාම තමා. මම දැන් odesk වලම විතරයි වැඩ කරන්නෙ. ඒකට ගෙවන ඒව moneybookers හරහා ගන්න පුළුවන් නිසා.ලංකාවට තාම paypal නැති නිසා තමා මේ ප්‍රශ්න ඔක්කොම. රජයනුත් හිතන්නෙ නැ මේ විදිහට ලංකාවට එන්නෙත් විදේශ විනිමය කියල.

cheque එකට අමතර 2.50$ කැපෙනව. clear වෙන්න වෙනම ගානක් ගන්නෙ නෑ.

ලංකාවෙ ඕනම බැංකුවකින් මාරු කරගන්න පුළුවන්. cheque එකෙ නමයි bank account එකෙ තියෙන නමයි සමාන වෙන්න ඕන.

මොනවහරි අපැහැදිලි දෙයක් තියෙනවනම් අහන්න.
------------------------------------------------------------------

ඊලග ලිපියෙන් Payoneer කාඩ් මගින් මුදල් ලංකාවට ගෙන්වන ආකාරය සම්පූර්ණයෙන් කියලා දෙනවා.
ගිහින් එන්නම්,
ඔබට ජය!



41 COMMENTS:

Lasindu Nadishan | Admin said...
බොහොම ස්තුතී කොල්ලො, මම මේ කොටස එනකම් හිටියෙ, මම කලින් ලිපියෙ විදියට පියවර සම්පූර්න කරල මේ ලිපිය කියවලම ඉතිරිය කරන්න හිටියෙ, දැන් මේකෙ මූලික දෙවල් ඔක්කොම සහ කරන හැටි පිලිබඳව නියම අවබෝදයක් ලැබුන,

"ලිපිය ලියන්න පරක්කු කලේ කිසිම කෙනෙක් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බවක් නොදැනුන නිසා. අනේ මංදා, ඒක ඔයලාගේ කැමැත්තක්"

මට නම් සිංහල බොලොග් එකකින් වැදගත් දෙයක් ලැබුනොත් මම නම් මොනව හරි කුරු‍ටුගාල යන්නෙ මචං, කොහොම උනත් මේකෙන් මම අද මගේ පලවෙනි මිලදීගැනීම සිදුකල Plimus හරහා සිදුකලා, බොහොම ස්තුතී මේ උපදෙස් ටිකට :D
Shyam @Historyofsl said...
Niyamay Meka enakan balan hitiye. Loku prashnayak vela tibuna deyakata honda solution ekak. Paypal oya prashne nisa man paypal use kalema na. thnaks meva dala godak hondata vistara karanavata..!

Thanks!
Shyam
Tharanga Darshana Ekanayaka said...
මමනම් මෙතන Comments දාන්නේ ඔයාව දිරිමත් කරවන්නයි. ඇත්තම කිවොත් දැනට මම ඔයා දාන ලිපි වලින් ප්‍රයෝජනයක් ගන්නේ නෑ..
නමුත් අනාගතයට ඕනේ වෙයි කියලා හැම ලිපියම කියවනවා....
Anonymous said...
මම ගිණූමක් Plimus හදලා mouse pad එකක් විකුණන්න දැම්මා.(මම මේක කරේ ඇත්තටම විකණන අදහසින්) ඊට පස්සේ cookies Delete (use better privacy anode)කරලා Ip වෙනස් කරලා මගේ සෙලාන් Debit Card 1 use කරලා මමම එක මිලදී ගත්තා.පහුවෙනිදා මම Plimus ගිණුමට ගිහින් බැලුවම මම ගෙව්ව ගාන account එකේ තිබුණා (1$). හැබැයි අද උදේ මට ඊමේල් එකක් ඇවිත් තියෙනවා මගේ ගිණූම අවලංගු කරලා කියලා.ඒක කරලා තියෙන්නේ මම භොතික භාණඩයක් විකිණිමට උත්සහ කරපු නිසාලුග මට දැන ගන්න ඕන අපහු Plimus ගිණුමක් මට හදාගන්න පුලුවන්ද කියලා. 2checkout භොතික භාණ්ඩ(ex:elctronics,phone &etc..)විකුණන්න දෙනවද?
Anonymous said...
mageth thiyanawa fiverr eke den dollar 300k.. yaluwa oyage lipi walin man nam godak dewal igena gannawa.. ehema hithanna epa.. man hiti gamanevith liyala yanawa.. oyagenma fiverr genath ahagena e salli genna ganna hetith oyagenam dena gaththa.. cheers. oyata godak thanks...
Anonymous said...
Machan ubata kiyanna puluwanda uba fiver wala sell karanne monawada kiyala?
chandika said...
මචන් ,උඹේ ලිපිටිකනම් මාරු.මම හෙමලිපියක්ම කියවනවා.මගේ paypal එකේ තියෙන සල්ලිගන්න ක්‍රමයක් නෙතිව හිටියේ.උඹට ගොඩක් පින්.මම චන්දික
silva said...
yaluwa matanam paypal epa wela tiyenne mage paypal account godak limit kara giya sathiye 460$ ekka mage account eka limit kara berida me paypal ekata gamek denna
Dilan said...
Niyamai, elakiri..
thanks...
(api me lipi walin prayojana gannawoooooo)
Nalaka Prasad said...
මම නම් හිතන්නෙ දැනට ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට තියෙන හොඳම ක්‍රමය 2Checkout කියල. ලංකාවෙ web hosting companies උනත් ගොඩක් බාවිතා කරන්නෙ 2Checkout. මුලදි යම් මුදලක් ගෙවන්න උනත් තමන් දිගටම online business එකක් කරනවානම් දැනට 2Checkout හොඳයි. හැබැයි 2Checkout වලත් තරමක් නීති තදයි. අපි ගැන 2Checkout වලට අපගේ සේවා හා බාණ්ඩ ම්ලදී ගන්නවුන් පැමිණිලි කලොත් හිටි හැටියෙම ගිණුම අවලංගු කරනව. නමුත් VISA,PAYPAL,MC...etc වගේ ගොඩක් ගෙවිම් විසඳුම් සහය දක්වන නිසා අපේ සේවා මිළදීගනුලබන්නන්ට ඒක හොඳ පහසුවක්. තමන්ට බාණ්ඩ හා සේවා මිළදී ගන්න අවශ්‍යනම් ඉතින් ගොඩක් අයට paypal බාවිතා කරන්න වෙනවනෙ. ඒකට UK PAYPAL ACCOUNT එකක් හදාගන්න. මම දන්න තරමින් ඒක Verify කරන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් හොයල බලන්න දැන් ඒක වෙනස් කරලද දන්නෙ නැහැ.කිසි වි‍ටෙක අපේ හොර UK PAYPAL ACCOUNT එකෙන් Ebay ගණුදෙනු කරන්න එපා මොකද paypal සහ ebay කියන්නෙ එකම සමාගමකට අයිති සේවා දෙකක්. මෙහිදී බාන්ඩ ගෙන්වාගන්න අ‍පේ ඇත්ත ලිපිණය වගේ විස්තර දෙන්න වෙන නිසා අපේ හොරේ අහුවෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි. ඒකට ඉතින් ebay වෙනුවට වෙනත් Alternative එකක් බාවිතා කරන්න වෙනව. ඒකටත් අපේ iPlus මල්ලි හෝ අයිය.P ලිපි ගොඩක් ලියල තියෙනවනේ ඒව කියවන්න. හැමතිස්සෙම හොර PAYPAL එකට log වෙනකොට UK IP එකකින් ලොග් වෙන්න ඒත් නිතර නිතර Web cookies clear කරන්න ඒපා ඒවාගේ කල්පිරීම් ඉතා අඩුකාලයකදී නැවත අලුත් ‍වනවිට paypal අපිගැන අවදානය වැඩි කරනව. ඒ කිව්වෙ අපේ account එක තාවකාලිකව එයාලගේ වෙනමම list එකකට දාගන්නව. ගොඩක් අය Web cookies clear කරන්න කිව්වත් ඒක දැන් වලංගු නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලුවන්. හොඳම දේ paypal හා ebay වලට වෙනමම Web browser එකක් බාවිතා කරන එක.වෙනමම පරිගණකයක් නම් වඩාත්ම හොඳයි. එහිදී ip එක වෙනස් කරගන්නත් cookies clear කරන්නෙ නැතුව ඉන්නත් වගබලාගන්න. ip වෙනස් කරන්නනම් ගොඩක් addons තියෙනවනේ! හැබැයි අපි දාගන්න හොර ip නිතර blacklist වෙන නිසා ඒ ගැනත් සෙවිල්ලෙන් ඉන්න. ip නම් නිතර මාරුකරා කියල කිසි ගැටලුවක් නැහැ හැබැයි ඒ සැම වෙලාවකම ip එක UK වෙන්න ඕනෙ බව මතක තබාගන්න .ඉඳහිටනම් IP එක වෙනස්උනාටනම් කමක් නැහැ මොකද PAYPAL තියෙන කෙනෙක් එක රටකට සීමා වෙන්න ඕනෙ කියල නිතියක් නැහැනෙ.

Plimus වලිදි 10% 15% වගේ සිදුකරන සෑම මුදල් ලබාගැනීමකදී අයකරගන්න නිසා ඒක ටිකක් පාඩුයි වගේ කියලයි මට හිතෙන්නෙ.

නැවතත් IPLUS අයියට හෝ මල්ලිට:) බොහොම ස්තුතියි.
silva said...
yaluwa e kiyanne UK paypal walin apita ebay eke sell karanna puluwanda verify karannetuwa
BANDARA said...
elaz machan maxxa oya thiyenne
iPlus said...
@ Lasindu ;
අදහස් දැක්වූවට ස්තූතියි මචං!

@ Shyam ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Tharanga ;
අදහස් දැක්වූවට ස්තූතියි. හැබැයි යාලුවා හිතාගෙන ඉන්න විදියනම් වැරදියි!

@ Ano on November 7, 2011 11:16 AM;
මං දන්න විදියටනම් හැම වෙබ් අඩවියකම විකුනන්න පුලුවන් Digital Products විතරයි. ඔයාට ආයේ Plimus ගිනුමක් හදාගන්න පුලුවන් වෙයි. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on November 7, 2011 1:00 PM;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on November 7, 2011 2:16 PM ;
මචං මට පොටෝෂොප් ටිකක් පුලුවන්. මං ගොඩක් කරන්නේ ඩිසයිනින් වැඩ.

@ chandika ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Dilan;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ silva ;
ඔයා ඔය පරන ගිනුම් වලට අතගහන්නේ නැතිව, කොම්පීතරේ ෆෝමැට් කරලා මුල ඉදන් වැඩ පටන් ගන්න. පේපැල් ගිනුම් දෙක ට්නුනක් නැතිව, එකක් විතරක් හදන්න.

@ Nalaka ;
මචං උබ මාත් එක්ක තරහා වෙන්න එපා. උබ මෙතන ලියලා තියෙන රචනාව හෑල්ලුවට ලක් කරනවා නෙවෙයි. ඒත් මගේ දැනුමේ හැටියට කියන්න තියෙන්නේ, ඔයා මේ තේරුම් අරගෙන තියෙන විදිය සම්පූර්ණයෙන් වැරදියි කියලා. මං කියන්නේ 2Co කතාව නෙවෙයි. පේපැල් කතාව. උබ කැමතිනම් පේපැල් කුප්පිය 1 සහ 2 කියවපන්. UK පේපැල් වෙරිෆයි කරන්න UK බැංකු ගිනුමකුත් ඕනේ. UK, US, CA කියන රටවල් තුනටම එහෙමයි. මං මීට වඩා කියන්න යන්නේ නෑ. ඔයාට කවුරු නමුත් දීලා තියෙන්නේ වැරදි තොරතුරක්. අපි හැමවෙලේම බලන්න ඕනේ අපේ ගැලවීම. ඔයා ඉහත කී ලිපි දෙක කියවන්න. Nationality ලෙස Sri Lanka යෙදීමෙන් අපට පුලුවනි ලිමිට් කල ගිනුමක් නැවත ලබාගන්න.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ BANDA ;
අදහස් දැක්වූවට ස්තූතියි මචං.!
Nalaka Prasad said...
දන්නැද්ද මචෝ post එක කියෙව්වට පස්සෙ හිතෙන් මතක් වෙන දේවල් ටික ලියාගෙන ගිහිල්ල නතර වෙන කොට දන්නෙම නැතුව comment එක රචනාවක් වෙලානෙ! ඒකෙ දිග වැඩි වෙනනිසා මම ඡේද වලටවත් වෙන්‍කරේත් නැහැ.

ඇත්තතමයි 2CO කියන සේවාව මේ ලිපියත් එක්ක ලොකු ගැලපීමක් නැහැතමයි. ඔය IP සහ Web cookies ගැන කිව්වෙ මම ප්‍රසිද්ධ Forums වගයක කියවපු දෙවල් ටිකක් මතක් වෙලා. අපේ කොල්ලො ගොඩක් අය මේව ගැන දන්නව, ඒත් නොදන්න එක්කෙනෙකුට‍ හෝ පොඩිවැටහීමක් දෙන්න හිතාගෙන තමයි මම දන්න පොඩි දේ හරි comment එක දාන අතරෙම නිකමට ලියල දැම්මෙ. මේවගේ නිවැරිදි තාවය තමන්ටම Google කිරීමෙන් පහසුවෙන් සහතික කරගන්න පුලුවන්.

කාලෙකට කලින් paypal.co.uk එකේ verify කරන්නෙ නැතුව. ඒකියන්නෙ බැංකු ගිණුමක් හෝ cc එකක් සම්බන්ද කරන්නෙ නැතුව අනිත් රටවල් වලට සාපේක්ෂව තරමක් වැඩි මුදල් ප්‍රමාණයක් සීමාසහිතව ගනුදෙනු කිරීමේ හැකියාව තිබුන. දැන් ඒ තත්වය වෙනස් කරල තියෙන බව කිව්වට ඔයාට ස්තුතියි. මම පැහැදිලිව කියල තියෙනව comment එකේ දැන් තත්වය කොහොමද දන්නෙ නැහැ පොඩ්ඩක් හොයල බලන්න කියල. මොකද මම ලගදි paypal බාවිතා කරේ නැහැ.

ඉතින් නැවතත් මේවගේ වැදගත් දේ සවිස්තරව කියල දෙන එකට ඔයාට බොහොම ස්තුතියි. මගේ ඔය රචනා comment එක චාටර් වගේ නම් delete කරල දාන්න. හපොයි මේකත් රචනාවක් උනාද මන්ද.:D
Chameera Lakshan Seneviratne said...
නියමයි අයියේ මරු, . . . . ඉක්මනට pyoneer card එකෙ seen එකත් දාන්න
Chameera Lakshan Seneviratne said...
නියමයි, . . . . best of luck!. . .
iPlus said...
@ Nalaka ;
අදහස් දැක්වූවට ස්තූතියි මචං.!

@ Chameera ;
අදහස් දැක්වූවට ස්තූතියි.
Methla Vijaya Bandara said...
අයියේ මට ලොකු ප්‍රස්නක් මම ඔයා කියලා දිපු විදිහට PayPal acccount එකක් හදන්න හැදුවා ඒත් මාර ප්‍රස්නේ Phone නම්බර එක දුන්නට වැඩැක් නෑ එකේ ඉස්සරහට +94 නේමේ තියෙන්නේ ඒ රටට අදාල නම්බර් එක. අපේ නම්බර් එක දුන්නට වැඩක් නෑ account එක හදන්න බෑ කියලා කියනවා මොකද කෙරන්නේ (E-mail=methlavijaya@gmail.com)
Anonymous said...
දැන් මේකට paypal ගිණුම් දෙකක් ඕන නේද ?
Anonymous said...
yaluwa monatada affa pay pal 2k.. me thiyena ekama ekath api hemoma mara bayen use karanne.. :D :D ekai oni yaluwa.. oyage eke thiyena sallinee me iplus kiyala thiyenne ganna heti..

IPLUS yaluwa.. mata sony ericsson wage brand wala phone ganna puluwan trust site ekak kiyanawada machoo oya dannawa nam.. ebay aya be kiyanawanee sl ewanna...
iPlus said...
@ Methla Bandara;
බොරු නම්බරයක් දාන්න යාලුවා. ඒකෙන් අපට පසුවට වැඩක් වෙන්නේ නෑ. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on November 9, 2011 8:49 PM ;
ඕනේ නෑ. පාරිභෝගිකයාගේ චරිතය රගපානකොට විතරයි අපිට පේපැල් ගිනුම අවශ්‍ය.

@ Ano on November 10, 2011 11:00 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි! මං ෆෝන් ගන්න එකම විස්වාසි අඩවිය, mistertao.com
Anonymous said...
mathana podi prasnayak tiyanawa nada.mata tarannatiwada danna naha.makai gataluwa. mama pilamus ginumak open karanakota maga atta detailes danna onana.mokada mata a ginuma tiyana namatana cheque aka ganna mpluwan. atakota api paypal haraha salli gawanakota apama paypal account akakin gattoth buyer detailes wala tiyanna apama torathuru nada.maka mata tikak pahadili madi.
iPlus said...
@ Ano on November 11, 2011 2:00 PM ;

පියවර 12 කියවන්න.
ඒකේ පැහැදිලිව ලියලා තියෙනවා, පෙපැල් නමට සමානවෙන්නත්, Plimus නමට වෙනස් වෙන්නත් තොරතු දාන්න කියලා.

eg:

T.M.K. Athulathmudali
T.M Kalinga Athulathmudali
Kalinga Athulathmudali
Anonymous said...
yaluwa mata kiyala denawada moneybooker walata lankawe mage bank account eka attach karanne kohomada kiyala ? pls thanks machoo

Man maduranga.
indika said...
good post.alert pay pal gana danaganna ma site akata anna
Anonymous said...
hebei ara oya kiyapu vidiyata account eka heduwata api ape eththa address eka dunnam eka yatin thiyenne malaysia kiyalanee.. e kiyanne address eka wenasnee..

hariyata menna me wage,

No 46/3, Main street,
Colombo 04
malaysia

menna me wage..

eka aulak nedda.. nsb card ekak ehema attach karanakota ehema...
iPlus said...
@ @Ano on November 12, 2011 8:45 PM Maduranga;]
අනේ යාලුවා මං මනිබූකස් භාවිතා කරන්නේ නෑ. www.slbloggs.com ගෙන් අහනවාද. එයා ගොඩක් කල් ඉදන් මනිබූකස් භාවිතා කරනවා.

@ indika ;
අදහස් දැක්වූවට ස්තූතියි!


@ Ano on November 13, 2011 9:49 AM;
NSB එකේ දෙන්නේ වීසා කාඩ් එකක්, ඒ කාඩ් එක මුලු ලෝකේම පිලිගන්නවා. ඒ නිසා කිසිම ගැටලුවක් එන්නේ නෑ. ඒකයි මං අර buyincoins හා dx ගැන කියලා දෙද්දී ඇඩ්‍රස් එක මාරු කරන විදිය කියලා දුන්නේ, වෙන රටක විදියට හැදුවොත් වැටෙන්නේ ඒ රටේ නම.
Methla Vijaya said...
අයියේ මට Ad Sense නැතුව, ඔයා වෙබ් සයිට් වලට ADD දාන වෙන ක්‍රමයක් කියලා දේනවද? ඔයා ඔය උඩ දාලා තියෙන්නේ. pleas
Anonymous said...
Thank Machan...................................
iPlus said...
@ Methla Vijaya;
ඇඩ්සෙන්ස් නැතුව ඇඩ් දාන්න බෑ යාලුවා. මට ඇඩ්සෙන්ස් ගිනුමක් තියෙනවා. සිංහල බ්ලොක්ක වලට ඇඩ්ස් පෙන්නන්නේ නෑ. ඒ නිසයි ඉංග්‍රීසියෙන් බ්ලොක්කයක් හදලා iframe එක දාලා තියෙන්නේ

http://www.w3schools.com/tags/tag_iframe.asp

http://www.iplusblog.com/2011/09/indyarocks-adsense-emoney-2.html


@ Ano on November 15, 2011 3:26 AM;
අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
Aiye, oya me dana lipi walin api godak proyojana gannawa.oyata puluwannam ebay eken sell karana hati gana lipi danna eka loku udauwak.
Anonymous said...
මචන්, මගෙ කලින් හදපු Malaysian paypal එකක් තියෙනවා. මම ඒකෙන් මෙච්චර දවස් කලේ chitika, infolink වලින් එන සල්ලි ටික ඉවරවෙනකම් බඩු ගෙන්නගත්ත එක.
…ඒක තියෙද්දි ඔය විදියට තව paypal එකක් හදන්න ගිහින් දෙකටම කෙළවෙයිද? නැත්නම් පරන paypal එක delete කරන්න පුලුවන්ද? ඔය විදියට හදන paypal එක limit කලොත් passport, address proof දුන්නම ෂුවර් එකටම ආපහු හදාගන්න පුලුවන්ද? (වෙන රටක ඉදල මෙහෙ ආව කිව්වම උන් පිලිගනීද?)

…ඔයාගෙ වටිනා අදහස් නිර්ලෝභිව අප අතර බෙදාදෙනවාට බොහොම ස්තුතියි!
iPlus said...
@Ano on November 21, 2011 2:15 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි! But I hate eBay.
http://techadiya.blogspot.com/

@ Ano on November 25, 2011 7:00 PM ;
ආයේ පේපැල් එකක් හදන්නේ මොකටද? තියෙන පේපැල් එකෙන් වැඩේ දෙන්නකෝ. අපේ පාරිභෝගිකයගේ වෙස් අරගෙන ඉන්න විට විතරයි පේපැල් එකක් ඕනේ.
පේපැල් එක ලිමිට් කරගෙන, පෙපැල් ඇඩ්මින් ගාව අඩනවාට වඩා හොද නැත්ද ලිමිට් කරගන්නේ නැතිව ඉන්න එක. අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
sahodaraya me lipi pela nm godak hodai,e unath man hithanawa paypal walin lanakawata mudal gennanna mehema kattak kanawata wada moneybookers walin lesiyenma lankawata gennanna puluwan kiyala,eka hinda oya kamathi nam ape friends lata moneeybookers gana kiyala dena eka gana hithanna
Anonymous said...
මචන් මට දැන ගන්න ඔනි දැන් අපි පිටරට විදියට(උදා: සහෝ කියලා දිපු විදියට පිලිපින් හරි මැලේසියන් හරි) විදියටpaypal account එකක් හදලා අපි පරිබෝගිකයා විදියට අපි මේ paypay accountඑක use කරලා ලංකාවේ ඉදගෙන ගෙවිමක් කරොත් ප්‍රස්නයක් වේවිද? නැත් නම් මේ විදියට අපේ භාණ්බේ අපිම මිලදි ගනිදදි, ip එක අපි paypal එක හදපු රටේ ip එකක් විදියට තිබිය යුතුමද? නැත්නම් හොර ip hide එකක් භාවිතා කල යුතුද?
iPlus said...
@ Ano on December 3, 2011 7:30 PM ;
මනිබූකස් අපිට සපෝට් කලාට, මනිබූකස් වලින් අපිට කිසිම හරි හමන් වෙබ් අඩවියකින් ගෙවීම් ලැබෙන්නේ නෑ යාලුවා. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 27, 2011 1:02 PM ;
IP නම්බරය කිසිම විටෙක ගැටලුවක් නෑ. ඒවා භාවිතා කරන්න එපා. මම පෙපැල් ගිනුමක් අවුරුද්දක කාලයක ඉදන් කිසිම ගැටලුවක් නැතිව බාවිතා කරනවා.

යාලුවා චීන වෙබ් අඩවි වලින් මිලදී ගැනීමේදී කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. ඒත් ඔයා ඊබොක්කෙන් වගේ භාන්ඩයක් ගෙන්නාගන්නවානම් කලින් වෙලෙන්දාගෙන් අහන්න ඕනේ පේපැල් ඇඩ්‍රස් එකට නැතිව, ඊබේ ඇඩ්‍රස් එකට එවන්න කියලා
Anonymous said...
මචන් 12 වෙනි පියවරේ සදහන් වෙන විදියට payment method එක ‍තෝරද්දි දැන් paypal කියලා දෙන්නේ නැ නේ. දැන් වැටෙන්නේ
Secure online credit card
wire transfer
phone
fax
mail/check/money order
moneybookers
local bank transfer
කියන ටැබ් ටික විතරනේ.. පොඩ්ඩක් මේ ගැන හොයලා බලනවද? මම මේ විදියට ගෙවිමක් කරද්දි ඉහත සදහන් method ටික විතරයි තියෙන්නේ. සමහර විට දැන්paypal support නැතුවවත්ද?
freeweb said...
ස්තුති යලුවා පොස්ට් එකට. එතකොට සම්පත් වෙබ් කාඩ්, හෑටන් නෙශනල් කාඩ් වලට ගන්න එක භයානකද?
iPlus said...
@ Ano on December 29, 2011 11:11 PM ;
ඒක ඉතින් අහන්න දෙයක් නෑ බං. ලංකාවේ ඈයෝ වැඩකට බැස්සොත් ඉතින් එතන සී සාලා, වපුරලා, වප් මගුලත් කරලාමයි එන්නේ. ඔන්න දැන් ඉදියි උඩට අල්ලාගෙන. Fastspring ට්‍රයි කරන්න තමයි වෙන්නේ.

@ freeweb ;
අනේ මංදා. පොඩ්ඩක් හිතලා බලපංකෝ, අහුවුනොත් මොනවාද කියන්නේ කියලා? කියන්න දෙයක් තියෙනවානම් මටත් කියහං.
Dulan said...
Paypal walin money gennana me krame thama wadada?

Please reply.
Anonymous said...
Methana Paypal kiyala 1k nane method of payments wala
Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc