Saturday, September 21, 2013

Click නැතිව ලින්ක් වලින් මුදල් උපයන්න - adfly

ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉතින් යාලුවනේමම අද කියලා දෙන්න යන්නේ තවත් බක්ස් සයිට් එකක් ගැන නොවන බව කලින් post එකේදි කීවනේ.. ඔයාලා ‍නෙට් එකේ ඉන්න අතරවාරෙදි අනෙක් යාළුවන්ට දැනගන්න දෙන ලින්ක් වලින් (link share) මුදල් උපයන්න ක්‍රමයක් තමයි මේක. මේ ගැන සමහර දෙනෙක් නම් දන්නවා ඇති. ඔයාලා අන්තර්ජාලේ සැරිසරන කොට සමහර අඩවි වලින් අසවල් තැනට මෙතනින් යන්න නැත්නම් අසවල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න කියලා link එකක් දාලා තියෙනවා දැකලා ඇති. ඒක ක්ලික් කළාම ඔන්න වෙන තැනකට තමා ඉස්සෙල්ලාම යැවෙන්නේ. එතනදි එම  site එකේ දකුණු පැත්තේ ඉහල කෙළවරේ 5සිට 0ට ගණනය වී skip AD කයලා වැටෙනවා. අන්න ඒ වෙලාවට ඒක ඔබලා skip  (පන්නලා) කරලා අදාල තැනට යන්න වෙනවා. මේ වන විටත් මේ වගේ අත්දැකීම් ඔයාලට ඇති. නැතිනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මෙහිදී කරන්නේ තව කනෙකුට වටිනා කියන දෙයක් තියෙන සයිට් එකක ලින්ක් එකක් නැතිනම් වෙබ් ඇඩ්‍රස් එක ලින්ක් ‍කෙටි කරන සයිට් (links shorten site) එකකින් කෙටි කරනවා. ඔන්න ඔය විදියට හදාගත්තු ලින්ක් එක  අසවල් එක මෙතනින් ගිහින් බලන්න කියලා යාළුවන්ට දෙනවා. ඔය ලින්ක් එක හරහා කවුරුන් හෝ අදාල සයිට් එකට යන සෑම වාරයක් පාසාම එයාට වෙළද දැන්වීමක් මගදි පෙන්නලා ඔයාගේ ගිණුමට මුදල් එකතු කරනවා (එක් අයකු එක් දිනකට යන වාර දෙකකට යටත්ව). ඉතින් මේකෙන් වෙන දේ ගැන ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඒ අනුව මෙහිදී ඔයාලා නිදාගෙන ඉන්නකොටත් ඔයාගේ ගිණුමට මුදල් එකතුවේවි. එහෙනම් අපි දැන් බලමු adfly වල register වෙන විදිය.

adfly වල Register වෙන්නේ කොහොමද?

ඉස්සෙල්ලාම මෙතනින්  adfly සයිට් එකට යන්න.  මෙතනදි ඔයාලට ඩෙමෝ එකක් බලන්නත්  හැකියි.තත්පර 05ක්   ඉදලා දකුණු පැත්තේ ඉහල කෙළවරේ තියෙන් Ad Skip මත කිලික් කළාම ලැබෙන වින්ඩෝවෙහි පහල තියෙන Join now කියන තැක ක්ලික් කරන්න. (පහල රුපයේ රතු රවුම බලන්න)  රෙජිස්ටර් වීමෙන් පසුව ලොගින් වීමට එම වින්ඩෝවේම ඉහල තියෙන login යන්න භාවිතා කරන්න,
reg 00 copy
දැන් ඔබට ලැබෙන ෆෝර්ම් එක පුරවන්න. පහල රූපයේ එය කරන ආකාරය විස්තර කර ඇත. කැප්චර් කෝඩ් එක කොටස් දෙකකින් ටයිප් කරන්න තියේවි.  එය පැහැදිලි නැතිනම් නැවත ඉල්ලන්න. (රවුමට ඇති ඊතලය ක්ලික් කර) එය නිවැරදිව සිදුකර ඊට පහලින් ඇති කොටුවේ ටික් කර අවසාන වශයෙන් join යන්න ත්ලික් කරන්න.
reg 01 copy
දැන් ඔබ ලබාදුන් ඊමේල් එකට මේල් එකක් එවා ඇති බවට සදහන් පණිළවුඩයක් දිස්වේ. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) ඒ අනුව ඔබ ඔබේ ඊමේල එකට යන්න. එම පණිවුඩය Inbox තුළ නැතිනම් spam තුළින් සොයාගන්න.(පහල රූපයේ 02 අවස්ථාව බලන්න)
reg 02 (email) copy
එම ලිපිය විවෘත කළ විට please copy-and-paste your activation key (ඇක්ටිවේෂන් කී) යන්න ඉදිරියෙන් වන කොඩ් එක කොපි කර ගන්න. ( පහත රූපයේ 01 වන බොක්ස් එකෙහි එම කී එක පේස්ට් කර Conform registration යන්න මත ක්ලික් කරන්න. ( පහත රූපයේ 02 අවස්ථාව බලන්න)
reg 04(email) copy
දැන් ඔබ ඔබගේ ගිණුමට ඇතුළත් වනු ඇත. එසේ නොවුණහොත් ප්‍රධාන වින්ඩෝඩේමත ක්ලික් කර Username, Password  ලබදී ඇතුල්වන්න. පහත රූපය පරිදි ඔබගේ ගිණුම දිස්වේ.  ඔබ එහි පහලට ගිය විට ඒ ඒ ලින්ක් එක මගින් ඔබට ලැබුන ආදායම දිස්වේ.
Account copy

මෙයින් උපයන්නේ කොහොමද?.

ඔබගේ ගිණුමෙහි ඉහල තියෙන බොක්ස් එකෙහි (shrink ඉදිරියෙන්)  බෙදාහැරීම සදහා ඔබ සූදානම් කරගන්නා ලද ලින්ක් එක කොපි කර ගෙනවිත් පේස්ට් කරන්න. ( පහත රූපයේ 01 අවස්ථාව බලන්න)  දැන් එහි වන shrink යන්න මත ක්ලික් කරන්න. ( පහත රූපයේ 02 අවස්ථාව බලන්න)  ඔබ shrink කරගත් ලින්ක් එක එහිම වන copy යන්න මත ක්ලික් කර ( පහත රූපයේ 03 අවස්ථාව බලන්න)  කැමති අයුරින් කැමති තැනක paste කරමින් බෙදාහරින්න පුළුවන්.
work 01 copy

ලින්ක් එක බෙදා හරින්නේ කොහොමද?

ඔයාටම කියලා බ්ලොග් එකක් පවත්වාගන යමින් ඔබ ලියන ලිපි වලට අදාලව බලන අයව ඒ ඒ ලින්කුව හරහා වැඩි විස්තර සදහා යවන්න පුළුවන්. එහෙම එකක් කර ගන්න එච්චර අමාරු නැහැ. ඉස්සර නම් තිබුනා සැමදෙයක්ම කියලා අඩවියක්. ඒක දැන් කාලයක ඉදන් වැඩ කරන්නේ නැහැත එහි තිබුණා බ්ලොග් නවක්යෙකුට මග පෙන්වීමක්. මේ ගැන පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැතත් යමු ඉල්ලීමක් ලබුනොත් හැකි වෙලාවක දානවා.  එතකන් මාව විස්වාස කරන්න හැකි කෙනෙකු ඉල්ලීමක් කලොත් මම බ්ලොග් එකක් හදලා දෙනවා. මේක මගේ අදහසක් මිස කරපු වැඩක් නම් නෙමෙයි. ඔයා එහෙම අඩවියක් හැදුවාම ඔයා ලිපි ලිව්වේ නැති උනාට කමක් නැහැ. එහි වැදගත් ලින්ක් ටිකක් දාන්න. දැනු ඔයා කොහේ හරි සදහන් කරන්න අසවල් දේ බලන්න අසවල් තැනීන් යන්න කියලා ඔයාගේ බ්ලොග් එකේ ලිපිනය සාජුවම දෙන්න. එවිට එතනට එන කෙනෙක් ඔය ලින්ක් එකක් දෙකක් ක්ලික් කළාම ආදායම ඔයාලට. දවසකට එක්කෙනෙකු ක්ලික් කරන ඒවායින් 02කට විතරයි ගෙවන්නේ. ඔය විදියට අදාල කරුණ ගැන තව තවත් සොයමින් ඒ තැන් තියෙන ලිනක් ඔයාගේ සයිට් එකේ දැම්මාම ඒ සම්බන්ධවයන් තොරතුරු අහ්‍ශ්‍ය අය ඒ හරහා නිතරම යාවි.
ඒ වගේම ඔයලා දැනටමත් ඩවුන්ලෝඩ් කරන්න දෙන සයිට් එකක් පවත්වාගෙන යනවානම් හෝ නැතිනම් බලාපොරොතුතු වෙනවා නම් ඒ ලින්ක් ටික්ත් මේ හරහා දීලා උපයන්න පුළුවන්.
.තව වැඩිපිරිසක් ඉන්න Groups වල (‍facebook, twitter,google+, CafeMom,  Pinterest MySpace, ආදිය භාවිතා කළ හැකියි) සාමාජිකත්වය  හැකිතරම් සංඛ්‍යාවක regiter වෙන්න. එය මෙච්චරයි කියලා සීමා කරන්න එපා.  ඒ හරහා මෙම ලින්ක්එක සෘජුවම හෝ ඉහත ක්‍රමය භාවිතා කර බෙදා හරින්න පුළුවන්.

ලින්ක් වල වලංගු කාලය
ඔබ සකස් කරන ලින්ක් දැනට කල් ඉකුත්වීමේ දිනයක් නොමැත. ඒ කියන්නේ ඔබ අද හදන ලින්ක් එකකින් දැනට තියෙන තත්වය යටතේ නම් තව අවුරුදු ගණනාවක් ආදායම් ලැබිය හැකියි. ඒ උනත් ඉදිරියේදී මේ තත්වය වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා.

සමාජ අඩවිවල ලින්ක් භාවිතය පරිස්සමට

මතක තියාගන්න හොහේ දැම්මත් spam නොවෙන විදියට දාන්න. තව වැදගත් කාරණයක් තමයි ‍facebook වල මෙම adfly ලින්ක බ්ලොක් කරන අවස්ථා තියෙනවා. ඒ නිසා ‍facebook වල දාන්න adfly වලින් shrink කර copy කර ගන්නා ලින්ක් එක මෙම සයිට් එක ට ගිහින්  නැවත shrink කර adfly ලින්ක් එක Hide කර (සගවා)  බෙදා හරින්න. මෙතන ඒ වගේ තවත් සයිට් එකක් තියෙනවා. ඒකෙනුත් ඒක කරගන්න පුළුවන් (එය සිදුකන අයුරු පහත රුපය බලන්න)
Hide copy

මුදල් ගන්නේ කොහොමද?

ඔන්න දැන් තමයි හොදම හරිය, මම දන්න විදියට දැන් ඔයාලට ප්‍රශ්ණයක් තියෙනවා මෙහි උපයන මුදල් ගන්න විදිය සම්බන්ධයෙන්. ඒ ටික තමයි දැන් මම කියලා දෙන්න හදන්නේ. ඔයාලා දැන් ඔයාගේ Profile එක සම්පුර්ණ කරන්න ඒන. ඒ සදහා ඔයාගේ Adfly Account  එකට ඇතුළු වුණාම වම් අතපැත්තේ  Username එකට පහලින් තියෙන Account  යන ලින්ක් එක මත ක්ලික් කළාම වින්ඩෝවක් මතුවේවි. එහි තියෙන Form එක සම්පුර්ණ කරන්න. මෙහි මුදල් ලබාගන්න Paypal එකේ Account එකක් තියෙන්න ඕන. ඔයාට දැනට Paypal එක්ක තියෙනවා නම් එහි ලිපිනය මෙයට දෙන්න. එහෙම එකක් නැතිවුණත් කලබල වෙන්න එපා. ‍ඒක හෙමිහිට හදාගන්න පුළුවන්. මම කලින් කියාදීලා තියෙනවා වගේ ඒක පුරවද්දි හිස්තියලා පස්සේ කරන්නත් පුළුවන්, මෙවැනි කටයුතු සදහා භාවිතාකරන මේල් එක දෙන්නත් පුළුවන්. මෙය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Update Account යන්න මත ක්ලික් කරන්න. (පහත රූපය මගින් එය සම්පූර්ණ කරන අයුරු බලන්න) දැන් ඔබගේ Profile එක යාවත්කාලීන වූ බවට පණිවිඩයක් දිස්වේ. ඔයාලා මේක සම්පූර්ණ කරන්න කලබල නොවුනාට ප්‍රශ්ණයක් නැහැ. ඕන වෙලාවක කරගන්න පුළුවන්.
full form copy

වැඩිම ගෙවීම්

අනෙකුත් සමහර සයිට් වල වගේම මේකෙදිත්  USA, UK වගේ රටවල අය ඔබගේ ලිනක් එක හරහා යවන්න හැකි නම් තරමක් වැඩි ආදායමක් ලබාගන්න පුළුවන්. ලංකාවේ වගේ රට වල අය ගියාම ලැබෙන්නේ සුළු ආදායමක්. එහෙම කියලා වැඩේ අතිරින්න එපා. මේක ඔයාලා නිදන් ඉදිද්දි මුදල් ලැබෙන ක්‍රමයක් බව මතකයේ තියාගන්න. 

Direct Referral මගිනුත්

මෙහිදීත් PTC වල වගේ Direct Referralsලා ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. එම ලින්ක් එක ලබා ගැනීමට ඔයාලගේ ගිණුමෙහි ඉහල මෙනුවෙහි ඇති  Referrals යන්න මත් ක්ලික් කරන්න. එවිට ඊට පහලින් බොක්ස් එකක් ඇතුළේ http://adf.ly/?id=4882466 ට සමාන කේතයක් පෙනේවි. එය Your referral link නම් කරලා ඇති. දැන් මෙය ඔබේ යාළුවන්ට දීලා මෙහි ලියාපදිංචි වෙන්න ආරාධනා කරන්න පුළුවන්. මේක හරහා යම්කෙනෙක් ගිහින් මෙහි රෙජිස්ටර් වෙලා උපයනවා නම් ඒ සෑම අවස්ථාවකදීම ඔයාටත් කොමිස් එකක් ලැබේවි. මෙහිදීත් PTC වල වගේම එය භාවිතා කරන කෙනාට අසාධාරණයක් වෙන්නේ නැහැ.

වැදගත් යමක්

මම මේ ගැන අවසාන වශයෙන්ම කියන්නේ ඔයාලා මෙය නිර්මාණශීලිව කරන්න. කාටවත් කරදරයක් වෙන විදියට මෙය භාවිතා කරන්න එපා. බොරු තැන් වලට යවන්න එපා. ලින්ක් එක දාන තැන අදාල සයිට් එක ගැන ඇත්තම සදහන්න. එවිට එය වැදගත් කෙනෙක් එ‍තනට ගිහින් බලාවි. ඔයාගෙ යාළුවෝ ඔයා ගැන විශ්වාසයක් ඇතිකර ගනීවි. ඒ අනුව ඔයා නැවතත් දාන ලින්ක් එකක් බලන්න ඒ අය අනිවාර්යයෙන්ම යාවි. එක් අයෙකු එක් Account එකක් පමණක් සෑදීමටත් තමන්ගේ ලින්ක් පරීක්ෂා කරීමට එක් වතාවක් හැර තමන් ක්ලික් නොකිරීමටත් වගබලා ගන්න. එහෙම උනොත් ඔයාගේ ගිණුම නැතිවීම වැළැකිවිය නොහැක. මුලදි හෙමින් මුදල් එකතුවූනත් කාලෙත් එක්ක ලොකු ඉපයීමක් ලබන්න හැකිවේවි. මෙහි වංචා සිදුකළ බවට සදහනක් කොහේවත් නොතිබීමත් දැනට හොදින් ගෙවා ඇති බව සදන් වී තිබීමත් නිසා මම ඔයාලට මෙය හදුන්වා දුන්නා.එකපාරට දවසින් දෙකින් ලොකු මුදලක් උපයන්න හිතන කෙනෙක් ඉන්නවා නම් මෙහි රෙජිස්ටර් වෙන්න කාලය වැයකරන්න එපා.
මේ සයිට් එක වංචා කරනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.ඇත්තටම මෙය මේ වන විට අනුතර්ජලයේ හොද කීර්තියක් දිනාගෙන තිබෙන විශ්වාසනීයත්වයේ හිමිපෙත්තේ තියෙන සයිට් එකක් බවට හදුනාගන්න පුළුවන්. මේ ගැන ඔයාලත් තව සොයලා බලන්න. 

 එහෙමනම් මම නවතිනවා. තවත් පෝස්ට් එකක් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණුපැත්තේ තියෙන මේල් එක හරහා සාජුව මා සම්බන්ධ කරගතහැකියි. ඔබ ඩොලර් සතයක් හෝ ගෙන ඒම ලංකාවට මගේ සතුටයි.
පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

Sunday, September 15, 2013

Nerdbux මගින් උපයමු

ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉතින් යාලුවනේ මම අදත් ඔයාලට පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි අරන් ආවේ. මේකත් ඉතින් PTC bux සයිට් එකක් තමයි.  කලින් හදුන්වා දුන්නු සයිට් වගේම නැතත් මෙකත් මේ වන විට අන්තර්ජාලය තුළ විශ්වාසය දිනාගෙන තියෙන සයිට් එකක්. මෙම Nerdbux කියන සයිට් එ‍කේ දැනට සාමාජිකයන් 99144 ක් සාමාජිකත්වය ලබා තිබෙන බවට සදහන් වෙනවා. මෙයත් දැනට වංචාවකින් තොරව සාමාජිකයන්ට ගෙවලා තියෙනවා.

දැන් මේ සයිට් දැන් මේ සයිට්එක සම්පූර්ණයෙන්ම  Scam එකක් නිසා වැඩ කරන්න එපා. ලියාපදිංචිවීමේ ක්‍රමය පමණක් බලන්න. දැනට තියෙන හොදම paying සයිට් ටික සහ Scam සයිට් ටික බලන්න මෙතනින් යන්න. එහෙම සොයලා බලලා වැඩ කරන්න. 2014/08/24


Thebux වගේම මෙහිදීත් අපට එක Referral කෙනෙක්   මාසෙක කාලෙකට   Rent  කරන්න පුළුවන්. මෙහි තියෙන විශේෂත්වය තමයි එක් අයෙක්Rent  කරලා තවකෙනෙක් ගන්න සතියක් බලා ඉන්න ඒනි නැහැ. අපිට මුදල් තියෙන ඕන වෙලාවක Referral කෙනෙක් Rent කර ගන්න පුළුවන්. හැබැයි මෙහි නම් එක් අයෙකුගේ වටිනාකම ඩොලර් 0.2. ඒ කියන්නේ probux වල වටිනාකමම තමා..ඒ වගේම මෙහි මුලදී ඩොලර් 0001 ඇඩ් 20කට වැඩියෙන් දවසකට බලන්න දෙනවා. කල්යද්දි එම ඇඩ් ප්‍රමාණය වැඩි වෙනවා (මාසයක් යද්දි එය 75ක් පමණ වෙනවා). ඒ අනුව ඔයාලට ඉක්මනින්ම Referral ව Rent  කර ගන්න මෙම සයිට් එකෙන්ම මුදල් උපයා ගන්න පුළුවන්. සතියකින් විතර පළමු Referral ව Rent  කර ගන්න හැකියාවක් තියෙනවා. probux සහ Thebux  වලට සාපේක්ෂව නම් ඒක ලොකු කාලයක් ව‍ගේ තමයි, කොහොම උනත් ඔයාලා bux වලින් ස්ථීර ආදායමක් සාදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් සයිට් කිහිපයකම වැඩ කිරීම ගොඩක් හොදයි. මොකද කියනවා නම් මම මුලදී කීවා වගේ හොදින් මුදල් ගෙවමින් තිබෙන සයිට් හිටිහැටියේ බන්කොලොත් වෙලා වැහිලා යන අවස්ථා තියෙනවා. මේ සයිට් ඒ නිසා වෙනවාට කියනවා නෙමෙයි යම් හෙයකින් ඔයාලා උපයන සයිට් එක වැහුනොත් ආයෙ මුල ඉදන් පටන් ගන්න වෙනවා. ඉතින් එහෙම උනොත් ඔයාලාට අන්තර්ජාල මුදල් අරහන් වෙනවා.මේක පට්ට පල් බොරුවක් කියාලා කියන්නේ ඒ වගේ උනාම තමා. අනෙකුත් විස්තර වගේම මෙයට දෛනිකව ලැබෙන ඇඩ් ප්‍රමාණය දිහා බැලුවාම මෙය කාලයක් ස්ථාවරව පැවතීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ සයිට් එක අපි බලන ඇඩ් එකකට ලොකු ගණනක් නොගෙවන්නේ මෙය ස්ථාවරව පවත්වාගැනීමේ අරමුණීන් විය යුතුයි.

Nerdbux වල ලියාපදිංචිවෙමු

මෙතනින් ගිහින් Nerdbux සයිට් එක ලබාගන්න. දැන් ඔය පහල රූපය වගේ  වින්ඩෝවක් ලැබේවි. එහි Register කියන ලින්ක් එක උඩ click කරන්න. රතු රවුම බලන්න.
nerd reg 1 copy 
දැන් පහල රූපය වගේ Form එකක් ලැබේවි. එහි මම විස්තර කරල තියෙන විදියට සම්පූර්ණ කරන්න. සියල්ල සම්පූර්ණ කර නැවත පරීක්ෂා කර අවසානෙට Register කියන කියන එක click කරන්න. 
nerd reg 2 copy
දැන් Nerdbux සයිට් එක ඔයා දීපු මේල් ඇඩ්‍රස් එකට verification link එකක් එවලා ඇති.  ඊලග පියවර විදියට ඔයා දීපු mail එකට login වෙලා Nerdbux එවා ඇති මේල් එක සොයා ගන්න. එය Inbox තුළ නැතිනම් Spam තුළ බලන්න.  (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් එය විවෘත කර එහි ඇති Nerdbux  හි  verification link එක මත click කරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න)
nerd reg 3 copy
Activation ID සහ Username sed කිරීමට ලැ‍බෙන box එකේ sed මත  click කරන්න (ඉහත රූපයේ 03 අවස්ථාව බලන්න)  . දැන් ඔයාගේ ලියාපදිංචිය හමාරයි. දැන් ඔබව නව සාමාජිකයක් ලෙස පිළිගනී  ඊළගට  ඔබ නැවත Nerdbux සයිට් එකට පැමිණෙන අතර එහිදී login Form එක ලැබේ. නැතිම් එහි ඉහල ඇති  login යන්න මත click කළාම ලැබෙන login Form එකේ නියමිත තැන ඔයා දීපු username සහ password දීලා  පහලින් ඇති login මත  click කරන්න.(පහල රූපය බලන්න)
nerd reg 4 copy

වැඩ කරන්නේ මෙහෙමයි

දැන් ඔබගේ ගිණුමට ඇතුල් වන අතර එහි ඉහල තිබෙන ටාස්කබැර් එකෙහි  මැද තියෙන Earn money  කියන link එක මත click කරන්න (පහල රූපයේ රතු රවුම බලන්න) . එහිදි දිගහැරෙන මෙනුවෙහි view ads යන්න මත click කරන්න. මීට අමතරව ඔයාලට අවශ්‍ය නම් හැකියාවක් තිනෙවා නම් එහි දිස්වන අනෙකුත් වැඩ ටික කරලා උපයන්නත් හැකියාවක් තියෙනවා.
nerd ad 0 copy
දැන් ඔයාලට  එදා ලැබිලා තියෙන ads ටික දැක ගත හැකි අතර (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) ඒ එක් ad එකක නිල් පැහැති සිරසෙහි අකුරු මත click කරන්න. දැන් ඔබගේ ad එක ලෝඩ් වන අතර waiting කියන විධානය ඉහල වම් කෙළවරේ දැකගත හැකි (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) 
nerd ad 1 copy
ඇඩ්එක ලෝඩ් වී අවසන් වූ පසු එතනම කොළපාට තීරුවක් පිරේවි (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) . එය පිරී අවසන් වූ විට රූප 3 ක පේලියක් එතනම දිස් වන අතර එයින් හිස පහලට ඇති රූපය මත කරන්න (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) . දැන් හරි ලකුණකුත් එක්ක Thanking Massage එකක් දිස්වේවි (පහල රූපයේ 01 අවස්ථාව බලන්න). එම අවස්ථාවේදී ඔබගේ ගිණුමට අදාල මුදල එකතු වේ. දැන් එම අතුරු වින්ඩෝව close කර නැවත ඒ ආකාරයෙන්ම  ඉතිරි ඇඩ් ටිකත් බලන්න.
nerd ad  2 copy
මේකෙදිත් අනෙකුත් bux සයිට්ලව වගේම මුලදි ටිකක් මන්දගාමීව තමයි ආදායම ඉහල යන්නේ. ඒ උනාට මෙහි කාලෙත් එක්ක ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි වීම සහ  Rent  Referral ගණන වැඩිවෙනකොට ආදායම බලා ඉදිද්දි ඉහල යාවි. මම මුලින් කිව්වා වගේ මේකේ Referral  එක් අයකු බැගින් Rent කර ගැනීමේ පහසුකම වගේම ඕනෑම දවසක Rent කර ගැනීමේ අවස්ථාව සලසලා දීලා තියෙන නිසා ඉතා ඉක්මනින් Referral ගණන වැඩිකර ගනීමේ හැකියාවක් පවතිනවා.

සයිට්එක තුළ වියදම් කරන්නේ මෙහෙමයි (Add Fund)

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී පෝස්ටුවක සදහන් නොකළ නිසා එම අඩුපාඩුව මග හරවා ගැනීමට මෙය ඇතුළත් කරනවා. අපිට අනෙකුත් සයිට් වල වගේම මෙහිදීත් වැඩි ආදායමක් ලබන්න නම් සයිට් එක් තුළ මුදල් යෙදවන්න වෙනවා. Referral  Rent  කිරීම සහ Recycle කිරීමට මුදල් අවශ්‍යයි නේ. ඒකට අපි සයිට්එකෙන් උපයන මුදල් වලින් වගේම Payza, Payoal වැනි ගිණුමකින් එකතු කරන්න පුළුවන්. අපි බලමු ඔයාලා සයිට්එකෙන් උපයපු මුදල් එකත්කරන හැටි.
මුලින්ම My Account වෙත යන්න. එහි Add funds යන්න මති ක්ලික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් ලැබෙන වින්ඩෝවේ මුදල් ගෙවන ක්‍රමය තෝරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න)  මීළගට එහි පහලින් වන කොටුවෙහි එකතුකරන මුදල ටයිප් කර send යන්න මත ක්ලික් කරන්න. (පහල රූපයේ 03 අවස්ථාව බලන්න) 
dd fund 1 copy
දැන් මතුවන වින්ඩෝවේ පහල රූපයේ 01 අවස්ථාව ලෙස මතුවන Account balance බටන් එක මත ක්ලික් කරන්න. එවිට පහල රූපයේ 02 අවස්ථාව පරිදි අදාල එකතු කිරීම සිදුකළ බවට සදහන් පණිවුඩයක් දිස්වේ.
add fund 2 copy

Referral කෙනෙක් Rent  කරන්නේ මෙහෙමයි

ඔයාලා My Account ‍වෙත ගියාම Referrals මාතෘකාව යටතේ වන  Rent more referrals යන අනු මාතෘකාව මත ක්ලික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් මතුවන වින්ඩෝවේ තිබෙන බොක්ස් එකෙන් ඔබ එකතු කරන ලද මුදලට ගැලපෙන Referrals සංඛ්‍යාව තිවෙන පැක් එක තෝරාගෙන ඒ මත ක්ලික් කරන්න.(පහල රූපයේ 02 අවස්ථාව බලන්න)  දැන් එය ඉටුකළ බවට සදහන් පණිවිඩයක් දිස්වේ. (පහල රූපයේ 03 අවස්ථාව බලන්න). නැවත My Account ‍වල Referrals යටතේ තියෙන Rented referrals යන්න මත් ක්ලික් කළාම ඔයාගේ Rent කරන ලද  referral කෙනා හෝ කිහිප දෙනාව දැක ගතහැකියි. .(පහල රූපයේ 03 අවස්ථාව බලන්න)  එහිදී එයා පිළිබද විස්තර දැකගතහැකිය.
nerd ref 1 copy

Referral පාලනය කරන්නේ මෙහෙමයි

Referral  කළමනාකරණය ගැන මම කලින් පැහැදිලි කරලා ඇති. ඒක කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවා බැලිය හැක. අපි Rent කරන සෑම Referral කෙනෙක්ම හැමදාම ක්‍රියාකාරී නොවෙන් පුළුවන්. එහෙම උනොත් අපිට වැඩේ පාඩුයිනේ. ඒ නිසා එවැනි අය ඉවත් කරලා එයා වෙනුවට නැවත කෙනෙක් ගන්න එක කරන්න ඍ්න. එය Recycle ලෙස හදුන්වන අතර හමහිදී එක් අයෙකු එසේ කිරීමට ඩොලර් 01ක් අයකරනවා. එම මුදල එකතු කිරීමෙන් අනතුරුව අපට අවශ්‍ය කෙනාව Recycle කර ගන්න පුළුවන්. ඒ වගේම අපි Rent කරන Referral  ගේ මාසයක කාල සීමාව අවසන් වීමට පෙර ඔහුගේ කාලය දීර්ඝකරගතයුතුයි.
මේ කටයුතු දෙකම කරන්නේ මේ විදියටයි. ඔයාගේ  Referral ලේඛණයේ  Referral  ඉදිරියෙන් තියෙන කොටුවේ ටික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න)  දැන් එහි පහලින් මතුවන බොක්ස්එකේ ක්ලික් කරලා ඔබ ටික් කරන ලද කෙනාට කළ යුතු දේ තෝරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) එහිදී එයාගේ කාලය දීර්ඝ කර ගැනීම හෝ Recycle කිරීම කර ගතහැකියි.  දැන් පහල රූපයේ 02 අවස්ථාව සදහන් පරිදි Do it යන්න මත ක්ලික් කරන්න. ඉන් අනතුරුව එය සාර්ථකව සිදුකළ බව සදහන් පණිවිඩයක් දිස්වේවි.
recycal 1 copy 
මම මේ පෝස්ටුව මෙතරම් දීර්ඝව පැහැදිලි කළේ අන්තර්ජාල මුදල් ක්ෂේත්‍රයට අලුතින් එන කෙනෙුට ගැටළුවක් නැතිව මෙය කරගෙන යාම පහසු වීම සදහායි. මෙතෙක් මම ලියන ලද පෝස්ටු ටික කියවලා යම් කෙනෙකුට ගැටළුවකින් තොරව මුදල් උපයන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. මම මීලග පෝස්ට් එක දාන්න අපේක්ෂා කරන්නේ PTC සයිට් එකක් ගැන නම් නොවෙයි. ඔයා වැඩ්ඩෙක්නම් නිදා‍ගෙන ඉද්දි සල්ලි ගිණුමට එනවා..එහෙනම් යාලුවනේ මම නවතිනවා. මම කිව්ව පෝස්ට් එකත් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

Saturday, September 7, 2013

අන්තර්ජාල මුදල් ලංකාවට ගන්න payza ගිණුමක් නිවරදිව හදන්නේ මෙහෙමයි

 
ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉක්මනින්ම මේ පෝස්ට් එක දාන්න හිටියත්  කාර්ය බහුල නිසා ටිකක් පරක්කුවුනා . මොකද මේක හැමෝටම තේරෙන විදියට වැඩේ කරන්නත් ඕන නිසා හෙමින් තමයි මේකේ ඩ්‍රාෆ්ට් එක කළේ.  ඉතින් අද මම හදන්නේ තවත් මුදල් සොයන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න නම් නෙමෙයි. මම මුල්ම Post එකේදි කිව්වනේ අපි අන්තර්ජාලයේ උපයන මුදල් ලබා ගන්න Online payment processor (අන්තර්ජාල බැංකු ගිණුමක්) එකක Register වෙන්න ඕනි කියලා. ඒ ගැන කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් (ක්ලික් කළාම ලැබෙන සයිට් එකේ තත්පර 5ක් ඉදලා දකුණූපස ඉහල තියෙන SkipAd මත ක්ලික් කරන්න)කියවලා දැනුවත් වෙන්න පුළුවන් ඒ වගේම ඔය උඩ තියෙන සියළුම ලිපි බලන්න කියන බටන් එක ඔබලා ගිහින් මේ දක්වා ඵලවී ඇති  ලිපි මාලාවම කියෙව්වොත් ඔයාලටම කියලා අන්තර්ජාලයෙන් මුදල් ලැබෙන ක්‍රමයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම හැකි විටකදී ඒවා කියවා ඔබගේ දැනුම වර්ධනය කර ගන්න. දවසකින් දෙකකින් කොට්පතියෙකු වෙන්න හිතන්න එපා. එහෙම කරන්න ගියොත් එයාලා අමාරුවේ වැටෙන්න පුලුවන්.

ඒ වගේම මම ඔයාලට මතක් කරන්නේ අන්තර්ජාලයේ උපයනකොට පරිස්සම් වෙන්න. හැමෝම අවංක නැහැනේ. මුදල් උපයන්න PTC ක්ලික් වලටම සීමා වෙන්න එපා. ඒ සයිට් වල තියෙන පොඩි පොඩි වැඩත් කරන්න. අතේ තියෙන මුදල් ඒවායේ ආයෝජනය කරන එක මම අනුමත කරන්නේ නැහැ. ඉදිරියේදී එම වැඩ පහසුවෙන් කරන විදිය කියා දෙන්න අපේක්ෂා කරනවා. ඒ වගේම ඔබගේ හැකියාවන්ගෙන් මුදල් උපයන්න උත්සාහ කරන්න. ඒ පිළිබදව මෙහි ඵල කර ඇති ලිපි වල සදහන් කර ඇත.

මුදල් ආයෝජනය කර මුදල් ඉපයීමට නම් විශ්වාසනීයම ක්‍රමය Forex බව හොදින් මතක තියාගන්න. ඒ පිලිබදව ඔබගේ අවධානය යොමු කරන්නේ නම් ගොඩක් හොදයි. ඊට අදාල ලිපි සකසමින් පවතින් අතර ඊට උනන්දුවක් දක්වන අය ඉන්නවා නම් ඊමේල් එකක් එවන්න. මෙම ඡේදය 2015/02/01 දින සංශෝධනය කරන ලදි.

ඉතින් අද මම සූදානම් වෙන්නේ ඔය අන්තර්ජාල බැංකු ගිණුම් රාශිය අතුරින් අපට ගනු දෙනු කිරීම පහසු එකක් වන Payza වල ගිණූමක් සාදාගැනීමේ සිට ස්ථීර (verify) කර ගැනීම දක්වා සියල්ල සරලව කියාදීමටයි.

එහෙමනම් payza ගිණුමක් සෑදීම ආරම්ඹ කරමු.
ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් Payza අඩවිය විවෘත කරගන්න (ක්ලික් කළාම ලැබෙන සයිට් එකේ තත්පර 5ක් ඉදලා දකුණූපස ඉහල තියෙන SkipAd මත ක්ලික් කරන්න) . දැන් ඔබ එම වින්ඩෝවේ දකුණුපස ඉහල කෙරවලේ ඇති Sign Up  බටන් එක මත ක්ලික් කරන්න. එතනදී මතුවන ඩින්ඩෝවේ ගිණුම් වර්ග තුනක් අතුරින් එකක් තෝරගන්න තියෙනවා. එයින්  ඔබ තෝරා ගතයුත්තේ Personal යන්නයි. පළමුව එහි උඩම ඇති select your country යන්නෙහි ඊ හිස මත click කර ඔබගේ රට තෝරන්න. බොහෝ විට එහි ඔබ ලොග්වූ රටම දිස්වේ. දෙවනුව   එහි select යන්න මත  click කරන්න.  පහත රූපයේ රතු රවුම බලන්න.

එය තේරූ විට  පහත රූපයේ පරිදි පෝර්ම් එකක් ලැබෙන අතර එය මම එහිම විස්තර කර ඇති පරිදි සම්පූර්ණ කරන්න.  මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් බැවින් ඔබගේ සත්‍ය තොරතුරු නිවැරදිව පුරවන්නත තමන්ගේ නම ඇතුළත් කරන විට එය බැංකු ගිණුමේ ඇති අයුරින් මුල් නම සහ අග නම යොදන්නත් වගබලා ගන්න. ඒ වගේම මම මුල් Post එකේ දි කිව්ව විදියට  මේ සදහා වෙනම ඊ‍මේල් ඇඩ්‍රස් එකක් භාවිතා කරන්න. මෙය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Next step යන්න මත click කරන්න.
Payza 03 copy
  Payza 04 - Copy copy
දැන් පළමු අදියර අවසන්ව දෙවනි අදියර සම්පූර්ණ කරීමට ඔබට සිදුවෙනවා. එය පහත රූපයේ විස්තර කර ඇති පරිදි නිවැරදිව සපූර්ණ කර අවසන් කර Next step යන්න මත click කරන්න.
Payza 05 copy
Payza 06 copy
දැන් පියවර 02ක් සම්පූර්ණයි. .මෙහිදී මතක තබාගතයුතු දෙයක් තියනවා . මෙහිදී ඔබ ලබා දෙන ඉලක්කන් 04කින් යුත් Transaction Pin එක අමතක නොකර ලියලා තියාගන්න. මෙය අපට ගිණුමට සල්ලි දාන්න ආපහු ගන්න යද්දි අවශ්‍යය වෙනවා . ඔය security Question එක තෝරද්දි හොදින් මතක තියෙන එකක් තෝරාගෙන එහි පිළිතුර දෙන්න. ඒකත් මතක ඇතිව ලියලා තියාගන්න.  Next step යන්න මත click කළාම පියවර 03ට යනවා. ඒ කියන්නේ ගිණුම වෙරිෆයි කරීමේ පියවර. දැන් ඔයා ලබාදුන්නු ඊමේල් ලිපිනයට . Payza එකෙන් ඊමේල් එකක් එවලා ඇති. එය Inbox එකේ නැත්නම් Spam එකෙන් සොයාගන්න. ඒත් නැත්නම් 03 පියවරේ ඇති නිල්පැහැති අකුරුමත නැවත ක්ලික් කළාම මේල් එක ඇවිත් තියේවි. පහත රූපය බලන්න.
Payza 07 copy
දැන් එම ඊමේල් එක ඕපන් කරන්න.  එවිට පහත රූපයේ පරිදි එම මේල් එක දැකගතහැකි අතර දැන් එය කියවා එහි ලින්ක් එක මත ක්ලික් කර ඔබගේ ගිණුමට ලොගින් වෙන්න. එම ලින්ක් එක වැඩ නොකරයි නම් ඊට පහතින් ඇති ලිපිනය කොපි කර ඇඩ්‍රස්බාර් එකේ පේස්ට් කර ඉදිරියට යන්න.
Payza 10 copy
මේ වන විට ඔබගේ ගිණුමේ ඊමේල් එක  වෙරිෆයි කරළා අවසන්. ඒ අනුව ඔබ පහත රූපයේ 01 අවස්ථාව පරිදි ඔබගේ ගිණුමට ඇතුළත් වනු ඇත.
Payza 11 copy
දැන්  ඔබේ ගිණුම  වෙරිෆයි කරන්න ඕනි. එහෙම නැතිව ඔයාලට මෙහි මුදල් ගන්න බෑහැ . ඒ සදහා ඔයාලට ‍‍Credit cad  එකක් හරි Visa debit card එකක් හරි තියෙන්න ඕනි. ඔයාලට ‍‍Credit cad එකක් නැතිනම් ඔයාගේ දැනට ගිණුම් තියෙන බැංකුවෙන් ඔයාලට මේවන විටත් නිකුත් කරලා තියෙන Visa Debit Card එක ඇඩ් කරන්න පුළුවන්ද කියලා සොයා බලන්න. ඒක කරන්නේ මහෙමයි ඔය කාඩ් එකේ තියෙනවා කාඩ් සෙන්ටර් එකේ ‍ටෙලිෆෝන් අංකය. ඒකට කතා කරලා අහන්න මෙම කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්ද කියලා. පුළුවන් බව කීවොත් වැඩේට ඒක හරි. ගිණුමක් විතරක් තියෙනවා කාඩ් එකක් නැතිනම් බැංකුවට කතා කරලා දැනගන්න එමගින් Visa Debit Card නිකුත්කරනවද? ඒ මගින් ඔන්ලයින් පේමන්ට් කරගන්න පුළුවන්ද කියලා. ඒක හරිනම් දැනට ඔබගේ බැංකු ගිණුම පවතින පවතින බැංකුවෙන් කාඩ් එක අයදුම් කරන්න.
දැනට මම දන්න තරමින් Payza වලට හොදින් සහාය දක්වන්නේ HNB බැංකුවේ වීසාකාඩ් එකතමා. මොකද මම ගණූදෙණු කරන්නේ ඒ හරහා තමයි. දැනට පවතින ඔයාගේ බැංකුව මේ සදහා සහාය දක්වන්නේ නැතිනම්  HNB ගිනුමක් හදාගන්න.  මේ දවස්වල නම් එහි ගිණුමක් අරින් රුපියල් 2500ක් දාන්න ඕන. ඔයා ගිණූම විවෘත කළ දවසේම පාස්පොත සමග කාඩ් එකක් දෙනවා.  
කෑම කන්න නොහැකිවූ එක් පුද්ගලයකු ඒ සදහා බෙහෙත් ගන්න ගිහින් දොස්තරගේ කීම් අසා කීවාලු දොස්තර මහත්තය කියනවා කාලා බෙහෙත් බොන්න කියලා ඒත් කන්න බැරි එකටනේ බෙහෙත් ගන්න ආවේ කියලා. ආන්න ඒ වගේ ඔයාලත් සල්ලි සොයන්න ආවේ සල්ලි නැති නිසානේ කියාවි. ඕක එච්චර හදිසියේ නොකළාට කමක් නැහැ. තමන් කරන ජොබ් වලින් යම් මුදලක් සොයාගෙන එය ගන්න සැලසුම් කරලා කරන්න පුළුවන්. 
හරි දැන් ඔයා ගාව  Visa Debit Card එකක් තියෙනවනේ. නමුත් ඕකෙනුත් තාම ගණුදෙණු කරන්න බැහැ. ඒකට  Online payment  ඇක්ටිව් කරගතයු තුයි. ඒකටත් කාඩ්එකේ තියෙන දුරකථන අංකයට කතා කරලා ඔන්ලයින් පේමනට් ඇකිටිව් කරලා දෙන්න කියන්නත එවිට ඔයාගේ කාඩ් එකේ අංක 16කින් යුත් අංකය ඉල්ලාවි. තව ඔයාගේ නම, හුදුනුම්පත් අංකය, ගිණුම් අංකය, මවගේ නම, ආදී තොරතුරු ඉල්ලාවි. ඒවා දෙන්න සූදානමින් ඉන්න. තව එකක් ඔයාට Online payment  ඇක්ටිව් කරන්න ඕන කාලය අහනවා. ඒක ඔයාට ඕන කාලයක් කියන්න. ගිණුමේ මුදල් වල ආරක්ෂෘව උදෙසා මාස 03,06 වගේ කාලෙකට අරන් දීර්ඝ කරන එක තමා සමහරු කරන්නේ. ලයිෆ් ටයිම්ම කරන්නත් පුළුවන්. බැංකුවට කලා කරන්න කීවාම කලබල වෙන්න දෙයක් නැහැ ඒ අය සුහදසීලීව ඔයාගේ අවශ්‍යතාව ඉටුකර දීමට සැදී පැහැදී ඉන්නවා. 
අවසන් පියවරට යන්න දැන් ඔයාගාව ‍‍Credit cad එකක් හෝ Online payment  ඇක්ටිව් කළ Visa Debit Card එකක් හෝ තියෙන්න ඕන. දැන් ඔබ Payza සයිට් එකට ගිහින් Login ක්ලික් කර ඔබ ලබා දුන් ඊමේල් ඇඩුස් එක සහ පාස්වර්ඩ් ලබා දී My Payza Account වෙත යන්න. 
ඊළගට එහි තියෙන Unverified කියන තැන click කරන්න. ඉහත රූපයේ 01 අවස්ථාවේ රතු රවුම බලන්න. නැතිනම් ඉහල බාර් එකේ තියෙන My Profile ‍යන මෙනුවෙහි Acaount  Verification යන්න තෝරන්න. දැන් ඔබට ලැබෙන වින්ඩෝවේ Credit Card Verification යන්න මත ක්ලික් කරන්න. ඉහත රූපයේ අවස්ථාව 02 හා එහි රතු රවුම බලන්න. දැන් ඔබට ලැබෙන ෆෝර්ම් එක පහත රූපයේ පරිදි සම්පූර්ණ කරන්න.
very 2 copy
 
සියල්ල නිවැරදිව සම්පුර්ණ කර තිබේද යන්න පරීක්ෂා කර බලා Next මත ක්ලික් කරන්න.  පහත රූපයේ 01 අවසුථාව හා එහි රතු රවුම බලන්න. 
payza very 02 copy
මීළගට ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමේ අවස්ථාව උදා වෙනවා. ඒ සදහා ඉහත රූපයේ 02 අවස්ථාවේ සදහන් රතු රවුම තුළ පරිදි වන Validate cradit card යන්න මත ක්ලික් කර ඉදිරියට යන්න. ‍ඊළගට එන වින්ඩෝවේ Validate card යන්න මත ක්ලික් කරන්න. පහත රූපයේ රතු රවුම බලන්න.
payza very 04 copy
එහිදී එන වින්ඩෝවේදී  Validate කිරීම දෙයාකාරයකින් ඔබට සිදුකර ගත හැක.  පහත රූපය බලන්න. එය 01 ක්‍රමය - Validate by charge (නිල් පාටින් ලකුණු කර ඇත)  සහ 02 ක්‍රමය - Validate by  Authorization form  (රතු පාටින් ලකුණූ කර ඇත) යනුවෙන් සදහන් වේ.
payza very 05 copy
ඉතින් යාළුවනේ මම නම් කළේ ඔය 02 ක්‍රමයට තමා. බොරු කියන්න ඕනි නෑ මම කලින් දැනගෙන හිටියේ නෑ 01 ක්‍රමයෙන් කරන හැටි. ඒ  නිසා මට අත්දැකීම් තියෙන 02 ක්‍රමය ගැන ඉස්සෙල්ලාම කියා දෙන්නම්. මෙම කාඩ් එකේ ඔයාගේ නම ගහලා තියෙන්න ඕන. එහෙම නැති ඒවා  ඉලෙක්ට්රෝනික් යූස් ඔන්ලි කියලා තමා කියන්නේ.  මෙම ක්‍රමය සදහා Payza ඔයාගේ නම ගහපු කාඩ් එකක්ම ඉල්ලනවා. ඒ නිසා අලුතින් ගිණුමක් අරිනවා නම් තම අවශ්‍යතාව කියා කාඩ් එකක් ලබාගන්න.
දැන් ඔයාගේ කාඩ් එකේ ඉදිරිපස ඇති අංක 16යෙන් අවසන් අංක 04 හැර අනෙක් ඒවා වසා ස්කෑන් කර ගන්න. (ස්කෑන් කර මකා ගන්න) එහි පිටුපස පැත්ත ස්කෑන් කර සිකුරටි අංකය මකා ගන්න. Authorization form යන්න මත ක්ලික් කර එය ලබාගෙන ප්‍රින්ට් කර එහි අත්සන් තබා එය ස්කෑන් කර ගන්න. දැන් මේ සියල්ල Upload කරන්න. පහත රූපය බලන්න.
payza very 06 copy
සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුළත ඔයාගේ ඊමේල් එකට පණිවිඩයක් ලැබේවි. ඒක කියවලා බලන්න. ඔබ නිවාරදිව තොරතුරු ලබා දුන්නා නම් ඔබගේ ගිණුම සාර්ථකව වෙරිෆයි වී ඇති බව එහි සදහන් වෙලා ඇති. ඒ අනුව ඔබගේ Payza ගිණුමෙහි Unverified කියලා මෙතෙක් තිබුණ එක දැන් verified ලෙස දිස්වේ. එය සිදුවී නැතිනම් ඔබ තොරතුරු ලබා දීමේදී ඇති වූ ගැටළුවක් විය හැකියි. මම සදහන් කළ විදියට කළොත් එහෙම වෙන්නේ නැහැ.
01 ක්‍රමයේදී කාඩ් එකේ නම ගහලා තියෙන්න ඕනි නැහැ. ඒ සදහා මම මුලින් දක්වා ඇති රූපයේ නිල් පැහැ රවුම ක්ලික් කළාම ලැබෙන ෆෝර්ම් එකේ තියෙනවා ඔලේ කාඩ් එකේ සිකුරටි අංකය ඇත්ළත් කරන්න එය CSV/CVV ලෙස සදහන් වෙනවා. ඊ්ට පහලින් ඇති කොටුවේ ඔබේ ඩීසා කාඩ් එකේ පිටිපස්සේ ඇති අංක 03කින් යුත් අංකය ටයිප් කරන්න. මීළගට එහි පහලම ඇති චෙක් බොක්ස් එකේ ටික් එකක් දාලා Next  බටන් එක ක්ලික් කරන්න.මේ අනුව ඔබට පනිවුඩයක් ඔබේ කාඩ් එකෙන් Payza ගිණුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට / මේ වන විටත් අදාල මුදල Payza විසින් ලබාගෙන ඇති බවටත් . එම මුදල කොපමණද යන්න අසාවි.එම මුදල නැවත ඔබේ Payza ගිණුමට එකතුවෙනවා. දැන් ඔබ ඔබේ කාඩ් එකේ සදහන් කාඩ් සෙන්ටර්එකේ Hotline එකට කතා කරලා ඒ මුදල දැනගෙන එය Payza වෙත දනුම් දීමෙන් අනතුරුව ඔබේ Payza ගිණූම සාර්ථක ලෙස වෙරිෆයි වනු ඇත. මීට අමතරව ඔයාලට Payza ගිණූමට බැංකු ගිණුමක් සම්බන්ධ කර ගන්න හැකියාවකුත් තියෙනවා.
දැන් ඔයාල අන්තර්ජාලේ උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවා.ඔය ලංකාවේ බැංකු කාඩ් එකකට අමතරව විදේශීය බැංකු ගිණුවක් හරහා ලබා ගන්නා Pioneer වැනි කාඩ් මගිනුත් ලංකාවේ ATM යන්ත්‍ර මගින් මදල් ලබා ගන්න පුළූවන්. මම ඒවා අත්හදා බලලා නැහැ. මගේ ක්‍රමය තමා ඔයාලයට ඔය කියලා දුන්නේ.  සමහර විට ඉදිරියේදී මෙහි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද මෙයාලා කාලෙන් කාලෙට යම් යම් වෙනස්කිරීම් කරනවා.ඔන්න මම පොරොන්දුව ඉටුකළා.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ.කොමෙන්ට් ඒරියා එක දිස්නොවන්නේ නම් ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම ඒක මතුවේවි. ඔයාලා මේක කරගෙන යද්දි මොකක්හරි ගැටළුවක් මතුවුණොත්දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. කාර්ය බහුල නිදා ටිකක් පමා උනත් දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා. ඔබ කැමතිනම් ඊට උඩින් තියෙන ඇඩ් එකකුත් ක්ලික් කරගෙනම යන්න.

තවත් නැවත  එකක් අරන් හැකි ඉක්මනින් එන පොරොන්දුව පිට අදට නවතිනවා.
එහෙනම් පැමිණි සියලුදෙනාටම ජයෙන් ජය!!!
Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc